Ads 468x60px

Pages

Thursday, March 31, 2011

සහෝදරයෙක් නොවුණු ඔබට


පියාබා විත් ඔබ හමුවේ මා
එල්ල කරත් රුදු පහරවල්
ඔබත් මවකගේ මා වැනිම පුතෙක් බව
නෑ මට නොවැටහුනේ
වැදු මවට උපන් මවට
වගකීමක් ඇති බව මට
යුතුකම මෙන්ම
කරන්නට අවැසි නිසයි
මා මේ ලෙස දුක් වන්නේ
ඉතින් සොයුර,
සමා වන්න
ඔබගේ මලගෙට මා
නොම එන්නේ
ඔබගේ ඊලම
මගේ රාජ්‍යය නොවන නිසයි

Saturday, March 26, 2011

අහිමි ඔබට


ඊයේ රෑ අහස දිහා බලාගෙන මන් ඇහුවා
දෙවියන්ගෙන් ඇයි ඔයා මා ගව නැත්තේ කියල
දෙවියෝ උත්තර දුන්නේ නෑ
මම තරුවල ඔයාව හෙව්වා
එත් මට ලැබුනේ නෑ
මම මගේ හදවතට ඇහුම්කන් දුන්න
එත් මට උත්තරයක් ලැබුනේ නෑ
මම ඊයෙත් මෙතනට ඇවිත් දෙවියන්ගෙන් ඔයදේම ඇහුවා
අද වගේම තරුවලත් ඔයාව හෙව්වා
එත් මට කිසිදෙයක් ලැබුනේ නෑ
මට දැන් පාලුයි දුකයි
ඒ ඔයා මාව දාල ගිහින් නිසා
මම ඊයේ වගේම අදත් දෙවියන්ගෙන් ඉල්ලනවා
ඔයා කොහේ හිටියත් හොදින් ඉන්න කියල
මට ඔයාව ගොඩක් මතක් වෙනවා මගේ රත්තරන්
ඔයා කොච්චර මිනිස්සුන්ට කඩාගෙන පැන්නත්
ඔයා කොච්චර මගෙන් බැනුම් ඇහුවත්
මම තම ඔයාට ආදරෙයි...!
ඒ ඔයා මගේ ටොමියා නිසා

Wednesday, March 23, 2011

අහිමි සඳ


සඳක් වගේ ඔබ අහසේ දිලිසුනා
සඳට ආදරේ තරු අතරේ මා තනි උනා
තරුවට සඳක් වෙන්නට බැරි බව වැටහුනා
සඳ ලෝකෙන් යනවිට හිත වැලපුනා

සඳ ගිය විට හිත් අහසම කළු උනා
තරුවක් වී මා අහසේ තනි උනා
කඩා වැටුණු තරුවක් මා සැනසුවා
හඬා වැටුණු සිත මගේ සැනසුනා

Monday, March 21, 2011

ඇයත් මවක්


ලොකු ලොකු වාහන පෝලිමේ එන්නේ
ඇයගේ සුවඳට මිලක් ගෙවන්නේ
විදුලි වේගයෙන් හෝටල් යන්නේ
යහනක් මත ඇය රැයක් ගෙවන්නේ
අතින් කටින් ගෙන නිවසට එන්නේ
උපයන මුදලයි බඩගිනි නිවුවේ
කන්නට දෙන්නයි මේ දේ කෙරුවේ
ඉතින් දරුවනේ මම වැරදිද කෙරුවේ?

Friday, March 18, 2011

ඔබ මගේ

ඔබේ සුවඳේ මා දැවටීලා
ඔබේ සෙනෙහෙ මා දැවටීලා
ඔබේ ආදරයෙන් මා වෙලිලා
ඔබ මගේ මුළු ජීවිතයම වෙලා

Saturday, March 12, 2011

සුබ උදැසනක් රත්තරන්


පිනි වැටෙනා උදැසන
දුහුල් ඇදුමෙන් එතී
මගේ ලගට වී ඇය මෙසේ කීවා
"සුබ උදැසනක් රත්තරන්"

Thursday, March 10, 2011

මතකද?

ඇසට උනන්න කඳුළු කැට ගානට
හිතේ ගින්දර තව වැඩි වෙන තරමට
මගේ මුළු ලොව ඔබම විය මිහිරිය
සොඳුරු සැමරුම් ඔබට මතකද..?
පාද නැගුවා වැව් බැම්ම මත

කවිය


පාලු හිතට
දිය දෝතක් වැනිය
මහා සාගරයක් වැනිය
මුළු ලෝකයම වැනිය
එහෙත් මට,
මුළු ජීවිතයම පමණක්
විය

Wednesday, March 9, 2011

තුන් කොන් ආදරයක මම සහ ඇය


බිඟුන් මල් පැණි සොයයි වසන්තය සැරි සරා
නෙතින් කඳුළැල් ගලයි ඔබෙන් වෙන් වන නිසා
කාටවත් නොපෙනෙන හිතින් ඉකි ගස ගසා
මම ඔබෙන් සමු ගනිමි සමු නොගෙන බැරි නිසා
ඔබ මා එක් උන කාලය කොතරම් සොඳුරුද
ඔබ මා සිප ගත කාලය කෙතරම් මිහිරිද
ලොවට හොරා ඔබ මගේම විය මතකද
ඔබ ලියු කවියේ පිළිතුර මේකද
ඔබත් ඕනි මට ඔහුත් ඕනි
කරන්නට අවැසි දේ මම නොමදනී
හිතට වහල් වී මා කරගත් ආදරේ
පසුතැවෙනවා තවමත් මා අද බුදු මැදුරේ
ඔබ විය මාගේ මුලු ලෝකයම
ඔබ විය මාගේ මුලු ජීවිතය
ඔබ විය මාගේ රජ දැක්ම
අනේ දැන්නම්
ඔබ විය මාගේ අභාවය.....!

කැඩෙට්


"පෝලින්"
ඉන්නට බැ තාම නිදි මතයි
කැම්ප් ඇවිත් දවස් අටයි
හෙටනම් ඉතින් ගෙදර තමයි
පෙරඩ් එකේ දවස අදයි....
දත කට මැද්දා සෙරා ඇන්ද
මයිල ගහ යට පොලින් වුවා
වෙපනුත් ගත්තා
අටේන්ෂෙන් වුවා
පෙරඩ් එකේ අපේ සෙට් එක යනවා.....
මව්පියො එනවා කෑම ලැබෙනවා
මෙස්‌ එකෙ කැමනම් එපාම වෙනවා
ඒ මදිවට ටෙස්ට් එකෙ අද ලකුණුත් දෙනවා
සාජන් ගෙන් අදනම් කනවා....
ජුනියර් අව්රුදු එපාම වෙනවා
බූට් පොලිෂ් කරලා ඇතුත් රිදෙනවා
බෑන්ඩ් එක ගැහුවා කට්ටිය යනවා
දාඩිය දාගෙන පෙරඩ් කරනවා.......

සිතක්

මට ආදරේ නොදැනෙනවා නෙවයි
ගොඩක් හොදට දැනෙනවා
එත් මගේ මැණික
මේ ලෝකෙට ඕනිනම් අපිව වෙන් කරන්න??
මන් දන්නවා රත්තරන් මට තේරෙනවා
අපිට තව කල් තියෙනවා
එතකන් ඉමු රත්තරන්
මොකද මට ඔයාව ගොඩක් වටිනවා....

Tuesday, March 8, 2011

මගේම අම්මට


නිහඬව සිටියත් මෙලස මා
ඔබ නැති අඩුව නොදැනුනම නොවේ..
හඩන්නට,
කදුළු ගුලි කර
කියන්නට දහසක් දේ ඇතත්
හිතේ ඉඩ හසර මදි...
සයුරෙන් එහා ඔබ තනිවම...
කෙලෙසද මා ඔබ අමතන්නේ?
කෙලෙසද මා අකුරු ගලපන්නේ?
ඉතින් කියන්නට අවසර..
අම්මේ මම ඔබට සැමදා ණයගැතියි....!!

ඔබ අපි

පිහාටුවක වැනි සැහැල්ලුවෙන්
සැඩ සුළගේ පාව නොගොස්
ඔබ සිටියා මා අසලම
මදනලද හමය් ගතම වෙලා
මල් සුවඳත් එය පරදා
පිබිදුනි මා එහි පහසින්
ඔබ නැති අඩුව දැනුන නිසා
උදැසන හිමිදිරි බවත්
හිරු රැස් මැදින් ගිලිහි ගියා
කොහේ සිටියත් මෙලොවේ අපි දෙතැනක
සිතින් නැහැ යන්නේ
බින්දුවක්වත් ඇතට

සෙනෙහස

මගේ හිත
කීකරු කරන
නුඹේ ඔය ඇස් දෙක
මගේ කරගන්න හදන විට
කඳුළු පිරුනා මගේ ඇස් වල
ජීවිතයේ පෙරලුනු මාරක කතරක
දිවිහිමියෙන් මා ළඟ උන් නුඹට
ආදරය කරනු මිස,
අමතක කරන්නේ කෙලෙසද
ඔබේ ඔය සෙනෙහස.......!!!!

අද ඉඳන්

ඉතින් යාලුවනේ මම අද ඉඳන් මගේ බ්ලොග් එකේ වැඩ පටන් ගන්න කියල හදන්නේ.....ඔයාලත් මට sup එක දෙඉ කියල හිතනවා...ඉතින් එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්ත නිල විදිහට....