Ads 468x60px

Pages

Friday, August 12, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 4


ඔන්න ඉතින් මම දැන් කතාව කියනවා.
මේවගෙන් පරණ ඒවා ටික කියවන්න...
ඔන්න දැන් දිනුල බෙල්ලන්විලට ආවා.ඒ උනාට අපි මීට් වෙන්න හිටියේ කළුතර.ඒ වෙනකොට මම කොළඹට ඇවිල්ල ටික කාලයයි.කොහොම හරි මට කළුතර එන්න කියල මම ගියා.ඔහොම යනකොට මට පානදුර හරියේදී කෝල් එකක් එනවා.
"අපි දැන් කළුතරින් එනවා.ඔය බෙල්ලන්විලට එන්න"
"මොකා?මම දැන් ඉන්නේ පානදුරේ.අපහු මම කොහොමද බෙල්ලන්විලට යන්නේ.ගොඩක් දුරයිනෙ.""ඒවා මම දන්නේ නැ.හම්බ වෙන්න ඔනිමනම් බෙල්ලන්විලට එන්න"
"හ්ම්ම්.ඔකේ මම එන්නම් එහෙනම්."
ඉතින් මම ආපහු පානදුරෙන් බැහැල දුවල ගිහිල්ල නැග්ග කොළඹ යන බස් එහෙක.ඔහොම යනකොට ආපහු මට කෝල් එකක් එනවා 
"සඳ,අපි දැන් කැලිඩෝ එකට යනවලු ඔයා එනවද?"
මට මේ ගැනී එක්ක මල දැන් හොදටම පැනල ඉන්නේ.ඇයි යකෝ බෙල්ලන්විල එන්න කියල ආපහු කියනවා කැලිඩෝ එන්න කියල.මොන කුනුහරපයක්ද.
"බෑ,මම කෙලින්ම බෙල්ලන්විලට යන්නම් ඔයාල එන්න."
"ඒ උනාට අපි ආපහු ගල්කිස්සේ බීච් එකටත් ගිහිල්ලු එන්නේ"
මේ මොන කෙලියක්ද මේ.කැලිඩෝ ගිහිල්ල ආපහු ගල්කිස්සේ බීච් යන්නේ මොන රෙද්දකටද.
"මොකා?එතකොට කීයටද බෙල්ලන්විල එන්නේ"
"දන්නේ නැ.අපි ගල්කිස්සේ ඉදන් දවල්ට කාලත් ඉවර වෙලා එන්නේ"
"හරි ඉතින් එන වෙලාවක් කියන්නකෝ"
"හවස 4 විතර වෙයි"
ඒ වෙනකොට වෙලාව, විශ්වාස කරපල්ලා උදේ 11යි ගානක්.මට මේකිගේ අම්මව මතක් උනේ නැ කිව්වොත් පට්ට පල් බොරු.
"හරි එන වෙලාවක එන්න මම බෙල්ලන්විල ඉන්නවා"
"අනේ ඒ උනාට ඔයා පව්නේ"
"තෝ ඔය කරන ටිකම ඇති මට මැරෙන්න"
ඔහොම කියන්න හිතුනා.ආදරෙන් ඇස් අන්ද වෙනවලුනෙ ඉතින් එහෙම දෙයක් කියාගන්න තරම් බැරි උනා.කොහොම හරි මම දෙහිවලට ඇවිල්ල හිටිය පැය දෙකක් විතර හිටගෙන 119 බස් නවත්තන තැන.පස්සේ ඉන්නම අමාරු තැන මම ගිහිල්ල බස් එකට නැගල බෙල්ලන්විල ආවා.ඇවිල්ල ඔහොමම තව පැය ගානක් හිටිය.4 වෙනකොට එනවා කියපු ගෑණි 5.30 වෙනකන් අවේ නැ.
මම ඒ වෙනකොට කී පාරක් කෝල් කරද කියල මම දන්නේ නැ.ෆෝන් එක උස්සල කට් කරනවා.එත් ඉතින් අර ආදරේද මොකද්ද එක නිසා ඉවසුව.පස්සේ 5.30 වෙනකොට ඇවිල්ල මට කෝල් කරා බුදු ගේ ගාවට එන්න කියල.මාත් ගියා.යනකොට ඉන්නවා මුළු සනුහරේම.මගේ අම්මෝ එහෙම ට්‍රිප් යනවා මම දැක්කමයි.පස්සේ එතන හිටපු කට්ටිය යන්න ගියා.ඉතුරු උනේ මමයි දිනුයි එයාගේ නංගියි විතරයි.නංගිට තේරුමක් නැ වටේ දුවනවා.පස්සේ මම අතින් අල්ල ගත්ත.මගේ දිහා පුදුම වෙලා බලල 
"ඔයාට පිස්සුද?"
"ඇයි"
"බුදු හාමුදුරුවෝ ඉන්න තැන් වල අතින් අල්ලන්න හොද නැ"
යකෝ මම එහෙම කතාවක් ඇහුවමයි.එහෙම කියල අත ගසල දුවගෙන ගියා අඩාගෙන එලියට.මට නිකන් පිස්සු වගේ.යකෝ එහෙම දේකට අඩන්න ඕනිද. O . o පස්සේ මේ ගැනි මට ෆොටෝ එකක් දුන්න ගෙනල්ල.එකේ හිටියේ එයා.මාත් ඉතින් එක අරගෙන බැග් එකේ දා ගන්න හැදුව.එතකොට මෙන්න කියපි 
"එපා එපා එහෙම ෆොටෝ ලග තියාගන්න හොද නැ"
"ඇයි ඒ"
"එහෙම තමා.ඕක මට දෙන්න"
"බෑ දෙන්නේ නැ"
"අනේ දෙන්න සඳ"
"බෑ දෙන්නෙම නැ"
"හරි දෙන්න නැත්තම් මම පාරට පැනල මැරෙනවා"
"මැරියන්"
මම එහෙම කිව්වේ නැ 
"පිස්සුද,එතකොට මට මොකෝ වෙන්නේ?"
"ඔයාට මොනවා උනහම මට මොකෝ"
ඔන්න ඔතන තමා මට දිනුව එපා උනේ.ඇයි යකෝ මම පන වගේ ආදරේ කරන කෙල්ල මට එහෙම මුනටම කිව්වා.පස්සේ මම එවලේම ආවා පන්සලෙන් එලියට.ඇවිල්ල ආපු 119 බස් එකේ කෙලින්ම ගෙදර ආවා.ඇවිල්ල කාමරේ දොර වහගෙන ඇඩුවා.බොරු නෙවෙයි.මේක කියවන ආදරේ කරපු අඩපු නැති කෙනෙක් පුලුවන්නම් කියපල්ලා කවදාවත් අඬල නැ කියල ආදරේ නිසා.පස්සේ මේ ගැනි මට ටෙක්ස්ට් එකක් එවනවා ඔයාට දෙයක් කියන්න තියෙනවා නුවර එන්න කියල.මමත් හා කියල යැව්වා.නුවර යන්න කලින් මට දෙයක් ගැන ආරංචි උනා එක ගැන හෙට කියන්නම් 
  

Thursday, August 11, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 3

දැන් තමා නාගෙන කරගෙන මේ පොඩ්ඩක් ඉද ගත්තේ.අදනම් මරු දවස.ට්‍රේනින් සෙෂන් එක පට්ට ආතල්.ඒවා ගැන පස්සේ කියන්නම්කො.අපහු දිනුගේ කතාවට බහිමුකො.මට පෙන විදිහට කට්ටියටම ඒක හොදට හිතට අල්ලලා වගේ.බොහොම ස්තුති කමෙන්ට් කරපු අයට.
පලවෙනි සහ දෙවැනි කොටස් කියවන්න බැරි උන අය මෙතනින් කියවන්න.

හරි ආපහු කතාවට ඔන්න.ඔන්න දැන් අපේ රජ තුන් කට්ටුව,ඒ කියන්නේ මමයි ලහිරුයි නිපුනයි පාන්දර 5.55 පොඩි මැණිකේ කෝච්චියේ නුවර යන්න පිටත් උනා.මම කෝච්චියේ නුවර යන පලවෙනි පාර තමා මේක.පට්ට ෆන්.යන ගමන් උළුදු වඩේ අරගෙන කෝක් එකකුත් අරගෙන පිස්සු කෙල කෙල ගියා.ඒක අපිට පොඩි පහේ ට්‍රිපක් වගේ තමා.යනකොට දැක්ක මාර ලස්සන දේවල්.මේ ලංකාවද කියල හිතුන.

ඔන්න ඉතින් අපි 9.35ට විතර නුවර ස්ටේෂන් එකෙන් බැහැල එලියට එනකොට අපේ නිපුන කොල්ලට පොඩි පහේ බඩේ අව්ලක් ඇවිල්ල දිව්වා මහත්වරුන්ගේ කාමරයට.ඒකව එහෙම්මම දාල මමයි ලහිරුයි එලියට ආව.එතකොට ඉන්නවා දිනු බට්ටි එක්ක.මමත් ඉතින් පැණි හිනාව දාගෙන ගියා.මුළු පනාවම එළියේ.දන්නා අය දන්නවා ඇතිනේ තමන් ආදරේ කරන කෙනා හම්බ වෙනකොට ඇතිවෙන සතුට.ඒක මම කියල දෙන්න ඕනි නැනේ.ඉතින් ඒ අවස්ථාවේ හැටියට මටත් එහෙම උනා.පස්සේ මම ලගට ගිහිල්ල කතා කරා.පස්සේ නිපුන එනකන් එලියට වෙලා ඉන්නකොට දිනු මට කියපි
"ඔයාගේ කොන්ඩෙ කැතයි.ඇයි ඔයා ජෙල් කරන්නේ නැත්තේ?"
"මම එහෙම තමා.මම ආස නැ ජෙල් කරන්න."
"ඒ උනාට ඔයාට ලස්සනයිනේ"
"අහ්හ් ඇත්තද එහෙනම් ඔයාම කරන්න"
මොන කොල්ලද ආස නැත්තේ තමන්ගේ කෙල්ලට කියල ඔලුව අත ගා ගන්න.ඉතින් ඒ පිවිතුරු පරමාර්ථයෙන් මම එහෙම කිව්වා.
"නැ එක්කෝ ඕනි නැ.ඔය කැමති නැත්තම් ඕනි නැ"
කිරි අප්පට පුසෝ බුරපි.මගේ හීනේ එතනම කැඩිලා කුඩු වෙලා පව්ඩර් වෙලා ගියා.දුක තමා රන්ජනියේ කිව්වලු.ඔන්න එතකොට නිපුනයත් ආව.ඉතින් ඔතනම ඉදගෙන යන්නේ කොහෙද කියල කල්පනා කරා.මම ඉතින් නුවර ඒක උනාට නුවර ගැන දන්නේ නැනේ.පස්සේ දිනුම කියපි 
"එහෙනම් මාලිගාවට යමු"
"හා"
ඉතින් ඔහොම මාලිගාවට යනකන්ම අතකින්වත් ඇල්ලුවේ නැ.එහෙම අල්ලන්න හොද නෑලු.අනේ හුකේ නන්නානේ කිව්වලු.දැන් තමා හිතුනේ ආපු මෝඩ කම කියල.යකෝ අතින්වත් අල්ලන්න දෙන්නේ නැති ගෑනි අහවල් එකටද?මාත් ඉතින් හා කියල ගියා.මෙන්න බොලේ මාලිගාවට ගියහම සේරම බක්තිය එලියට දාල මේ ගෑනි වදිනවා දන ගහගෙන.මමත් ඉතින් දන්නා විදිහට වැඳලා නැගිටලා තව පැය කාලක් විතර හිටියා මෙයා නැගිටිනකන්.(ලහිරු ගැන සහ බට්ටි ගැන නොකියමි) මම හිතුවෙම රහත් වෙයි කියල.කොහොම හරි මේ ගෑනි කියපි පරක්කු වෙනවා ගෙදර යන්න ඕනි කියල.මම බුරුවත් හා කියල ඔන්න දැන් යනවා බස් හෝල්ට් එකට මාතලේ.ගිහිල්ල ඉන්නකොට මෙන්න බොලේ මගෙන් අහනවා
"ඔයාට තිබහ නැද්ද?"
"ඔව් තිබහයි.ඔයානේ ගෙදර යන්න ඕනි කිව්වේ"
"ඔව් නේ.කමක් නැ අපි කෝක් මෙගා එකක් ගමු"
"හා" 
"එතකොට අපිට බස් එකේ ඉදන් බොන්න පුළුවන්"
"ඔව්"
මට යක නැගල කෝක් එකකත් අරගෙන ආපු A/C එකට නැග්ග බුදු ගේමක් දීල.මට තේරුණා මෙයාට අන්තිම සීට් අල්ලගෙන හොදට හුරුවක් තියෙනවා කියල.
කොහොම හරි මට කලින් බස් එකට නැගල අන්තිම සීට් එකේ හිනා වේවි හිටියා.මම හිතුව දැන්වත් ඉතින් මට නිදහසේ කතා කරලා පරිස්සමෙන් ගෙදර ගිහිල්ල බස්සන්න පුළුවන් වෙයි කියල(දැන් වල් විදිහට හිතන්න එපා යකුනේ.මම කිව්වේ ගෙදරට ගිහිල්ල ඇරලවන එක.)
ඔන්න දැන් බස් එක යනවා.
"සඳ"
"කියන්න"
"මට නිදිමතයි"
මට මේකිව මරාගෙන කලත් මදිනේ ඉතින්
"ඇත්තද.එහෙනම් නිදා ගන්න"
"කමක් නැද්ද?"
"කමක් නැ"
"තරහද?"
නැ යකෝ උඹව මරාගෙන කන්න පුළුවන්..ඕක කියන්න බැනේ.මල දරාගෙන 
"නැ."
එහෙම කියල විනාඩියක් නැ මෙන්න අනිත් පැත්තට හැරිලා වීදුරුවට ඔලුව තියාගෙන නිදි.අනේ අහිංසක මම.දුකයිද මගේ ගැන ඔයාලට? ලහිරුටත් හිතුනලු.විනාඩි පහකට විතර පස්සේ මෙන්න බලො ඔලුව මගේ උරහිස්සේ.කමක් නැ පව්නේ කියල මාත් හිටියා.මෙන්න තව විනාඩියකින් මට තේරෙනවා මගේ උරහිස්ස තෙතයි වගේ.මට බලන්න අප්පිරියයි.මේ ගැනී මගේ උරහිස්සේ කෙල පෙරනවා.
යකා හොදටම ඇවිස්සිලා.එත් හිටියා.පස්සේ ටිකකින් බට්ටි කතා කරලා කියනවා.මල්ලි බහින්න ලගයි එයාව ඇහැරවන්න කියල.මාත් ඉතින් ඇහැරවල කෙල එහෙම පිහිදම්මවල බස් එකෙන් බහින්න හදනකොට 

"මේ මේ ඔයාල බහින්න එපා කෙලින්ම යන්න"
"ඇයි ඒ?"
"එපා කිව්වහම එපා.අපේ කව්රුහරි දැක්කොත් මට හොද නැ"
මාත් ඉතින් දිනු කෙල්ලෙක් නිසා පව්නේ හා කියල කෙලින්ම මාතලේට ගිහිල්ල එතනින් කොළඹ බස් එහෙක ආවා.මොනවා කරන්නද පස්සේ එත් දිගටම මැසේජ් කරා.බොරු කියන්න ඕනි නැ මම ඇත්තටම දිනුට ගොඩක් ආදරේ කරා.අපි වෙඩින් එකක් ගැන පවා කතා කරා.පිස්සු තමා.ඒ උනාට එක කියන්න තේරෙන්නේ නැ.
කොහොම හරි කාලය ගෙවිල ගියා.ආපහු මාස 4ක් විතර ගෙවිල ගිහිල්ල දිනුල ආවා බෙල්ලන්විල.

බෙල්ලන්විලදී මොකෝ උනේ කියල හෙට කියන්නම්.   
 

Wednesday, August 10, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 2

ඔන්න ඉතින් දිනුගේ කතාවේ ඉතුරු ටික මම ගෙනාව.මගේ අහවල් කෙනත් මේක බලල මගෙන් අහනවා තාමත් දිනුව මතක් වෙනවද කියල.මම ඉතින් කිව්වා නැ එහෙම නැ මේක ෆන් එකට වගේ දැම්මේ කියල.පස්සේ ඉතින් අව්ලක් උනේ නැ.
මෙතනින් පලවෙනි කොටස කියවපු නැති අය කියවන්න.
කොහොම හරි මගේ ටිකිරි මොලේට අවා වල් අදහසක්.ඒ උනාට වල් වැඩ කරන්න බැනේ.මොනවා කරන්නද.ඔහේ හිටිය.පස්සේ මට ඇහුන මගේ ටයි පින් එක ඉල්ලනවා.අනේ ඉතින් මම 2006 ඉදන් පාවිච්චි කරපු 8 වෙනි හරි 9 වෙනි හරි ටයි පින් එක හිතේ දුකෙන් පුද දුන්න.මොනවා කරන්නද.කෙල්ලෙක් ඉතින් දෙයක් ඉල්ලුවහම අපේ අයියලත් නැ බැ කියන්නේ නැනේ.මම හිතන්නේ ඕක තම කොල්ලන්ගේ වික් පොයින්ට් එක.කතාවෙන් පිට පැන්නට සමාවෙන්න.හිතේ දුකෙන්(බොරුවට තමා දුක) බස් එකට ඇවිල්ල නැග්ග ගෙදර එන්න කියල හිතාගෙන.ඔහොම ඉතින් කම්ප එකෙන් උස්සගෙන අපු කැවිලි වගේකුත් කකා මගට එනකොට මගේ ෆෝන් එකට ටෙක්ස්ට් එකක් අවා මෙහෙම කියල
"හායි,මම දිනු මාව මතකද?"

හත්වලාමේ මට අමතක වෙනවද ඉතින්..මාත් ඇර සොයිසා කියල කොටන්න ගත්ත.මොකද මම හිතුවේ එයාල ගෙදර යන්න ඇති කියල.කැම්ප් එකේ සිග්නල් නැ ලොවෙත්.ඉතින් මම ඇහුවා කොහෙද ඉන්නේ කියල.පස්සේ මට රිප්ලයි එක එනවා 
"අපිව මහියංගනේ පන්සලට එක්කගෙන අවා කියල."
"අහ්හ් ඇත්තද අපිනම් තාම යන ගමන්"
"අපි දැන් යන්න හදන්නේ කැම්ප් එකට,පරිස්සමෙන් යන්න බුදු සරණයි..!"
ඔන්න ඔහොම තමා එතැනදී අපි ටෙක්ස්ට් කරේ.පස්සේ ඉතින් ගෙදර ආවා..එනකොට පාන්දර වෙලා.කොහොම හරි හොටු පෙරාගෙන පහුවෙනිදා පට්ට දවල් වෙලා නැගිට්ට.ඉතින් මම දිනුට කෝල් එකක් එහෙම ගන්න කියල ෆෝන් එක අතට ගන්නකොට මිස් කෝල් තියෙනවා 18 ක් විතර.(මට මතක විදිහට ඒ වගේ) මාත් ඉතින් හුරේ කියල අපහු කෝල් කරා.මෙන්න ඇහෙනවා අර නුපුරුදු පුරුදු වොයිස් එක.
"හලෝ"
"හලෝ,කොහොමද?"
"මම හොදින්,ඔයාට කොහොමද?දැන්ද නැගිට්ටේ??"
"ඔව්,දැන් නැගිට්ටේ"
බලා බලා ඕව තමා ඉතින් කියවපු විකාර.දැන්නම් මතකත් නැ.පස්සේ මම ඉතින් ඔහොම දවස් දෙකක් විතර කතා කරා.මට තේරුණා මෙයා එන්නේ හොද පොටකට නෙවෙයි කියල.මාත් ඒ කාලේ වේලි වේලි හිටපු කාලේනේ  ඉතින්.ගොනා වගේ අදුරගෙන දවස් දෙහෙකින් යාලු වෙන්න ඇහුවා.උත්තරේ මම කියන්න ඕනි නැනේ හැමෝම දන්නවා  ඇතිනේ.එයා රත්තරන්  කියල හිතාගෙන
"බැ මට බැ,මම දැන් ඔයාට 
කිව්ව නැති දෙයක් කියන්නම්"
ඔන්න ආපහු මම ටොයින් උනා.දෙවියනේ මේ මොනවද මේ කියන්න යන්නේ.
"මොකද්ද?"
දුක මුඩ් :(
"මම ඔයාට වඩා අව්රුද්දක් වැඩිමල්,ඉතින් මට එහෙම කෙනෙක්ට ආදරේ කරන්න බැ"
මට නිකන් මොංගල් වගේ.ඇයි දෙවියනේ අරයගෙ නන්ගිලු ඒ උනාට මට වඩා වැඩිමල්ලු.මොන හරුපයක්ද මන්ද
"එතකොට බට්ටි කිව්වේ එයාගේ නංගි කියලනේ"
"ඔව් ඒ එයට වඩා මස ගානකින් මම බාල නිසා"
"අහ්හ් එහෙමද.අව්ලක් නැ මට වයස ප්‍රශ්නයක් නැ.මම කිව්වේ මට හිතුන දේ.මම හිතනවා මම වැරදි නැ කියල."
"ඔව් මල්ලියෝ ඔය වැරදි නැ තමා.ඒ උනාට එහෙම හොද නැනේ"
ඔන්න ඉතින් මට ඇඩෙනවා දැන්නම්.බොරු කියන්නේ මොකටද අම්මප මම ඇඩුවා.ඔහොම දිගටම කතා කර කර මට ආදරේ කරන්න කිව්වා.එයාගේ උත්තරේ බැ බැ බැ.මොන වාදයක්ද මන්ද.කොහොම හරි මගේ වැඩේ ඉවසගන්න බැරුව හරි එහෙනම් මම හෙට කියන්නම් කිව්වා.අම්මෝ..මට මර හැපි.වැඩේ ගොඩනේ.
ඔන්න පහු වෙනිදා.
"දිනු මොකද්ද උත්තරේ"
"මට තේරෙන්නේ නැ,මම දන්නවා මේක වැරදි කියල.මාත් ඔයාට ආදරෙයි"
අම්මෝ දැන් ඉතින් වැඩේ ගොඩනේ.කැම්ප් එකටම සඳරුවන් උන මම මෙච්චර දවස් දෙකක් සඳරුවන් උන මම දැන් එයට දිලීප උනා.ඔන්න ඉතින් දිගට හරහට  කෝල්ස් ටෙක්ස්ට් වැහි වැහැල.කොහොම හරි මට එයාව බලන්න එන්න කිව්වා.මාත් ඉතින් වැඩ්ඩා වගේ හා කිව්වා.හුට හා කිව්වට මට සල්ලි නැ යන්න.යන්න ඕනි නුවරට.දැන් ඉතින් කාපන්කෝ  බනිස්.කොහොම හරි ඒ මාසෙම 21 අපේ අම්ම ලංකාවෙන් යන්න ගියා.එදාම මට ශුට් එකක් වැටිලා තිබුන නිසා මට අම්ම එක්ක එයාපොට් යන්න උනේ නැ.මම ශුට් එකට ගිහිල්ල පහුවෙනිදා  නුවර යන්න හිතාගෙන ලහිරුගේ ගෙදර ගියා.මොකද උදේම ට්‍රෙන් එකේ යන්න.දැන් අම්මත් නැති නිසා පට්ට ෆ්‍රී.ඒ උනාට දුකම සිද්දිය අම්ම වාහන දෙකම කම්පැනි දල ගියා.ඒ කරපු වැඩේ නිසා තාමත් මම බස් එකේ. :( කොහොම හරි ඔන්න මමයි ලහිරුයි නිපුනයි පහුවෙනිදා උදේම යන්න සෙට් වෙලා හිටිය.....

ඉතුරු ටික පස්සේ.දැන් මම ලොකු ළමයෙක්නේ.ජොබ් එකක් එහෙම කරනවා.ඉතින් හෙට එකේ පලවෙනි දවස චා වෙන්න බැනේ.අපි ගියා දොයි ගන්න.  

Tuesday, August 9, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි

අද දිනය 09/08/2011 අඟහරුවාදවක්.මම දැන් මේ ලියන්න යන්නේ මම සිරාවටම ආදරේ කරලා ඒ සිරාවට ආදරේ කරපු කෙල්ල මට බූට් එක තිබ්බ හැටි.දැන්නම් ෆන් එකට වගේ මේක දාන්නේ.බූට් එක කාපු අලුතනම් රහ කර කර මාස 6 ක් විතර ඇඩුව.කට්ටිය මගේ ලිස්ට් එක දැක ඇතිනේ.දැකල නැත්තම් මෙතනින් බලාගන්න.හරි ආපහු කතාවට.මෙයාගේ නම දිනු.අර මාතලේ කොටු කර යුනිෆෝර්ම් එක අදින්නේ මෙයාලගේ ස්කොලේ තමා.
මම මුලින්ම කියල ඉන්නම්කො කොහොමද මට මෙයාව හම්බ උනේ කියල.මෙයාව මට හම්බඋනේ (ඔව් ඔව් අම්මට තමා මුලින්ම හම්බඋනේ) අපේ රන්ටැඹේ කැඩෙට් කැම්ප් එකේදී.ඒ වෙනකොට මම තමා ස්කොලේ සාර්ජන්ට් වෙලා හිටියේ.කොහොම හරි එදා 2009 අව්රුද්දෙ අප්‍රේල් මාසේ 18 ඒ කියන්නේ අපේ කැම්ප් එකේ අවරුදු උත්සවේ දවස.ඉතින් ලංකාවේ හැම බල ඇණියකින්ම  ඇවිල්ල හිටිය.අපිව පොලින් කරලා තිබුනේ CC පිළිවෙලට.ඒ කියන්නේ බලඇණි පිළිවෙලට.මම අයිති වෙලා හිටියේ කළුතරට ඉතින් මගේ එක 12CC අපේ එහා පැත්තේ හිටියේ 13CC එකයි අනිත් පැත්තේ 11CC එකයි.ඒ වෙනකොට මම එයාව දන්නෙවත් නැ දැකලවත් නැ.ඉතින් පස්සේ මමයි මගේ කෝප්‍රලුයි ගිහිල්ල පොලින් උනා.ඒවෙනකොට එතන අදුරන මුණක් තියෙනවා දැක්කා.පස්සේ ටිකක් හොදට බලනකොට මම අදුරන අක්ක කෙනෙක්.ඒ අක්කව මම අදුරන්නේ 2008 අව්රුද්දෙ ඇඩ්වාන්ස් කොර්ස් ගිහිල්ල.2008 ඒ අක්ක හිටියේ මගේ ප්ලැටූන් එකේ.ඉතින් මම ඒ අක්ක ගාවට ගිහිල්ල කතා කරා.එතකොට අක්ක මට දිනුව අදුන්නලා දුන්න.

ඔන්න දැන් අව්රුදු උත්සවේ ඉවරයි.මාත් හිමිට පරණ පෙරඩ් ග්‍රවුන්ඩ් එකේ පඩිපෙළ බැහැල පෙරඩ් ග්‍රවුන්ඩ් එක ගාවට යන්න හදනකොට අපේ CC එකේ ආරා( ඒ කියන්නේ RSM )
තව CSM ලා වගේකුයි අපේ ස්කොලේ උනුයි ආරා 13 එකේ අක්කල එක්ක කතා කර කර ඉන්නවා දැකල මාත් පොඩ්ඩක් ඔලුව දැම්ම.ඔන්න ඔය ඔලුව දැමිල්ල නිසා තමා මේ අහිංසක මට කෙල උනේ.ඔතනදි මම දැක්කා දිනුගේ ඇස් දෙක.පිස්සු හැදිලා ආපහු හැදෙනවා ඕයි.මාර ලස්සනයි.දැන්නම් කැතයි හොදේ.ඉතින් මම දිනුගේ අක්කගේ අතේ තිබුන මුද්දක් ඉල්ලගෙන ගිහිල්ල ෆන් එකට වගේ දිනුගේ අත ඉල්ලගෙන අගිල්ලකට දැම්ම.අම්මෝ ඒ වෙලාවේ බලාගෙන හිටපු හැටි එයා.දැනුත් ඇඟ හිරි වැටිලා යනවා.පුදුම අහිංසක කමක් ඒ ඇස් දෙකේ මම දැක්කා.ඔතනදි තමා කෙලම උනේ.කොහොම හරි ගෙදර යන්නත් ඕනි නිසා හිමිට ඒ අත අතඇරලා අපේ බිලට් එකට ආව.කොහොම හරි මමයි අපේ කෝප්‍රලුයි අන්තිමට ආවේ.පස්සේ අපි දැක්කා H2 හෝල් එක ගාව කට්ටිය කෙල්ලන්ට කියල ඔටෝ ලියවගන්නවා.මාත් හිමිට ගියා එතනට.එතකොට දිනු මගෙන් ඇහුව මගේ ඔටෝ එකක් නැද්ද කියල.මම කිව්වා මම ඔටෝ ලියන්නෙත් නැ ඔටෝ ලියවගන්නෙත් නැ කියල.පස්සේ මන් දිහා බලාගෙන ඉදල මගෙන් ඇහුව එහෙනම් ඔයාව මතක් වෙන්න මොනවද දෙන්නේ කියල.මාව කරකවල අත ඇරිය වගේ උනා.ඇයි දෙවියනේ මේ හදිස්සියේ මම මොනවා දෙන්නද.පස්සේ මගේ ටිකිරි මොලේට ආව අදහසක්. 
මගේ ටිකිරි මොලේට අපු අදහස ඊලග කොටසින් කියන්නම් හොදේ.දැන් TEEN WOLF බලන්න ඕනි.