Ads 468x60px

Pages

Tuesday, May 10, 2011

ඈන් ෆ්‍රෑන්ක් 2 කොටස



කලින් ලිපියට තිබුන ප්‍රතිචාර හිතුවට වඩා හොදයි.මන් පුළුවන් විදිහකට මේ කතාව ඔයාලට දෙන්නම්.මේ ඒ කතාවේ අද කොටස.කියවල බලන්නකෝ

1942 ජුනි 15 සඳුදා

ඉරිදා හවස මගේ උපන් දින උත්සවය තිබුණා.රින්ග් ටින් ටින් චිත්‍රපටිය මගේ මිතුරියන් අතර හරිම ජනප්‍රිය එකක් උනා.මට ගවුමට ගහන කටු දෙකකුයි.බුක් මාර්ක් එකකුයි,පොත් දෙකකුයි ලැබුන.
ඉස්සෙල්ල ළමයින්ගෙන් පටන් අරගෙන මගේ ඉස්කෝලෙත්, මගේ පන්තියෙත් ගැන කරුණු ටිකක් කියල පටන්ගන්නම්.බෙටි බ්ලුමෙන්දල් ටිකක් දුප්පත් බව පේනවා.මම හිතන්නෙත් එයා එහෙමයි.කොයි හරියේද
කියල අපි දන්නෙත් නැති බටහිර ඇමස්ටර්ඩෑම් වල පාරක තමා එයා ඉන්නේ.එයා ඉස්කෝලේ වැඩ වලට හොදයි.එයා ඒ දක්ෂ නිසා නෙවයි එයා ඒ තරමට මහන්සි වෙන නිසා.ඒ වගේම එයා ලස්සනයි.
ජැකොලින් වැන් මර්සන් මගේ හොදම මිතුරිය කියල සිතුවාට මට කවදාවත් හොද මිතුරියෙක් හිටියේ නැ.ඉස්සර ජැක් මගේ හොදම මිතුරිය කියල හිතුවත් මට වැරදුනා.
D.Q හැම වෙලාවේම මතක නැති වෙන කලබල කෙල්ලෙක්.එක නිසි දඩුවම් විදිහට එයාට ගුරුවරු අමතර වැඩ දෙන්නේ.එයා ගොඩක් කරුණාවන්තයි.ගොඩක්ම G.Zට.
E.S හරියට කතා කරනවා.එත් ඒවාට හිනා යන්නේ නැ.එයා මොනවා හරි ඉල්ලනකොට ඔයාගේ කොන්දේ අල්ලයි එහෙම නැත්තම් බොත්තම් අතගායි.මව එයාට පෙන්න බැහැ කියල කට්ටිය කියනවා.මට මොකෝ මාත් එයාට වැඩිය කැමත්තක් නැ.
අපි එළියේ සෙල්ලම් කරනකොට කතා කරන එකයි ලාමකව ඉන්න එකයි ඇර හෙනි මෙට්ස් හොද චරිතය තියෙන කෙල්ලෙක්.එයාට අවාසනාවකට වගේ බෙපි කියල යාලුවෙක් ඉන්නවා.එයා හරිම කිළුටු ළමයෙක්.එයාගේ ගතිගුණ හෙනිටත් ගිහිල්ල.
J.R එයා ගැන මට පොතක් ලියන්න පුළුවන්.එයා හරිම නින්දිත,කේලම් කියන,වාචාල කෙල්ලෙක්.එයා හිතන්නේ එයා තමා කෙල්ල කියල.එයා ජච්ක්ව අල්ලාගෙන ඉන්න එක අපරාදේ.J ඉක්මනට තරහ ගන්න,පොඩි දේටත් අඩන ඒ හැම දේටම වඩා ලොකු කමින් හැසිරෙන එක්කෙනෙක්.එයා හැම වෙලාවේම හරි.එයා පෝසත් ඒ නිසා ගොඩක් වටිනා ඇදුම් අල්මාරියක් තියෙනවා.එත් ඒවා එයාගේ වයසට ගැලපෙන්නේ නැ.එයා හරි ලස්සනයි කියල හිතාගෙන ඉන්නේ.එත් එයා ලස්සන නැ.අපි දෙන්නට එක්කෙනාට එක්කෙනා පෙන්නන්න බෑ.
හනේලි ගොස්ලෙර් ඉස්කෝලෙදි කියන විදිහටනම් ලීස් .එයා ටිකක් ලැජ්ජයි.එයා වැඩිය අනිත් ය එක්ක කතා කරන්නේ නැ.මොනවා හරි කිව්වොත් එයා අම්මට කියනවා.ළගදි ඉදල මම එයාට කැමති.
නැනි වන ප්‍රාග් සිගර් එයා බුද්දිමත් ළමයෙක්.ගොඩක් දක්ෂයි.නැනි ගැන තව මොනවත් කියන්න නැ.
G.Z තමයි අපේ පන්තියේ ලස්සනම කෙල්ල.එයාට ලස්සන උනත් එයා හරිම මෝඩි.එයාව තව අව්රුද්දක් මේ පන්තියේ තියාගනි.මම එක එයාට කියන්න ගියේ නැ.

Monday, May 9, 2011

ඈන් ෆ්‍රෑන්ක් 1 කොටස


මේ කතාව ඈන් ෆ්‍රෑන්ක් කියල ගැණු ළමයෙක් ගැන.මේ ගෑනු ළමය ජීවත් වෙලා තියෙන්නේ හිට්ලර්ගේ කාලේ.ඈන් ෆ්‍රෑන්ක් 1942 ජුනි 12 වෙනිදා ඉදන් 1944 අගෝස්තු 01 වෙනකන් තමන්ගේ දින පොතක සටහන් ලියල තියෙනවා.මම හරියට පෙර වදනක්නම් දෙන්න දන්නේ නෑ.මන් හිතනවා මේ කතාවට ඔයාල කැමති වෙයි කියල.මමනම් ගොඩක් කැමති පොතක් මේක.එකයි ඔයාලටට් දෙන්න හිතුවේ.කියවල බලල ගුණ දොස් දෙන්න..

1942 ජුනි 12
මෙච්චර කල් කව්රුත් ගැන විශ්වාසයක් තියන්න මට බැරි උන නිසා ඔයා ගැන විශ්වාසය තියල ඔක්කොම කියන්න පුළුවන් වෙයි කියල හිතනවා.ඔයා මගේ හිත සනසන හොද යාලුවෙක් වෙයි කියල මම විශ්වාස කරනවා.
1942 ජුනි 14
මගේ උපන් දින තෑගි එක්ක ඔයා මෙසේ උඩ ඔයා ඉන්නකොට දැක්ක වෙලාවේ ඉදන්-ඔයාව මට ලැබුණු වෙලාවේ ඉදන් කතාව මම පටන්ගන්නම්.
ජුනි 12 සිකුරාදා උදේ 6 මම නැගිට්ට.මගේ උපන් දිනේ නිසා එක පුදුමයක් නෙවයි.මට ඒ වෙලාවේ නැගිටින්න දුන්නේ නැති නිසා මන් බොහොම අමාරුවෙන් හතට කාලක් වෙනකන් ඉන්න වුනා.තව ඉවසගෙන ඉන්න බැරි පාර මම කෑම කාමරයට ගියහම මගේ කකුල් වල දැවටෙමින් "මුටි" (පුසා) මාව පිළිගත්තා.යන්තමින් හත පහු උනහම අම්මයි තාත්තයි ගාවට ගිහිල්ල එතනින් මට ලැබුණු තෑගි ඇරලා බලන්න මම සාලෙට ගියා.මට ලැබුණු හොදම තෑග්ග විදිහට මම ඔයාව තමා මුලින්ම දැක්කේ.ඊට පස්සේ රෝස මල් ටිකකුයි,රතු මල් පැල ටිකකුයි පෝච්චියක වවපු මල් පැල ටිකකුයි තිබුණා.අම්මගෙනුයි තාත්තගෙනුයි නිල් හැට්ටයක්,සෙල්ලම් බඩුවක්,වයින් වගේ මිදී රස තියෙන බෝතලයක්,ප්‍රෙහෙලිකාවක්,කෝල්ඩ් ක්‍රීම් බෝතලයක්,ග්ලිඩර් 2.5 ඒ එක්කම පොත් දෙකක් ගන්න වව්චරයකුයි තිබුණා.මට "කැමරා ඔබ්සිකියුරා" කියන තවත් පොතක් ලැබුන.(මගේ ලග එක තියෙනා නිසා වෙන පොතකට මම එක මාරු කර ගත්ත),ඒ එක්කම ගෙදර හදපු බිස්කට් පිගනකුයි අම්මගෙන් රස කැවිලි ගොඩකුයි මට ලැබුන.ඒ වෙලාවේම ආච්චි අම්ම මට ලියුමකුත් එවල තිබුණා.එකනම් අහම්බෙන් උන දෙයක්.
පස්සේ මාත් එක්ක යන්න හනෙලි අවා.අපි ඉස්කෝලෙට ගියා.විවේක කාලේදී මම පන්තියේ හැමෝටම කැවිලි බෙදුව.ආපහු කට්ටිය එක්කම වියායාම ශාලාවට ගියා හින්ද හවස 5 විතර වෙනකන් ගෙදර එන්න බැරි උනා.(මගේ උරහිසයි උකුල් ඇටයයි පනින නිසා සෙල්ලම් කරන්න උනේ නෑ)අනිත් අය කරන සෙල්ලම මොකද්ද කියල තීරණේ කරන්න උනේ මට මොකද මගේ උපන්දිනේ නිසා.මම වොලිබෝල් තේරුවා.පස්සේ හැමෝම මගේ වටේ එකතු වෙලා "happy b'day " සින්දුව කිව්වා.මම ගෙදර එනකොටත් සැන් ලෙඩර්මන් ඇවිත් හිටියා.අපි එකම පන්තියේ ඉන්න අය හින්ද ඉල්සේ වැන්ගේර්,හනෙලි ගොස්ලෙර්,ජැකොලින් වැන් මාර්සන් ක්‍රීඩාගාරයේ ඉඳල අපහු එනකොට මාත් එක්ක ගෙදර ආවේ.හනෙලි සැනුයි මගේ ඉස්සර හොදම යාලුවෝ.අපි එකට යනවා දකිනකොට අනිත් අය කියනවා අන්න හෑනුයි,සෑනුයි,ඈනුයි යනවා කියල.මට ජැකොලින් වැන් මාර්ස්ව හම්බ උනේ යුදෙව් පාසලට ගියාට පස්සේ.දැන් එයා මගේ හොදම යාළුවා.ඉල්සේ හනේලිගේ හොදම යාළුවා.සැන් යන්නේ වෙන ඉස්කෝලෙකට එයට එතන යාලුවෝ ඉන්නවා.
ඒගොල්ලෝ මට "dutch sagas and legends "කියල ලස්සන පොතක් දුන්න.ඒ උනාට වැරදීමකින් දීල තියෙන්නේ එකේ දෙවැනි කොටස.මම පලවෙනි කොටස ගන්න වෙන පොත් දෙකකට මාරු කරා.හෙලෙන් ඇන්ටි මට ප්‍රෙහෙලිකාවක් දුන්න.ස්ටේෆනි ඇන්ටි මට ලස්සන හැට්ට කටුවක් දුන්න.ඇන්ටි ලෙනි"desi goes to mountain "කියල පොතක් දුන්න.
අද උදේ මම නන තැන ඉදගෙන කල්පනා කළේ රින්ග් ටින් ටින් වගේ බල්ලෙක් හිටියනම් කොච්චර හොදද කියල.මාත් ඌට රින්ග් ටින් ටින් කියනවා.මම ඌව මාත් එක්ක ඉස්කෝලේ ගෙනියනවා.කාලගුණය හොදට තියෙන දවස් වලට ඌට පාර්ක් එකේ හරි මුර කාරයාගේ කාමරේ හරි ඉන්න පුළුවන්.

මෙන්න මේකයි පලවෙනි කොටස මට ගුණ දොස් කියල කොමෙන්ට් එකක් දාන්න

Sunday, May 8, 2011

මගේ කෙල්ලෝ


පාඩම් වැඩනම් ගොඩයි.දැන් තමා පොඩ්ඩක් විතර ඉවර උනේ.වෙලාවකට මේ උසස් පෙළ කෙරුවාවත් එපා වෙනවා.එත් කරන්න ඕනිනේ.මම වැඩිය ලොකු දෙයක් ලියන්නේ නැ.දැන් හොදටම නිදිමතයි.ඒ වගේම බ්ලොග් එකත් පොඩ්ඩක් ලස්සන කරා.
මෙන්න මේකයි කතාව මම සුලාට ඒ කියන්නේ අපේ සුලගිල්ලට මට හිටපු කෙල්ලෝ ටික දානවා කියල.ගෘප් එකේ ඊයේ රෑ හිටපු කට්ටිය දකින්න ඇතිනේ මමයි සුලයි හෙන ගේමක් ඇදගෙන කතා කර කර හිටිය ලොකු මිනිස්සු වගේ.අනේ මන්ද පොඩි අපිට මොන ටින්කිරිද.ලොල්.

මෙන්න මේකයි මගේ කෙල්ලෝ ලිස්ට් එක.(මේවට ගොඩක් ලොකු හිස්ට්‍රි නෑ..ඒ උනාට පොඩිත් නෑ)
1.සුරන්ති - කළුතර ප්‍රසිද්ද කතෝලික බාලිකා පාසලක්
2.ශනුෂා - එම
3.නිලුක්ෂිකා - පානදුර ප්‍රසිද්ද බාලිකා පාසලක්
4.දිලිනි - නුගේගොඩ ශාන්තුවරයෙක්ගේ පාසලක්
5.දිනු - මාතලේ කොටු කර යුනිෆෝර්ම් එක තියෙන පාසල
6.ටීනා - සුරන්ති සහ ශානුශාගේ පාසල
7.වගීෂා - කළුතර බාලිකා පාසලක්
8.බ්‍රෙන්ඩා - නුගේගොඩ ජාත්‍යන්තර පාසලක්
9.පියුමි - දෙහිවල ජාත්‍යන්තර පාසලක්
10.වරුනි - නුවර බාලිකා පාසලක්
11.දුලන්ජලී - ගල්කිස්ස ප්‍රසිද්ද බාලිකා පාසලක්
12.නියෝමි - දෙහිවල කතෝලික පාසලක්
13.නිකි - ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක්
14.කල්නා - ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක්
15.භාග්‍යා - නාවල ප්‍රසිද්ද බාලිකා පාසලක්
16.________ (කීමට නොහැක දන්නෝ දනිති)

ඔච්චර තමා හිටියේ. :D :D වැඩි නෑ මන් හිතන විදිහට.16 වෙනි එක කියන්න බෑ.එක දන්නා අය දන්නවා.
මේ අය එක්ක කිසිම වැරදි වැඩක් කරලා නෑ කියල මට දිව්රලා කියන්න පුළුවන්.

Tuesday, April 19, 2011

NCC අවුරුදු උත්සවය 1 කොටස


වෙනද ඇසෙන පොලින් හඩ වෙනුවට
රතින්ච හඩත් සමග මුසුව
කොහෝ හඬින් අපි පිබිදුනේ
NCC යේ අවුරුදු උලලෙට
ඇවිත් හිටිය හතර වටින්
කැඩෙට් කරන කොල්ලෝ කෙල්ලෝ,
කනා මුට්ටි,කොට්ටා පොර
ඒ වගේම කඹ අදිල්ලත්
ජයටම ගියා කෙරීගෙන
කවුරුන් හෝ දිනන තුරා,
එහෙන් මෙහෙන් සිනා හඬත්
සමග මුසුව ආ සිනාව
සිත ගත්තේ නොදැනීමයි
මාගේ මේ හද අරණේ,
එස වුවා මේ පා යුග
ඇයගේ ඒ සිනහව දෙසට
යන්නට උනේ නෑ මට
අඩි දහයක් තව දුරටත්
එතනට ආ කොල්ල එක්ක
ඇය සිටියා මුකුළු පපා,
අනේ මටත් ඉතින් මොකෝ
කියල හිතල අවා මමත්
යන්නට අවුරුදු කුමරා ලෙස
හොද හැටි ඇදුමෙන් සැරසෙන්නට

Sunday, April 10, 2011

සුබ අලුත් අව්රුද්දක් වේවා...!


අඹ වාරය ආවා
කොවුල් හඩත් රැවු දුන්නා
අවුරුදු ආ බව කියන්න
රබන් සුරල් නද දුන්නා
ගමේ යන්න අසාවෙන්
කොල්ලෝ කෙල්ලෝ හැඩ උනා
මගේ හිතත් අසාවෙන්
ඔබ සැමටම සුබ පැතුවා
සුබ අලුත් අව්රුද්දක් වේවා...!

Monday, April 4, 2011

අපේ සයිබර් සිහින උළෙල සාර්ථකව නිමා වූ වගයි

(පින්තුරේ ගත්තේනම් ඉෂාරගේ බ්ලොග් එකෙන් හොදේ...)

මේ ලියන්න යන්නේනම් කවියක්වත් නිසදෙසක්වත් නෙවයි..මේ ලියන්න යන්නේ අපේ සිහිනය ගැන..ඒ කියන්නේ අපේ සිහින බක්මහ උළෙල ගැන..මේකනම් මාරම ෆන්..බ්ලොග් කෙරුවාවට අලුත් මට මේකෙන් අපේ බ්ලොග් ලියන සෙට් එකම අදුරගන්න පුළුවන් උනා...එත් ඉතින් ගොඩක් ය ඇවිත් හිටියෙනම් නැ..එකනම් ගොඩක් දුක කාරණයක්...මොනවා උන්ටත් ඉතින් ගිය තැනනම් මරේ මරු...ඒ වගේම ඉතින් මටනම් දුක හිතෙන දෙයක් වෙලා තිබුන නිසා මතක සැමරුම් ගන්න මගේ ජංගමය වැඩ කරේ නැ...සෝ සෑඩ්..:(
ඉතින් මම කිවුවනේ මම ගොඩක් යාලුවෝ අදුරගත්ත කියල ඉතින් මේ කියන්න යන්නේ එයාල ගැන තමා
1.බින්ගේය ලියන ඉෂාර
2.මගේ ආසම බ්ලොග් එකක් වන මගේ ලෝකය ලියන රංග(අසේල)අයිය...මු නම් මාරම පිස්සා...
3.අක්ෂරයේ නෙරන්ජි අක්ක
4.අපේ හැමදේම වෙලා තියෙන ඉලන්දාරියා
5.අශ්වයෙක් නැති අපේ සොරො
6.ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න ලියන අපේ අබීත අයිය...මරු ඩයල් එක...
7.හිතුවට වඩා වෙනස්..කැල්ලක් එක්ක ආපු අපේ කුප්පය...
8.මෙයා ගැන කියන්න ඕනිම නැ...සිහින උළලේ පිස්සුම අන්කල්..අපේ මාරයා
9.කොට කිව්වට වැඩිය කොට නැති මගේ ආසම බ්ලොග් 1ක් වෙන කොට ජීවිතේ ලියන අක්ක
10.මිත්‍යාදෘෂ්ටිකගේ සටහන ලියන මගේ බොක්ක...දිනුක අයිය
11.ලිෂාන්ගේ බ්ලොග් රෝල ලියන ලිෂාන් අයිය
12.මගේ බ්ලොග් එකට එල කිරි වගේ සප් එක දුන්න අපේ පුස් තඩියා..හැබැයි මුට මාව මතක නැලු..:'(
13.වැප් ලියන වැපා..හැබැයි මුනම් තව පොඩ්ඩෙන් අම්බානකට ගුටි කනවා කාටද මන්ද ටිකට් කඩන්න ගිහින්
14.හසිගේ සිතිවිලි ලියන අපේ හසී අක්කා
15.බ්නිගේ සිතුවිලි ලියන අපේ පිස්සු බනි
16.මතක මන්දිර ලියන අපේ ඇන්ගල් කාණු
අම්මෝ තව කොච්චර හිටියද...මතකත් නැ...හැබැයි ගත්ත ෆන් එකනම් මැරුණත් අමතක වෙන්නේ නැ...ආපු නැති කට්ටිය ඉතින් දැන් අඩන්න එපා මේවා කියවල..දුකයි තමා..:පි :පි....මටනම් දුක පින්තුර කෑලි දෙක තුනක් ගන්න උනේ නැති එකට...ඒ උනාට කට්ටියවනම් අදුර ගත්ත..



Friday, April 1, 2011

මගේ පණට


සිත හිමිහිට ඔබට ආදරෙන් ලං උනා
ඔබගේ උනුහුමේ මා දැවටෙමින්...
කියන්නට අවසර මගේ පුංචි කෙල්ලේ
ඔබ මගේ මුළු ශක්තියි
ඔබ මගේ මුළු ජීවයයි....
ඉතින් මුතු කැට වැනි ඔබේ සිනහව
පුන් සඳ වැනි ඔබේ මුහුණ
ආදරබර කෝල කතාව
රතු තොල් පෙති මත ඔබගේ දිලිසුනා.....