Ads 468x60px

Pages

Saturday, October 15, 2011

දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 5

හා හා පුරා කියල ඔන්න කාලෙකින් මම බ්ලෝග පැත්තට ගොඩ උනා.හප්පේ බැදිලා තිබුන මකුළු දැල් ගොඩ.මකුළු පැංචිද කොහෙද හැම වෙලාවේම දැල් බැදලා.බලන්න දුකේ බෑ.අන්තිමට පොස්ට් එකක් දාල තියෙන්නේ අගෝස්තු මාසේ දොළොස්වෙනිද.දැන් වෙනද වගේ දවසට පොස්ට් එකක් දාන්න තරම් වෙලාවක් ඇත්තෙම නෑ.අද ඉදන් පුළුවන් විදිහට දාන්න උත්සහ කරන්නම්.මම අන්තිමට ලියල තියෙන්නේ දිනුගේ කතාවනේ.අද කොහොම හරි එක ඉවර කරන්න බලනවා.බැරි උනොත් අපහු සතියකින් විතර තමා හොදේ.තරහ වෙන්න එපා.
කියවපු නැති කට්ටිය මකුළු දැල් බැදුණු කතාවේ පරණ ටිකත් බලන්නකෝ

මම කතාව නවත්තල තියෙන්නේ මට නුවර එන්න කියපු තැනින්නේ.කොහොම හරි මට නුවර යන්න කලින් ආරංචියක් අවා දිනු වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා ඒ දෙන්නේ බදින්න ඉන්නේ කියල.ඒ වෙලාවෙනම් තනි ඇහැට අඩුන.මොනවා කරන්නද.ඔන්න ඕකයි පුල්මුඩේ තත්වේ.
ඉතින් ගොන් බුරුව උන මාත් ආපහු නුවර ගියා.මම නුවර යනකොට යන්නේ උදේ 5.55 පොඩි මැණිකේ කෝච්චියේ.එතකොට එක පේරාදෙණිය හන්දියට ගිහිල්ල ආපහු මාතලේ කෝච්චියට නැගල නුවරට යනකොට උදේ 9.30 වගේ වෙනවා.ඉතින් මම අහිංසකය ගැණු මායමකට අහු වෙලා නුවරට ගිහිල්ල බලාගෙන ඉන්නවා දිනු එනකන්.කෝ දිනු..?
පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු.මේ ගෑණි ආවේ දවල් 12.30 පහුවෙලා.ඒ වෙනකොට මගේ තනි ඇහැට නෙවෙයි ඇස් දෙකම අඬල ඉවරයි.කොහොම හරි මම උදේට කාල හිටියේ නැති නිසා නුවර ස්ටෂන් එකේ උඩ තට්ටුවේ කැන්ටින් එකට ගිහිල්ල කන්න ගත්තා.මට හොදට මතකයි බොන්න ගත්තේ smak එකක්.ඔන්න මම දැන් අහනවා දිනුගෙන්
"කව්ද සජිත් කියන්නේ? "
"මම ඔයාට කියන්න හිටියේ"
"කවදටද?"
"ඉක්මනටම"
"යාලු වෙලා මාස හයක් ගියහමද?"
"නෑ"
"එහෙනම්?"
"මම දන්නේ නෑ"
"එහෙනම් ඔය දන්න දේවල් කියන්නකෝ"
"අනේ මන්ද සඳ මම ඔයාටත් ආදරෙයි ඒ උනාට සජිත්ව දාල මට යන්න බෑ"
"ඒ කියන්නේ? සජිත් කියන්නේ ඔයා බඳින්න ඉන්න කෙනාද?"
"ඔව්,මට සමාවෙන්න"
අනේ මම පව් නේද?බි බි හිටපු smak එක එක පාරටම හිර උනා.ඇස් දෙකෙන් කඳුළු හෝ ගලා වැටෙනවා.මම කවදාවත් අහන්න හිටපු දෙයක්ද.මොනවා කරන්නද.පස්සේ දිනු අහනවා
"ඔයා අහන්න ඕනි දේවල් අහල ඉවරද?"
"ඔව්,ගොඩක් හොඳට අහගත්තා"
"මම යනවා"
මෙන්න මෙකි එක පාරටම යන්න ගත්තා.මමත් දුවගෙන පස්සෙන් ගියා.මගේ පස්සේ කඩේ වැඩකරන එකෙක් එලවනවා
"ඕයි ඕයි,සල්ලි දීල යනවා හලෝ"
එතකොටයි සල්ලි දෙන්න ඕනි කියල මතක් උනේ.සල්ලි දීල ආපහු දිනුගේ පස්සෙන් ගියා.ගිහිල්ල අතින් අල්ලගත්ත 
"එකද ඔයාගේ අන්තිම තීරණේ? මාව දාල යනවද?"
"ඔව් සඳ මාව අමතක කරන්න."
"කොහොමද?"
"මම දන්නේ නෑ"
ඔන්න එකපාරටම දෙවියොත් ආතල් දෙනවා.හෙන ගගහ වහින්න ගත්තා.මගේ අම්ම පළල මම දිනුගේ අත අල්ලාගෙන දණගහල වැස්සේ අඩුව මාව දාල යන්න එපා කියල.මුළු නුවරම බලාගෙන.ඒ වෙලාවේ ලජ්ජාවට වඩා ආදරේ ලොකු උනා.මට දැන් තේරෙනවා මම කොච්චර බොළඳ උනාද කියල ඒ වෙලාවේ.මට ඒවා මතක් වෙනකොට දැන් මෙතනම වලක් කපාගෙන මැරෙන්න හිතෙනවා.
වැස්සේ නාගෙන අත අල්ලගෙන ආදරේ ඉල්ලුවත් මට මොනවත් ලැබුනේ නෑ.එයා අත ගසල දාල යන්න ගියා එයාව අමතක කරන්න කියල.එත් මම  තාම වැස්සේ තෙමි තෙමි අඬනවා.පස්සේ තමා මටත් මතක් උනේ මේ ඉන්නේ මුළු නුවරම ඉස්සරහ නේද කියල.හැමෝම බල බල යනවා.කමක් නෑ දිනු මටනේ කරේ.ඔයා හොදින් ඉන්න.මගේ හිත එච්චරයි ඒ වෙලාවේ හිතුවේ.පස්සේ මම කෝච්චියක් එනකන් ආපහු ස්ටෂන් එකට වෙලා හිටිය 3.20 විතර වෙනකන්.කෝච්චියේ කොළඹට එනකන් මම ඇඩුවා.මගේ එහා පැත්තේ හිටියේ යුනිෆෝර්ම් එකෙන් හිටපු කොල්ලෙක්.ඌ නැගිටලා හිමිට වෙන තැනකට ගිහිල්ල ඉද ගත්තා.පස්සේ කොලබට අවට පස්සේ මට කෝල් එකක් අවා දිනුගෙන්.
"ඔයා කොහෙද ඉන්නේ?"
"බස් එකක් එනකන් ඉන්නවා ඇයි අහන්නේ?"
"ඔයා ගොඩක් නපුරු වෙලා සඳ.මාව අඩවන්න එපා"
යකෝ මොකද්ද මේ හරුපේ තේරුම.එයාව අඩවන්න එපාලු.එතකොට මම අඩපු තරම්.පිස්සු හැදෙනවා නේ?එදායින් පස්සේ ආපහු දිනුව ඇහැටවත් දැක්කේ නෑ.මට මේ ල‍ගදී ආරංචි උනා දැන් සජිත්ව බැඳලා බබෙක් හම්බ වෙන්න ඉන්නේ කියල.ඒවගෙන් මට දැන් වැඩක් නෑ.ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි.
කෙල්ලනේ කොල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.උන් විඳවන තරම් උඹල දන්නේ නෑ
අදින් කතාව ඉවරයි.