Ads 468x60px

Pages

Saturday, October 15, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 5

හා හා පුරා කියල ඔන්න කාලෙකින් මම බ්ලෝග පැත්තට ගොඩ උනා.හප්පේ බැදිලා තිබුන මකුළු දැල් ගොඩ.මකුළු පැංචිද කොහෙද හැම වෙලාවේම දැල් බැදලා.බලන්න දුකේ බෑ.අන්තිමට පොස්ට් එකක් දාල තියෙන්නේ අගෝස්තු මාසේ දොළොස්වෙනිද.දැන් වෙනද වගේ දවසට පොස්ට් එකක් දාන්න තරම් වෙලාවක් ඇත්තෙම නෑ.අද ඉදන් පුළුවන් විදිහට දාන්න උත්සහ කරන්නම්.මම අන්තිමට ලියල තියෙන්නේ දිනුගේ කතාවනේ.අද කොහොම හරි එක ඉවර කරන්න බලනවා.බැරි උනොත් අපහු සතියකින් විතර තමා හොදේ.තරහ වෙන්න එපා.
කියවපු නැති කට්ටිය මකුළු දැල් බැදුණු කතාවේ පරණ ටිකත් බලන්නකෝ

මම කතාව නවත්තල තියෙන්නේ මට නුවර එන්න කියපු තැනින්නේ.කොහොම හරි මට නුවර යන්න කලින් ආරංචියක් අවා දිනු වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා ඒ දෙන්නේ බදින්න ඉන්නේ කියල.ඒ වෙලාවෙනම් තනි ඇහැට අඩුන.මොනවා කරන්නද.ඔන්න ඕකයි පුල්මුඩේ තත්වේ.
ඉතින් ගොන් බුරුව උන මාත් ආපහු නුවර ගියා.මම නුවර යනකොට යන්නේ උදේ 5.55 පොඩි මැණිකේ කෝච්චියේ.එතකොට එක පේරාදෙණිය හන්දියට ගිහිල්ල ආපහු මාතලේ කෝච්චියට නැගල නුවරට යනකොට උදේ 9.30 වගේ වෙනවා.ඉතින් මම අහිංසකය ගැණු මායමකට අහු වෙලා නුවරට ගිහිල්ල බලාගෙන ඉන්නවා දිනු එනකන්.කෝ දිනු..?
පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු.මේ ගෑණි ආවේ දවල් 12.30 පහුවෙලා.ඒ වෙනකොට මගේ තනි ඇහැට නෙවෙයි ඇස් දෙකම අඬල ඉවරයි.කොහොම හරි මම උදේට කාල හිටියේ නැති නිසා නුවර ස්ටෂන් එකේ උඩ තට්ටුවේ කැන්ටින් එකට ගිහිල්ල කන්න ගත්තා.මට හොදට මතකයි බොන්න ගත්තේ smak එකක්.ඔන්න මම දැන් අහනවා දිනුගෙන්
"කව්ද සජිත් කියන්නේ? "
"මම ඔයාට කියන්න හිටියේ"
"කවදටද?"
"ඉක්මනටම"
"යාලු වෙලා මාස හයක් ගියහමද?"
"නෑ"
"එහෙනම්?"
"මම දන්නේ නෑ"
"එහෙනම් ඔය දන්න දේවල් කියන්නකෝ"
"අනේ මන්ද සඳ මම ඔයාටත් ආදරෙයි ඒ උනාට සජිත්ව දාල මට යන්න බෑ"
"ඒ කියන්නේ? සජිත් කියන්නේ ඔයා බඳින්න ඉන්න කෙනාද?"
"ඔව්,මට සමාවෙන්න"
අනේ මම පව් නේද?බි බි හිටපු smak එක එක පාරටම හිර උනා.ඇස් දෙකෙන් කඳුළු හෝ ගලා වැටෙනවා.මම කවදාවත් අහන්න හිටපු දෙයක්ද.මොනවා කරන්නද.පස්සේ දිනු අහනවා
"ඔයා අහන්න ඕනි දේවල් අහල ඉවරද?"
"ඔව්,ගොඩක් හොඳට අහගත්තා"
"මම යනවා"
මෙන්න මෙකි එක පාරටම යන්න ගත්තා.මමත් දුවගෙන පස්සෙන් ගියා.මගේ පස්සේ කඩේ වැඩකරන එකෙක් එලවනවා
"ඕයි ඕයි,සල්ලි දීල යනවා හලෝ"
එතකොටයි සල්ලි දෙන්න ඕනි කියල මතක් උනේ.සල්ලි දීල ආපහු දිනුගේ පස්සෙන් ගියා.ගිහිල්ල අතින් අල්ලගත්ත 
"එකද ඔයාගේ අන්තිම තීරණේ? මාව දාල යනවද?"
"ඔව් සඳ මාව අමතක කරන්න."
"කොහොමද?"
"මම දන්නේ නෑ"
ඔන්න එකපාරටම දෙවියොත් ආතල් දෙනවා.හෙන ගගහ වහින්න ගත්තා.මගේ අම්ම පළල මම දිනුගේ අත අල්ලාගෙන දණගහල වැස්සේ අඩුව මාව දාල යන්න එපා කියල.මුළු නුවරම බලාගෙන.ඒ වෙලාවේ ලජ්ජාවට වඩා ආදරේ ලොකු උනා.මට දැන් තේරෙනවා මම කොච්චර බොළඳ උනාද කියල ඒ වෙලාවේ.මට ඒවා මතක් වෙනකොට දැන් මෙතනම වලක් කපාගෙන මැරෙන්න හිතෙනවා.
වැස්සේ නාගෙන අත අල්ලගෙන ආදරේ ඉල්ලුවත් මට මොනවත් ලැබුනේ නෑ.එයා අත ගසල දාල යන්න ගියා එයාව අමතක කරන්න කියල.එත් මම  තාම වැස්සේ තෙමි තෙමි අඬනවා.පස්සේ තමා මටත් මතක් උනේ මේ ඉන්නේ මුළු නුවරම ඉස්සරහ නේද කියල.හැමෝම බල බල යනවා.කමක් නෑ දිනු මටනේ කරේ.ඔයා හොදින් ඉන්න.මගේ හිත එච්චරයි ඒ වෙලාවේ හිතුවේ.පස්සේ මම කෝච්චියක් එනකන් ආපහු ස්ටෂන් එකට වෙලා හිටිය 3.20 විතර වෙනකන්.කෝච්චියේ කොළඹට එනකන් මම ඇඩුවා.මගේ එහා පැත්තේ හිටියේ යුනිෆෝර්ම් එකෙන් හිටපු කොල්ලෙක්.ඌ නැගිටලා හිමිට වෙන තැනකට ගිහිල්ල ඉද ගත්තා.පස්සේ කොලබට අවට පස්සේ මට කෝල් එකක් අවා දිනුගෙන්.
"ඔයා කොහෙද ඉන්නේ?"
"බස් එකක් එනකන් ඉන්නවා ඇයි අහන්නේ?"
"ඔයා ගොඩක් නපුරු වෙලා සඳ.මාව අඩවන්න එපා"
යකෝ මොකද්ද මේ හරුපේ තේරුම.එයාව අඩවන්න එපාලු.එතකොට මම අඩපු තරම්.පිස්සු හැදෙනවා නේ?එදායින් පස්සේ ආපහු දිනුව ඇහැටවත් දැක්කේ නෑ.මට මේ ල‍ගදී ආරංචි උනා දැන් සජිත්ව බැඳලා බබෙක් හම්බ වෙන්න ඉන්නේ කියල.ඒවගෙන් මට දැන් වැඩක් නෑ.ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි.
කෙල්ලනේ කොල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.උන් විඳවන තරම් උඹල දන්නේ නෑ
අදින් කතාව ඉවරයි.

Friday, August 12, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 4


ඔන්න ඉතින් මම දැන් කතාව කියනවා.
මේවගෙන් පරණ ඒවා ටික කියවන්න...
ඔන්න දැන් දිනුල බෙල්ලන්විලට ආවා.ඒ උනාට අපි මීට් වෙන්න හිටියේ කළුතර.ඒ වෙනකොට මම කොළඹට ඇවිල්ල ටික කාලයයි.කොහොම හරි මට කළුතර එන්න කියල මම ගියා.ඔහොම යනකොට මට පානදුර හරියේදී කෝල් එකක් එනවා.
"අපි දැන් කළුතරින් එනවා.ඔය බෙල්ලන්විලට එන්න"
"මොකා?මම දැන් ඉන්නේ පානදුරේ.අපහු මම කොහොමද බෙල්ලන්විලට යන්නේ.ගොඩක් දුරයිනෙ.""ඒවා මම දන්නේ නැ.හම්බ වෙන්න ඔනිමනම් බෙල්ලන්විලට එන්න"
"හ්ම්ම්.ඔකේ මම එන්නම් එහෙනම්."
ඉතින් මම ආපහු පානදුරෙන් බැහැල දුවල ගිහිල්ල නැග්ග කොළඹ යන බස් එහෙක.ඔහොම යනකොට ආපහු මට කෝල් එකක් එනවා 
"සඳ,අපි දැන් කැලිඩෝ එකට යනවලු ඔයා එනවද?"
මට මේ ගැනී එක්ක මල දැන් හොදටම පැනල ඉන්නේ.ඇයි යකෝ බෙල්ලන්විල එන්න කියල ආපහු කියනවා කැලිඩෝ එන්න කියල.මොන කුනුහරපයක්ද.
"බෑ,මම කෙලින්ම බෙල්ලන්විලට යන්නම් ඔයාල එන්න."
"ඒ උනාට අපි ආපහු ගල්කිස්සේ බීච් එකටත් ගිහිල්ලු එන්නේ"
මේ මොන කෙලියක්ද මේ.කැලිඩෝ ගිහිල්ල ආපහු ගල්කිස්සේ බීච් යන්නේ මොන රෙද්දකටද.
"මොකා?එතකොට කීයටද බෙල්ලන්විල එන්නේ"
"දන්නේ නැ.අපි ගල්කිස්සේ ඉදන් දවල්ට කාලත් ඉවර වෙලා එන්නේ"
"හරි ඉතින් එන වෙලාවක් කියන්නකෝ"
"හවස 4 විතර වෙයි"
ඒ වෙනකොට වෙලාව, විශ්වාස කරපල්ලා උදේ 11යි ගානක්.මට මේකිගේ අම්මව මතක් උනේ නැ කිව්වොත් පට්ට පල් බොරු.
"හරි එන වෙලාවක එන්න මම බෙල්ලන්විල ඉන්නවා"
"අනේ ඒ උනාට ඔයා පව්නේ"
"තෝ ඔය කරන ටිකම ඇති මට මැරෙන්න"
ඔහොම කියන්න හිතුනා.ආදරෙන් ඇස් අන්ද වෙනවලුනෙ ඉතින් එහෙම දෙයක් කියාගන්න තරම් බැරි උනා.කොහොම හරි මම දෙහිවලට ඇවිල්ල හිටිය පැය දෙකක් විතර හිටගෙන 119 බස් නවත්තන තැන.පස්සේ ඉන්නම අමාරු තැන මම ගිහිල්ල බස් එකට නැගල බෙල්ලන්විල ආවා.ඇවිල්ල ඔහොමම තව පැය ගානක් හිටිය.4 වෙනකොට එනවා කියපු ගෑණි 5.30 වෙනකන් අවේ නැ.
මම ඒ වෙනකොට කී පාරක් කෝල් කරද කියල මම දන්නේ නැ.ෆෝන් එක උස්සල කට් කරනවා.එත් ඉතින් අර ආදරේද මොකද්ද එක නිසා ඉවසුව.පස්සේ 5.30 වෙනකොට ඇවිල්ල මට කෝල් කරා බුදු ගේ ගාවට එන්න කියල.මාත් ගියා.යනකොට ඉන්නවා මුළු සනුහරේම.මගේ අම්මෝ එහෙම ට්‍රිප් යනවා මම දැක්කමයි.පස්සේ එතන හිටපු කට්ටිය යන්න ගියා.ඉතුරු උනේ මමයි දිනුයි එයාගේ නංගියි විතරයි.නංගිට තේරුමක් නැ වටේ දුවනවා.පස්සේ මම අතින් අල්ල ගත්ත.මගේ දිහා පුදුම වෙලා බලල 
"ඔයාට පිස්සුද?"
"ඇයි"
"බුදු හාමුදුරුවෝ ඉන්න තැන් වල අතින් අල්ලන්න හොද නැ"
යකෝ මම එහෙම කතාවක් ඇහුවමයි.එහෙම කියල අත ගසල දුවගෙන ගියා අඩාගෙන එලියට.මට නිකන් පිස්සු වගේ.යකෝ එහෙම දේකට අඩන්න ඕනිද. O . o පස්සේ මේ ගැනි මට ෆොටෝ එකක් දුන්න ගෙනල්ල.එකේ හිටියේ එයා.මාත් ඉතින් එක අරගෙන බැග් එකේ දා ගන්න හැදුව.එතකොට මෙන්න කියපි 
"එපා එපා එහෙම ෆොටෝ ලග තියාගන්න හොද නැ"
"ඇයි ඒ"
"එහෙම තමා.ඕක මට දෙන්න"
"බෑ දෙන්නේ නැ"
"අනේ දෙන්න සඳ"
"බෑ දෙන්නෙම නැ"
"හරි දෙන්න නැත්තම් මම පාරට පැනල මැරෙනවා"
"මැරියන්"
මම එහෙම කිව්වේ නැ 
"පිස්සුද,එතකොට මට මොකෝ වෙන්නේ?"
"ඔයාට මොනවා උනහම මට මොකෝ"
ඔන්න ඔතන තමා මට දිනුව එපා උනේ.ඇයි යකෝ මම පන වගේ ආදරේ කරන කෙල්ල මට එහෙම මුනටම කිව්වා.පස්සේ මම එවලේම ආවා පන්සලෙන් එලියට.ඇවිල්ල ආපු 119 බස් එකේ කෙලින්ම ගෙදර ආවා.ඇවිල්ල කාමරේ දොර වහගෙන ඇඩුවා.බොරු නෙවෙයි.මේක කියවන ආදරේ කරපු අඩපු නැති කෙනෙක් පුලුවන්නම් කියපල්ලා කවදාවත් අඬල නැ කියල ආදරේ නිසා.පස්සේ මේ ගැනි මට ටෙක්ස්ට් එකක් එවනවා ඔයාට දෙයක් කියන්න තියෙනවා නුවර එන්න කියල.මමත් හා කියල යැව්වා.නුවර යන්න කලින් මට දෙයක් ගැන ආරංචි උනා එක ගැන හෙට කියන්නම් 
  

Thursday, August 11, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 3

දැන් තමා නාගෙන කරගෙන මේ පොඩ්ඩක් ඉද ගත්තේ.අදනම් මරු දවස.ට්‍රේනින් සෙෂන් එක පට්ට ආතල්.ඒවා ගැන පස්සේ කියන්නම්කො.අපහු දිනුගේ කතාවට බහිමුකො.මට පෙන විදිහට කට්ටියටම ඒක හොදට හිතට අල්ලලා වගේ.බොහොම ස්තුති කමෙන්ට් කරපු අයට.
පලවෙනි සහ දෙවැනි කොටස් කියවන්න බැරි උන අය මෙතනින් කියවන්න.

හරි ආපහු කතාවට ඔන්න.ඔන්න දැන් අපේ රජ තුන් කට්ටුව,ඒ කියන්නේ මමයි ලහිරුයි නිපුනයි පාන්දර 5.55 පොඩි මැණිකේ කෝච්චියේ නුවර යන්න පිටත් උනා.මම කෝච්චියේ නුවර යන පලවෙනි පාර තමා මේක.පට්ට ෆන්.යන ගමන් උළුදු වඩේ අරගෙන කෝක් එකකුත් අරගෙන පිස්සු කෙල කෙල ගියා.ඒක අපිට පොඩි පහේ ට්‍රිපක් වගේ තමා.යනකොට දැක්ක මාර ලස්සන දේවල්.මේ ලංකාවද කියල හිතුන.

ඔන්න ඉතින් අපි 9.35ට විතර නුවර ස්ටේෂන් එකෙන් බැහැල එලියට එනකොට අපේ නිපුන කොල්ලට පොඩි පහේ බඩේ අව්ලක් ඇවිල්ල දිව්වා මහත්වරුන්ගේ කාමරයට.ඒකව එහෙම්මම දාල මමයි ලහිරුයි එලියට ආව.එතකොට ඉන්නවා දිනු බට්ටි එක්ක.මමත් ඉතින් පැණි හිනාව දාගෙන ගියා.මුළු පනාවම එළියේ.දන්නා අය දන්නවා ඇතිනේ තමන් ආදරේ කරන කෙනා හම්බ වෙනකොට ඇතිවෙන සතුට.ඒක මම කියල දෙන්න ඕනි නැනේ.ඉතින් ඒ අවස්ථාවේ හැටියට මටත් එහෙම උනා.පස්සේ මම ලගට ගිහිල්ල කතා කරා.පස්සේ නිපුන එනකන් එලියට වෙලා ඉන්නකොට දිනු මට කියපි
"ඔයාගේ කොන්ඩෙ කැතයි.ඇයි ඔයා ජෙල් කරන්නේ නැත්තේ?"
"මම එහෙම තමා.මම ආස නැ ජෙල් කරන්න."
"ඒ උනාට ඔයාට ලස්සනයිනේ"
"අහ්හ් ඇත්තද එහෙනම් ඔයාම කරන්න"
මොන කොල්ලද ආස නැත්තේ තමන්ගේ කෙල්ලට කියල ඔලුව අත ගා ගන්න.ඉතින් ඒ පිවිතුරු පරමාර්ථයෙන් මම එහෙම කිව්වා.
"නැ එක්කෝ ඕනි නැ.ඔය කැමති නැත්තම් ඕනි නැ"
කිරි අප්පට පුසෝ බුරපි.මගේ හීනේ එතනම කැඩිලා කුඩු වෙලා පව්ඩර් වෙලා ගියා.දුක තමා රන්ජනියේ කිව්වලු.ඔන්න එතකොට නිපුනයත් ආව.ඉතින් ඔතනම ඉදගෙන යන්නේ කොහෙද කියල කල්පනා කරා.මම ඉතින් නුවර ඒක උනාට නුවර ගැන දන්නේ නැනේ.පස්සේ දිනුම කියපි 
"එහෙනම් මාලිගාවට යමු"
"හා"
ඉතින් ඔහොම මාලිගාවට යනකන්ම අතකින්වත් ඇල්ලුවේ නැ.එහෙම අල්ලන්න හොද නෑලු.අනේ හුකේ නන්නානේ කිව්වලු.දැන් තමා හිතුනේ ආපු මෝඩ කම කියල.යකෝ අතින්වත් අල්ලන්න දෙන්නේ නැති ගෑනි අහවල් එකටද?මාත් ඉතින් හා කියල ගියා.මෙන්න බොලේ මාලිගාවට ගියහම සේරම බක්තිය එලියට දාල මේ ගෑනි වදිනවා දන ගහගෙන.මමත් ඉතින් දන්නා විදිහට වැඳලා නැගිටලා තව පැය කාලක් විතර හිටියා මෙයා නැගිටිනකන්.(ලහිරු ගැන සහ බට්ටි ගැන නොකියමි) මම හිතුවෙම රහත් වෙයි කියල.කොහොම හරි මේ ගෑනි කියපි පරක්කු වෙනවා ගෙදර යන්න ඕනි කියල.මම බුරුවත් හා කියල ඔන්න දැන් යනවා බස් හෝල්ට් එකට මාතලේ.ගිහිල්ල ඉන්නකොට මෙන්න බොලේ මගෙන් අහනවා
"ඔයාට තිබහ නැද්ද?"
"ඔව් තිබහයි.ඔයානේ ගෙදර යන්න ඕනි කිව්වේ"
"ඔව් නේ.කමක් නැ අපි කෝක් මෙගා එකක් ගමු"
"හා" 
"එතකොට අපිට බස් එකේ ඉදන් බොන්න පුළුවන්"
"ඔව්"
මට යක නැගල කෝක් එකකත් අරගෙන ආපු A/C එකට නැග්ග බුදු ගේමක් දීල.මට තේරුණා මෙයාට අන්තිම සීට් අල්ලගෙන හොදට හුරුවක් තියෙනවා කියල.
කොහොම හරි මට කලින් බස් එකට නැගල අන්තිම සීට් එකේ හිනා වේවි හිටියා.මම හිතුව දැන්වත් ඉතින් මට නිදහසේ කතා කරලා පරිස්සමෙන් ගෙදර ගිහිල්ල බස්සන්න පුළුවන් වෙයි කියල(දැන් වල් විදිහට හිතන්න එපා යකුනේ.මම කිව්වේ ගෙදරට ගිහිල්ල ඇරලවන එක.)
ඔන්න දැන් බස් එක යනවා.
"සඳ"
"කියන්න"
"මට නිදිමතයි"
මට මේකිව මරාගෙන කලත් මදිනේ ඉතින්
"ඇත්තද.එහෙනම් නිදා ගන්න"
"කමක් නැද්ද?"
"කමක් නැ"
"තරහද?"
නැ යකෝ උඹව මරාගෙන කන්න පුළුවන්..ඕක කියන්න බැනේ.මල දරාගෙන 
"නැ."
එහෙම කියල විනාඩියක් නැ මෙන්න අනිත් පැත්තට හැරිලා වීදුරුවට ඔලුව තියාගෙන නිදි.අනේ අහිංසක මම.දුකයිද මගේ ගැන ඔයාලට? ලහිරුටත් හිතුනලු.විනාඩි පහකට විතර පස්සේ මෙන්න බලො ඔලුව මගේ උරහිස්සේ.කමක් නැ පව්නේ කියල මාත් හිටියා.මෙන්න තව විනාඩියකින් මට තේරෙනවා මගේ උරහිස්ස තෙතයි වගේ.මට බලන්න අප්පිරියයි.මේ ගැනී මගේ උරහිස්සේ කෙල පෙරනවා.
යකා හොදටම ඇවිස්සිලා.එත් හිටියා.පස්සේ ටිකකින් බට්ටි කතා කරලා කියනවා.මල්ලි බහින්න ලගයි එයාව ඇහැරවන්න කියල.මාත් ඉතින් ඇහැරවල කෙල එහෙම පිහිදම්මවල බස් එකෙන් බහින්න හදනකොට 

"මේ මේ ඔයාල බහින්න එපා කෙලින්ම යන්න"
"ඇයි ඒ?"
"එපා කිව්වහම එපා.අපේ කව්රුහරි දැක්කොත් මට හොද නැ"
මාත් ඉතින් දිනු කෙල්ලෙක් නිසා පව්නේ හා කියල කෙලින්ම මාතලේට ගිහිල්ල එතනින් කොළඹ බස් එහෙක ආවා.මොනවා කරන්නද පස්සේ එත් දිගටම මැසේජ් කරා.බොරු කියන්න ඕනි නැ මම ඇත්තටම දිනුට ගොඩක් ආදරේ කරා.අපි වෙඩින් එකක් ගැන පවා කතා කරා.පිස්සු තමා.ඒ උනාට එක කියන්න තේරෙන්නේ නැ.
කොහොම හරි කාලය ගෙවිල ගියා.ආපහු මාස 4ක් විතර ගෙවිල ගිහිල්ල දිනුල ආවා බෙල්ලන්විල.

බෙල්ලන්විලදී මොකෝ උනේ කියල හෙට කියන්නම්.   
 

Wednesday, August 10, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 2

ඔන්න ඉතින් දිනුගේ කතාවේ ඉතුරු ටික මම ගෙනාව.මගේ අහවල් කෙනත් මේක බලල මගෙන් අහනවා තාමත් දිනුව මතක් වෙනවද කියල.මම ඉතින් කිව්වා නැ එහෙම නැ මේක ෆන් එකට වගේ දැම්මේ කියල.පස්සේ ඉතින් අව්ලක් උනේ නැ.
මෙතනින් පලවෙනි කොටස කියවපු නැති අය කියවන්න.
කොහොම හරි මගේ ටිකිරි මොලේට අවා වල් අදහසක්.ඒ උනාට වල් වැඩ කරන්න බැනේ.මොනවා කරන්නද.ඔහේ හිටිය.පස්සේ මට ඇහුන මගේ ටයි පින් එක ඉල්ලනවා.අනේ ඉතින් මම 2006 ඉදන් පාවිච්චි කරපු 8 වෙනි හරි 9 වෙනි හරි ටයි පින් එක හිතේ දුකෙන් පුද දුන්න.මොනවා කරන්නද.කෙල්ලෙක් ඉතින් දෙයක් ඉල්ලුවහම අපේ අයියලත් නැ බැ කියන්නේ නැනේ.මම හිතන්නේ ඕක තම කොල්ලන්ගේ වික් පොයින්ට් එක.කතාවෙන් පිට පැන්නට සමාවෙන්න.හිතේ දුකෙන්(බොරුවට තමා දුක) බස් එකට ඇවිල්ල නැග්ග ගෙදර එන්න කියල හිතාගෙන.ඔහොම ඉතින් කම්ප එකෙන් උස්සගෙන අපු කැවිලි වගේකුත් කකා මගට එනකොට මගේ ෆෝන් එකට ටෙක්ස්ට් එකක් අවා මෙහෙම කියල
"හායි,මම දිනු මාව මතකද?"

හත්වලාමේ මට අමතක වෙනවද ඉතින්..මාත් ඇර සොයිසා කියල කොටන්න ගත්ත.මොකද මම හිතුවේ එයාල ගෙදර යන්න ඇති කියල.කැම්ප් එකේ සිග්නල් නැ ලොවෙත්.ඉතින් මම ඇහුවා කොහෙද ඉන්නේ කියල.පස්සේ මට රිප්ලයි එක එනවා 
"අපිව මහියංගනේ පන්සලට එක්කගෙන අවා කියල."
"අහ්හ් ඇත්තද අපිනම් තාම යන ගමන්"
"අපි දැන් යන්න හදන්නේ කැම්ප් එකට,පරිස්සමෙන් යන්න බුදු සරණයි..!"
ඔන්න ඔහොම තමා එතැනදී අපි ටෙක්ස්ට් කරේ.පස්සේ ඉතින් ගෙදර ආවා..එනකොට පාන්දර වෙලා.කොහොම හරි හොටු පෙරාගෙන පහුවෙනිදා පට්ට දවල් වෙලා නැගිට්ට.ඉතින් මම දිනුට කෝල් එකක් එහෙම ගන්න කියල ෆෝන් එක අතට ගන්නකොට මිස් කෝල් තියෙනවා 18 ක් විතර.(මට මතක විදිහට ඒ වගේ) මාත් ඉතින් හුරේ කියල අපහු කෝල් කරා.මෙන්න ඇහෙනවා අර නුපුරුදු පුරුදු වොයිස් එක.
"හලෝ"
"හලෝ,කොහොමද?"
"මම හොදින්,ඔයාට කොහොමද?දැන්ද නැගිට්ටේ??"
"ඔව්,දැන් නැගිට්ටේ"
බලා බලා ඕව තමා ඉතින් කියවපු විකාර.දැන්නම් මතකත් නැ.පස්සේ මම ඉතින් ඔහොම දවස් දෙකක් විතර කතා කරා.මට තේරුණා මෙයා එන්නේ හොද පොටකට නෙවෙයි කියල.මාත් ඒ කාලේ වේලි වේලි හිටපු කාලේනේ  ඉතින්.ගොනා වගේ අදුරගෙන දවස් දෙහෙකින් යාලු වෙන්න ඇහුවා.උත්තරේ මම කියන්න ඕනි නැනේ හැමෝම දන්නවා  ඇතිනේ.එයා රත්තරන්  කියල හිතාගෙන
"බැ මට බැ,මම දැන් ඔයාට 
කිව්ව නැති දෙයක් කියන්නම්"
ඔන්න ආපහු මම ටොයින් උනා.දෙවියනේ මේ මොනවද මේ කියන්න යන්නේ.
"මොකද්ද?"
දුක මුඩ් :(
"මම ඔයාට වඩා අව්රුද්දක් වැඩිමල්,ඉතින් මට එහෙම කෙනෙක්ට ආදරේ කරන්න බැ"
මට නිකන් මොංගල් වගේ.ඇයි දෙවියනේ අරයගෙ නන්ගිලු ඒ උනාට මට වඩා වැඩිමල්ලු.මොන හරුපයක්ද මන්ද
"එතකොට බට්ටි කිව්වේ එයාගේ නංගි කියලනේ"
"ඔව් ඒ එයට වඩා මස ගානකින් මම බාල නිසා"
"අහ්හ් එහෙමද.අව්ලක් නැ මට වයස ප්‍රශ්නයක් නැ.මම කිව්වේ මට හිතුන දේ.මම හිතනවා මම වැරදි නැ කියල."
"ඔව් මල්ලියෝ ඔය වැරදි නැ තමා.ඒ උනාට එහෙම හොද නැනේ"
ඔන්න ඉතින් මට ඇඩෙනවා දැන්නම්.බොරු කියන්නේ මොකටද අම්මප මම ඇඩුවා.ඔහොම දිගටම කතා කර කර මට ආදරේ කරන්න කිව්වා.එයාගේ උත්තරේ බැ බැ බැ.මොන වාදයක්ද මන්ද.කොහොම හරි මගේ වැඩේ ඉවසගන්න බැරුව හරි එහෙනම් මම හෙට කියන්නම් කිව්වා.අම්මෝ..මට මර හැපි.වැඩේ ගොඩනේ.
ඔන්න පහු වෙනිදා.
"දිනු මොකද්ද උත්තරේ"
"මට තේරෙන්නේ නැ,මම දන්නවා මේක වැරදි කියල.මාත් ඔයාට ආදරෙයි"
අම්මෝ දැන් ඉතින් වැඩේ ගොඩනේ.කැම්ප් එකටම සඳරුවන් උන මම මෙච්චර දවස් දෙකක් සඳරුවන් උන මම දැන් එයට දිලීප උනා.ඔන්න ඉතින් දිගට හරහට  කෝල්ස් ටෙක්ස්ට් වැහි වැහැල.කොහොම හරි මට එයාව බලන්න එන්න කිව්වා.මාත් ඉතින් වැඩ්ඩා වගේ හා කිව්වා.හුට හා කිව්වට මට සල්ලි නැ යන්න.යන්න ඕනි නුවරට.දැන් ඉතින් කාපන්කෝ  බනිස්.කොහොම හරි ඒ මාසෙම 21 අපේ අම්ම ලංකාවෙන් යන්න ගියා.එදාම මට ශුට් එකක් වැටිලා තිබුන නිසා මට අම්ම එක්ක එයාපොට් යන්න උනේ නැ.මම ශුට් එකට ගිහිල්ල පහුවෙනිදා  නුවර යන්න හිතාගෙන ලහිරුගේ ගෙදර ගියා.මොකද උදේම ට්‍රෙන් එකේ යන්න.දැන් අම්මත් නැති නිසා පට්ට ෆ්‍රී.ඒ උනාට දුකම සිද්දිය අම්ම වාහන දෙකම කම්පැනි දල ගියා.ඒ කරපු වැඩේ නිසා තාමත් මම බස් එකේ. :( කොහොම හරි ඔන්න මමයි ලහිරුයි නිපුනයි පහුවෙනිදා උදේම යන්න සෙට් වෙලා හිටිය.....

ඉතුරු ටික පස්සේ.දැන් මම ලොකු ළමයෙක්නේ.ජොබ් එකක් එහෙම කරනවා.ඉතින් හෙට එකේ පලවෙනි දවස චා වෙන්න බැනේ.අපි ගියා දොයි ගන්න.  

Tuesday, August 9, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි

අද දිනය 09/08/2011 අඟහරුවාදවක්.මම දැන් මේ ලියන්න යන්නේ මම සිරාවටම ආදරේ කරලා ඒ සිරාවට ආදරේ කරපු කෙල්ල මට බූට් එක තිබ්බ හැටි.දැන්නම් ෆන් එකට වගේ මේක දාන්නේ.බූට් එක කාපු අලුතනම් රහ කර කර මාස 6 ක් විතර ඇඩුව.කට්ටිය මගේ ලිස්ට් එක දැක ඇතිනේ.දැකල නැත්තම් මෙතනින් බලාගන්න.හරි ආපහු කතාවට.මෙයාගේ නම දිනු.අර මාතලේ කොටු කර යුනිෆෝර්ම් එක අදින්නේ මෙයාලගේ ස්කොලේ තමා.
මම මුලින්ම කියල ඉන්නම්කො කොහොමද මට මෙයාව හම්බ උනේ කියල.මෙයාව මට හම්බඋනේ (ඔව් ඔව් අම්මට තමා මුලින්ම හම්බඋනේ) අපේ රන්ටැඹේ කැඩෙට් කැම්ප් එකේදී.ඒ වෙනකොට මම තමා ස්කොලේ සාර්ජන්ට් වෙලා හිටියේ.කොහොම හරි එදා 2009 අව්රුද්දෙ අප්‍රේල් මාසේ 18 ඒ කියන්නේ අපේ කැම්ප් එකේ අවරුදු උත්සවේ දවස.ඉතින් ලංකාවේ හැම බල ඇණියකින්ම  ඇවිල්ල හිටිය.අපිව පොලින් කරලා තිබුනේ CC පිළිවෙලට.ඒ කියන්නේ බලඇණි පිළිවෙලට.මම අයිති වෙලා හිටියේ කළුතරට ඉතින් මගේ එක 12CC අපේ එහා පැත්තේ හිටියේ 13CC එකයි අනිත් පැත්තේ 11CC එකයි.ඒ වෙනකොට මම එයාව දන්නෙවත් නැ දැකලවත් නැ.ඉතින් පස්සේ මමයි මගේ කෝප්‍රලුයි ගිහිල්ල පොලින් උනා.ඒවෙනකොට එතන අදුරන මුණක් තියෙනවා දැක්කා.පස්සේ ටිකක් හොදට බලනකොට මම අදුරන අක්ක කෙනෙක්.ඒ අක්කව මම අදුරන්නේ 2008 අව්රුද්දෙ ඇඩ්වාන්ස් කොර්ස් ගිහිල්ල.2008 ඒ අක්ක හිටියේ මගේ ප්ලැටූන් එකේ.ඉතින් මම ඒ අක්ක ගාවට ගිහිල්ල කතා කරා.එතකොට අක්ක මට දිනුව අදුන්නලා දුන්න.

ඔන්න දැන් අව්රුදු උත්සවේ ඉවරයි.මාත් හිමිට පරණ පෙරඩ් ග්‍රවුන්ඩ් එකේ පඩිපෙළ බැහැල පෙරඩ් ග්‍රවුන්ඩ් එක ගාවට යන්න හදනකොට අපේ CC එකේ ආරා( ඒ කියන්නේ RSM )
තව CSM ලා වගේකුයි අපේ ස්කොලේ උනුයි ආරා 13 එකේ අක්කල එක්ක කතා කර කර ඉන්නවා දැකල මාත් පොඩ්ඩක් ඔලුව දැම්ම.ඔන්න ඔය ඔලුව දැමිල්ල නිසා තමා මේ අහිංසක මට කෙල උනේ.ඔතනදි මම දැක්කා දිනුගේ ඇස් දෙක.පිස්සු හැදිලා ආපහු හැදෙනවා ඕයි.මාර ලස්සනයි.දැන්නම් කැතයි හොදේ.ඉතින් මම දිනුගේ අක්කගේ අතේ තිබුන මුද්දක් ඉල්ලගෙන ගිහිල්ල ෆන් එකට වගේ දිනුගේ අත ඉල්ලගෙන අගිල්ලකට දැම්ම.අම්මෝ ඒ වෙලාවේ බලාගෙන හිටපු හැටි එයා.දැනුත් ඇඟ හිරි වැටිලා යනවා.පුදුම අහිංසක කමක් ඒ ඇස් දෙකේ මම දැක්කා.ඔතනදි තමා කෙලම උනේ.කොහොම හරි ගෙදර යන්නත් ඕනි නිසා හිමිට ඒ අත අතඇරලා අපේ බිලට් එකට ආව.කොහොම හරි මමයි අපේ කෝප්‍රලුයි අන්තිමට ආවේ.පස්සේ අපි දැක්කා H2 හෝල් එක ගාව කට්ටිය කෙල්ලන්ට කියල ඔටෝ ලියවගන්නවා.මාත් හිමිට ගියා එතනට.එතකොට දිනු මගෙන් ඇහුව මගේ ඔටෝ එකක් නැද්ද කියල.මම කිව්වා මම ඔටෝ ලියන්නෙත් නැ ඔටෝ ලියවගන්නෙත් නැ කියල.පස්සේ මන් දිහා බලාගෙන ඉදල මගෙන් ඇහුව එහෙනම් ඔයාව මතක් වෙන්න මොනවද දෙන්නේ කියල.මාව කරකවල අත ඇරිය වගේ උනා.ඇයි දෙවියනේ මේ හදිස්සියේ මම මොනවා දෙන්නද.පස්සේ මගේ ටිකිරි මොලේට ආව අදහසක්. 
මගේ ටිකිරි මොලේට අපු අදහස ඊලග කොටසින් කියන්නම් හොදේ.දැන් TEEN WOLF බලන්න ඕනි.

Friday, July 29, 2011

මෙන්න මෙහෙමයි බ්ලොග් ලියන අය අනිත් අයට උදව් කරන්නේ

මේ පොස්ට් එකනම් දාන්නේ ගොඩක් දුකෙන්.මම පොස්ට් ලිව්වේ නැ ගොඩ කාලෙකින්.ඒ උනාට මේක දාන්නම ඕනි නිසයි දාන්නේ.වැඩි කතා ඕනි නැ.
 මහා ලොකුවට කියාගන්න අය ඉන්නවනේ මම බ්ලොග් ගැන දන්නවා.ඕනි දෙයක් අහන්න උදව් කරනවා කියල.මම පොඩ්ඩක් කොහොමද බ්ලොග් කලාවට එන අලුත් අයට උදව් කරන්නේ කියල බලාගන්න එක්තරා ගෘප් එහෙකින් පොඩි විහිළුවක් කරා.විහිළුවක් කිව්වට යටි හිතේ පොඩි පරමාර්ථයක් තිබුන.මම ඇහුවේ පොඩි දෙයක්.සිංහලෙන් ලියන්න දන්නෙ නැ කියල විතරයි.අනේ අම්මේ දෙවියන්ට ස්තුති වෙන්න සු... ගාල එක්කෙනෙක් උදව් කරා.මොකද අනිත් අය දැනගෙන හිටිය මම කරන්නේ විහිළුවක් කියල.ඒ කියන්නේ පරණ අය.මට උදව් කරේ time soon කියල කෙනෙක්.කෝ අනිත් අය?...මේකද අපි කියාගන්න උදව් කිරිල්ල?. මම කෝ අනිත අය කියල අහන්නේ එතන හිටපු සමහර අය දන්නෙ නැ මම දිලීප කියල.මොකද මම මුණු පොතේ නම වෙනස් කරලා ඉන්නේ දැන්..මමත් තාම බ්ලොග් කලාවට අලුත්නේ.මමත් ඒ ගෘප් එකේ ඉන්න ගොඩක් අයත් අලුත්.මමත් ඒ ගෘප් එකේ අරම්බක සාමාජිකයෙක්.මම දැකල තියෙනවා ගොඩක් අය බ්ලොග් ඇරගෙන එයාල දන්නා දේවල්,උස්සන දේවල් අපිට දෙනවා.තමන්ගේ දැනුම බෙදාගන්න එක හොද දෙයක්.එත් කෙනෙක් ඉල්ලුවහම උදව් කරන්න බැරිනම් එකෙන් වැඩක් නැ නේද?
සේරම ටිකක් ඉවර වේගන යනකොට තව අයිය කෙනෙක් ඇවිල්ල මට බැන්න මෝඩ ආතල් ගන්න එපා කියල.එක මෝඩ ආතල් එකක්ද?මම බැලුවේ කොහොමද කට්ටිය උදව් කරන්නේ කියල.අලුතෙන් එන අය අලුත් අයට උදව් කරනවා.එත් පරණ අය?
මම මේ පොස්ට් එක දාන්නේ කාවවත් අපහසුතාවයට පත් කරන්න හිතාගෙන නෙවෙයි.එතන කට්ටිය ගොඩක් හිටිය.මොකද දැන් ඒ බ්ලොග් එක ගෘප් බ්ලොග් එකක්.තමන් දන්නා දේවල් තියෙනවනම් කියල දෙන්න අනිත් යටත්.එකෙන් තමන්ට අයහපතක් වෙන්නේ නැනේ.මට ලොකු පොස්ට් එකෙක් දන්නා තරම් වෙලාවක්නම් නැ.වැඩ ගොඩයි.අද තාම ටිකක් විතර නිදහසේ ඉන්න උනේ.එත් ගෙදර වැඩ තියෙනවා පිටු 15ක් ලියන්න.

මම time soon කියල කියන කෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා..ඔයාගේ උත්සාහය මම අගය කරනවා මල්ලි.දිගටම බ්ලොග් එක ලියන්න කියල මම ප්‍රර්ථනා කරනවා 

Wednesday, July 20, 2011

පරණ chat box එකට ආපහු පනිමුද?

කස්ටිය උණු උණු බඩුවක් ගේනවා දැන් බලයි දිලීප බඩුත් දෙනවද කියල..ඔව් මේක එල කිරි බඩුවක්.පට්ටයි.මේකයි ඉතින් කතාව.කට්ටියටම FB එකේ chat box එක එපා වෙලානේ ඉන්නේ.මෙන්න බාන්ඩේ..මේකෙන් පුළුවන් අපේ පරණ chat box එකට මාරු වෙන්න.මාත් කරලා බැලුව වැඩේ ගොඩ.හැබැයි මමනම් chrome පාවිච්චි කරන්නේ,firefox එකෙත් වැඩ කරනවා.මෙතනින් ගිහිල්ල install කරගන්න.වැඩි වැඩ මොනවත් නැ.විනාඩි 5ක් යන්නේ නැ වැඩේට.

Saturday, July 16, 2011

පොඩි උදව්වක් ඕනි.(බ්ලොග් එක විකුණන් කන්නයි යන්නේ)

මම මගේ බ්ලොග් එක විකුණන් කන්න හදනවා නෙවෙයි..  එහෙම හිතනවානම් මට සමාව දෙන්න...එත් මේ ඉන්න තත්වය උඩ මට,අපිට මේ දේ කරන්න වෙනවා...අපි කොළඹ කස්ටිය ස්ටෙලා උනා.එක ගැනවත් ලියන්න වෙලා නැ.සමාවෙන්න.මට මඩ ගහල හෝ ගාල.තරහ නැ.
මේකයි කාරණය.අපේ බෑන්ඩ් එකට ඩ්‍රම් එකක් ඕනි.ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න එකක් නැ අපිට.එක නිසා  තීරණය අපි කරා මේ දේ කරන්න.තීරණය තමා අපි ගාව තියෙන x3 ෆෝන් එහෙකුයි sony playstation 2 (PS2) එහෙකුයි විකුනන්න.මොකද යාලුවෝ කියල ඉන්න ගොඩක් අය උදව්වක් ඉල්ලුවහම පැනල යන අය.එක ගැන අපි හොදට තේරුම් අරගෙන ඉන්නේ.පුළුවන් අය පුළුවන් විදිහට අපිට උදව් කරා.මම ඒකට එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. 


Nokia X3
මේ තියෙන්නේ nokia x3 ෆෝන් එක.මේක 10000/= වෙනවා.කන්ඩිෂන් අව්ලක් නැ.මේකට ඩේටා කේබල් එකයි,චාජර් එකයි,මැනුවල් එකයි,CD එකයි,box එකයි දෙනවා තව 2gb මෙමරි එකත් දෙනවා.මේකේ දකුණු පැත්තේ උඩ පොඩ්ඩක් හීරිලා තියෙනවා.



 Sony Playstation 2

මේ තියෙන්නේ sony playstation 2 එක.මේක 12000/= වෙනවා.මේකෙත් කන්ඩිෂන් අව්ලක් නැ.මේකත් එක්ක games 12ක් දෙනවා. controls 2යි,8MB මෙමරි එකයි.  

මේකට කෝල් කරන්න 071 7868116

Tuesday, July 12, 2011

ලොවෙත් නැති ගානකට iPhone දෙකක්

කව්ද දන්නේ iphone ගැන?මම දන්නවා ගොඩක් අය දන්නවා.මේ කියන්නේ යන්නේ මගේ යාලුවෙක් ගාව තියෙන iphone දෙකක් ගැන.වෙන කව්රුත් නෙවයි සිඩි ගාව තම මේක තියෙන්නේ.මු මේ දෙකම විකුනනවලු ඉතින් මට කිව්වා පොඩ්ඩක් මේක දෙක විකුණා ගන්න පොඩි හෙල්ප් එක ඕනි කියල.ඉතින් මට දෙන්න පුළුවන් ලොකුම හෙල්ප් එක තමා මේ විදිහ.මම වැඩි කතා නැතුව ෆෝන් දෙක ගැන කියල ඉන්නම්..

මෙන්න පලවෙනි එක.
මේක iphone 3G එකක්.සුදු පාට එකක්.16gb ..ටිකක්  මේක use කරලා තියෙන්නේ.කන්ඩිෂන් එක අව්ලක් නැ.මොකද මු මේක බබා වගේ පාවිච්චි කරේ.මේකට දෙන්නේ data  cable එකයි.original handsfree set එකයි.covers 3යි.මේකේ ගාන 28ක් (28,000) වෙනවා..මු සල්ලි හදිස්සියකට මේක විකුනන්නේ.මේ ගානටනම් මම හිතන්නේ නැ මේකක් හම්බවෙයි කියල...මොකද මම දැකල නැ මේ ගානකට මේක කොහෙවත්.

මේ තියෙන්නේ දෙවැනි එක.
මේක iphone 4 කළු පාටයි.සති දෙකක් විතර තමා පාවිච්චි කරලා තියෙන්නේ.මේකත් 16gb එකක්.මේකත් එක්ක car charger එකයි box එකයි data cable එකයි.මේකනම් ගොඩක්ම අලුත්.ගාන 49ක් විතර වෙනවා.(49,000)
(මේකේ දාල තියෙන්නේ ඇත්ත පින්තුර.මොකද මම දැන් මේ පොස්ට් එක ලියන්නේ ලහිරුගේ ගෙදර ඉදන් )
මේක ගන්න කැමති අය ඉන්නවනම් සිඩිට (ලහිරු) කෝල් එකක් දෙන්න..මෙන්න number එක..
071-7868116  

Thursday, July 7, 2011

කුරුදුවත්ත VS ටෙස්ට් ටියුබ් බාලිකා

මම දැන් ගෙදර එනකොට පාර දිගට කල්පනා කර කර ආවේ අද කොහොම හරි පොස්ට් එකක් දාන්න ඕනි.එත් ලියන්නේ මොනවද කියල..මග දිගට ඔලුව පිරෙන්න අදහස් අවා.අද ප්‍රැක්ටිස් වලදී උන දේවල් ලියනවා කියල හිතුව.පස්සේ හිතුව නැ ඒක ඕනිත් නැ අපි නටන පිස්සු මේකේ දාල අන්තිමට කියවන අයවත් කියවන්නේ නැති වෙයි කියල හිතුන.ඉතින් ඔහොම පාර දිගේ ඇවිදගෙන එනකොට(අපිට වාහන නැ,අම්ම ලංකාවෙන් යනකොට කැබ් දෙකම කොම්පැනි දැම්ම :( )මට අවා කෙටි පණිවිඩයක් තේරෙන සිංහලෙන් කියනවනම් ටෙක්ස්ට් එකක් sms එකක් තව අමාරු කරොත්.මේක මට එව්වේ කුරුදුවත්ත ස්කොලේ එකෙක් තමා.මු මගේ හොදම යාලුවෙක්.ඉතින් මෙන්න මේකයි ටෙක්ස්ට් එක.මේක 18+.හැබැයි මගේ බ්ලොග් එක වැඩිහිටියන්ට පමණයි බ්ලොග් එකක් නෙවෙයි.මේක පොඩිහිටියන්ටත් කියවන්න පුළුවන් හැබැයි ඉතින් ගොඩක්ම සුදුසු වැඩිහිටියන්ට තමා.හරි එහෙනම් මේක තමා ඒ ටෙක්ස්ට් එක 
මෙන්න මෙහෙමයි මේ ටෙක්ස්ට් එකේ මාතෘකාව 
(බස් රථයේ ආතල් එක)
පිරිමි ළමයා : අහ් නංගි,කොහොමද?

ගැණු ළමයා :   හොදයි අයියේ  වරදක් නැහැ
පි.ළ : ඔයා ටෙස්ට් ටියුබ් බාලිකා නේද නංගි 
ගැ.ළ: අනේ අයියේ කොහොමද එක දන්නේ?
පි.ළ: දාපු ඇඩ් එකෙන් කිව්වේ නංගි   
ගැ.ළ:අහ් එහෙමද?අනේ යන්න අයියේ බොරු නොකිය.අයිය කුරුදුවත්ත ස්කොලේ නේද?
පි.ළ:ඔහෙප්පලයන් නංගි කොහොමද එක දන්නේ?
ගැ.ළ:අයිය ජැක් එක ගහපු විදිහෙන් කිව්වේ.හරියට ජැක් එක ගහන්න දන්නෙත් ඔයාලගේ අය විතරයි අයියේ..
(කතාව ඉවරයි..දැන් ඉතින් බැනපල්ලා අහිංසක මට, පොඩි උන් නරක් කරනවා කියල) 

Wednesday, July 6, 2011

භාෂා 100 කට වඩා වැඩියෙන් තමන්ගේ අහවලාට ආදරෙයි කියල කියන විදිහ 2

වැඩි කතා ඕනි නැ මෙන්න අහවලාට ආදරේ කියන විදිහේ ඉතුරු ටික


51 Kannada - Naanu ninna preetisuttene
52 Kapampangan - Kaluguran daka
53 Kiswahili - Nakupenda
54 Konkani - Tu magel moga cho
55 Korean - Sarang Heyo
56 Latin - Te amo
57 Latvian - Es tevi miilu
58 Lebanese - Bahibak
59 Lithuanian - Tave myliu
60 Malay - Saya cintakan mu / Aku cinta padamu
61 Malayalam - Njan Ninne Premikunnu
62 Mandarin Chinese - Wo AI in
63 Marathi - Me tula prem karto
64 Mohawk - Kanbhik
65 Moroccan - Ana moajaba bik
66 Nahuatl - In mits neki
67 Navaho - Ayor anosh'ni
68 Norwegian - Jeg Elsker Deg
60 Pandacan - Syota na Kita!!
70 Pangasinan - Inaru Taka
71 Papiamento - Mi at stimabo
72 Persian - Doo-set daaram
73 Pig Latin - Iay ovlay ouyay
74 Polish - Kocham Ciebie
75 Portuguese - Eu te amo
76 Romanian - Te ubesk
77 Roman Numerals - 333
78 Russian - Ya tebya liubliu
79 Scot Gaelic - Tha gra\dh agam ort
80 Serbian - Volim te
81 Setswana - Ke a go rata
82 Sign Language - (represents position of fingers when signing'I Love You')
83 Sindhi - Maa tokhe pyar kendo ahyan
84 Sioux - Techihhila
85 Slovak - Lu`bim at
86 Slovenian - Ljubim te
87 Spanish - Te quiero / Te amo
88 Swahili - Ninapenda wewe
89 Swedish - Jag alskar dig
90 Swiss-German - Ich lieb Di
91 Tagalog - Mahal Kita
92 Taiwanese - Wa Ga ei li
93 Tahitian - Ua Here Vau Ia Oe
94 Tamil - Nan unnai kathalikaraen
95 Telugu - Nenu ninnu premistunnanu
96 Thai - Chan rak khun (to male)
97 Thai - Phom rak khun (to female)
98 Turkish - Seni Seviyorum
99 Ukrainian - Ya tebe kahayu
100 Urdu - mai aap say pyaar karta hoo
101 Vietnamese - Anh ye^u em (to female)
102 Vietnamese - Em ye^u anh (to male)
103 Welsh - 'Rwy'n dy garu
104 Yiddish - Ikh hob dikh
105 Yoruba - Mo in few..e...

Tuesday, July 5, 2011

භාෂා 100 කට වඩා වැඩියෙන් තමන්ගේ අහවලාට ආදරෙයි කියල කියන විදිහ 1

i love you in chinese (wo ai ni)
ඔයා භාෂා කීයකින් තමන්ගේ ආදරවන්තියට ආදරවන්තයට ආදරෙයි කියන්න දන්නවද?? සිංහලෙන් අපි කොහොමත් දන්නවනේ.ඉංග්‍රීසියෙනුත් දන්නවා (I love you) දෙමළෙනුත් දන්නවනේ (නාන් උනෙයි කාතලිකිරන්)මම ඉගෙනගන්න මැන්ඩරින් වලින් කියන්නේ(wo ai ni) ....ඒ උනාට ඔයාට කවද හරි වෙන රටක අහවලෙක්හම්බ උනොත් කොහොමද කියන්නේ.ප්‍රශ්නයක් නේ? මම මේ පොස්ට් එකෙන් කියල දෙනවා ඔයාලට භාෂා 100 කට වඩා වැඩියෙන් තමන්ගේ අහවලාට ආදරෙයි කියල කියන විදිහ.(මේක මට ආපු ඉ-ලියුමකින් තමා හොයාගත්තේ )

1 Afrikaans - Ek het jou life
2 Albanian - Te dua
3 Arabic - Ana behibak (to male)
4 Arabic - Ana behibek (to female)
5 Armenian - Yes kez sirumen
6 Bambara - M'bi few
7 Bangla - Aamee tuma ke bhalo aashi
8 Belarusian - Ya tabe kahayu
9 Bisaya - Nahigugma ako kanimo
10 Bulgarian - Obicham te
11 Cambodian - Soro lahn nhee ah
12 Cantonese Chinese - Ngo oiy ney a
13 Catalan - T'estimo
14 Cheyenne - Ne mohotatse
15 Chichewa - Ndimakukonda
16 Corsican - It tengu caru (to male)
17 Creol - Mi aime jou
18 Croatian - Volim te
19 Czech - Miluji te
20 Danish - Jeg Elsker Dig
21 Dutch - I hou van jou
22 Esperanto - Mi amas vin
23 Estonian - Ma armastan sind
24 Ethiopian - Afgreki'
25 Faroese - E.g. Elski teg
26 Farsi - Doset daram
27 Filipino - Mahal Kita
28 Finnish - Mina rakastan sinua
29 French - Je t'aime, Je t'adore
30 Gaelic - At gra agam ort
31 Georgian - Mikvarhar
32 German - Ich liebe dich
33 Greek - S'agapo
34 Gujarati - Hu tane prem karoo chhoo
35 Hiligaynon - Palangga ko ikaw
36 Hawaiian - Aloha wau IA OI
37 Hebrew - Ani ohev otah (to female)
38 Hebrew - Ani ohev et otha (to male)
39 Hiligaynon - Guina higugma ko ikaw
40 Hindi - Hum Tumhe Pyar Karte hai
41 Hmong - Kuv hlub koj
42 Hopi - Nu' umi unangwa'ta
43 Hungarian - Szeretlek
44 Icelandic - E.g. Elska tig
45 Ilonggo - Palangga ko ikaw
46 Indonesian - Saya cinta padamu
47 Inuit - Negligevapse
48 Irish - Taim I ngra leat
49 Italian - It amo
50 Japanese - Aishiteru


(අදට 50යි  හෙට ඉතුරු ටික)
 

Saturday, July 2, 2011

දෙවැනි එකත් හරි

මොකද්ද මේ දෙවැනි එක?ප්‍රශ්නයක් නේ?ඒ උනාට අපිටනම් ප්‍රශ්නයක් නෙවෙයි ඒ මොකද අපිට මේක ගොඩක් සතුටු හිතෙන කාරණයක් නිසා.ඔව් ගොඩක් සතුටු හිතෙන දෙයක්.වැඩිය කියවන්න ඕනි නැනේ මම කියන්නම් මොකද්ද කියල.ඒ මේකයි අපි අපේ දෙවැනි කවර් එක ඉවර කරා ඒ කියන්නේ අපි දැනට කවර්ස් දෙකක් ඉවරයි.මම පලවෙනි එකේ ෆොටෝස් එහෙම දාල තිබුනනේ.එක කියෙව්වේ නැත්තම් මෙතනින් බලන්නකෝ.
අපි ඊයේ ඒ කියන්නේ පළවෙනිදා තමා මේක ඉවර කරේ.මේ සෝන්ග් එකේ නම තමා your lullaby මේක ලංකාවේ බෑන්ඩ් එහෙක සෝන්ග් එකක්.මම මීට කලින් ඒ සෝන්ග් එක දීල තිබුන පොඩි විස්තරේකුත් එක්කම.එක නිසා මම බෑන්ඩ් එක ගැන මොනවත් කියන්නේ නැ.ඉතින් මගෙන් ගොඩක් කට්ටිය අහල තිබුන කෝ අපිට අහන්න විදිහක් නැනේ බලන්න විදිහක් නැනේ කියල.ඉතින් අද මම වීඩියෝ එකකුත් දෙනවා අපි කවර් කරපු හැටි.ඒ වගේම පිස්සු නටපු හැටිත් කවර් එක කරනකොට.ගණන් ගන්න එපා අතල් එක වැඩි උනහම දන්නවනේ ඉතින්.හරි වැඩි කතා ඕනි නැ.මේක බලන්න බලල කියන්නකෝ මොනවද අඩු පාඩු එහෙම කියල.මොකද ඔයාලගේ දේවල් අපිට ගොඩක් වැදගත් කියල දන්නවනේ.

මේක කියන්නේ ඒ කියන්නේ සින්දුව ගායනා කරන්නේ එහෙම නැත්තම් තේරෙන සිංහලෙන් කිව්වොත් සින්ග් කරන්නේ අකිල රිදම් පාර්ට් එක ප්ලේ කරන්නෙත් අකිලමයි.ලීඩ් පාර්ට් එක ප්ලේ කරන්නේ ලහිරු මම අහිංසකය කැමරාව තමා.

Thursday, June 23, 2011

අපේ පලවෙනි සෝන්ග් කවර් එක ඉවරයි.හුරේ

අදනම් කියන්න යන්නේ අපිට ඒ කියන්නේ අපේ බෑන්ඩ් එකට ගොඩක්ම සතුටු හිතුන කාරණයක් ගැන.මොකද්ද දන්නවද?දන්නේ නැනේ.වැඩිය මොනවත් කියන්න ඕනි නැනේ.අපි තාම සින්දු කවර් කරන බෑන්ඩ් එකක්නේ.ඉතින් අපි අපේ පලවෙනි සින්දුව අති සාර්ථක ලෙසමත් නෙවයි අපේ දැනුමෙන් හොදට ඉවර කරා.ඉතින් මේක අපිට ගොඩක් සතුටු හිතෙන කාරණයක්.එත් ඉතින් මේ සින්දුවෙත් ගොඩක් වැරදි තියෙනවා කියල අපි දන්නවා.ඉතින් අපේ ට්‍රයි එක තව හොදට කරලා ඉස්සරහට යන්න තමා.දැනට අපි රෙකෝඩ් කරේ හැන්ඩි කැම් එහෙකින්.මොකද අපිට ලොකු දේවල් කරන්න සල්ලි නැනේ.



කවර් කරපු සින්දුව ගැන කියනවනම් මේක sick puppies බෑන්ඩ් එකේ polar opposite කියන ඇල්බම් එකේ Riptide කියන සින්දුව.කරේ අකිලලගේ ගෙදරදී.මේක acoustic ස්ටයිල් එකේ සින්දුවක්.මේ කවර් එකේ සින්දුව කිව්වේ ඒ කියනේ ගායනා කරේ ෆර්හාන්.බේස් ගිටාර් ලහිරු රිදම් අකිල ඒ උනාට මේ ගිටාර් දෙකම box acoustic වර්ගයේ ගිටාර් දෙකක්.පින්තුර ටික අපි රෙකෝඩ්  කරනකොට ගත්ත ඒවා.
තව දෙයක් කියන්න ඕනි.අපේ බෑන්ඩ් එකේ කට්ටිය එකතුවෙලා rock radio එකකුත් පටන් ගත්ත.the rock zone තමා ඒ radio එකේ නම.එකත් අහල බලන්න.එකේනම් යන්නේ rock සහ metal කියන වර්ගයේ සින්දු විතරයි.හැමදාම සතියේ දවස්වල රැ 10 ඉදන් 11 වෙනකන් පැයක් කරනවා.මේක ගොඩක්ම ස්තුති වෙන්න ඕනි උදිත්ට සහ කණි අයියට.      

Tuesday, June 21, 2011

ගේ එකෙකුට ගේමක් දුන්න හැටි 18+

අනේ අද කියන්න යන්න දේ ගැන මතෘකාවෙන්ම පේනවනේ.18+ කිව්වට පොඩි අයත් දැනගන්න ඕනි මේවා ගැන.ඔව් ගේ(gay )එහෙමත් නැත්තම් සමලින්ගිකයෙක් ඒ කියන්නේ පිරිමි සමලින්ගිකයෙක්,lesbian ඒ කියන්නේ ගැණු සමලිංගිකයන් ගැන.එත් මේ කියන්න යන්නේ අද මට උන දෙයක් ගැන.මේකයි කතාව 
අනේ මම අහිංසකය අදත් උදේ පන්ති ගිහිල්ල දවල් 12.30 විතර එලියට අවා පන්ති ඉවර වෙලා.පස්සේ නැග්ග 101 බස් එකට ගෙදර එන්න කියල.ඉතින් ටිකක් දුර යනකොට අව්රුදු 35ක විතර හොදට හැදුන පොරක් නැග්ග බස් එකට නැගල මගේ ලගින්ම ඉදගත්තා.මම අහිංසකය ඉතින් ජනේලේ පැත්තට වෙලා ගිය මගේ සුපුරුදු විනෝදාංශය කර කර.ඒ කියන්නේ සින්දු අහන එක.ටික වෙලාවක් යනකොට මම තුමාට තේරුණා කව්රු හරි මගේ කකුල අතගානවා කියල.මමත් හිතුව වැරදිලා අත තියාගෙන ඇති කියල.එක නිසා මම කිව්වා ටිකක් එහාට වෙන්න කියල.එත් ටික වෙලාවකින් මට අපහු තේරුණා මු එන පොට හොද නැ කියල.මොකද අපහු මගේ කකුල අතගාපු නිසා.ඉගෙන හිටපු සීට් එකෙන් නැගිටලා ඇන්න මුනට තුනක් විතර නහයෙන් ලේ එන්නම.පස්සේ එවලේම බස් එක නැවැත්තුව.දොස්තර අයිය ඇවිල්ල ඇහුව මොකෝ මල්ලි කියල.මමත් ඉතින් කිව්වා මු මගේ කකුලෙන් ඇල්ලුවා එක නිසා ගැහුවා කියල.පස්සේ දොස්තර අයියත් අරුට බැනල බස් එකෙන් එලෙව්වා.මාත් වීරයා වගේ පස්සේ ගෙදර අවා.මේක මට උන මේ තුන්වෙනි පාර.තුන් පාරම නහයවල් තුනක් කැඩුව මගේ බෙල්ට් එකට පිංසිද්ද වෙන්න.ඉතින් මම කියන්නේ දැන් කාලේ පාරක යන්න බැරි කෙල්ලෙක්ට විතරක් නෙවයි.කොල්ලෙක්ට උනත් දැන් එහෙමයි.මේ පොන්නයෝ(කුණුහරපයක් නොවේ) නිසා පාරක බැහැල යන්න බැරි එකටනම් ඕකුන්ව එල්ලුවත් මදි.අපේ අම්ම කියන විදිහට දැන් කාලේ වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනි කෙල්ලෙක්ට වඩා කොල්ලෙක්වලු.මේ වගේ දේවල් මගේ යාලුවන්ටත් වෙලා තියෙනවා.ඔයාලටත් වෙලා ඇතිනේ.මම මේ පොස්ට් එක දාන්නේ තියෙන තරහටමයි.මුන් කොල්ලොන්ගෙන් මොන ආතල් එකක් ගන්න හිතනවද මන්දා.පොන්න හැතිකරේ...

Sunday, June 19, 2011

metalcore බෑන්ඩ් එකක් ඕනිනම් මෙන්න කියවල බලන්න

මේ පොස්ට් එක දාන්න ගොඩක්ම හේතු උනේ අද අකිල මට කියපු දෙයක් නිසා.ඒ කියන්නේ අද අපේ myspace පේජ් එකට Asking Alexandria කියන බෑන්ඩ් එක කමෙන්ට් කරලා තියෙනවා.ඉතින් එක දැක්කහම අපිට පුදුම සතුටක් දැනුනේ.මොකද Asking  Alexandria කියන බෑන්ඩ් එකේ ක්‍රමය වගේ තමා අපේ බෑන්ඩ් එකත් ක්‍රමය.ඉතින් මේ මම පොඩි හැදින්වීමක් කරන්න යන්නේ Asking Alexandria බෑන්ඩ් එක හැදුන විදිහ ගැන.

Asking Alexandria is a British five-piece metalcore band from England. The band has its roots in Dubai, UAE, where guitarist Ben Bruce started a band under the name EndofReason. After having recorded an unreleased album entitled The Irony of Your Perfection, the band changed their name to Asking Alexandria just before calling it a day.

Ben later moved back to the England, and a couple of years without a band, he started fresh with new members, though keeping the name Asking Alexandria. Ben has stated on the bands MySpace-blog that he was the inventor of the name, that he still liked it at the time and the meaning/reason behind the name still remained, and therefore decided to carry it on.

Ben also made a statement in the same blog post that the current Asking Alexandria is not the same band that wrote The Irony of Your Perfection, neither in style nor members.

Asking Alexandria’s debute album Stand Up And Scream was released on September 15th 2009 through Sumerian Records and they currently touring the US with Alesana, The Bled, Enter Shikari and Broadway in its support. They are also to be seen on tour once again in the US with Evergreen Terrace, For the Fallen Dreams and Unholy in October and November.

Members.
Danny Worsnop - Vocals.
Ben Bruce - Guitar.
Camron Liddell - Guitar.
Sam Bettley - Bass.
James Cassells - Drums.




Asking Alexandria කියන්නේ එංගලන්තයේ metalcore ගනයට අයිති බෑන්ඩ් එකක්.එත් මේ බෑන්ඩ් එකේ මුල පටන් ගන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කියන රටෙන්.මේකේ ආරම්බකයා වෙන්නේ Ben Bruce .Asking Alexandria බෑන්ඩ් එකේ මුල් නම end of reason විදිහටයි සදහන් වෙන්නේ.The Irony of Your Perfection කියන ඇල්බම් එක කරලා ඉවර උනහම බෑන්ඩ් එකේ නම වෙනස් කරලා තියෙනවා දැන් තියෙන Asking alexandria කියන නමට.

Ben පස්සේ ආපහු එංගලන්තෙට ඇවිල්ල අව්රුදු දෙකක් බෑන්ඩ් එකක් නැතුව ඉන්නවා.ඔහු නැවතත් අලුතින්ම බෑන්ඩ් එක පටන් ගන්නවා Asking Alexandria කියන නමින්ම අලුත් සාමාජිකයෝ එක්ක.පස්සේ Ben බෑන්ඩ් එකට myspace blog එකක් හදනවා ඒ නමින්ම.මොකද ඔහු ඒ නමට සහ තේරුමට කැමති නිසා.දැනට ඔවුන්ගේ බෑන්ඩ් එකේ නම එහෙම්මමයි.

එසේම Ben නිවේදනයක් නිකුත් කරනවා ඔවුන්ගේ බ්ලොග් එකෙන් දැනට තියෙන Asking Alexandria බෑන්ඩ් එක නෙවයි The Irony of Your Perfection කියන ඇල්බම් එක කරේ සහ විදිහෙන් සහ සාමාජිකයන්ගෙන්ද සමාන නැ කියල.
Asking Alexandria කියන බෑන්ඩ් එකේ පලවෙනි ඒ කියන්නේ ආරම්බක ඇල්බම් එක තමා 2009 සැප්තැම්බර් 15 රිලීස් කරපු Stand Up And Scream කියන ඇල්බම් එක.දිගටම ඔවුන් Sumerian Records සහ පොදුවේ සංචාරය කරන්නේ Alesana, The Bled, Enter Shikari සහ Broadway කියන බෑන්ඩ් එක්ක තමා.ඔවුන් නැවතත් Evergreen Terrace, For the Fallen Dreams සහ Unholy බෑන්ඩ් එක්ක සංචාරය කරලා තියෙනවා ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස වලදී. 



Saturday, June 18, 2011

හිට්ස් 5000 පන්නල ඒ ගමන් ජොබකුත් සෙට් වගේ

හ්ම්ම්ම්..කොහොම පටන් ගන්නද කියලනම් තේරෙන්නේ නැ.හිතේ සතුටකුත් එක්කම තමා මේ පොස්ට් එකත් ලියන්නේ මම.මොකද මගේ බ්ලොග් හිට්ස් 5000 පන්නල,කමෙන්ට් 201 ක් සහ ෆලොවර්සලා 45 ක් පොස්ට් 41 ක්.මගේ පලවෙනි පොස්ට් එක මාර්තු 8 දැම්මේ ඉතින් මාස හතරක් වගේ පොඩි කාලෙට මට මේ ඇති.බ්ලොග් ලියන කෙනෙකුට ඊට වඩා මොනවද නේ?මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2008 ජුලි වල.එත් ඉතින් දුක තමා මොකද මම ඒ කාලේ බ්ලොග් ගැන මෙලෝ මලදානයක් දන්නේ නැ.ආපහු මට බ්ලොග් ලියන්න ආසාවක් අවේ last row බ්ලොග් එක දැකල.පස්සේ දැක්කේ රංග අයියගේ බ්ලොග් එක.එකෙනුත් ආසාවක් අවා.පස්සේ ඉතින් ආපහු google එකෙන් ලොග් වෙලා හදාගෙන තමා මේ තරම් දුර ආවේ.
කියන්න සතුටුයි මට මේ පොඩි කාලේදී ගොඩක් හොද යාලුවෝ සෙට් එකක් හම්බ උනා.මුලින්ම සෙට් උනේ අපේ පුසාව.පුසා තමා මාව සින්ඩි වලට දාල දුන්නේ.පස්සේ උදිත් පස්සේ ඉතින් පවිත්‍ර/කුඩ්ඩා/ටිමොන්/දිසා සහ තව අය.ඒ වගේම අපේ බ්ලොග් කෙරුවාවේ අබි,මඩය,වැපා,මාරයා වගේ ලොකු අයියලත් හම්බ උනා.(අයියල කිව්වේ ආදරේට,අක්කලත් ඉන්නවා හොදේ).ඒ වගේම දැන්නම් බ්ලොග් කරන අයට උදව් කරන්න ඔනිතරම් අය ඉන්නවා.එක නිසා මේ බ්ලොග් කෙරුවාවට එන එක දැන්නම් අමාරු නැ.මම මේ දේ කුඩ්ඩාගේ අද පොස්ට් එකෙනුත් දැක්ක.
තව දෙයක් කියන්න අමතක උනා.අද මම සම්මුක පරික්ෂනෙකට ගියා වැඩේ ගොඩ වගේ කියල හිතෙනවා එයාල කතා කරපු විදිහෙන්නම්.දැන් අව්රුදු 19 ක් වෙනවනේ ගෙදරට බරක් වෙන්නත් බැනේ තව.හැමදේම හොදින් සිද්දවෙයි කියල හිතනවා. 
මෙතැනදී නම් සදහන් උනේ නැති අය ඉන්නවනම් තරහ වෙන්න එපා.මම දන්නවා ඔයාල හැමෝම මට වචනෙකින් හරි උදව් කරලා තියෙනවා කියල.


Friday, June 17, 2011

නියම සින්දු දෙකක්

අම්මෝ දැන් ටිකකට කලින් තමා ගෙදර ආවේ.අද අපි ඉතින් වෙනද වගේම සෙට් වෙලා අපේ බෑන්ඩ් එකේ වෙන දේවල් ගැන කතා කර වගේම පුහුනුවීමුත් කරා.ඒවගේම අද ටිකක් සතුටු හිතෙන දවසක් ඒ මොකද මගේ බ්ලොග් එකේ හිට්ස්  5000 පන්නල.බ්ලොග් ලියන කෙනෙකුට ඊට වඩා ත මොනවද නේද?
හරි කතා ඇති අද මම දෙන්න යන්නේ මදු මෙටල් සින්දු ගැන අහපු නිසා මෙටල් සහ හාර්ඩ්කොර්(hardcore ) ගණයට අයිති සින්දු දෙකක්.
පලවෙනි එක bullet for my valentine බෑන්ඩ් එකේ poison ඇල්බම් එකේ tears dont fall කියන සින්දුව  මේක තමා මේ ඇල්බම් එකේ ගොඩක්ම හිට් උන සින්දුව කිව්වොත් මම වැරදි නැ.වැඩි කතා ඕනි නැ මෙන්න ඒක  බලන්න 

අනිත් බෑන්ඩ් ඒක තමා හාර්ඩ්කොර්(hardcore ) ගණයට අයිති බෑන්ඩ් එකක් වෙන asking alexandria කියන බෑන්ඩ් එකේ stand up and scream  කියන ඇල්බම් එකේ final episode කියන සින්දුව.මේ ඇල්බම් ඒක 2009 අව්රුද්දෙ රිලීස් කරපු ඇල්බම් එකක්.

Thursday, June 16, 2011

TO HELL WE MARCH ලංකාවේ පටන්ගන්න යන අලුත්ම බෑන්ඩ් එකක් ගැනයි මේ සංකල්පනාව.

මේ කියන්න යන්නේ අපි කට්ටිය එකතුවෙලා හදන බෑන්ඩ් එකක් ගැන.කට්ටිය දන්නවනේ ලංකාවේ එක එක වර්ගයේ බෑන්ඩ් තියෙනවා කියල.jazz ,pop ,rock ,metal සහ පපර බෑන්ඩ් සහ තව එක එක වර්ගයේ බෑන්ඩ් තියෙනවනේ.බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘප් එකේ හිටපු අයත් දන්නවා ඇතිනේ මම ඩ්‍රම් එකක් එහෙම හොය හොයා හිටිය කියල.දැන්නම් ඒ සේරම දේවල් හරි.හරි අපහු කතාවට බහින්නම්.(ඒ කියන්නේ මෙච්චර වෙලා හිටියේ කතාවේ නෙවෙයිද)කතාවේ තමා.ලොල්...මම දන්නේ න අපේ බ්ලොග් අවකාශයේ කට්ටිය rock සහ metal කියන වර්ගේ සින්දු අහනවද කියල.ලංකාවේ බහුතරයක් මේ විදිහේ සින්දු අහනෙන් නැ.මොකද සද්දේ වැඩි කියල.ඒ උනාට අපි අපේ අසවල් කරගන්න ඕනිනේ.එක නිසා තමා මේ බෑන්ඩ් එක පටන් ගත්තේ.මේක නිකම්ම වගේ අපු අදහසක් උනාට ඒ අපු අදහසට මම.අකිල(A KILLER),ලහිරු(SIDI),ෆර්හාන්(COWI),ශෑනන් සහ විහඟ කැමති උනා.මේකේ මුල පටන් ගත්තෙත් අකිලලගේ ගෙදරදී තමා.කොහොම හරි අපිට ප්‍රශ්නයක් උනේ බෑන්ඩ් එකට නමක් හොයාගන්න එක මොකද මේක electrometal ගණයට අයිති බෑන්ඩ් එකක්.ඉතින් අපේ මුල්ම නම උනේ eternal chaos දෙවැනි එක උනේ Poseidon ඊට පස්සේ poisoned love පස්සේ තමා මේකේ දැන් තියෙන නම අවේ ඒ කියන්නේ TO HELL WE MARCH කියන නම.ඕක අවේ ඉතින් අපේ ලහිරුගේ අදහසක් අනුව තමා.මොකද අපි හැමෝගෙම metal guru වෙලා ඉන්නේ ලහිරු තමා.
මම කියන්නම් දැන් අපි පස්සෙන් එලවන බෑන්ඩ් මොනවද කියල විශේෂයෙන්ම පලවෙනි එක වෙන්නේ bullet for my valentine කියන බෑන්ඩ් එක.මොකද මේක විශේෂයි කියන්නේ අපි අහපු පලවෙනි hard rock සහ metal බෑන්ඩ් එක මේක නිසා.ඒ උනාට ඊට කලින් simple plan ,linkin prak වගේ බෑන්ඩ් අහල තියෙනවා.දෙවැනි එක asking alexandria කියන බෑන්ඩ් එක සහ ඒ වගේම තව හොද metal බෑන්ඩ් වගයක පස්සෙන් එලවනවා.දැනටනම් අපි පුහුණුවීම් තමා කරගෙන යන්නේ.මොකද දැන්ම කලඑලි බැහැල වැඩ දෙල් කරගන්න ඕනි නැති නිසා.දන්නවනේ ලංකාවේ හැටි.මොන හොද වැඩකට උනත් උදැල්ල දාන්න තමා බලාගෙන ඉන්නේ .අපිට ඕනි සාමාන්‍ය බෑන්ඩ් වගේ නොවී අපේම ආරේක අලුත් විදිහේ අත්දැකීමක් ලංකාවේ අයට දෙන්න තමයි.මම ඔයාලට දෙන්නම් අපේ fan page එකේ ලින්ක් එක.මෙතනින් fan page එකට යන්න.අලුතෙන් පටන්ගන්න යන මේ මොන්ටිසෝරි කොල්ලන්ට පොඩි උදව්වක් කරන්න වචනෙකින් හරි.අපි නොදන්නා දේවල් තියෙනවනම් කියල දුන්නට තරහ නැ. 

Tuesday, June 14, 2011

ගෙවෙන හැම තත්පරයක්ම මෙහෙමයි

මට ආදරේ ගැන හිතෙන්නේ පුදුම දෙයක්.මට තේරෙනවා ඔයා මගේ ලග නැ කියල.එත් මේ මගේ හිත මොකද්දෝ කියාගන්න බැරි දෙකින් පිරිලා.අපි ගතකරපු හැම මොහොතක්ම මට දැන් මැවිලා පේනවා වගේ.ඔයාගේ කටහඬ ඔයාගේ ඒ හිනාව හැමදෙයක්ම මට දැන් ඇහෙනවා වගේ.මගේ මේ පුංචි ජීවිතේ හැම වෙනස්වීමකට හේතුව ඔයාද?අනේ මන්ද මටනම් කිසිදෙයක් තේරුම් ගන්න බැ.මට ඕනි ඔයාගේ ලගටම වෙලා ඉන්න විතරයි.ඔයාව මගේ ලගට අරගෙන හිමිට පොඩි හාදුවක් දෙන්න විතරයි මට ඕනි.

මගේ ජීවිතේට කවදාවත් නොහිතපු විදිහට ඔයා අවේ.කව්ද හිතුවේ අපි මේ විදිහට හම්බවෙයි කියල කව්ද දැනගෙන හිටියේ අපි මෙහෙම ආදරේ කරයි කියල.ඔයාද?මමද?නැ අපි දෙන්නම නෙවෙයි.එහෙනම් කව්ද?මගෙන් අහන්න එපා රත්තරන්.මම ඒවාට උත්තර දෙන්න දන්නේ නැ.අපි පැය ගණන් කතා කරන දේවල් වෙලාවකට පොඩි උන් වගේ.කිසිම තේරුමක් නැ.එත් මම දන්නවා ඒ තේරුමක් නැති කතා අස්සේ ඔයා මගේ වෙනුවෙන් ඇති ආදරේ දොරේ ගලනවා කියල.
ඔයා හැමදාම අහන එක ප්‍රශ්නයක් තමා ඇයි මම ඔයාට ආදරේ කරන්නේ කියල.අනේ මන්ද.මමනම් දන්නේ නැ.ඔයා දන්නවද?එත් මට මෙහෙම කියන්න පුළුවන්."ඔයා මගේ,හැමදාටම හැම වෙලාවේම"
මම දන්නේ නැ ඇයි මම මෙහෙම ලියන්නේ කියල.හිතට පුදුම දුකක් වගේම පුදුම සතුටකුත් එනවා.ඒ දුකට හේතුවත් ඔයාම තමා මගේ රත්තරන්.මොකද ඔයා මගේ ලග නැ.සතුටට හේතුවනම් ඔයා මගේ.

අන්තිමට මෙහෙම කියන්නම්..මම ඔයාට ගොඩක් ආදරෙයි...!

Sunday, June 12, 2011

ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරු ගැනයි මේ සංකල්පනාව

මේක මට අපේ නංගි මතක් කරපු දෙයක්.මේක මම ආගමකට මොනවත් කියන්න හදන දෙයක් නෙවයි.මුස්‌ලිම අය මේක කියෙව්වොත් තේරුම් ගන්න කරුණාකරලා.මගේ දුප්පත් බ්ලොග් එක හැක් කරන්න එහෙම එපා.කට්ටිය දැකල ඇති ලංකාවේ ඉන්නවා මුස්ලිම් ගැණු අය.දැන් ටිකක් මතක් කරගන්න එයාල ඇදගෙන යන්නේ කොහොමද කියල පාරේ.මතක නැත්තම් උඩ පින්තුරේ බලන්නකෝ.මතකයි නේද? 

දැන් ටිකකට ඇස දෙක වහගෙන හිතන්න මේක කියවන ගැණු අක්කල හෝ නංගිලා හෝ ඇන්ටිලා හෝ ආච්චිලා මේ විදිහට බුද්දාගමේ හරි කතෝලික ආගමේ අදිනවා දැකල තියෙනවද?නැ නේද? හිතන්න අපේ ඔය ආගම්වල ගැණු අයට ඔහොම අදින්න කිව්වොත් මොනවා කියයිද?දැන් උත්තරේ හිත්වල කැරකෙනවා නේ?මට බනින්න එපා.ඒ මොකද එහෙම වෙන්නේ?මොකද ඒ ගැණු අය තමන්ගේ සවාමියට තමන්ගේ ආගමට ගරු කරන නිසා.එත් මේක ගැන නෙවයි මම කතා කරන්න යන්නේ.

දැන් අපහු හිතන්න ඔය ගැණු අය කොහොමද ඔහොම ඇදගෙන දවල් 12ට 1ට වගේ පාරට බැහැල යන්නේ කියල.බොරු කියන්න ඕනි නැ.මට බැ කළු පාට t shirt එකක්වත් ඇදගෙන දවල්ට පාරට බහින්න.මොකද එච්චරටම රස්නෙයි.මම අනන්තවත් දැකල තියෙනවා අපේ ඉස්කෝලේ ගාවට ඔහොම ගැණු අය එනවා එයාලගේ පොඩි එක්කෙනාව ගෙදර අරගෙන යන්න.
ඇයි ඇත්තටම මෙහෙම ඒ අය අඳින්නේ?මොකද මුස්ලිම් වර්ගය පෙරදිගට වියාප්ත උනේ අරාබි රටවල් වල ඉදගෙන.ඉතින් අරාබි රටවල් වල මොනවද වැඩියෙන්ම තියෙන්නේ?හරියටම හරි කාන්තාර.ඉතින් අපේ ලංකාවේ නැති වියසනයක් එහෙ තියෙනවනේ.ඒ තමා වැලි කුණාටු.හැම රටකටම පොදු වියසනයක්  තියෙනවා වගේම එහෙට තියෙන්නේ ඒවා තමා ගොඩක්ම.ඉතින් ඒ රටවල් වල,ඒ කියන්නේ අරබිකරේ කාන්තාර අවට තියෙන රටවල් වල මිනිස්සු අදින්නේ මුළු ඇගම වැහෙන්න.දැකල ඇතිනේ අරාබි රටවල් වල මිනිස්සු අදින විදිහ.එක ඒ රටවල් වල ජාතික ඇඳුම කියලනේ පිළිගන්නේ.ඉතින් වැලි කුණාටු නිසා තමා ඒ අය එහෙම අඳින්නේ.
ඒ උනාට ලංකාවේ එහෙම අඳින්නේ ගොඩක්ම ශ්‍රී ලංකා මුස්ලිම් කියල කියන අය.මාලදිවයිනේ සීමිත ප්‍රමාණයක් එහෙම අඳිනවා.මොකද එහෙම කියන්නේ මුස්ලිම් වලත් එක එක කොටස් ඉන්නවා.
1.ශ්‍රී ලංකා මුස්ලිම්
   i.නැගෙනහිර තිරයේ මුස්ලිම්වරු
   ii.බටහිර තිරයේ මුස්ලිම්වරු  
2.මැලේ මුස්ලිම් 
3.ඉන්දියානු මුස්ලිම් 

ශ්‍රී ලංකා මුස්ලිම්
ලංකාවේ ඉන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් තමා බහුතරය.එයාල 92% ඉන්නවා මුස්ලිම් ජනගහනයෙන්.මෙයාල මෙහෙට සංක්‍රමණය වෙලා තියෙන්නේ අටවන සහ පහළොස් වන සියවස් අතරදී අරාබිය අවට මැදපෙරදිග රටවල් වලින්.මෙයාලගේ කොටස් දෙකක් තියෙනවා ලංකාව ඇතුලේ.ඒ නැගෙනහිර තිරයේ මුස්ලිම්වරු සහ බටහිර තිරයේ මුස්ලිම්වරු කියල.

මැලේ මුස්ලිම් 
මැලේ මුස්ලිම් වරුන් වියාප්ත වෙලා ඉන්නේ අග්නිදිග ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ විතරයි.දැනට ජනගහනය 50,000ක් විතර වෙනවා.මෙයාල ලංකාවට ඇවිල්ල තියෙන්නේ ලංකාව සහ ඉන්දුනීසියාව ලන්දේසි යටත් විජිත සමයේ ඉන්දුනීසියාවෙන්.ඒ කාලේ ලංකාවට මෙහෙට ආපු ඉන්දුනිසියනුවන් සෙබළුන් ලෙස බදවාගෙන වැඩ අරගෙන තියෙනවා ලංකාවේ හිටපු ආණ්ඩුකාරය.ඇත්ත වශයෙන්ම මොවුන් ඉන්දුනීසියාවෙන් පිටුවහල් කරපු පිරිසක්.ඉතින් මොවුන්ට ලංකාවේ නවතින්න සිද්ද උනා.මොවුන්ව අදුරගන්න පුළුවන් පොදු සාදකය තමා මොවුන්ගේ මැලේ බාෂාව කතා කිරීමේ හැකියාව.(bahasa melayu ).1980 වකවානුවේදී මැලේ ප්‍රතිශතය 5%ක් පමණ වී තිබෙනවා.විශේෂයෙන් කියන්න ඕනි මොවුන් අදින විදිහ ගැන.හිතන්න කොහොමද අදින්නේ කියල.වෙන මුස්ලිම් අය අදින විදිහට නෙවයි.මෙයාලත් අපි වගේම ඩෙනිමක් ටි ෂර්ට් එකක් දාගෙන තමා ඉන්නේ.(මගේ බාප්පා මේ මැලේ මුස්ලිම් ගණයට අයිති වෙන්නේ)

ඉන්දියානු මුස්ලිම්   
මොවුන්ගේ වියාප්තිය ලංකාවට සිදුවන්නේ ලන්දේසි ආණ්ඩුකාර සමයේදිමයි.සමහරුන් පැවතගෙන එන්නේ පෘතුගීසි සහ ඉංග්‍රීසි වකවානුවේදී.මොවුන් මෙහෙට පැමිණෙන්නේ තමිල්නාඩුවේ සහ කේරල ප්‍රාන්තයේ සිටයි.දැනට මොවුන්ගේ ජනගහනය 30,000ක් පමණ වෙනවා. 

ප.ලි මේකේ වැරදි තියෙනවනම් මට කරුණාකරලා නිවැරදි කරගන්න හැලුප් එකක් හීනියට වගේ දෙන්න හොදේ