Ads 468x60px

Pages

Tuesday, August 9, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි

අද දිනය 09/08/2011 අඟහරුවාදවක්.මම දැන් මේ ලියන්න යන්නේ මම සිරාවටම ආදරේ කරලා ඒ සිරාවට ආදරේ කරපු කෙල්ල මට බූට් එක තිබ්බ හැටි.දැන්නම් ෆන් එකට වගේ මේක දාන්නේ.බූට් එක කාපු අලුතනම් රහ කර කර මාස 6 ක් විතර ඇඩුව.කට්ටිය මගේ ලිස්ට් එක දැක ඇතිනේ.දැකල නැත්තම් මෙතනින් බලාගන්න.හරි ආපහු කතාවට.මෙයාගේ නම දිනු.අර මාතලේ කොටු කර යුනිෆෝර්ම් එක අදින්නේ මෙයාලගේ ස්කොලේ තමා.
මම මුලින්ම කියල ඉන්නම්කො කොහොමද මට මෙයාව හම්බ උනේ කියල.මෙයාව මට හම්බඋනේ (ඔව් ඔව් අම්මට තමා මුලින්ම හම්බඋනේ) අපේ රන්ටැඹේ කැඩෙට් කැම්ප් එකේදී.ඒ වෙනකොට මම තමා ස්කොලේ සාර්ජන්ට් වෙලා හිටියේ.කොහොම හරි එදා 2009 අව්රුද්දෙ අප්‍රේල් මාසේ 18 ඒ කියන්නේ අපේ කැම්ප් එකේ අවරුදු උත්සවේ දවස.ඉතින් ලංකාවේ හැම බල ඇණියකින්ම  ඇවිල්ල හිටිය.අපිව පොලින් කරලා තිබුනේ CC පිළිවෙලට.ඒ කියන්නේ බලඇණි පිළිවෙලට.මම අයිති වෙලා හිටියේ කළුතරට ඉතින් මගේ එක 12CC අපේ එහා පැත්තේ හිටියේ 13CC එකයි අනිත් පැත්තේ 11CC එකයි.ඒ වෙනකොට මම එයාව දන්නෙවත් නැ දැකලවත් නැ.ඉතින් පස්සේ මමයි මගේ කෝප්‍රලුයි ගිහිල්ල පොලින් උනා.ඒවෙනකොට එතන අදුරන මුණක් තියෙනවා දැක්කා.පස්සේ ටිකක් හොදට බලනකොට මම අදුරන අක්ක කෙනෙක්.ඒ අක්කව මම අදුරන්නේ 2008 අව්රුද්දෙ ඇඩ්වාන්ස් කොර්ස් ගිහිල්ල.2008 ඒ අක්ක හිටියේ මගේ ප්ලැටූන් එකේ.ඉතින් මම ඒ අක්ක ගාවට ගිහිල්ල කතා කරා.එතකොට අක්ක මට දිනුව අදුන්නලා දුන්න.

ඔන්න දැන් අව්රුදු උත්සවේ ඉවරයි.මාත් හිමිට පරණ පෙරඩ් ග්‍රවුන්ඩ් එකේ පඩිපෙළ බැහැල පෙරඩ් ග්‍රවුන්ඩ් එක ගාවට යන්න හදනකොට අපේ CC එකේ ආරා( ඒ කියන්නේ RSM )
තව CSM ලා වගේකුයි අපේ ස්කොලේ උනුයි ආරා 13 එකේ අක්කල එක්ක කතා කර කර ඉන්නවා දැකල මාත් පොඩ්ඩක් ඔලුව දැම්ම.ඔන්න ඔය ඔලුව දැමිල්ල නිසා තමා මේ අහිංසක මට කෙල උනේ.ඔතනදි මම දැක්කා දිනුගේ ඇස් දෙක.පිස්සු හැදිලා ආපහු හැදෙනවා ඕයි.මාර ලස්සනයි.දැන්නම් කැතයි හොදේ.ඉතින් මම දිනුගේ අක්කගේ අතේ තිබුන මුද්දක් ඉල්ලගෙන ගිහිල්ල ෆන් එකට වගේ දිනුගේ අත ඉල්ලගෙන අගිල්ලකට දැම්ම.අම්මෝ ඒ වෙලාවේ බලාගෙන හිටපු හැටි එයා.දැනුත් ඇඟ හිරි වැටිලා යනවා.පුදුම අහිංසක කමක් ඒ ඇස් දෙකේ මම දැක්කා.ඔතනදි තමා කෙලම උනේ.කොහොම හරි ගෙදර යන්නත් ඕනි නිසා හිමිට ඒ අත අතඇරලා අපේ බිලට් එකට ආව.කොහොම හරි මමයි අපේ කෝප්‍රලුයි අන්තිමට ආවේ.පස්සේ අපි දැක්කා H2 හෝල් එක ගාව කට්ටිය කෙල්ලන්ට කියල ඔටෝ ලියවගන්නවා.මාත් හිමිට ගියා එතනට.එතකොට දිනු මගෙන් ඇහුව මගේ ඔටෝ එකක් නැද්ද කියල.මම කිව්වා මම ඔටෝ ලියන්නෙත් නැ ඔටෝ ලියවගන්නෙත් නැ කියල.පස්සේ මන් දිහා බලාගෙන ඉදල මගෙන් ඇහුව එහෙනම් ඔයාව මතක් වෙන්න මොනවද දෙන්නේ කියල.මාව කරකවල අත ඇරිය වගේ උනා.ඇයි දෙවියනේ මේ හදිස්සියේ මම මොනවා දෙන්නද.පස්සේ මගේ ටිකිරි මොලේට ආව අදහසක්. 
මගේ ටිකිරි මොලේට අපු අදහස ඊලග කොටසින් කියන්නම් හොදේ.දැන් TEEN WOLF බලන්න ඕනි.

9 comments:

෴ වේලාව ලගයි ෴ said...

මට නම් ඇත්ත ලව් එකක් තියෙන්නේ කෙල්ලත් තාම ලෝකේට බැහැලා නැ අනේ මම වාගේ 1 කෙනෙකුට ලව් දාපන් ඔබටත් කවදා හරි යයි....

~ChAnDiKa~ said...

මූ නම් නොම්මර එකේ අණ්ඩපාලයෙක්!!

සංකල්ප said...

එහෙනම් තරුව වෘකයා බලලා ඇවිල්ලාවත් ඉතුරු ටික ලියන්න. මොකද උනේ කියලා දැනගන්න එපැයි.

Anonymous said...

වන් ඩේ ටූනමන්ට් එකක් වගේ....

කිඩෝ said...

මට මේ සීන් එක කලින් ඇහුවා වගේ පුරුදුයි නැත්තං ඒ වෙන සීන් එකක්ද?

චතුමිතු said...

හපොයි..දැක්ක දවසේම මුද්දක් දැම්ම ද?? මල්ලී වැඩේ අනා ගෙන නේ.. :D :D :D

Unknown said...

@වෙලාව ලගයි මට උඹ කියන දේ පැහැදිලි නැ බන්
@chandika අනිවා..දන්නවනේ ඉතින් මගේ හැටි
@මදු හරි හරි දෙන්නම් ඉතුරු ටිකත්
@prasanna86k මේක හැබැයි ඊට වඩා දුර ගියා
@කුඩ්ඩා මම මේක කලින් කාටවත් කියල නැනේ
@චතුමිතු පිස්සුද අක්ක වැඩේ ගොඩ.ටික කාලයක් ගිහිල්ල තම කෙල උනේ

පිස්සු පුසා said...

අප්පා 12CCලු,RSMලු,CSM H2...අනේ මේවා අපිට තේරෙන්නේ නැහැනේ

Unknown said...

@පිස්සු පුසා 12CC කියන්නේ බන් 12th cadet corps කියන එක.ඒ කියන්නේ මගේ battalion (බලඇණිය) එක ,RSM කියන්නේ බන් regiment senior master දැන් කියන්නේ BUO ඒ කියන්නේ battalion under officer , CSM කියන්නේ company senior master දැන් කියන්නේ CSUO ඒ කියන්නේ company senior under officer ,H2 කියන්නේ බන් අපේ කැම්ප් එකේ තියෙන හෝල් බිලට් එකක්.

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment