Ads 468x60px

Pages

Tuesday, May 24, 2011

ඇන් ෆ්‍රෑන්ක් 3 කොටස

1942 ජුනි 20 සෙනසුරාදා 

          දින පොතක් තියෙන එක මම වගේ කෙනෙකුට අලුත් දෙයක්.ඒ මොකද මම මීට කලින් මොනවත්ම ලියල නැති නිසා.අනිත් දේ තමා අව්රුදු දහතුනක ළමයෙක් ලියන දෙයක් ගැන කිසිම කෙනෙක් පස්සේ කලෙකදී උනන්දු වෙන්නේ නැ කියල මට දැනුන නිසා.ඒ සේරටම වඩා මගේ හිතේ තියෙන ගොඩක් දේවල් වල බර සැහැල්ලු කරගන්න මට ලොකු ඔනිකමක් තියෙන නිසයි,අනික මට ලියන්න හිතෙන හින්දයි මම මේක ලියන්නේ.

          "මිනිහෙකුට  වඩා කොලයකට ඉවසීම තියෙනවා"කියල කියුමක් තියෙන්නේ නිකමට නෙවයිනේ.ටිකක් මහන්සි වෙලා කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නකොට මම මේ කියමන ගැන හිතුවා.අන්තිමට මම කල්පනාවේ ගිලිලා හිටපු තැනම ඔහේ හිටියා.කොලයකට මිනිහෙකුට වඩා ඉවසීම තියෙනවා කියන එක ඇත්තක් උනත් කවද හරි මට හොද යාලුවෙක් හොයාගන්න පුළුවන් උනොත් මිසක් කවදාවත් මම මේ දින පොත කාටවත්ම කියවන්න දෙන්නේ නැ.එකේ කිසි වෙනසක් වෙන්නේ නැ.මම දින පොතක් තියාගන්න ඕනි මුලික දේට මම අපහු ඇවිල්ල.ඒ කියන්නේ මට යාලුවෙක් නැ.

           මේ ලෝකේ කව්රුත් විශ්වාස කරන එකක් නැ අව්රුදු 13 කෙල්ලෙක් තනිවෙලා කිව්වහම.එක නිසා මම අපහු කියන්නම්.මම තනි උන කෙල්ලෙක් නෙවෙයි.මට යාලුවෝ වගේ ය වටේම ඉන්නවා 30ක් විතර.තව අව්රුදු 16 අක්ක කෙනෙකුයි අම්මයි තාත්තයි ඉන්නවා.මගේ මුණ යන්තමින් බලාගන්න මට කැඩුණු කන්නාඩි කැල්ලකුත් තියෙනවා.මට නැන්දලා ගොඩක් වගේම හොද  ගෙයකුත් තියෙනවා.එත් මට හොද යාලුවෙක් නැ.යාලුවෝ එක්ක ඉන්නකොට මම හිතන එකම දේ සතුට විතරයි.දවසේ සාමාන්යෙන් වෙන දේවල් ගැන මිසක් මට වෙන දෙයක් ගැන කතා කරන්න ආසාවක් නැ.අපිට ලංවෙන්න බැ.අපිට වෙන ය ගැන විශ්වාස කරන්න බැරි එක මගේ වැරද්දක් වෙන්න ඇති. කොහොම උනත් දැන් තත්වෙනම් මේකයි.ඒවා වෙනස් වෙන්නේ නැ .එකයි මම මේ දින පොතක් ලියන්නේ..

             මගේ යාළුවව ඉස්මතු කරලා පෙන්නන්න මට මේකේ සටහන් ලියන්න ඕනි නැ.මම මගේ යාළුවා වෙන්න කියල මේ දින පොතට කියනවා.මෙයට මම කිටි කියනවා.

              මම එක පර සේරම කිව්වොත් කාටවත් තේරෙන්නේ නැති නිසා මම මුලින්ම මගේ ජීවිතේ ගැන ටිකක් කියල ඉන්නම්.

              මම දැකල තියෙන හොදම තාත්ත මගේ.එය අම්මට අව්රුදු 25 ක්  වෙනකන් බැඳලා නැ.මගේ අක්ක මාගෝ 1926 ඉපදුනේ ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් ඇම් මෑන්  වලදී.මම ඉපදුනේ 1929 ජුනි 12.මම අව් 4 ක්  වෙනකන් ෆ්රෑන්ක්ෆර්ට් හිටියේ.අපි යුදෙව් ජාතිකයෝ  නිසා තාත්ත ඕලන්දෙට ගියා.මගොගේ උපන්දින තෑග්ග විදිහට මාව මෙසේ උඩින් ගිහින් තිබ්බ.ඒ පෙබරවාරි මාසේ .

               මම මුලින්ම ගියේ මොන්ටිසෝරි.පලවෙනි අව්රුද්ද පටන්ගන්නකන් අව්රුදු 6 ක් වෙනකන් මම එතන හිටියා .මගේ 6 වෙනි පංතියේ ගුරුතුමිය තමා මගේ මුල් ගුරුතුමිය වෙලා හිටියෙත් එයාගේ නම කුපරස්.

               හිට්ලර්ගේ නීති රීති යටතේ අපේ ජර්මනියේ ඉන්න දුක් විදින හින්ද අපේ ජීවිත වලට කරදර නැති උනේ නැ.1938 අව්රුද්දෙ අපේ මාමල දෙන්නෙක් උතුරු ඇමෙරිකාවේ ආරක්ෂාව බලාපොරොත්තුවෙන් ජර්මනියෙන් පැනල ගියා.අපේ ආච්චි අපිත් එක්ක ඉන්න අවා එයාට එතකොට වයස 75 ක්.

                1940 අව්රුද්දෙන් පස්සේ හොද කාලය නැති වෙලා ගියා.මුලින්ම යුද්දය තිබුන පස්සේ යටත් කරගත්ත,ඊටත් පස්සේ යුදෙව්වන්ට කරදර උනා.අපේ ජාතියේ නිදහස ගොඩක් සීමා උනා.ඒ අයට කහ පාට තරුවක් ගහගන්න උනා.අපේ බයිසිකල් අපහු දෙන්න උනා ට්‍රෑම් කාර්   වල යන්න තහනම් කරා.තමන්ගේම කාර්  උනත් පාවිච්චි කරන එක  තහනම් කරා.අපේ අයට කඩේ යන එක හවස 3 ඉදන් 5 වෙනකන් සීමා උනා.කොණ්ඩ කපන්නත් අපේ අයගෙම සාප්පු වලට විතරක් යන්න සීමා උනා.හවස 8 ඉදන් උදේ 6 වෙනකන් පාරවල් වල ඉන්න තහනම් කරා.විනෝද උත්සව වලට යන්න තහනම් උනා.ක්‍රීඩා කරන්න තහනම් උනා.ප්‍රසිද්දියේ වියායාම කරන්න තහනම් උනා.හවස 8 පස්සේ යාලුවන්ගේ ගෙවල් වල ඉන්න තහනම් උනා.අපි යුදෙව් ඉස්කෝල වලටම විතරක් යන්න උනා.ජැක් මට කිව්වේ අපහු කිසිම දෙයක් කරන්නේ නැ මොකද සේරම තහනම් වෙලා තියෙන නිසා කියල.

                1942 ගිම්හානයේ ආච්චිට ඔපරේෂන් 1 කරන්න උනා නිසා මගේ උපන්දිනය පොඩියට කරා.1940 ගිම්හනේදීත් වෛද්‍ය දෙයක් කරේ නැ මගේ උපන්දිනයට.ඒ ඕලන්දේ යුද්දේ යන්තම් වගේ ඉවර උනා නිසා.1942 පෙබරවාරි ආච්චි මැරුණා.1942 අව්රුද්දෙ උපන්දිනය අතරේ ආච්චිව මතක් වෙන්න ආච්චිගේ ඉටිප්නදමත් පත්තු කරා.

2 comments:

නිම්ශා said...

ආහ් ඇන් ඇවිල්ලා...කියෙව්වා මල්ලියා දෙපාරක්ම ...ඇත්තම කිව්වොත් දින පොතක් කියන්නේ අහු වෙන් නැති වෙනකම් හොද යාලුවෙක්..පස්සේ අපරාදේ කියලා හිතෙනවා...

දිලීප said...

ඇයි ඒ පස්සේ අපරාදේ කියල හිතෙන්නේ? :n

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment