Ads 468x60px

Pages

Wednesday, April 24, 2013


හෙට උදේ තමයි උදේ..එහෙම කියාගෙන නින්දට යන්න හදනකොටම කෝල් එකක්. හුටා ඔපිස් එකෙන්..
"අඩෝ සඳා බොකේ කතා කරන්නේ"
"කියපන් බන්"
"තෝ නිදිද?"
"නෑ බන් මේ නිදාගන්න යන්න හැදුව විතරයි,මොකෝ කතා කරේ ?"
"මචන් උඹ ඩොක්ස් වගයක් දාල ගිහිල්ල ඔෆිස් එකේ.හෙට ගෙනියන්න තියෙන ඒවා වගයක්"
"හුටා, පොඩ්ඩක් හිටපන් චෙක් කරන්නම්"
මම ෆෝන් එකත් දල ඇදෙන් පැනල කෙලින්ම පැක් කරගෙන හිටපු බෑග් එක බැලුව,ඔව්මයි හෙට යනකොට ගෙනියන්න තියෙන ඩොක්ස් වගයක්.අපහු ෆෝන් එක අරගත්තා
"මචන් බොකේ"
"තොට සිහියක් නැනේ බන්."
"හරි බන්.මේ උඹට පොඩ්ඩක් ගෙනල්ල දෙන්න බැරිද අපේ  ගෙදරට?"
"උඹ මේ ** කතා කරනවා.උඹ වරෙන් ඔෆිස් "
"අනේ බන් හෙට උදේ ෆ්ලයිට් එක බන්,වරෙන්කො බන්"
"අඩෝ අද කව්රුත් නැ ඔෆිස් එකේ තියන්න සොරි බන්.උඹ වරෙන්"
"හ්ම් එහෙමද හිටපන් මම එන්නම් එහෙනම්"
අපහු ඉතින් පලයන්කෝ ඔෆිස් එකට.මටම බැන බැන ඩෙනිම් එකක් දාගෙන එලියට එනකොටම නංගි අහපි
"කොහෙද හලෝ රෑ වෙලා යන්නේ?"
"ඔෆිස් එකට හලෝ.ඕනිම ඩොක්ස් වගයක් දාල ඇවිල්ලා"
"ඔව් ඉතින් කොහෙද ඕව මතක තියෙන්නේ.තම අර හොන්තුව ගැනනේ ඔලුවේ තියෙන්නේ"
"අනේ මේ ඔයි කටවහගෙන ඉන්නවා.මම යනවා"
"හා හා පරිස්සමෙන් එන්න ගිහිල්ල.මම නිදාගන්නවා.කීයටද ඇහැරවන්න ඕනි"
මම එතකොටත් ගෙදරින් එළියේ.කාර් එකට නගින ගමන්ම කෑ ගහල කිව්වා
"තුනට ඇහැරවන්න. අටට ෆ්ලයිට් එක"
"හා හා"

එහෙම්ම කාර් එකට නගපු මම ඔෆිස් එකට යන්න ගත්තේ එක එක විකාර හිත හිත යන්න ගත්ත..එතකොටම රේඩ්යෝ එකේ ප්රියා අන්කල් අඩන්න ගත්ත.. "මේ පාලු මාවතේ තනිවී බලා ඉමි මමත් සින්දුව කිය කිය අත්තටම පාලු පාරෙ වාහනෙ අරගෙන ගියා.
මේ වෙනකන් කොච්චර දේවල් මට උනාද? ඒවා ගැන  කියනවනම් පොතක් ලියන්න පුළුවන්.. "අනුත්තරා" හරිම තදට මගේ හිතේ කෙටිල තියෙන ලස්සන නමක්.. නම වගේම එයත් ලස්සනයි. ලස්සනට කව්රු උනත් අනුත්තරගෙන් යාලු වෙන්න අහන එක පුදුමයක් නෙවෙයි. ලස්සනම විතරක් නෙවෙයි ආදරේ කියල මට කියල දුනෙත් අනුත්තරමයි. මේ කාර් එක එයාගේ සුවදින් පිරිලා තියෙනවා ඇත්තමයි. මට දැනුත් දැනෙනවා. හවස ඔෆිස් එකේදී දැක්කට පස්සේ තාම කෝල් එකක්වත් නෑ. සමහරවිට ගෙදරට කව්රුහරි ඇවිල්ල ඇති. මේ තමයි මම මගේහිත  හිත හදාගන්න විදිහ. දන්නෙම නැතුව නුගේගොඩ හන්දියටත් ඇවිල්ල. සින්දුවත්  ඉවරයි..

දැනට මෙච්චරයි..ඉතුරුටික හිමිට දානම්..මේකට නමක් තාම ඔලුවට ඇවිල්ල නෑ