Ads 468x60px

Pages

Saturday, October 20, 2012

කොලබ කතාවක්

"අයියේ"
"ඇයි?"
"ස්නේහා කෝල් කරනවා,මේ තුන්වෙනි පාර කෝල් කරන"
"මම නිදි කියන්න"
ඒ මගේ නංගි,ස්නෙහා ඒ මට ආදරේ කරන කෙනා.එත් ඒ ආදරේ මට වැඩක් නැ.මට ස්නේහට ආදරේ කරන්න බෑ.ස්නේහගේ ආදරේ මට දරාගන්න තරම් මගේ හිත හයිය නැ දැන්.ස්කෝලෙට අපි දෙන්නම ගියේ එලේවල් කරන්න12.වසරේ ඉදන් එකට ඉදන් එකට කාලා,එකට හැම පිස්සුවක්ම නටපු මගේම සහෝදරියෙක් වගේ හිටපු ඔයා මට ගොඩක් ආදරෙයි කියල මම දන්නවා.අහපු එක කොල්ලෙක්ටවත් කැමති උනේ නැත්තේ මම නිසා කියලත් මම දන්නවා.මට තම මතකයි පලවෙනි පාර ඔයා මව මීට් උනා වෙලාවේ බයෙන් හිටියේ..ඔයා විතරක් නෙවෙයි අපි සේරම.ඒ සින්දර මතකයන් අදින් පස්සේ මට නැ.මට සමාවෙන්න
ඒ ඊයේ රෑ අන්තිමට මම නංගි එක්ක කතා කරපු වෙලාව,අන්තිම පාරට ස්නෙහා ගැන හිතපු විදිහ..
..........................................
ස්නෙහා,
මට ඔයාට මේ දේවල් කියන්න ඕනිද කියල මම දන්නේ නැ.එත් මේ දේවල් මම හිතන්නේ ඔයා දන්නවා.කමක් නැ අන්තිම පාරට දැනගන්නත් එක්ක කියන්නම්,
ෂෙහානි,මට ෂෙහානිව හම්බ උනේ අහම්බෙන් වගේ.කුසල් ගේ ස්කොලේ තමයි ෂේහනිත්.කුසල්ගේ ස්කොලේ science exhibition එකේදී දැක්කම නිකන් මොකද්ද වෙලා ගිය තමයි.එත් ඒ වෙලාවේ උන්ගේ ස්කොලේ උන් කියපුව අහල එපා උනා.එත් දන්නේ නැ ස්නෙහා දෙවියොත් පුදුම දේවල්නේ කරන්නේ.එදාට පස්සේ අපහු අහටවත් දැක්කේ නැති උනාට එයාලගේ ටැලන්ට් ශෝව් එකට අපේ ස්කෝලෙට කතා කරා.ඔයා දන්නවනේ මට තියෙන්නේ බෑන්ඩ් පිස්සුව කියල.ඉතින් අපිත් ගියා.ගිහිල්ල සේරම කරලා ඉවර වෙලා එනකොට මම දැක්ක ශේහනිව තනියම ඉන්නවා BMICH එක ඉස්සරහට වෙලා ගෙදර යන්න වාහනයක් එනකන්,එතකොටත් වෙලාව 8 වගේ.ඔව් 8යි. ස්කොලේ උන්ට යන්න කියල මම ගියේ බයික් එකේ. තනියම ඉන්න ශේහනිව දැක්කහම ලගට ගිහිල්ල කතා කරන්න හිතුන මිසක් කොහේටවත් ඇදගෙන ගිහිල්ල මගේ අසවල් ඉෂ්ට කරගන්න හිතුවේ නැ. ඔව් එය අදින්නේ කොටට තමයි.කොහොමත් අපේ වයසේ කෙල්ලෝ එහෙමනේ.
"හායි"
"ඔහ්හ් හායි"
"ගෙදර යන්නද ඉන්නේ?"
මාත් ඇහුවේ ගොන් ප්‍රශ්නයක්,නට්ටම් මෙතන ඉන්නේ පාන් කන්න නෙවෙයිනේ
"ඔව් අනේ,ටුක් එකක් එනකන් ඉන්නේ"
එහෙම කියනකොට හිනා වෙලා එයා කිව්වේ..හිනා වෙනකොට ඒ මුණ ගොඩක් ලස්සනයි.
"හ්ම්ම්,කොහෙද ගෙවල්?"
"රාජගිරියේ"
"නෑ,කොයි හරියේද?"
"ඇයි?ඔයත් රාජගිරියේද?"
"අපෝ නෑ,මගේ ස්කොලේ ඉතින් එහෙනේ"
"ඔව් ඔව්,දන්නවා ඔයාගේ ලොකු ස්කොලේ ගැන"
හරියට පුරුදු කරියෙක් වගේ,අදමයි කතා කරේ.මෙහෙම කතා කරයිද කියල හිතුවෙවත් නෑ.
"මොනවද දන්නේ?"
"මොනවත් නෑ"
"එහෙනම් කිව්වේ?"
"මහා හොද නෑ ඔයා,ප්‍රශ්න පත්තරයක්නේ"
"ඔන්න ටුක් එකක් එනවා"
එහෙම කියනකොටම එක අපිව පහු කරගෙන යන්න ගියා
"බලන්න,ඔයා නිසා එකත් ගියා."
"සොරි ඉතින්,මම එහෙනම් ගෙවල් ගාවින් දාන්නද?"
"මම දන්නේ නෑ"
එහෙම හිනා වෙලා කිව්වහම මම දන්නවා ඔව් ඔයාට යන්න ඕනි කියල.මොකද මේ පලවෙනි පාර නෙවෙයි මෙහෙම මම කෙල්ලෙක් එක්ක කතා කරන්නේ.
"ආ හෙල්මට්  එක"
"තැන්ක්ස්"
එහෙම්ම මම ශේහනිව බයික් එකේ ගෙන විදගෙන අවේ ලස්සන කෙල්ලෙක් මගේ බයික් එකේ යන නිසා.එහෙම්ම පිටට දාපු තට්ටුවක් නිසා මම බයික් එකේ වේගේ අඩු කරා 
"ඇයි"
"මට සීතලයි"
"එහෙමද"
බයික් එක නතර කරලා එයාව බැස්සුවා,එහෙම්ම ජැකට් එක ගලවල දුන්න.
"ආ,ඇදගන්න"
"පිස්සුද?"
"ඔයාගේ යුනිෆෝම් එක පේනවා"
"කමක් නෑ.එක හැමෝම දැකල තියෙන්නේ"
"හ්ම්ම්..ඔන්න කව්රුහරි දැක්කොත් මම නෑ"
"හා හා"
පස්සේ එහෙම්ම අපහු අපි යන්න ගත්ත.දැන් රාජගිරියේ ආයුර්වේද එක ලග.බයික් එක නතර කරා එයට ගෙදර යන්න
"ඇයි නැවැත්තුවේ?"
"ඔයාට බහින්නනේ"
"හා"
"ඔයාට බඩගිනි නැද්ද?"
"ගෙදර ගිහිල්ල කනවා"
"එන්න අපි දෙන්නම ගිහිල්ල කමු"
"කොහෙන්ද?"
"මැක් එකෙන්"
"අනේ බෑ අනේ"
"අනේ යමු අනේ"
කොහොම හරි අපහු එයාව බයික් එකේ ගෙන මැක් එකට අවා.ඇවිල්ල කනගමන් පාර බලාගෙන කතා කරා.කියන්න පුළුවන් සේරම විස්තර අපි දෙන්න ඒ පොඩි වෙලාවේදී අපි දෙන්න කතා කරා.කෙල්ලෙක්ගෙ වටිනාම දේ එයාට නැතිවෙලා තියෙන්නේ කලින් ස්කොලේ ඉන්නකොටලු.ඒ සේරම කිව්වා.කලින් කොල්ලෝ ගැනත් කිව්වා.මම දන්නවා මේ දේ වැරදි කියල.එත් ඒ වෙලාවේ එයාට ආදරේ හිතුන එක විතරයි උනේ.එහෙම්ම අල්ලලා එයාව කිස් කරා.ඔව් වැරදි විදිහට නෙවෙයි.ආදරෙන්.එයාගෙනුත් එපා කියල මට කිසිදෙයකින් ඇගෙව්වේ නෑ.එයාව ගෙදර ගිහිල්ල ඇරලුව පස්සේ.ගෙදර ආපු ගමන් මන් කරේ එයාට ටෙක්ස්ට් එකක් යවපු එක..
"හායි බබෝ,මම ගෙදර"
"මමත් දැන් වොෂ් දාගෙන අවේ"
"මාත් වොෂ් එකක් දාගෙන එන්නම් එහෙනම්"
"ඕකේ"
දුවල ගියා වොෂ් එකක් දාගන්න,එටකොට හිතුනේ මොනවද මේ වෙන්නේ..මම ඇයි එයාව කිස් කරේ? එයාලගේ ස්කොලේ කොල්ලෝ කියපුව කෙල්ලෝ කියපුව,අනේ මන්ද දැන්නම් හිත පිරිලා තියෙන්නේ එයාගෙන්ම විතරයි...වොෂ් එක දාගෙන ආවෙත් ෆෝන් එක අතට ගන්න.එතකොට තමයි මම දැක්කේ මිස් කෝල් 3ක් තිබුණා.ආපහු මම කෝල් කරා 
"හෙලෝ"
ඒ ලස්සන කටහඩ මට අපහු අහන්න ලැබුන
"මිස් කෝල් 3ක් තිබුණා"
"ඔව්,ඔයාට කතා කරන්න ඕනි උනා"
"ඉතින් කියන්නකෝ"
"මොනවද?"
"ඔයාට ඕනි දෙයක්"
"අනේ මන්ද මට තේරෙන්නේ නෑ"
"මට තේරෙන්නෙත් නෑ"
ඔහොම විකාර අපි කියෙව්වා..හරියටම කියන්න තරම් මතකය මට නැහැ දැන්.ඒ සේරම දේවල් මරුන දේවල් වෙලා මට.ඊට පස්සේ දවසේ මම ස්කොලේ අරුණ ගමන් දුවල ගියේ ශේහනිගේ ස්කෝලෙට,එකයි එදා මම කියන්නෙවත් නැතුව ඉක්මනින්ම ස්කොලෙන් ගියේ.දන්නවනේ මට බයික් එකෙන් ස්කොලේ එන්න දෙන්නේ නෑ කියල.ඉතින් එදා බස් එකේම තමයි ගියේ.යනගමන් කිව්වා කෝල් එකක් දීල මම එනකන් ඉන්න කියල ශේහනිට..පස්සේ මම ගියා ශේහනිගේ ස්කොලේ ගාවට.මම එතනට ගියහම එයාගේ ස්කොලේ උන් මගේ දිහා අමුතුවට බැලුවේ.වෙලාවට මගේ අනිත් බෑන්ඩ් එකේ උන් හිටියේ.එතන හිටියේ ඔයාගේ ෆෙවරිට් දිලීප,කුසල්,එශානුයි විතරයි මම දන්නා විදිහට.දිලීපයාම් මගේ ඉස්කෝලේ එකානේ.එතන චැටක් දාගෙන ඉන්නකොට ෂෙහානි අවා.එහෙම්ම බස් එකට නැග්ග.නැගල මගෙන් ඇහුවේ කෝ මගේ බයික් එක කියල.
"ස්කොලේ යන්න දෙන්නේ නෑ එකෙන් මට"
"ඇයි ඒ"
"එක පාරක් වයසක අන්කල් කෙනෙක්ව හප්පලා ලොකු තොප්පියක් වැටුන"
එයා අහක බලාගෙන හිනා උනේ මට මොකෝ වගේ,පස්සේ ඉතින් 119 බස් එකේ නැගල නුගේ අවා.ඇවිල්ල 176 අපහු අවා රාජගිරියට,එතකන් දිලීපයා මගේ පිටි පස්සේ සීට් එකේ සින්දු අහනවා.කොහොම හරි බස් එකේ අපි දෙන්න කිස් කරා.
"සඳුන්"
"හ්ම්ම්"
"අපි දෙන්නට විතරක් ඉන්න පුළුවන් තැනකට යමුද?"
"දැන්?"
මම පුදුම උනා 
"නැහැ මෝඩයෝ හෙට කොහේ හරි යමු"
"කොහෙද?"
"දන්නේ නෑ"
"ම්ම් එහෙනම් ෆිල්ම් එකක් බලන්න?"
"අපෝ බෑ,වෙන කොහේ හරි යමු"
"ඕකේ..අපේ ගෙදර යමු හෙට කව්රුත් නෑ"
ඒ දේවල් කතා කරලා ඉවර වෙලා ශේහනිව රාජගිරියෙන් දාල අපි ආපහු ස්කෝලෙට ගියා,ඇවිදින දුරනේ 
"අඩෝ සඳුනා"
"කියපන්"
"උඹට ඒකිව සුවර් ද?"
"ඔව් බන් ඇයි?"
"නෑ බන්,උඹගේ පොඩි කලේ ඉදන් යාළුවා නිසා මම කියන්නේ..එකී හොද කෙල්ලෙක් නෙවෙයි කියල උඹ දන්නවා නේද? එහෙම එකේ ඊ උඹ ඒකිට ලව් කරන්නේ?"
"අපිට හොද කෙල්ලෝ ලැබෙන්නේ නෑ බන්.අපි උන්ව හොද කරලා ගන්න ඕනි"
"උඹට පිස්සු හු**..බලපන් ස්නෙහා උඹට මැරෙන්න හදනවා, එකී ඉන්දියන් තමයි එත් පොඩ්ඩක් හිතපන්.එකී උඹට මාර ආදරෙයි ප**..යකෝ අපි සුදු යුනිෆෝම් අදින්නේ නෑ තමයි ස්කෝලෙට.එහෙම කියල වටේම ඉන්න බඩු වලට ලව් කරන්න එපා හු**"
"අනේ මන්ද බන්.මම ඒකිට සිරා ලව් කරන්නේ"
"රෙද්දේ සිරා ලව්..තොට කෙල උනා දවසට මාව මතක් වෙයි"
ඇත්ත දැන් තමයි මට ඌ කියපුව තේරෙන්නේ..මෙච්චර කල් මම හිටියේ ෂෙහානි නිසා අන්ද වෙලා.එත් මට සමවෙන ස්නෙහා මට ඔයාට ආදරේ කරන්න බෑ.
"උඹ හිතනවද හොද කෙල්ලෙක් කවදාවත් තනියම හම්බ වෙන්න කතා කරයි කියල,අනික තම යාලු වෙලා දවස් 2යි."
"මම දන්නේ නෑ යකෝ,මගෙන් අහන්න එපා.මට හික වෙලා ගියා දෙන්.ඒ වෙනකොට ඒක බලාගමු"
කොහොම හරි පහුවෙනිදා අපේ ගෙදර කව්රුත් නෑ.ඔයා දන්නවා වගේම අම්ම ලංකාවේ නැති නිසා මට කිසිම කරදරයක් නෑ.තාත්තත් ගෙදර එන්නේ නැනේ එයා ට්‍රින්කෝ ගිහිල්ල කම්ප එකෙන්.නංගි ස්කොලේ යනවා ඒක නිසා කොහොමත් අව්ලක් නෑ.පුංචි පොඩි එකට බෙහෙත් විදින්න ගියා.ශේහනිව උදේම අරගෙන එන්න ගියා ගෙවල් ලගට 
"ඔන්න බයික් එකේ අවා"
"හ්ම්ම්..අපි යමුද?"
"හා"
බයික් එකේ දාගත්ත ෂෙහානි එක්ක මම ඉගිලුන අපේ ගෙදරට.ගෙදර ඇවිල්ල එයාට බීම හදල දීල මගේ කාමරේට පැනගෙන අපි කතා කර කර හිටිය..ශේහනිම මාව කිස් කරා.එතනින් එහාට උන දේවල් මට ලියන්න බෑ ස්නෙහා.හවස 2 වෙනකොට අපහු මම ෂෙහානි එක්ක කොලබ වටේම ගියා.එයා එදා ගොඩක් සතුටෙන් හිටියේ.මම දැක්ක ඒක එයාගේ ඇස් දෙකෙන්.එහෙම්ම ආපහු අවා අපේ ස්කොලේ ගාවට.එදා තමයි ඔයාට ග්‍රවුන්ඩ් යන්න තිබුන දවස.මට ඒක මතක උනා. ටොම්බා තමයි මට කිව්වේ ඔයා ග්‍රවුන්ඩ් ගියා කියල.අපහු මම ෂෙහානි එක්ක ශාලිකා එකට අවා.එතකොට මම දැක්ක දිලීපය ඔයා ගාවට වෙලා ඉන්නවා.ඔයා අඩනවත් මම දැක්ක..මම දැන් දෙයක් කියන්නම්..දිලීපය පිස්සෙක් වගේ උනාට ඔයාට ගොඩාක් ආදරේ කරනවා..ඌත් දැන් දැන් නොරෝකොට ලව් කරාට ඔයා ගැන ඒ කලේ ඉදන් හිතේ තිබුණා.නොරිකෝ අපහු ලංකාවෙන් ගියාට පස්සේ ඌ තනි උනා..
කොහොම හරි මම ඔයාට එදා ශේහනිව අදුන්නලා දුන්න දවසේ ඔයා ගණන් ගත්තේවත් නෑ.ආපහු ඔයා ටීම් එකට දිව්වා.පස්සේ මම ගොඩාක් වෙලා එතනට වෙලා කතා කර කර හිටිය කට්ටිය එක්ක..හවසත් ඔයා ස්කොලේ බස් එකේ අපහු ස්කෝලෙට ගියා.මාත් එහෙම්ම එතන කාර්ගිල්ස් එකෙන් දිලීපයට චොකලට් එකක් අරගෙන දුන්නේ ඔයාට දෙන්න කියන්න...ඌ එක තනියම කෑවා කියල පස්සේ දවසක මු මට කිව්වේ..ෂේහනිත් එක්ක ඔහොම මගේ ආදරේ දිගටම ගලාගෙන ගියා.මම දැක්ක ඒ හැම වෙලාවේම ඔයා අඩනවා හොරෙන්..මම ස්කොලේදීත් ෆෝන් එක අරගෙන ටෙක්ස්ට් කරේ ශේහනිට.ඔයා ගැන මගේ හිතේ තිබුනේ නෑ ස්නෙහා..මට සමාවෙන්න..
එදා ඒ කියනේ දෙසැම්බර් 26 මට හොදටම වැඩිවෙලා.වැටිලා හිටියේ.ආපු කෝල් එකෙන් මම පිස්සු හැදුන
"සඳුන්"
ඒ කටහඩ මම දන්නේ නෑ 
"ඔව්"
"අඩෝ මම කාලිඩ්"
"ඔව් කියපන් මචන්"
"උඹ මාව දන්නවද"
"නෑ මචන් කියපන් ඇයි?"
"හු** උඹේ ගැනී මගේ ලග ඉන්නේ"
"මොකා?? කව්ද?? ශේහනිද??"
මට බීපුව එහෙම්ම ඇගෙන් ගියා වගේ මතකයි
"ඔව් යකෝ එකී තමයි.තෝ දන්නවද තොට කලින් මම ඒකිට ලව් කරේ.ඊයේ රෑ තෝ කතා කරේ නෑ කියල මට කතා කර එකී.පස්සේ මම රෑම මේකිව නුවර ගෙනාව.ඇවිල්ල අරගෙන පලයන් තොගේ වේ* ගැනිව.ඊයේ රෑ පුදුම සැපක් දුන්නේ..උඹ මේකිට කවද ඉදන්ද කුඩු ගහන්න ඉගැන්නුවේ?? "
"මොනවද යකෝ කියවන්නේ?? උඹට පිස්සුද?? "
"මට පිස්සු නෑ යකෝ,තොට MMS එකක් ඇති බලපන්"
එහෙම්ම මම ෆොනේ එකට ඇවිල්ල තිබුණා මැසේජ් බැලුවහම දැක්කේ.මට කියාගන්න බෑ ස්නෙහා ඒ දැක්ක පින්තුරේ..කොල්ලෝ 3ක් එක්ක මෙකි එකට බුදියගෙන..
"අඩෝ උඹව මරනවා යකෝ මම"
"අනේ මේ හු** පුතෝ මෙන්න මේ වේ*ව අරගෙන පලයන් අව්ල්ල නැත්තම් මම අලුත් පාලමෙන් පහලට විසික් කරනවා දැනගනින් උඹට මම පැය 4ක් දෙන්නම් මේකිව අරගෙන පලයන්"
"අඩෝ මට ඉන්න තැන කියපන් හරියටම"
"දිගනට වරෙන්.උඹගේ ගමේ ඉන්නේ මම දැන්."
එහෙම්ම මම බයික් එක අරගෙන ගියේ නුවරට.අපහු දිගනට ගිහිල්ල කෝල් කරා අරුට.
"අඩෝ මම දිගනේ ඉන්නේ කොහෙටද එන්න ඕනි කියපන්"
"එකොල් එක ගාවට ඇවිල්ල කෝල් කරපන්"
එතනට ගිහිල්ල අපහු කෝල් කරා 
"අඩෝ එකොල් එක ගාව ඉන්නේ"
"ඔතන තියෙන කළු පාට කර එකේ උඹේ ගනී ඇති අරගෙන පලයන්"
ස්නෙහා මම මගේ අත් දෙකෙන් ශේහනිව අරගෙන අවේ බයික් එකට.හරියට ඇවිදගන්නවත් පන නෑ.එච්චරට අරුන් ඩ්‍රග්ස් දීල.ස්නෙහා,මට පිස්සු වගේ ඒ වෙලාවේ..කොහොම හරි බයික් එකට නග්ගගෙන මම අවා එහෙම්ම කොලබට..කොලබට එනකොට උන මේ දේ නිසා තමයි මට මේ කිසි දෙයක් වැඩක් නැත්තේ..කවදාවත් හිතුවේ නැති විදහට මේ දේ උන ස්නෙහා.මම හිතුවේ නෑ ශේහනිව බයික් එකෙන් වැටෙයි කියල..ෂෙහානි වැටුන විදිහට මට බයික් එක කොන්ට්‍රෝල් නැතුව මවත් වැටිලා බයික් එක ඉස්සර එන ලොරියට වැදිලා නැවතුනේ.අපහු මම සිහිය එනකොට හිටියේ නුවර ඉස්පිරිතාලේ.මගේ ෂෙහානි කෝ? තාම මම හිතනේ එයා ඉන්නවා කියල..මගේ හිතේ තාම ඉන්නවා මට මෙච්චර දෙයක් කරලත්..අන්තිමට මට ඉතුරු උනේ මගේ යාලුවෝ විතරයි.ඔය් ලංකාවට අපුවහම මේ ලියුම දිලීප ඔයාට දෙයි.එතකොට මම මේ ලෝකේ නෑ ස්නෙහා..මට සමාවෙන්න..මම ඔයාට දීපු දුකට දෙවියෝ මගේ කකුල් දෙක අරගත්තා.මගේ ශේහනිව ගත්ත..දැන් මගේ ජීවිතෙත් ඉල්ලනවා..මම යනවා මගේ ෂෙහානි ගාවට..මට සමාවෙන්න..
සඳුන්. 

Friday, October 19, 2012

භිෂණය

ජාතිය මරවා හදවත ගලවා
තොපේ කෙස් වැටියෙන්
තොපි එල්ලා,
දෙකකුල් සිඳවා
ගින්නේ එල්ලා
තොපි මරවා
තොපේ ඇටකටු ගලවා,
ගේදොර බිදලා
ගිනිගෙන දවලා
පවුල් පිටින් තොපේ වනසා,
මරණෙට කැපවූ තොපිගේ ජීවිත 
කීතු කීතු කොට ඉරවා....,

ලේ රත්උන කෝපයෙන්
ගිනිගෙන දැවෙනා මහපොළවට
කඩුපහරක් එක් උන කලට
ගෙල සිඳවා තොපේ මහඋන්ගේ   
ඒ එක් උන ලේදහරා
මහ පොලවට වැසි වස්සන්නට,
කාලකන්නි තොපේ ජීවිත
නැති කොට
විනාශ කොට
පලිගන්නා භිෂණයක
අරබුමයි මේ....!!!!

Wednesday, October 10, 2012

බඩ වූ නුඹට

නොහදුනන ඔබ හඳුනා ගත් නිසා 
හදවත හැඬුවයි මාගේ දුක් ගීය අසා
අත් දෙක පටලා බස් රථයේ තනි වුව 
ඒ තනිකම මදිවී මගේ යහනේ තනිවුව ..
මටනම් උනේ වෙනමම කතාවකි 
ගහෙන් වැටුන මිනිහට උන කතාවකි...
ඔපීසියේ කොල්ලන් 18ක් වීලා 
19ක් වූ මා ඔබ හට පෙම් බැන්ද
කාලය ගෙවිලා එය දැන් 30 වීලා 
දැනගන්නට ලැබුණා 
ඔබ දැන් බඩවීලා
පියෙක් නැතුව උඹ හදන ඔය ළමය 
කෙල්ලෙක් උනොත් හදපන් 
හොදහැටි උගන්වලා 

Tuesday, February 21, 2012

අදහන්න වටින සුදු (බඩු කතාවක්)


අපි අපේ අම්මට කොච්චර ආදරේද?පොඩ්ඩක් හිතල බලන්න.මම දන්නවා එක මහා ගොන් කතාවක් කියල.මොකද අපි අපේ අම්මට ගොඩක් ආදරෙයි.හරි අම්මට පස්සේ වැඩියෙන්ම ආදරේ කාටද? මම දන්නවා දැන් උඹල හිතන දේ තාත්ත.ඔව් එයා තමා.මටනම් ඉතින් අව්ලක් නැ.මොකද එයා නැනේ.ඊට පස්සේ?හරි ගෙදර මිනිස්සු තමා.ඊටත් පස්සේ කව්ද? ඔන්න ඕක තමා ජොයින්ට් එක.සොවි වැරදුන පොයින්ට් එක.ඉතින් මේ විදිහට ආදරේ කරපු මගේ බොක්කක් එක්තරා බළුම ගනයේ බූට් එකක් කෑවා මේ ඊයේ පෙරේද.මුල සිට සරලව මම කතාව කියන්නම්.
කතාවට අපි මෙයාට කියමු සුදු කියල.මගේ යාලුවට කියමු කිලර් කියල.මේ කතාවේ මගෙත් පොඩි පාර්ට් එකක් තියෙනවා.
කිලර්ගේ අම්මගේ ඉස්කෝලේ කොන්සර්ට් එහෙකදී තමා සුදුව මුලින්ම දකින්නේ.දැන් අහන්න එපා කිලර්ගේ අම්ම තාම ඉස්කෝලේ යනවද කියල.ඔව් යනවා.අපි වගේ මෝල් ගස් හොද හැදුනු ගස් කරන්න. ඉතින් මේ කොන්සර්ට් එක තිබුනේ මහරගම අර සබහවේ.ඉන්ටෙර්වල් එක වෙලාවේ මම අහිංසකය මේ සුදුව දැකල කිලර්ගේ කනේ තිබ්බ.මු සුදුව දැකල මෝල් ගය වැඩි වෙලා දගලනවා.අනේ බන් දාලා දීපන් දාලා දීපන් කියා කියා.මට ඉතින් කියන්න අව හොද දෙයක් මෙහෙම "උඹට දා ගන්න බැරිනම් මම අල්ලලා දම්මනද කියල?" හොද නැනේ යාලුවනේ.අනේ මචෝ මේක බලල මගේ ඩ්‍රම් එකනම් පලන්න එපා මලට.බොක්කනේ? =)
පස්සේ මම හා කියල කොළ කැල්ලක පොඩියට පොල්ගෙඩි අකුරෙන් මුගේ ලස්සන මොබයිල් නම්බර් එක ලිව්වා. ලියල ලස්සනට පොඩි කරේ නැ.නවල මගේ අතේ තියාගෙන හිටිය.පස්සේ සුදු තනිවෙනකම් ඉදල ගිය ගැහි ගැහි ලඟට.ගිහිල්ල, මම වීරයා මෙන්න කොලේ දික් කරලා මෙහෙම කිව්වා.
"එක්ස්කියුස් මි,දැට් ගායි වොන්ට්ස් ටු ගිව් දිස් ටු යු"
මෙන්න බොලේ මෙකි මගේ දිහා අමුතු විදිහට බැලුවේ නැද්ද.බලල බර කඩ්ඩෙන් නෙවෙයි සිංහලෙන් මෙහෙම කියපි 
"අනේ කට්ටිය බලාගෙන ඉන්නේ.මෙතනින් යන්න"
"අනේ ප්ලීස් ටේක් දිස් විල් යු"
"අනේ යන්නකෝ කිව්වහම අහල."
මටත් මල අතේ මම එන්න අවා එතනින්.පස්සේ කිලර් අනේ මචන් කරලා දීපන්කො.යාලුවනේ මචන්ලා.ඉල්ලුවත් බොක්ක උනත් දෙන්න ඕනිනේ.මාත් හා බන් කියල ගිය දෙවැනි පාරට.
"මේක අරය දුන්නේ.ගන්නකො,ප්ලීස්"
"මට බෑ.යන්න මෙතනින් කට්ටිය බලාගෙන ඉන්නවා"
"මැරියන් තෝ" එහෙම කියන්නෙම නැතුව මම අවා.
"අනේ මට බෑ බන්.කෙල්ලෙක් එක්ක කතා කරන්න මෙච්චර කට්ටක් කලාම නැ.මට බෑ.මොන රෙද්දක්ද මේ.කොහෙද දන්නේ නැ ඉස්කෝලේ මේකිගේ." 
"ඔව් බන්.ඕක අත් ඇරලා දාපන්"
"පිස්සුද ගොනෝ.මෙන්න මෙහෙ වර.තෝ ගිහින් දීපිය"
පස්සේ කොහොම හරි මේක දුන්න.දීල වැඩෙත් නැගල ගිය.මම කිව්වේ ලවු එක හොදේ වෙන දේවල් නෙවෙයි.ඒවත් නැගල යන්න ඇති.අපි දන්නේ නැනේ.  :පි :පි
ඔන්න මෙහෙම ඉතමත් උත්කර්ෂවත් අන්දමින් මේ ලව නැගල යනවා.සතියට දෙතුන් පාරක් දෙන්න සෙට් වෙනවා.මම කිව්වේ මේ මීට් වෙනවා කියල.නැත්තම් සෙට් වෙනවා කිව්වහම අපේ අයට මළගෙයක් මගුල්ගෙයක් වගේ ඒවානේ මතක් වෙන්නේ.නැත්තම් ඉතින් ජපන් කොඩිය ඇදපු දවසනේ.ලොල්..
කොහොම හරි මේ ලව දිගට සැපට කෙරීගෙන අවා අතුරු අබාද වැඩිය නැතුව..එත් ඉතින් පහු පහු වෙනකොට මොකද්ද වෙනවා කියනවනේ.එක තාම දැන් මේ වෙලා තියෙන්නේ.කොහොමහරි ඊයේ මුණු පොතේ මම චැට් කර..
අඩෝ වට්ස් අප්
අවරිතින්ග් ෆක්ඩ්අප් බන් 
අඩෝ වයි?
පස්සේ සේරම කිව්වා..කතාව කෙටියෙන් දිගටම මෙහෙමයි 
කිලර් සුදුට ටෙක්ස්ට් එකක් යවල.පස්සේ සුදුගේ නම්බර් එකෙන් කෝල් එකක් ඇවිල්ල කොල්ලෙක් කතා කරලා තියෙන්නේ.
එහෙන් "උඹ කව්ද මචන්?"
මෙහෙන් "මම සුදුගේ බෝයි"
පස්සේ ඒ කොල්ල කිලර් එක්ක කතා කරලා පැයක් විතර කතා කරාලු.කිව්වලු අයි බන් මෙහෙම කරන්නේ කෙල්ලෝ.බලපන් මම දැන් මාසයක් විතර වෙනවා යාලු වෙලා කියල.ඒ උනාට අපේ කිලර් ඒක මාස 5ක් විතර කරා.මම ඇහුව උඹ අව්ලක් ගන්න එපා බන් කියල.මෙන්න මු කියපි නැ යකෝ.මම එල කියල 
අද චැට් කරනකොට මෙන්න මෙන්න මු කියනවා.මචන් අරු බොරුවක් කරන්නේ බන්..උට අව්රුදු 24යි බැඳලා ඩිවෝස් උන එකෙක් බන් කියල...නෑ පට්ටනේ කියල මම කිව්වා.වෙන මොනවා කියන්නද.තව ලොකු ළමයි දැනගන්න  ඕනි නැති පොඩි අය විතරක් දැනගන්න ඕනි වචන මාලාවක් කිව්වා..ඒ උනාට කිලර් අතල් එකේ ඉන්නවා.දැනුත් මට වෙන කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් පෙන්නලා අහනවා පට්ටද කියල.
මම උනත් කුඩා පරිමාණයේ නැතත් මහා පරිමාණයේ විදිහට බූට් කාල තියෙනවා.ඒ උනත් මු ඉන්නවා වගේ අතල් එකේ ඉදලනම් නැ.කෙල්ලෝ කොච්චර තමන්ට ආදරෙන් හිටියත් කොහොම පෙන්නුවත් එකී ඉක්මනට වෙනස් වෙනවා කියල දන්නවා.ඒක මට මුල ඉදන්ම තේරුණා.ඔන්න කිලර් මචෝ මමයි සිඩියි ඒක කිව්වේ නැත්තේ උඹ දුක් වෙන නිසා.දැන් සැපෙන් ඉදපන්.
ගැහැනුන් පාරේ යන බස් වැනිය 
එකක් වැරදුනොත් අනිකෙහි යා හැකිය
කියල අපේ ඒ කලේ ආදී මුතුන් මිත්තෝ මේවා කිව්වේ කට කහනවට නෙවෙයිනේ නේ?

Friday, January 13, 2012

ජෝතිපාලගේ අලුත් ජොබ (ජෝතිපාල and එන්සිනාගේ අනතුර)

අම්මෝ කාලෙකින් බ්ලොග් එක පැත්තේ ගොඩ වැදුනේ.වැඩ ගොඩයිනෙ ඒකයි.මකුළු පැන්චිද කොහේදෝ දැලුත් බැඳලා.එකටනම් ඉතින් මොකෝ.මට ඉතින් පොස්ට් එකක්වත් දන්නා බැරි උනානේ අපේ සෙට් වීම ගැන.එක පස්සේ දවසක දාන්නම්.අද පොඩ්ඩක් කියන්න යන්නේ මගේ යාලුවෙක්ගෙ අලුත් ඔපිසි පොඩ්ඩ ගැන.පොඩි කිව්වට පොඩිමත් නෑලු.මෙච්චරක් විතර ලොකුයිලු.උන් තාම අලුත් කොල්ලොනේ.එක නිසා ඉතින් අර කැම්පස් පුහුණුව වගේ නැතත් පොඩි පුහුණුවකින් පස්සේ දැම්මේ අදලු වැඩ කරන්න.වැඩනම් අව්ලක් නැහැල්ලු.එකම අව්ල කතා කරලා බනින එකලු.ඒ කියන්නේ මෙහෙමනේ.දන්නවනේ ඉතින් ඉන්සුරන්ස් කොම්පැනි ගැන.වාහනයක් හැප්පුනහම පොලිස් රිපෝර්ට් කියයි අර පොර්ට් මේ පොර්ට් ගොඩයිනෙ.ඉතින් අද අපේ ජෝති පාලට  ලස්සන කටහඩක් තියෙන කෙනෙක් කතා කරාලු.වාහනේ හැප්පිළලු.පව් කියල ජෝතිම තමා කිව්වේ.ඉතින් මු ගත්තලු කෝල් එක.

"good morning ,අහවල් insurance company , Im Jothipala ,How may I assist you today "
"අනේ ජෝතිපාල,මගේ වාහනේ දැන් ටිකකට කලින් හැප්පුනා තාප්පෙක.මම දැන් මොනවද කරන්න ඕනි."
"හරි මහත්මිය,මට තොරතුරු වගයක් දැනගැනීමට අවශ්‍යයි.ඔබට හැකිද එය සපයන්න?"
"ඔව් මොනවද දැනගන්න ඕනි?"
"ඔබගේ නම මට පවසන්න"
"එන්සිනා"
"හරි එන්සිනා මහත්මිය ඔබගේ වාහනයේ ලියාපදිංචි අංකය සදහන් කරන්න"
"wp XX-**** "
"හරි මහත්මිය,ඔබගේ පොලිසි නොම්බරය දැනගැනීමට පුලුවන්ද"
"AAA -*****"
මෙතන ඉදන් තමා මුට කෙලවෙලා තියෙන්නේ
"එන්සිනා මහත්මිය මට දැනගන්න පුලුවන්ද වාහනයේ damage වෙලා තියෙන parts ටික"
"ඉස්සරහ buffer එක පොඩ්ඩක් හීරිලා තියෙනවා,තව ඉස්සරහ buffer එකේ අර දැල වගේ කෑල්ල කැඩිලා තියෙනවා,තව bonnet එකත් පොඩ්ඩක් තැලිලා තියෙනවා"
"මහත්මිය දැල වගේ කෑල්ල කිව්වේ,මට හරියට පැහැදිලි මදි.නැවත පවසන්න"
"අර buffer එකට උඩින් තියෙන දැල වගේ කෑල්ල."
"දැල වගේ මොන කෑල්ලද? radiator net එකද?
"ඔව් ඔව් එක තමා"
"හරි මහත්මිය,මට නැවත දැන ගන්න පුලුවන්ද ඔබගේ අනතුරට පත් වෙලා තිබෙන වාහනයේ parts ටික"
"මොන මගුලක්ද ඕයි.මම දැන් කීපාරක් කිව්වද??බ්ලා බ්ලා"
"මට සමාවෙන්න මහත්මිය."
"ඔබ මේ සම්බන්දයෙන් පොලිස් report එක අරගන්න ඕනි පැය 6ක් ඇතුලත.ඔබට පුළුවන් වේවිද එය ලබාගන්න?"
"පිස්සුද හලෝ.මම ගැනු ළමයෙක් කොහොමද පොලිසි ගානෙ යන්නේ.අනික මේකට පොලිසියට යන්න ඕනි නැනේ.හිතනවා තමුසෙගෙ ගැනු ළමයට මෙහෙම උනානම් මොකද කරන්නේ?පොලිසියට යවනවද?
"මට සමාවෙන්න මහත්මිය.ලංකාවේ නව නීතිය අනුව වන්දි මුදලක් ලබාගැනීමට පොලිස් report එක අනිවාර්යයි."
"ෆ* ශ්‍රී ලංකා."
"සමාවෙන්න එන්සිනා මහත්මිය,ඔබට හැකියාවක් නොමැතිනම් කමක් නැ.අපි  මේ පිළිබඳව දැනුම් දීමක් කරන්නම් ඔබට."
"ජෝති හිතනවා.ඔයාගේ ගැනු ළමයට මෙහෙම දෙයක් උනානම් මොකද කරන්නේ දැන්?"
"එයාට වාහනයක් නැ"(මල මූඩ්)
"හා හා තව මොනවද අහන්න ඕනි මගෙන්?"
"මහත්මියට පුලුවන්ද අපගේ assessor කෙනෙක් එනකන් පැය බාගයක් විතර ඔතන ඉන්න."
"තමුසෙලට පිස්සු ඕයි.මම කොහොමද මෙතන ඉන්නේ පැය බාගයක්?මම ගෙදර යනවා, ගෙදරට assessor එවන්න.මට ඇයි කියල හිතෙනවා මේ රෙද්දේ insurance කරේ"
පීප් පීප් පීප්
අපේ එකා ඔතනින් පස්සේ  එකම ඒක කෝල් එකක්වත් ගත්තේ නැහැල්ලු.ඔලුව ගහගෙන ඉදල off වෙනකන්.උගේ පළවෙනිම කෝල් එකා ඔහොම වෙලා.අඩන්නේ නැති ටික විතරයි.ජෝතියා කියනවා කෙල්ලෙක් මෙහෙම කතා කරනවානම් කොල්ලෙක් මොනවා කියයිද බන්ලු.