Ads 468x60px

Pages

Showing posts with label ඇන් ෆ්‍රෑන්ක්. Show all posts
Showing posts with label ඇන් ෆ්‍රෑන්ක්. Show all posts

Wednesday, June 1, 2011

ඇන් ෆ්‍රෑන්ක් 4 කොටස

1942 ජුනි 20 සෙනසුරාදා 
ආදරණීය කිටි
            මම කෙලින්ම පටන් ගන්නම්.දැන් කිසිම සද්දයක් නැ.අම්මයි තාත්තයි එලියට ගිහිල්ල.මගෝ යාලුවෝ එක්ක පින් පොන් ගහන්න ගිහිල්ල.මාත් මේ ලගක් වෙනකන් පින් පොන් ගැහුවා.කොච්චරක්ද කියනවනම් අපි සංගමේකුත් හැදුව.එකට කිව්වේ LITTLE DIPPER MINUS 2 කියල.එකනම් ටිකක් මෝඩ නමක් තමා.එත එක අපි දැම්මේ වැරදීමකින්.මොකද අපේ සංගමේට විශේෂ නමක් දාන්න ඕනි උනා.ඉතින් අපි 5 ක් හිටපු නිසා LITTLE DIPPER කියල දාන්න අදහස් කරා.අපි හිතුවේ එක හැදිලා තියෙන්නේ තරු පහකින් කියල.එත් අපිට වැරදුනා "BIG DIPPER " වගේ.එකට තරු 7 ක්   තියෙනවා අඩු දෙකට තමා අපි MINUS 2 කියල කිව්වේ.ඉල්සේ වන්ගේර්ට පින් පොන් බඩු ටික තියෙනවා.ඕනි වෙලාවක අපිට එයාලගේ ලොකු කාමරේ සෙල්ලම් කරන්න පුළුවන්.පින් පොන් සෙල්ලම් කරහම ඇග රත් වෙන නිසා අපි සෙල්ලම් කරලා යුදෙව්වන්ට ඇතුල්වෙන්න දෙන ලගම අයිස් ක්‍රීම් කඩේට යනවා.අපි සල්ල හොයන එක නවත්තල ගොඩක් කල්.ගොඩක් වෙලාවට ලොබ නැති කොල්ලෝ කට්ටියක්ව හොයාගෙන හරි අපිට සතියකටවත් කල ඉවර කරන්න බැරි තරම් අයිස් අරන් දෙන අපේ පස්සෙන් එන කෙනෙක් හරි හොයා ගන්න එක අමාරු වැඩක් නෙවෙයි.

            මෙච්චර පොඩි කාලේදී අපේ පස්සෙන් එන අය ගැන පුදුම වෙන පුළුවන්.වාසනාවකට හෝ අවාසනාවකට මේක අපේ ඉස්කෝලේ පුරාම තියෙනවා.මාත් එක්ක බයිසිකලේ පැදගෙන ගෙදර යන්න එයත් එන්නද කියල කොල්ලෙක් මගෙන් අහල තියෙනවා.මම එකට කැමති කියමුකෝ.අපි පස්සේ කතා කරොත් එය මට වශී වෙන්වෙලා එයාගේ ඇහේ මානයෙන් මට මට ඓන් වෙන්න දෙන්නේ නැති බව මට 9/10 විශ්වාසයි.මම එයාගේ අදර බැල්ම ගණන් ගන්නේ නැතුව බයිසිකලේ පැදගෙන යනකොට එයාගේ කැමැත්ත අඩු වෙලා යනවා.තවත් දුර ගිහිල්ල එයාගේ තාත්තාගෙන් අවසර ගන්න ඕනි වගේ දේවල් කියවනකොට මම මගේ බයිසිකලේ පොඩ්ඩක් පැත්තකට බර කරලා දානවා.එතකොට එයාට බැග් එක අහුලලා දෙන්න වෙනවා.එතකොට මම කතාව මාරු කරනවා.හැබයි ඒ නම් ගොඩක් අහිංසක අය විතරයි.ඒ අතරේ ෆ්ලයින් කිස් එවන අය අතින් අල්ලන්න හදන අයත් ඉන්නවා.ඒ නම් එයාල උත්සහ කරන්නේ වැරදි කෙනා එක්ක.එතකොට මම බයිසිකලෙන් බැහැල එයාල එක්ක තවත් ආශ්‍රය කරන්න බ කියල කියනවා.එහෙම නැත්තම් මට ලජ්ජා කරා වගේ අගවල කියනවා මම නැතුව ගෙදර යන්න කියල.ඉතුරු ඒවා හෙට. 

Tuesday, May 24, 2011

ඇන් ෆ්‍රෑන්ක් 3 කොටස

1942 ජුනි 20 සෙනසුරාදා 

          දින පොතක් තියෙන එක මම වගේ කෙනෙකුට අලුත් දෙයක්.ඒ මොකද මම මීට කලින් මොනවත්ම ලියල නැති නිසා.අනිත් දේ තමා අව්රුදු දහතුනක ළමයෙක් ලියන දෙයක් ගැන කිසිම කෙනෙක් පස්සේ කලෙකදී උනන්දු වෙන්නේ නැ කියල මට දැනුන නිසා.ඒ සේරටම වඩා මගේ හිතේ තියෙන ගොඩක් දේවල් වල බර සැහැල්ලු කරගන්න මට ලොකු ඔනිකමක් තියෙන නිසයි,අනික මට ලියන්න හිතෙන හින්දයි මම මේක ලියන්නේ.

          "මිනිහෙකුට  වඩා කොලයකට ඉවසීම තියෙනවා"කියල කියුමක් තියෙන්නේ නිකමට නෙවයිනේ.ටිකක් මහන්සි වෙලා කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නකොට මම මේ කියමන ගැන හිතුවා.අන්තිමට මම කල්පනාවේ ගිලිලා හිටපු තැනම ඔහේ හිටියා.කොලයකට මිනිහෙකුට වඩා ඉවසීම තියෙනවා කියන එක ඇත්තක් උනත් කවද හරි මට හොද යාලුවෙක් හොයාගන්න පුළුවන් උනොත් මිසක් කවදාවත් මම මේ දින පොත කාටවත්ම කියවන්න දෙන්නේ නැ.එකේ කිසි වෙනසක් වෙන්නේ නැ.මම දින පොතක් තියාගන්න ඕනි මුලික දේට මම අපහු ඇවිල්ල.ඒ කියන්නේ මට යාලුවෙක් නැ.

           මේ ලෝකේ කව්රුත් විශ්වාස කරන එකක් නැ අව්රුදු 13 කෙල්ලෙක් තනිවෙලා කිව්වහම.එක නිසා මම අපහු කියන්නම්.මම තනි උන කෙල්ලෙක් නෙවෙයි.මට යාලුවෝ වගේ ය වටේම ඉන්නවා 30ක් විතර.තව අව්රුදු 16 අක්ක කෙනෙකුයි අම්මයි තාත්තයි ඉන්නවා.මගේ මුණ යන්තමින් බලාගන්න මට කැඩුණු කන්නාඩි කැල්ලකුත් තියෙනවා.මට නැන්දලා ගොඩක් වගේම හොද  ගෙයකුත් තියෙනවා.එත් මට හොද යාලුවෙක් නැ.යාලුවෝ එක්ක ඉන්නකොට මම හිතන එකම දේ සතුට විතරයි.දවසේ සාමාන්යෙන් වෙන දේවල් ගැන මිසක් මට වෙන දෙයක් ගැන කතා කරන්න ආසාවක් නැ.අපිට ලංවෙන්න බැ.අපිට වෙන ය ගැන විශ්වාස කරන්න බැරි එක මගේ වැරද්දක් වෙන්න ඇති. කොහොම උනත් දැන් තත්වෙනම් මේකයි.ඒවා වෙනස් වෙන්නේ නැ .එකයි මම මේ දින පොතක් ලියන්නේ..

             මගේ යාළුවව ඉස්මතු කරලා පෙන්නන්න මට මේකේ සටහන් ලියන්න ඕනි නැ.මම මගේ යාළුවා වෙන්න කියල මේ දින පොතට කියනවා.මෙයට මම කිටි කියනවා.

              මම එක පර සේරම කිව්වොත් කාටවත් තේරෙන්නේ නැති නිසා මම මුලින්ම මගේ ජීවිතේ ගැන ටිකක් කියල ඉන්නම්.

              මම දැකල තියෙන හොදම තාත්ත මගේ.එය අම්මට අව්රුදු 25 ක්  වෙනකන් බැඳලා නැ.මගේ අක්ක මාගෝ 1926 ඉපදුනේ ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් ඇම් මෑන්  වලදී.මම ඉපදුනේ 1929 ජුනි 12.මම අව් 4 ක්  වෙනකන් ෆ්රෑන්ක්ෆර්ට් හිටියේ.අපි යුදෙව් ජාතිකයෝ  නිසා තාත්ත ඕලන්දෙට ගියා.මගොගේ උපන්දින තෑග්ග විදිහට මාව මෙසේ උඩින් ගිහින් තිබ්බ.ඒ පෙබරවාරි මාසේ .

               මම මුලින්ම ගියේ මොන්ටිසෝරි.පලවෙනි අව්රුද්ද පටන්ගන්නකන් අව්රුදු 6 ක් වෙනකන් මම එතන හිටියා .මගේ 6 වෙනි පංතියේ ගුරුතුමිය තමා මගේ මුල් ගුරුතුමිය වෙලා හිටියෙත් එයාගේ නම කුපරස්.

               හිට්ලර්ගේ නීති රීති යටතේ අපේ ජර්මනියේ ඉන්න දුක් විදින හින්ද අපේ ජීවිත වලට කරදර නැති උනේ නැ.1938 අව්රුද්දෙ අපේ මාමල දෙන්නෙක් උතුරු ඇමෙරිකාවේ ආරක්ෂාව බලාපොරොත්තුවෙන් ජර්මනියෙන් පැනල ගියා.අපේ ආච්චි අපිත් එක්ක ඉන්න අවා එයාට එතකොට වයස 75 ක්.

                1940 අව්රුද්දෙන් පස්සේ හොද කාලය නැති වෙලා ගියා.මුලින්ම යුද්දය තිබුන පස්සේ යටත් කරගත්ත,ඊටත් පස්සේ යුදෙව්වන්ට කරදර උනා.අපේ ජාතියේ නිදහස ගොඩක් සීමා උනා.ඒ අයට කහ පාට තරුවක් ගහගන්න උනා.අපේ බයිසිකල් අපහු දෙන්න උනා ට්‍රෑම් කාර්   වල යන්න තහනම් කරා.තමන්ගේම කාර්  උනත් පාවිච්චි කරන එක  තහනම් කරා.අපේ අයට කඩේ යන එක හවස 3 ඉදන් 5 වෙනකන් සීමා උනා.කොණ්ඩ කපන්නත් අපේ අයගෙම සාප්පු වලට විතරක් යන්න සීමා උනා.හවස 8 ඉදන් උදේ 6 වෙනකන් පාරවල් වල ඉන්න තහනම් කරා.විනෝද උත්සව වලට යන්න තහනම් උනා.ක්‍රීඩා කරන්න තහනම් උනා.ප්‍රසිද්දියේ වියායාම කරන්න තහනම් උනා.හවස 8 පස්සේ යාලුවන්ගේ ගෙවල් වල ඉන්න තහනම් උනා.අපි යුදෙව් ඉස්කෝල වලටම විතරක් යන්න උනා.ජැක් මට කිව්වේ අපහු කිසිම දෙයක් කරන්නේ නැ මොකද සේරම තහනම් වෙලා තියෙන නිසා කියල.

                1942 ගිම්හානයේ ආච්චිට ඔපරේෂන් 1 කරන්න උනා නිසා මගේ උපන්දිනය පොඩියට කරා.1940 ගිම්හනේදීත් වෛද්‍ය දෙයක් කරේ නැ මගේ උපන්දිනයට.ඒ ඕලන්දේ යුද්දේ යන්තම් වගේ ඉවර උනා නිසා.1942 පෙබරවාරි ආච්චි මැරුණා.1942 අව්රුද්දෙ උපන්දිනය අතරේ ආච්චිව මතක් වෙන්න ආච්චිගේ ඉටිප්නදමත් පත්තු කරා.

Tuesday, May 10, 2011

ඈන් ෆ්‍රෑන්ක් 2 කොටස



කලින් ලිපියට තිබුන ප්‍රතිචාර හිතුවට වඩා හොදයි.මන් පුළුවන් විදිහකට මේ කතාව ඔයාලට දෙන්නම්.මේ ඒ කතාවේ අද කොටස.කියවල බලන්නකෝ

1942 ජුනි 15 සඳුදා

ඉරිදා හවස මගේ උපන් දින උත්සවය තිබුණා.රින්ග් ටින් ටින් චිත්‍රපටිය මගේ මිතුරියන් අතර හරිම ජනප්‍රිය එකක් උනා.මට ගවුමට ගහන කටු දෙකකුයි.බුක් මාර්ක් එකකුයි,පොත් දෙකකුයි ලැබුන.
ඉස්සෙල්ල ළමයින්ගෙන් පටන් අරගෙන මගේ ඉස්කෝලෙත්, මගේ පන්තියෙත් ගැන කරුණු ටිකක් කියල පටන්ගන්නම්.බෙටි බ්ලුමෙන්දල් ටිකක් දුප්පත් බව පේනවා.මම හිතන්නෙත් එයා එහෙමයි.කොයි හරියේද
කියල අපි දන්නෙත් නැති බටහිර ඇමස්ටර්ඩෑම් වල පාරක තමා එයා ඉන්නේ.එයා ඉස්කෝලේ වැඩ වලට හොදයි.එයා ඒ දක්ෂ නිසා නෙවයි එයා ඒ තරමට මහන්සි වෙන නිසා.ඒ වගේම එයා ලස්සනයි.
ජැකොලින් වැන් මර්සන් මගේ හොදම මිතුරිය කියල සිතුවාට මට කවදාවත් හොද මිතුරියෙක් හිටියේ නැ.ඉස්සර ජැක් මගේ හොදම මිතුරිය කියල හිතුවත් මට වැරදුනා.
D.Q හැම වෙලාවේම මතක නැති වෙන කලබල කෙල්ලෙක්.එක නිසි දඩුවම් විදිහට එයාට ගුරුවරු අමතර වැඩ දෙන්නේ.එයා ගොඩක් කරුණාවන්තයි.ගොඩක්ම G.Zට.
E.S හරියට කතා කරනවා.එත් ඒවාට හිනා යන්නේ නැ.එයා මොනවා හරි ඉල්ලනකොට ඔයාගේ කොන්දේ අල්ලයි එහෙම නැත්තම් බොත්තම් අතගායි.මව එයාට පෙන්න බැහැ කියල කට්ටිය කියනවා.මට මොකෝ මාත් එයාට වැඩිය කැමත්තක් නැ.
අපි එළියේ සෙල්ලම් කරනකොට කතා කරන එකයි ලාමකව ඉන්න එකයි ඇර හෙනි මෙට්ස් හොද චරිතය තියෙන කෙල්ලෙක්.එයාට අවාසනාවකට වගේ බෙපි කියල යාලුවෙක් ඉන්නවා.එයා හරිම කිළුටු ළමයෙක්.එයාගේ ගතිගුණ හෙනිටත් ගිහිල්ල.
J.R එයා ගැන මට පොතක් ලියන්න පුළුවන්.එයා හරිම නින්දිත,කේලම් කියන,වාචාල කෙල්ලෙක්.එයා හිතන්නේ එයා තමා කෙල්ල කියල.එයා ජච්ක්ව අල්ලාගෙන ඉන්න එක අපරාදේ.J ඉක්මනට තරහ ගන්න,පොඩි දේටත් අඩන ඒ හැම දේටම වඩා ලොකු කමින් හැසිරෙන එක්කෙනෙක්.එයා හැම වෙලාවේම හරි.එයා පෝසත් ඒ නිසා ගොඩක් වටිනා ඇදුම් අල්මාරියක් තියෙනවා.එත් ඒවා එයාගේ වයසට ගැලපෙන්නේ නැ.එයා හරි ලස්සනයි කියල හිතාගෙන ඉන්නේ.එත් එයා ලස්සන නැ.අපි දෙන්නට එක්කෙනාට එක්කෙනා පෙන්නන්න බෑ.
හනේලි ගොස්ලෙර් ඉස්කෝලෙදි කියන විදිහටනම් ලීස් .එයා ටිකක් ලැජ්ජයි.එයා වැඩිය අනිත් ය එක්ක කතා කරන්නේ නැ.මොනවා හරි කිව්වොත් එයා අම්මට කියනවා.ළගදි ඉදල මම එයාට කැමති.
නැනි වන ප්‍රාග් සිගර් එයා බුද්දිමත් ළමයෙක්.ගොඩක් දක්ෂයි.නැනි ගැන තව මොනවත් කියන්න නැ.
G.Z තමයි අපේ පන්තියේ ලස්සනම කෙල්ල.එයාට ලස්සන උනත් එයා හරිම මෝඩි.එයාව තව අව්රුද්දක් මේ පන්තියේ තියාගනි.මම එක එයාට කියන්න ගියේ නැ.

Monday, May 9, 2011

ඈන් ෆ්‍රෑන්ක් 1 කොටස


මේ කතාව ඈන් ෆ්‍රෑන්ක් කියල ගැණු ළමයෙක් ගැන.මේ ගෑනු ළමය ජීවත් වෙලා තියෙන්නේ හිට්ලර්ගේ කාලේ.ඈන් ෆ්‍රෑන්ක් 1942 ජුනි 12 වෙනිදා ඉදන් 1944 අගෝස්තු 01 වෙනකන් තමන්ගේ දින පොතක සටහන් ලියල තියෙනවා.මම හරියට පෙර වදනක්නම් දෙන්න දන්නේ නෑ.මන් හිතනවා මේ කතාවට ඔයාල කැමති වෙයි කියල.මමනම් ගොඩක් කැමති පොතක් මේක.එකයි ඔයාලටට් දෙන්න හිතුවේ.කියවල බලල ගුණ දොස් දෙන්න..

1942 ජුනි 12
මෙච්චර කල් කව්රුත් ගැන විශ්වාසයක් තියන්න මට බැරි උන නිසා ඔයා ගැන විශ්වාසය තියල ඔක්කොම කියන්න පුළුවන් වෙයි කියල හිතනවා.ඔයා මගේ හිත සනසන හොද යාලුවෙක් වෙයි කියල මම විශ්වාස කරනවා.
1942 ජුනි 14
මගේ උපන් දින තෑගි එක්ක ඔයා මෙසේ උඩ ඔයා ඉන්නකොට දැක්ක වෙලාවේ ඉදන්-ඔයාව මට ලැබුණු වෙලාවේ ඉදන් කතාව මම පටන්ගන්නම්.
ජුනි 12 සිකුරාදා උදේ 6 මම නැගිට්ට.මගේ උපන් දිනේ නිසා එක පුදුමයක් නෙවයි.මට ඒ වෙලාවේ නැගිටින්න දුන්නේ නැති නිසා මන් බොහොම අමාරුවෙන් හතට කාලක් වෙනකන් ඉන්න වුනා.තව ඉවසගෙන ඉන්න බැරි පාර මම කෑම කාමරයට ගියහම මගේ කකුල් වල දැවටෙමින් "මුටි" (පුසා) මාව පිළිගත්තා.යන්තමින් හත පහු උනහම අම්මයි තාත්තයි ගාවට ගිහිල්ල එතනින් මට ලැබුණු තෑගි ඇරලා බලන්න මම සාලෙට ගියා.මට ලැබුණු හොදම තෑග්ග විදිහට මම ඔයාව තමා මුලින්ම දැක්කේ.ඊට පස්සේ රෝස මල් ටිකකුයි,රතු මල් පැල ටිකකුයි පෝච්චියක වවපු මල් පැල ටිකකුයි තිබුණා.අම්මගෙනුයි තාත්තගෙනුයි නිල් හැට්ටයක්,සෙල්ලම් බඩුවක්,වයින් වගේ මිදී රස තියෙන බෝතලයක්,ප්‍රෙහෙලිකාවක්,කෝල්ඩ් ක්‍රීම් බෝතලයක්,ග්ලිඩර් 2.5 ඒ එක්කම පොත් දෙකක් ගන්න වව්චරයකුයි තිබුණා.මට "කැමරා ඔබ්සිකියුරා" කියන තවත් පොතක් ලැබුන.(මගේ ලග එක තියෙනා නිසා වෙන පොතකට මම එක මාරු කර ගත්ත),ඒ එක්කම ගෙදර හදපු බිස්කට් පිගනකුයි අම්මගෙන් රස කැවිලි ගොඩකුයි මට ලැබුන.ඒ වෙලාවේම ආච්චි අම්ම මට ලියුමකුත් එවල තිබුණා.එකනම් අහම්බෙන් උන දෙයක්.
පස්සේ මාත් එක්ක යන්න හනෙලි අවා.අපි ඉස්කෝලෙට ගියා.විවේක කාලේදී මම පන්තියේ හැමෝටම කැවිලි බෙදුව.ආපහු කට්ටිය එක්කම වියායාම ශාලාවට ගියා හින්ද හවස 5 විතර වෙනකන් ගෙදර එන්න බැරි උනා.(මගේ උරහිසයි උකුල් ඇටයයි පනින නිසා සෙල්ලම් කරන්න උනේ නෑ)අනිත් අය කරන සෙල්ලම මොකද්ද කියල තීරණේ කරන්න උනේ මට මොකද මගේ උපන්දිනේ නිසා.මම වොලිබෝල් තේරුවා.පස්සේ හැමෝම මගේ වටේ එකතු වෙලා "happy b'day " සින්දුව කිව්වා.මම ගෙදර එනකොටත් සැන් ලෙඩර්මන් ඇවිත් හිටියා.අපි එකම පන්තියේ ඉන්න අය හින්ද ඉල්සේ වැන්ගේර්,හනෙලි ගොස්ලෙර්,ජැකොලින් වැන් මාර්සන් ක්‍රීඩාගාරයේ ඉඳල අපහු එනකොට මාත් එක්ක ගෙදර ආවේ.හනෙලි සැනුයි මගේ ඉස්සර හොදම යාලුවෝ.අපි එකට යනවා දකිනකොට අනිත් අය කියනවා අන්න හෑනුයි,සෑනුයි,ඈනුයි යනවා කියල.මට ජැකොලින් වැන් මාර්ස්ව හම්බ උනේ යුදෙව් පාසලට ගියාට පස්සේ.දැන් එයා මගේ හොදම යාළුවා.ඉල්සේ හනේලිගේ හොදම යාළුවා.සැන් යන්නේ වෙන ඉස්කෝලෙකට එයට එතන යාලුවෝ ඉන්නවා.
ඒගොල්ලෝ මට "dutch sagas and legends "කියල ලස්සන පොතක් දුන්න.ඒ උනාට වැරදීමකින් දීල තියෙන්නේ එකේ දෙවැනි කොටස.මම පලවෙනි කොටස ගන්න වෙන පොත් දෙකකට මාරු කරා.හෙලෙන් ඇන්ටි මට ප්‍රෙහෙලිකාවක් දුන්න.ස්ටේෆනි ඇන්ටි මට ලස්සන හැට්ට කටුවක් දුන්න.ඇන්ටි ලෙනි"desi goes to mountain "කියල පොතක් දුන්න.
අද උදේ මම නන තැන ඉදගෙන කල්පනා කළේ රින්ග් ටින් ටින් වගේ බල්ලෙක් හිටියනම් කොච්චර හොදද කියල.මාත් ඌට රින්ග් ටින් ටින් කියනවා.මම ඌව මාත් එක්ක ඉස්කෝලේ ගෙනියනවා.කාලගුණය හොදට තියෙන දවස් වලට ඌට පාර්ක් එකේ හරි මුර කාරයාගේ කාමරේ හරි ඉන්න පුළුවන්.

මෙන්න මේකයි පලවෙනි කොටස මට ගුණ දොස් කියල කොමෙන්ට් එකක් දාන්න