Ads 468x60px

Pages

Saturday, October 20, 2012

කොලබ කතාවක්

"අයියේ"
"ඇයි?"
"ස්නේහා කෝල් කරනවා,මේ තුන්වෙනි පාර කෝල් කරන"
"මම නිදි කියන්න"
ඒ මගේ නංගි,ස්නෙහා ඒ මට ආදරේ කරන කෙනා.එත් ඒ ආදරේ මට වැඩක් නැ.මට ස්නේහට ආදරේ කරන්න බෑ.ස්නේහගේ ආදරේ මට දරාගන්න තරම් මගේ හිත හයිය නැ දැන්.ස්කෝලෙට අපි දෙන්නම ගියේ එලේවල් කරන්න12.වසරේ ඉදන් එකට ඉදන් එකට කාලා,එකට හැම පිස්සුවක්ම නටපු මගේම සහෝදරියෙක් වගේ හිටපු ඔයා මට ගොඩක් ආදරෙයි කියල මම දන්නවා.අහපු එක කොල්ලෙක්ටවත් කැමති උනේ නැත්තේ මම නිසා කියලත් මම දන්නවා.මට තම මතකයි පලවෙනි පාර ඔයා මව මීට් උනා වෙලාවේ බයෙන් හිටියේ..ඔයා විතරක් නෙවෙයි අපි සේරම.ඒ සින්දර මතකයන් අදින් පස්සේ මට නැ.මට සමාවෙන්න
ඒ ඊයේ රෑ අන්තිමට මම නංගි එක්ක කතා කරපු වෙලාව,අන්තිම පාරට ස්නෙහා ගැන හිතපු විදිහ..
..........................................
ස්නෙහා,
මට ඔයාට මේ දේවල් කියන්න ඕනිද කියල මම දන්නේ නැ.එත් මේ දේවල් මම හිතන්නේ ඔයා දන්නවා.කමක් නැ අන්තිම පාරට දැනගන්නත් එක්ක කියන්නම්,
ෂෙහානි,මට ෂෙහානිව හම්බ උනේ අහම්බෙන් වගේ.කුසල් ගේ ස්කොලේ තමයි ෂේහනිත්.කුසල්ගේ ස්කොලේ science exhibition එකේදී දැක්කම නිකන් මොකද්ද වෙලා ගිය තමයි.එත් ඒ වෙලාවේ උන්ගේ ස්කොලේ උන් කියපුව අහල එපා උනා.එත් දන්නේ නැ ස්නෙහා දෙවියොත් පුදුම දේවල්නේ කරන්නේ.එදාට පස්සේ අපහු අහටවත් දැක්කේ නැති උනාට එයාලගේ ටැලන්ට් ශෝව් එකට අපේ ස්කෝලෙට කතා කරා.ඔයා දන්නවනේ මට තියෙන්නේ බෑන්ඩ් පිස්සුව කියල.ඉතින් අපිත් ගියා.ගිහිල්ල සේරම කරලා ඉවර වෙලා එනකොට මම දැක්ක ශේහනිව තනියම ඉන්නවා BMICH එක ඉස්සරහට වෙලා ගෙදර යන්න වාහනයක් එනකන්,එතකොටත් වෙලාව 8 වගේ.ඔව් 8යි. ස්කොලේ උන්ට යන්න කියල මම ගියේ බයික් එකේ. තනියම ඉන්න ශේහනිව දැක්කහම ලගට ගිහිල්ල කතා කරන්න හිතුන මිසක් කොහේටවත් ඇදගෙන ගිහිල්ල මගේ අසවල් ඉෂ්ට කරගන්න හිතුවේ නැ. ඔව් එය අදින්නේ කොටට තමයි.කොහොමත් අපේ වයසේ කෙල්ලෝ එහෙමනේ.
"හායි"
"ඔහ්හ් හායි"
"ගෙදර යන්නද ඉන්නේ?"
මාත් ඇහුවේ ගොන් ප්‍රශ්නයක්,නට්ටම් මෙතන ඉන්නේ පාන් කන්න නෙවෙයිනේ
"ඔව් අනේ,ටුක් එකක් එනකන් ඉන්නේ"
එහෙම කියනකොට හිනා වෙලා එයා කිව්වේ..හිනා වෙනකොට ඒ මුණ ගොඩක් ලස්සනයි.
"හ්ම්ම්,කොහෙද ගෙවල්?"
"රාජගිරියේ"
"නෑ,කොයි හරියේද?"
"ඇයි?ඔයත් රාජගිරියේද?"
"අපෝ නෑ,මගේ ස්කොලේ ඉතින් එහෙනේ"
"ඔව් ඔව්,දන්නවා ඔයාගේ ලොකු ස්කොලේ ගැන"
හරියට පුරුදු කරියෙක් වගේ,අදමයි කතා කරේ.මෙහෙම කතා කරයිද කියල හිතුවෙවත් නෑ.
"මොනවද දන්නේ?"
"මොනවත් නෑ"
"එහෙනම් කිව්වේ?"
"මහා හොද නෑ ඔයා,ප්‍රශ්න පත්තරයක්නේ"
"ඔන්න ටුක් එකක් එනවා"
එහෙම කියනකොටම එක අපිව පහු කරගෙන යන්න ගියා
"බලන්න,ඔයා නිසා එකත් ගියා."
"සොරි ඉතින්,මම එහෙනම් ගෙවල් ගාවින් දාන්නද?"
"මම දන්නේ නෑ"
එහෙම හිනා වෙලා කිව්වහම මම දන්නවා ඔව් ඔයාට යන්න ඕනි කියල.මොකද මේ පලවෙනි පාර නෙවෙයි මෙහෙම මම කෙල්ලෙක් එක්ක කතා කරන්නේ.
"ආ හෙල්මට්  එක"
"තැන්ක්ස්"
එහෙම්ම මම ශේහනිව බයික් එකේ ගෙන විදගෙන අවේ ලස්සන කෙල්ලෙක් මගේ බයික් එකේ යන නිසා.එහෙම්ම පිටට දාපු තට්ටුවක් නිසා මම බයික් එකේ වේගේ අඩු කරා 
"ඇයි"
"මට සීතලයි"
"එහෙමද"
බයික් එක නතර කරලා එයාව බැස්සුවා,එහෙම්ම ජැකට් එක ගලවල දුන්න.
"ආ,ඇදගන්න"
"පිස්සුද?"
"ඔයාගේ යුනිෆෝම් එක පේනවා"
"කමක් නෑ.එක හැමෝම දැකල තියෙන්නේ"
"හ්ම්ම්..ඔන්න කව්රුහරි දැක්කොත් මම නෑ"
"හා හා"
පස්සේ එහෙම්ම අපහු අපි යන්න ගත්ත.දැන් රාජගිරියේ ආයුර්වේද එක ලග.බයික් එක නතර කරා එයට ගෙදර යන්න
"ඇයි නැවැත්තුවේ?"
"ඔයාට බහින්නනේ"
"හා"
"ඔයාට බඩගිනි නැද්ද?"
"ගෙදර ගිහිල්ල කනවා"
"එන්න අපි දෙන්නම ගිහිල්ල කමු"
"කොහෙන්ද?"
"මැක් එකෙන්"
"අනේ බෑ අනේ"
"අනේ යමු අනේ"
කොහොම හරි අපහු එයාව බයික් එකේ ගෙන මැක් එකට අවා.ඇවිල්ල කනගමන් පාර බලාගෙන කතා කරා.කියන්න පුළුවන් සේරම විස්තර අපි දෙන්න ඒ පොඩි වෙලාවේදී අපි දෙන්න කතා කරා.කෙල්ලෙක්ගෙ වටිනාම දේ එයාට නැතිවෙලා තියෙන්නේ කලින් ස්කොලේ ඉන්නකොටලු.ඒ සේරම කිව්වා.කලින් කොල්ලෝ ගැනත් කිව්වා.මම දන්නවා මේ දේ වැරදි කියල.එත් ඒ වෙලාවේ එයාට ආදරේ හිතුන එක විතරයි උනේ.එහෙම්ම අල්ලලා එයාව කිස් කරා.ඔව් වැරදි විදිහට නෙවෙයි.ආදරෙන්.එයාගෙනුත් එපා කියල මට කිසිදෙයකින් ඇගෙව්වේ නෑ.එයාව ගෙදර ගිහිල්ල ඇරලුව පස්සේ.ගෙදර ආපු ගමන් මන් කරේ එයාට ටෙක්ස්ට් එකක් යවපු එක..
"හායි බබෝ,මම ගෙදර"
"මමත් දැන් වොෂ් දාගෙන අවේ"
"මාත් වොෂ් එකක් දාගෙන එන්නම් එහෙනම්"
"ඕකේ"
දුවල ගියා වොෂ් එකක් දාගන්න,එටකොට හිතුනේ මොනවද මේ වෙන්නේ..මම ඇයි එයාව කිස් කරේ? එයාලගේ ස්කොලේ කොල්ලෝ කියපුව කෙල්ලෝ කියපුව,අනේ මන්ද දැන්නම් හිත පිරිලා තියෙන්නේ එයාගෙන්ම විතරයි...වොෂ් එක දාගෙන ආවෙත් ෆෝන් එක අතට ගන්න.එතකොට තමයි මම දැක්කේ මිස් කෝල් 3ක් තිබුණා.ආපහු මම කෝල් කරා 
"හෙලෝ"
ඒ ලස්සන කටහඩ මට අපහු අහන්න ලැබුන
"මිස් කෝල් 3ක් තිබුණා"
"ඔව්,ඔයාට කතා කරන්න ඕනි උනා"
"ඉතින් කියන්නකෝ"
"මොනවද?"
"ඔයාට ඕනි දෙයක්"
"අනේ මන්ද මට තේරෙන්නේ නෑ"
"මට තේරෙන්නෙත් නෑ"
ඔහොම විකාර අපි කියෙව්වා..හරියටම කියන්න තරම් මතකය මට නැහැ දැන්.ඒ සේරම දේවල් මරුන දේවල් වෙලා මට.ඊට පස්සේ දවසේ මම ස්කොලේ අරුණ ගමන් දුවල ගියේ ශේහනිගේ ස්කෝලෙට,එකයි එදා මම කියන්නෙවත් නැතුව ඉක්මනින්ම ස්කොලෙන් ගියේ.දන්නවනේ මට බයික් එකෙන් ස්කොලේ එන්න දෙන්නේ නෑ කියල.ඉතින් එදා බස් එකේම තමයි ගියේ.යනගමන් කිව්වා කෝල් එකක් දීල මම එනකන් ඉන්න කියල ශේහනිට..පස්සේ මම ගියා ශේහනිගේ ස්කොලේ ගාවට.මම එතනට ගියහම එයාගේ ස්කොලේ උන් මගේ දිහා අමුතුවට බැලුවේ.වෙලාවට මගේ අනිත් බෑන්ඩ් එකේ උන් හිටියේ.එතන හිටියේ ඔයාගේ ෆෙවරිට් දිලීප,කුසල්,එශානුයි විතරයි මම දන්නා විදිහට.දිලීපයාම් මගේ ඉස්කෝලේ එකානේ.එතන චැටක් දාගෙන ඉන්නකොට ෂෙහානි අවා.එහෙම්ම බස් එකට නැග්ග.නැගල මගෙන් ඇහුවේ කෝ මගේ බයික් එක කියල.
"ස්කොලේ යන්න දෙන්නේ නෑ එකෙන් මට"
"ඇයි ඒ"
"එක පාරක් වයසක අන්කල් කෙනෙක්ව හප්පලා ලොකු තොප්පියක් වැටුන"
එයා අහක බලාගෙන හිනා උනේ මට මොකෝ වගේ,පස්සේ ඉතින් 119 බස් එකේ නැගල නුගේ අවා.ඇවිල්ල 176 අපහු අවා රාජගිරියට,එතකන් දිලීපයා මගේ පිටි පස්සේ සීට් එකේ සින්දු අහනවා.කොහොම හරි බස් එකේ අපි දෙන්න කිස් කරා.
"සඳුන්"
"හ්ම්ම්"
"අපි දෙන්නට විතරක් ඉන්න පුළුවන් තැනකට යමුද?"
"දැන්?"
මම පුදුම උනා 
"නැහැ මෝඩයෝ හෙට කොහේ හරි යමු"
"කොහෙද?"
"දන්නේ නෑ"
"ම්ම් එහෙනම් ෆිල්ම් එකක් බලන්න?"
"අපෝ බෑ,වෙන කොහේ හරි යමු"
"ඕකේ..අපේ ගෙදර යමු හෙට කව්රුත් නෑ"
ඒ දේවල් කතා කරලා ඉවර වෙලා ශේහනිව රාජගිරියෙන් දාල අපි ආපහු ස්කෝලෙට ගියා,ඇවිදින දුරනේ 
"අඩෝ සඳුනා"
"කියපන්"
"උඹට ඒකිව සුවර් ද?"
"ඔව් බන් ඇයි?"
"නෑ බන්,උඹගේ පොඩි කලේ ඉදන් යාළුවා නිසා මම කියන්නේ..එකී හොද කෙල්ලෙක් නෙවෙයි කියල උඹ දන්නවා නේද? එහෙම එකේ ඊ උඹ ඒකිට ලව් කරන්නේ?"
"අපිට හොද කෙල්ලෝ ලැබෙන්නේ නෑ බන්.අපි උන්ව හොද කරලා ගන්න ඕනි"
"උඹට පිස්සු හු**..බලපන් ස්නෙහා උඹට මැරෙන්න හදනවා, එකී ඉන්දියන් තමයි එත් පොඩ්ඩක් හිතපන්.එකී උඹට මාර ආදරෙයි ප**..යකෝ අපි සුදු යුනිෆෝම් අදින්නේ නෑ තමයි ස්කෝලෙට.එහෙම කියල වටේම ඉන්න බඩු වලට ලව් කරන්න එපා හු**"
"අනේ මන්ද බන්.මම ඒකිට සිරා ලව් කරන්නේ"
"රෙද්දේ සිරා ලව්..තොට කෙල උනා දවසට මාව මතක් වෙයි"
ඇත්ත දැන් තමයි මට ඌ කියපුව තේරෙන්නේ..මෙච්චර කල් මම හිටියේ ෂෙහානි නිසා අන්ද වෙලා.එත් මට සමවෙන ස්නෙහා මට ඔයාට ආදරේ කරන්න බෑ.
"උඹ හිතනවද හොද කෙල්ලෙක් කවදාවත් තනියම හම්බ වෙන්න කතා කරයි කියල,අනික තම යාලු වෙලා දවස් 2යි."
"මම දන්නේ නෑ යකෝ,මගෙන් අහන්න එපා.මට හික වෙලා ගියා දෙන්.ඒ වෙනකොට ඒක බලාගමු"
කොහොම හරි පහුවෙනිදා අපේ ගෙදර කව්රුත් නෑ.ඔයා දන්නවා වගේම අම්ම ලංකාවේ නැති නිසා මට කිසිම කරදරයක් නෑ.තාත්තත් ගෙදර එන්නේ නැනේ එයා ට්‍රින්කෝ ගිහිල්ල කම්ප එකෙන්.නංගි ස්කොලේ යනවා ඒක නිසා කොහොමත් අව්ලක් නෑ.පුංචි පොඩි එකට බෙහෙත් විදින්න ගියා.ශේහනිව උදේම අරගෙන එන්න ගියා ගෙවල් ලගට 
"ඔන්න බයික් එකේ අවා"
"හ්ම්ම්..අපි යමුද?"
"හා"
බයික් එකේ දාගත්ත ෂෙහානි එක්ක මම ඉගිලුන අපේ ගෙදරට.ගෙදර ඇවිල්ල එයාට බීම හදල දීල මගේ කාමරේට පැනගෙන අපි කතා කර කර හිටිය..ශේහනිම මාව කිස් කරා.එතනින් එහාට උන දේවල් මට ලියන්න බෑ ස්නෙහා.හවස 2 වෙනකොට අපහු මම ෂෙහානි එක්ක කොලබ වටේම ගියා.එයා එදා ගොඩක් සතුටෙන් හිටියේ.මම දැක්ක ඒක එයාගේ ඇස් දෙකෙන්.එහෙම්ම ආපහු අවා අපේ ස්කොලේ ගාවට.එදා තමයි ඔයාට ග්‍රවුන්ඩ් යන්න තිබුන දවස.මට ඒක මතක උනා. ටොම්බා තමයි මට කිව්වේ ඔයා ග්‍රවුන්ඩ් ගියා කියල.අපහු මම ෂෙහානි එක්ක ශාලිකා එකට අවා.එතකොට මම දැක්ක දිලීපය ඔයා ගාවට වෙලා ඉන්නවා.ඔයා අඩනවත් මම දැක්ක..මම දැන් දෙයක් කියන්නම්..දිලීපය පිස්සෙක් වගේ උනාට ඔයාට ගොඩාක් ආදරේ කරනවා..ඌත් දැන් දැන් නොරෝකොට ලව් කරාට ඔයා ගැන ඒ කලේ ඉදන් හිතේ තිබුණා.නොරිකෝ අපහු ලංකාවෙන් ගියාට පස්සේ ඌ තනි උනා..
කොහොම හරි මම ඔයාට එදා ශේහනිව අදුන්නලා දුන්න දවසේ ඔයා ගණන් ගත්තේවත් නෑ.ආපහු ඔයා ටීම් එකට දිව්වා.පස්සේ මම ගොඩාක් වෙලා එතනට වෙලා කතා කර කර හිටිය කට්ටිය එක්ක..හවසත් ඔයා ස්කොලේ බස් එකේ අපහු ස්කෝලෙට ගියා.මාත් එහෙම්ම එතන කාර්ගිල්ස් එකෙන් දිලීපයට චොකලට් එකක් අරගෙන දුන්නේ ඔයාට දෙන්න කියන්න...ඌ එක තනියම කෑවා කියල පස්සේ දවසක මු මට කිව්වේ..ෂේහනිත් එක්ක ඔහොම මගේ ආදරේ දිගටම ගලාගෙන ගියා.මම දැක්ක ඒ හැම වෙලාවේම ඔයා අඩනවා හොරෙන්..මම ස්කොලේදීත් ෆෝන් එක අරගෙන ටෙක්ස්ට් කරේ ශේහනිට.ඔයා ගැන මගේ හිතේ තිබුනේ නෑ ස්නෙහා..මට සමාවෙන්න..
එදා ඒ කියනේ දෙසැම්බර් 26 මට හොදටම වැඩිවෙලා.වැටිලා හිටියේ.ආපු කෝල් එකෙන් මම පිස්සු හැදුන
"සඳුන්"
ඒ කටහඩ මම දන්නේ නෑ 
"ඔව්"
"අඩෝ මම කාලිඩ්"
"ඔව් කියපන් මචන්"
"උඹ මාව දන්නවද"
"නෑ මචන් කියපන් ඇයි?"
"හු** උඹේ ගැනී මගේ ලග ඉන්නේ"
"මොකා?? කව්ද?? ශේහනිද??"
මට බීපුව එහෙම්ම ඇගෙන් ගියා වගේ මතකයි
"ඔව් යකෝ එකී තමයි.තෝ දන්නවද තොට කලින් මම ඒකිට ලව් කරේ.ඊයේ රෑ තෝ කතා කරේ නෑ කියල මට කතා කර එකී.පස්සේ මම රෑම මේකිව නුවර ගෙනාව.ඇවිල්ල අරගෙන පලයන් තොගේ වේ* ගැනිව.ඊයේ රෑ පුදුම සැපක් දුන්නේ..උඹ මේකිට කවද ඉදන්ද කුඩු ගහන්න ඉගැන්නුවේ?? "
"මොනවද යකෝ කියවන්නේ?? උඹට පිස්සුද?? "
"මට පිස්සු නෑ යකෝ,තොට MMS එකක් ඇති බලපන්"
එහෙම්ම මම ෆොනේ එකට ඇවිල්ල තිබුණා මැසේජ් බැලුවහම දැක්කේ.මට කියාගන්න බෑ ස්නෙහා ඒ දැක්ක පින්තුරේ..කොල්ලෝ 3ක් එක්ක මෙකි එකට බුදියගෙන..
"අඩෝ උඹව මරනවා යකෝ මම"
"අනේ මේ හු** පුතෝ මෙන්න මේ වේ*ව අරගෙන පලයන් අව්ල්ල නැත්තම් මම අලුත් පාලමෙන් පහලට විසික් කරනවා දැනගනින් උඹට මම පැය 4ක් දෙන්නම් මේකිව අරගෙන පලයන්"
"අඩෝ මට ඉන්න තැන කියපන් හරියටම"
"දිගනට වරෙන්.උඹගේ ගමේ ඉන්නේ මම දැන්."
එහෙම්ම මම බයික් එක අරගෙන ගියේ නුවරට.අපහු දිගනට ගිහිල්ල කෝල් කරා අරුට.
"අඩෝ මම දිගනේ ඉන්නේ කොහෙටද එන්න ඕනි කියපන්"
"එකොල් එක ගාවට ඇවිල්ල කෝල් කරපන්"
එතනට ගිහිල්ල අපහු කෝල් කරා 
"අඩෝ එකොල් එක ගාව ඉන්නේ"
"ඔතන තියෙන කළු පාට කර එකේ උඹේ ගනී ඇති අරගෙන පලයන්"
ස්නෙහා මම මගේ අත් දෙකෙන් ශේහනිව අරගෙන අවේ බයික් එකට.හරියට ඇවිදගන්නවත් පන නෑ.එච්චරට අරුන් ඩ්‍රග්ස් දීල.ස්නෙහා,මට පිස්සු වගේ ඒ වෙලාවේ..කොහොම හරි බයික් එකට නග්ගගෙන මම අවා එහෙම්ම කොලබට..කොලබට එනකොට උන මේ දේ නිසා තමයි මට මේ කිසි දෙයක් වැඩක් නැත්තේ..කවදාවත් හිතුවේ නැති විදහට මේ දේ උන ස්නෙහා.මම හිතුවේ නෑ ශේහනිව බයික් එකෙන් වැටෙයි කියල..ෂෙහානි වැටුන විදිහට මට බයික් එක කොන්ට්‍රෝල් නැතුව මවත් වැටිලා බයික් එක ඉස්සර එන ලොරියට වැදිලා නැවතුනේ.අපහු මම සිහිය එනකොට හිටියේ නුවර ඉස්පිරිතාලේ.මගේ ෂෙහානි කෝ? තාම මම හිතනේ එයා ඉන්නවා කියල..මගේ හිතේ තාම ඉන්නවා මට මෙච්චර දෙයක් කරලත්..අන්තිමට මට ඉතුරු උනේ මගේ යාලුවෝ විතරයි.ඔය් ලංකාවට අපුවහම මේ ලියුම දිලීප ඔයාට දෙයි.එතකොට මම මේ ලෝකේ නෑ ස්නෙහා..මට සමාවෙන්න..මම ඔයාට දීපු දුකට දෙවියෝ මගේ කකුල් දෙක අරගත්තා.මගේ ශේහනිව ගත්ත..දැන් මගේ ජීවිතෙත් ඉල්ලනවා..මම යනවා මගේ ෂෙහානි ගාවට..මට සමාවෙන්න..
සඳුන්. 

Friday, October 19, 2012

භිෂණය

ජාතිය මරවා හදවත ගලවා
තොපේ කෙස් වැටියෙන්
තොපි එල්ලා,
දෙකකුල් සිඳවා
ගින්නේ එල්ලා
තොපි මරවා
තොපේ ඇටකටු ගලවා,
ගේදොර බිදලා
ගිනිගෙන දවලා
පවුල් පිටින් තොපේ වනසා,
මරණෙට කැපවූ තොපිගේ ජීවිත 
කීතු කීතු කොට ඉරවා....,

ලේ රත්උන කෝපයෙන්
ගිනිගෙන දැවෙනා මහපොළවට
කඩුපහරක් එක් උන කලට
ගෙල සිඳවා තොපේ මහඋන්ගේ   
ඒ එක් උන ලේදහරා
මහ පොලවට වැසි වස්සන්නට,
කාලකන්නි තොපේ ජීවිත
නැති කොට
විනාශ කොට
පලිගන්නා භිෂණයක
අරබුමයි මේ....!!!!

Wednesday, October 10, 2012

බඩ වූ නුඹට

නොහදුනන ඔබ හඳුනා ගත් නිසා 
හදවත හැඬුවයි මාගේ දුක් ගීය අසා
අත් දෙක පටලා බස් රථයේ තනි වුව 
ඒ තනිකම මදිවී මගේ යහනේ තනිවුව ..
මටනම් උනේ වෙනමම කතාවකි 
ගහෙන් වැටුන මිනිහට උන කතාවකි...
ඔපීසියේ කොල්ලන් 18ක් වීලා 
19ක් වූ මා ඔබ හට පෙම් බැන්ද
කාලය ගෙවිලා එය දැන් 30 වීලා 
දැනගන්නට ලැබුණා 
ඔබ දැන් බඩවීලා
පියෙක් නැතුව උඹ හදන ඔය ළමය 
කෙල්ලෙක් උනොත් හදපන් 
හොදහැටි උගන්වලා