Ads 468x60px

Pages

Monday, May 30, 2011

අපේ එක නළලේ තිබුනානම් කොහොම තියෙයිද?

18+ අය විතරයි හොදේ.හිතෙනවා ඇති නේද දිලීප දැන් හොදටම වල් වැදිලා කියල.අනේ එහෙම නැ මම ඉස්සර වගේම තාමත් හොදයි.:P :P .මේක උනේ අපේ චයිනිස් ක්ලාස් එකේදී.මේකට ඉතින් කොලබ පැත්තේ ගොඩක් ප්‍රසිද්ද බාලිකා පාසලුයි බාලක පාසලුයි තමා එන්නේ.ඉතින් අපේ සෙට් එකෙන් මම විතරයි චයිනිස් කරන්නේ. ඒක නිසා සෙට් එකේම මම විතරයි මේ ක්ලාස් එකේ හිටියේ.දන්නවනේ අපේ සෙට් එක.දන්නේ නැත්තම් මෙතනින් බලාගන්න.ඒ උනාට මට මේ ක්ලාස් එකේ සෙට් එකක් හිටියා.මරු පිස්සෝ සෙට් එක.ජේ ජේ,ලින්,සකු සහ සැන් වන මම.ඔන්න අපි 4 දෙන තමා ක්ලාස් එක රන් කරේ.මොකද ක්ලාස් එකේ 20 ක් හිටියට අනිත් සේරම කෙල්ලෝ.කොහොමද ආතල් එක කියල හිත ගන්නකො.මරු ෆන් තමා ගන්නේ.මොකද වටේටම කෙල්ලොනේ හොදට බයිට් කරන්න පුළුවන්.අපහු බනිනවා ඇති නේ වල් කොල්ල කියල නැ නැ මම එහෙම නැ දෙවියනේ. :( 
හරි මම කතාව කියන්නම්කො.මෙන්න මේක උනේ අපේ ලින්ට තමා.අපේ ක්ලාස් එකට අවා අලුතෙන් කෙල්ලෙක් මෙකි පට්ට ඔලුවෙන් ඉන්නේ.ඔලුවෙන් කියන්නේ පට්ටම ඔලුවෙන්(හිටගෙන නෙවෙයි) ඉතින් මෙකි (මෙකි කියන්නේ ආදරේට හොදේ) ගණන් ගන්නේ ඒකිගේ ඉස්කෝලේ එකිලව විතරයි.ඉතින් අපිට පට්ට මල.අලුතෙන් ක්ලාස් එකට ඇවිල්ල ඔලුව දානකොට කොහොමද කියල තේරෙනවා ඇතිනේ අපි 4 දෙනා ඉවසන්නේ.ඉවසුව සති දෙකක්ම..ම්හ්ම් හරියන්නෙම නැ.අපිව ගණන් ගන්නෙම නැ.මේ වෙනකොට අනිත් කෙල්ලන්ටත් මේක තේරිලා තිබුනේ.උනුත් ඉතින් ලොකු කම දාගෙන හිටියා.එත් අපිට බැනේ කිච වෙන්න. ලින්ට අම්බානකට මල මේකට.මු බනින්නමයි හදන්නේ.අපි කිව්වා හිටපන් දෙමු ලස්සන ගේමක් කියල.ඉතින් එදා ක්ලාස් දවසේ අපි රත්තරන් කුඩුයි නිල් කුඩුයි අරගෙන ගියා ඕකිට ගහන්න කියල.ඔන්න ඉතින් අපි එයාගේ පිටිපස්සෙන් ගිහිල්ල ගේම දෙන්න තමා සෙට් වෙලා හිටියේ.එත් අපේ ලින්ට ඕනි වෙලා තිබුන දෙයක් අහන්න.ලින් කිව්වා මම අහලමයි ඕකිට කුඩු ගහන්නේ කියල (රත්තරන් කුඩු හොදේ)
ඔන්න අපි ඒකිගේ පිටිපස්සට ගියා.ලින් කතා කරා.
"මේ මේ"
"ඇයි මොකෝ"
"ඔයාගේ ඔච්චර ගණන් ඔයාගේ එක නළලේ නිසාද?"පස්සේ මු අපේ දිහා බලල හීනියට කින්ඩි හිනාවක් දැම්මා
මෙන්න බොලේ අරකි මුණ දිහා බලාගෙන හිටියා කන්න වගේ.පස්සේ මෙකි කියපි 
" අපේ නලලේනම් අතින් හරි වහගෙන යන්න තිබුන,තමුසෙලගෙ නළලේ තිබුනානම් ගණ දෙවියෝ වගේ ඉදි නේද"කියල 
මමනම් ඒ වෙලාවේම එතනින් ආව.අපේ ජේ ජේයි සකුවයි බඩවල් අල්ලගෙන හිනා වෙනවා ලින් දිහා බලාගෙන.ඒ වෙලාවේ ලින්ගේ මුනේ ලස්සන තමා මරුවට පෙනුනේ.මරු කියන්නේ මරේ මරු.මටනම් දැනුත් හිනා යනවා.
ඉතින් හිතල බලන්න අපි නොහිතන දේවල් ගැන කෙල්ලෝ හිතන විදිහ.අනේ මගෙන් මේ ගැණු ළමයාගේ ඉස්කෝලේ ගැනනම් අහන්න එපා.මම එකනම් කියන්නේ නැ මැරුවත්.මාරම වැඩේ කියන්නේ සකුව දැන් ඒකි එක්ක යාළුවෙලා ඉන්නේ.දැන් සකුවගේ නම සකු නෙවෙයි "ගණ දෙවියෝ"
ඔන්න ඔහොමයි කෙල්ලෝ හිතන්නේ අපේ ඒවා ගැන.ලැජ්ජයි නේ?

Sunday, May 29, 2011

කෙල්ලෙකු නොවන ගැහැනියක් නිසා බේබද්දෙකු නොවන්නන.මෙන්න වෙන හැටි

මම මේ පොස්ට් එක දාන්නේ නගාගෙ සිතුවිල නිම්නය බ්ලොග් එකේ තිබුන බේබදු සල්ලාලේයකුට මනාලියෙකු සොයනු ලැබේ පොස්ට් එක දැකලා..මේක දාන්නේ තරහකට නෙවෙයි අපි හොද යාලුවෝ..නේද නගෝ? එකේ තියෙන්නේ කොල්ලෙක් හොයන දේවල්නේ...මම දානවා කොල්ලෙක්ගේ කෙල්ලෙක් හොයන දේවල්.අනික මම එකේ හෙඩිමට අදාළත් නැත.නැත්තම් කියයි තොප්පිය දා ගත්ත කියල..අම්මෝ...
ආපහු කතාවට..ඔන්න කෙල්ලෙක් බලාපොරොත්තු වෙන දේවල්..අනේ මගේ එක්කෙනා මෙහෙම නෑ හොඳේ..
1.කොල්ල හැන්ඩි වෙන්න ඕනි නැත්තම් තැනකට එක්ක යන්න බෑ 
2.ටිකක් ගැනියෙක් වගේ වෙන්න ඕනි නැත්තම් කරේ නගින්න බෑ
3.කවදාවත් කෙල්ලෙක් එක්ක හිනාවෙලවත් තියෙන්නේ බෑ..එහෙම උනොත් කසාදෙට කලින් දික්කසාදේ 
4.වෙඩිම අනිවා ඕනි බදින දවසේ වටේටම මුද්ද පෙන්නන්න ඕනිනේ 
5.පැණි හඳනම් ගන්නත් බයයි(දන්නවනේ හේතුව ජපන් කොඩි......මට බෑ කියන්න හිතා ගන්න)
6.දැවැද්ද දෙන්නම ඕනි නෑ පොඩ්ඩක් නම්මා ගත්තහම
7.තත්වේ පෙන්නන්නනම් හොඳ බඩු මුට්ටු ටිකක් තියෙන්න ඕනි.පොඩි පැණි පාරක් දාල ගන්න පුළුවන් 
8.පොරව බය කරන්න පැනඩෝල් කාඩ් 1ක් 2ක් ඔනිමයි 
9.සැලූන් එකක් ලගම තියෙන්න ඕනි හදන ගේ ලග.නැත්තම් කොන්ඩේ ලස්සනට තියාගන්න බැනේ.
10.ගෙදර ප්ලැන් එක මට (කෙල්ලට) ඕනි විදිහට වෙන්න ඕනි 
11.හොද කාර් එකක් තියෙන්න ඕනි,අඩුම තරමේ ප්රියර්ස් එකක්
12.තව ගෙවල් අහල පහල කොල්ලෝ සෙල්ලම් කරනවානම් හොඳයි.මොකද එයාල එක්ක සෙල්ලම් කරන්න 
13.තව බාර් එකක් ලග තිබුනත් කමක් නෑ ඕකා (මිනිහ) කණුවක වැටිලා ඉන්නේ නෑතැ උදේ වෙනකන්.(එතකොට වෙන දේ හිතාගන්නකෝ මම කියන්නේ නෑ)

දැන් නංගිලා අක්කල බනින්න එපා චිකේ කැත තිත..ජරා කොල්ල..අපි ඔහොම නෑ කියල.මම දන්නවා ඔයාල ඔහොම නෑ කියල.එත් මම හරියටම දන්නෙ නැනේ..ලොල්.අනික ගැණු ළමයි ගොඩක් ඔහොම නෑ

Wednesday, May 25, 2011

මිතුදම් පවතී ලොව සැමදා

මම මේ පොස්ට් එක දාන්නේ මගේ යාලුවන්ව මතක් උන නිසා.ඔයාල දන්නවනේ යාලුවෝ එකතු උනහම නොකරන පිස්සු වැඩක් නෑ කියල.කට්ටියම කැමති ඇතිනේ මම වගේම පිස්සු  නටන මගේ යාලුවෝ ටිකත්අදුරගන්න.සයිබර් උලෙලදී දකින්න ඇති මම නටපු පිස්සු...එහෙම තම කොල්ලෝ උනහම (නැත්තම් කෙල්ලෝ වගේ ඉන්නද කියන්නේ) 
ඉතින් කතාව ආපහු පටන් ගමුකො.
*1.මේ ඉන්නේ මගේ හොදම යාළුවා හැබැයි මේ ටිකේ මාත් එක්ක තරහ වෙලා ඉන්නේ.මෙයාගේ නම තමා සිඩි මම සිඩිව දන්නේ  8 වසරේ ඉදන් එතකොට අපි හිටියේ එකම ඉස්කෝලේ.දන්නා අය දන්නවා ඇති කළුතර තියෙන ලොකුම ඉස්කෝලේ.එකට තම අපි සාපෙ කරනකන් ගියේ.
*2.මේ ඉන්නේ කවි.ලියන්න අම්බානකට පුළුවන් පොස්ට්.කවි මුස්ලිම්.ඒ උනාට අපි එක්ක කරන්න පුළුවන් හැම මගුලම කරනවා.ලොල් :P 
*3.මේ ඉන්නේ A KILLER මුනම් දැන් උපෙ කරලා ඉවරයි IBSL එකේ ලොකු කොර්ස් එකක් කරනවා.A KILLER යි කවියි නෑදෑයෝ වෙන්න යන්නේ.මොකද A KILLER ගේ අම්මගේ ලොකු පුතාගේ නංගි එක්ක තමා කවි යාලු.හිටහල බලන්න කව්රු එක්කද යාලු කියල 
*4.මේ ඉන්නේ සඳා මගේ තවත් හොද යාලුවෙක්.සඳාටනම් ටිකක් වාහන පිස්සුව තියෙනවා.මොනවා උනත් මාරම හොද කොල්ල.
5.මෙයාව දන්නා අය දන්නවා මේ ඉන්නේ ලක්ශ්‍රිනි ඒ කියන්නේ අපි කව්රුත් දන්නා ටිමොන් මෙයා ගැන කියන්න ඕනි නැනේ නේද? 
6.මේ ඉන්නේ නිශ් අක්කා මෙයාව මම අදුරන්නේ 2008 ඉදන් ඒ කියන්නේ මම කැඩෙට් කරන්න යන කැම්ප් එකේදී තමා සෙට් උනේ.මාර හොදයි.2009 හොදම බෑන්ඩ් සැරයන්.හිතාගන්නකෝ ඉතින් තරම.
7.මේ ඉන්නේ ධනා මුව අදුරන්නෙත් කැම්ප් ගිහිල්ල තමා.2008 2009 2010 මුළු ලංකාවෙන්ම හොදම බියුගල.දන්නා අය දන්නවනේ ඒ මොකද්ද කියල.දන්නේ නැත්තම් පස්සේ කියල දෙන්නම්.
8.මේ ඉන්නේ නිමි මෙයා නිශ් අක්කගේ නංගි මෙයත් අක්කා වගේම තමා 2010 හොදම බෑන්ඩ් සැරයන්.
(සමාවෙන්න පින්තුරයක් සොයා ගැනීමට නොතිබුණි)
9.මේ ඉන්නේ කසු අක්කා මෙයනම් ඉන්නේ ලංකාවේ නෙවයි දැන්.උචස් අද්‍යාපනයට ලන්ඩන් ගිහිල්ලා.
10.මෙයාගේ නමත් නිශ් මෙයත් ඉන්නේ ලන්ඩන් 
11.මේ ඉන්නේ සහන් මට වැඩ අව්රුද්දක් බාලයි.අර කළුතර ලොකු විද්‍යාලෙටම ගිහිල්ලා දැන් ගල්කිස්සේ ශාන්තුවරයෙක්ගේ ඉස්කෝලෙකට යන්නේ.මු අම්බානකට උසයි.ඒ කියන්නේ අම්බනකටම උසයි.ඉස්කෝලේ බාස්කට් බෝල් සෙල්ලම් කරනවා එකයි.
12.මේ ඉන්නේ චතු මෙයා ග්රෑපික් ඩිසයිනර් කෙනෙක් ඉන්නේ කුවේට් වල.මගේ හොද බොක්කක්.
13.මේ ඉන්නේ නදී මෙයාව දන්නා අය දන්නවා.මෙයා ඉතින් දුවන කෙනෙක්.හොයල බලන්නකෝ
තව අම්බානකට ඉන්නවා අප්පා මතකත් නැ මේ මගේ ලගින්ම ඉන්න අය.මගේ හොදම යාලුවෝ සෙට් එක.ඉතින් අමතක උන අය මේක බැලුවොත් මට කරුණාකරන්න.ගහන්න බනින්න එපා.අපි යාළුවොනේ.


*ප.ලි මෙතනින් 1 2 3 4 සහ මම හොදටම රොක් පිස්සුව තියෙන අය.. :D :D 

Tuesday, May 24, 2011

ඇන් ෆ්‍රෑන්ක් 3 කොටස

1942 ජුනි 20 සෙනසුරාදා 

          දින පොතක් තියෙන එක මම වගේ කෙනෙකුට අලුත් දෙයක්.ඒ මොකද මම මීට කලින් මොනවත්ම ලියල නැති නිසා.අනිත් දේ තමා අව්රුදු දහතුනක ළමයෙක් ලියන දෙයක් ගැන කිසිම කෙනෙක් පස්සේ කලෙකදී උනන්දු වෙන්නේ නැ කියල මට දැනුන නිසා.ඒ සේරටම වඩා මගේ හිතේ තියෙන ගොඩක් දේවල් වල බර සැහැල්ලු කරගන්න මට ලොකු ඔනිකමක් තියෙන නිසයි,අනික මට ලියන්න හිතෙන හින්දයි මම මේක ලියන්නේ.

          "මිනිහෙකුට  වඩා කොලයකට ඉවසීම තියෙනවා"කියල කියුමක් තියෙන්නේ නිකමට නෙවයිනේ.ටිකක් මහන්සි වෙලා කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නකොට මම මේ කියමන ගැන හිතුවා.අන්තිමට මම කල්පනාවේ ගිලිලා හිටපු තැනම ඔහේ හිටියා.කොලයකට මිනිහෙකුට වඩා ඉවසීම තියෙනවා කියන එක ඇත්තක් උනත් කවද හරි මට හොද යාලුවෙක් හොයාගන්න පුළුවන් උනොත් මිසක් කවදාවත් මම මේ දින පොත කාටවත්ම කියවන්න දෙන්නේ නැ.එකේ කිසි වෙනසක් වෙන්නේ නැ.මම දින පොතක් තියාගන්න ඕනි මුලික දේට මම අපහු ඇවිල්ල.ඒ කියන්නේ මට යාලුවෙක් නැ.

           මේ ලෝකේ කව්රුත් විශ්වාස කරන එකක් නැ අව්රුදු 13 කෙල්ලෙක් තනිවෙලා කිව්වහම.එක නිසා මම අපහු කියන්නම්.මම තනි උන කෙල්ලෙක් නෙවෙයි.මට යාලුවෝ වගේ ය වටේම ඉන්නවා 30ක් විතර.තව අව්රුදු 16 අක්ක කෙනෙකුයි අම්මයි තාත්තයි ඉන්නවා.මගේ මුණ යන්තමින් බලාගන්න මට කැඩුණු කන්නාඩි කැල්ලකුත් තියෙනවා.මට නැන්දලා ගොඩක් වගේම හොද  ගෙයකුත් තියෙනවා.එත් මට හොද යාලුවෙක් නැ.යාලුවෝ එක්ක ඉන්නකොට මම හිතන එකම දේ සතුට විතරයි.දවසේ සාමාන්යෙන් වෙන දේවල් ගැන මිසක් මට වෙන දෙයක් ගැන කතා කරන්න ආසාවක් නැ.අපිට ලංවෙන්න බැ.අපිට වෙන ය ගැන විශ්වාස කරන්න බැරි එක මගේ වැරද්දක් වෙන්න ඇති. කොහොම උනත් දැන් තත්වෙනම් මේකයි.ඒවා වෙනස් වෙන්නේ නැ .එකයි මම මේ දින පොතක් ලියන්නේ..

             මගේ යාළුවව ඉස්මතු කරලා පෙන්නන්න මට මේකේ සටහන් ලියන්න ඕනි නැ.මම මගේ යාළුවා වෙන්න කියල මේ දින පොතට කියනවා.මෙයට මම කිටි කියනවා.

              මම එක පර සේරම කිව්වොත් කාටවත් තේරෙන්නේ නැති නිසා මම මුලින්ම මගේ ජීවිතේ ගැන ටිකක් කියල ඉන්නම්.

              මම දැකල තියෙන හොදම තාත්ත මගේ.එය අම්මට අව්රුදු 25 ක්  වෙනකන් බැඳලා නැ.මගේ අක්ක මාගෝ 1926 ඉපදුනේ ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් ඇම් මෑන්  වලදී.මම ඉපදුනේ 1929 ජුනි 12.මම අව් 4 ක්  වෙනකන් ෆ්රෑන්ක්ෆර්ට් හිටියේ.අපි යුදෙව් ජාතිකයෝ  නිසා තාත්ත ඕලන්දෙට ගියා.මගොගේ උපන්දින තෑග්ග විදිහට මාව මෙසේ උඩින් ගිහින් තිබ්බ.ඒ පෙබරවාරි මාසේ .

               මම මුලින්ම ගියේ මොන්ටිසෝරි.පලවෙනි අව්රුද්ද පටන්ගන්නකන් අව්රුදු 6 ක් වෙනකන් මම එතන හිටියා .මගේ 6 වෙනි පංතියේ ගුරුතුමිය තමා මගේ මුල් ගුරුතුමිය වෙලා හිටියෙත් එයාගේ නම කුපරස්.

               හිට්ලර්ගේ නීති රීති යටතේ අපේ ජර්මනියේ ඉන්න දුක් විදින හින්ද අපේ ජීවිත වලට කරදර නැති උනේ නැ.1938 අව්රුද්දෙ අපේ මාමල දෙන්නෙක් උතුරු ඇමෙරිකාවේ ආරක්ෂාව බලාපොරොත්තුවෙන් ජර්මනියෙන් පැනල ගියා.අපේ ආච්චි අපිත් එක්ක ඉන්න අවා එයාට එතකොට වයස 75 ක්.

                1940 අව්රුද්දෙන් පස්සේ හොද කාලය නැති වෙලා ගියා.මුලින්ම යුද්දය තිබුන පස්සේ යටත් කරගත්ත,ඊටත් පස්සේ යුදෙව්වන්ට කරදර උනා.අපේ ජාතියේ නිදහස ගොඩක් සීමා උනා.ඒ අයට කහ පාට තරුවක් ගහගන්න උනා.අපේ බයිසිකල් අපහු දෙන්න උනා ට්‍රෑම් කාර්   වල යන්න තහනම් කරා.තමන්ගේම කාර්  උනත් පාවිච්චි කරන එක  තහනම් කරා.අපේ අයට කඩේ යන එක හවස 3 ඉදන් 5 වෙනකන් සීමා උනා.කොණ්ඩ කපන්නත් අපේ අයගෙම සාප්පු වලට විතරක් යන්න සීමා උනා.හවස 8 ඉදන් උදේ 6 වෙනකන් පාරවල් වල ඉන්න තහනම් කරා.විනෝද උත්සව වලට යන්න තහනම් උනා.ක්‍රීඩා කරන්න තහනම් උනා.ප්‍රසිද්දියේ වියායාම කරන්න තහනම් උනා.හවස 8 පස්සේ යාලුවන්ගේ ගෙවල් වල ඉන්න තහනම් උනා.අපි යුදෙව් ඉස්කෝල වලටම විතරක් යන්න උනා.ජැක් මට කිව්වේ අපහු කිසිම දෙයක් කරන්නේ නැ මොකද සේරම තහනම් වෙලා තියෙන නිසා කියල.

                1942 ගිම්හානයේ ආච්චිට ඔපරේෂන් 1 කරන්න උනා නිසා මගේ උපන්දිනය පොඩියට කරා.1940 ගිම්හනේදීත් වෛද්‍ය දෙයක් කරේ නැ මගේ උපන්දිනයට.ඒ ඕලන්දේ යුද්දේ යන්තම් වගේ ඉවර උනා නිසා.1942 පෙබරවාරි ආච්චි මැරුණා.1942 අව්රුද්දෙ උපන්දිනය අතරේ ආච්චිව මතක් වෙන්න ආච්චිගේ ඉටිප්නදමත් පත්තු කරා.

Sunday, May 22, 2011

පෘතුවිය මත තවත් විශ්වයක්?


අපි හැමෝම කතා බලනවනේ එක එක චැනල් වල යන කතා.මමත් බලනවා.එත් දුකින් උනත් කියනන් වෙනවා මට ඉතින් tv එකක් නෑ දැන් ඔය කතා බලන්න.ඔයාලටත් හිතෙනවා ඇතිනේ මම පව් කියල (එහෙනම් TV එකක් අරන් දෙන්නකෝ)
මම මේ කියන්න යන්නේ මම ජංජාලෙන් බාගෙන බලන කතාවක් ගැන.මම ගොඩක් ජංජාලෙන් බාගෙන බලනවා.මේ එක කතාවක්,මේකේ නම තමා FRINGE . මේක බලන අයත් ඇති.බලන අය දන්නවා මේ කතාව කොච්චර ලස්සනද කියල.මාත් කැමති හොද දේවල් බෙදාගෙන කන්න.පොඩි කාලේ තමා බදාගෙන කෑවේ.දැන් අපි ලොකුයිනේ.එකයි
මේ.මට මේ කතාව මුලින්ම දුන්නේ මගේ හොදම යාළුවා.
මම මුලින්ම මේකේ රඟපාන අය ගැන කියල ඉන්නම්.
මේකේ ප්‍රධාන චරිතය
OLIVIA DUNHAM (Anna Torv )
උප ප්‍රධාන චරිත
PETER BISHOP (Joshua Jackson )
CHARLIE FRANCS (Kirk Acevedo )
JHON SCOTT (Mark Valley )
WALTER BISHOP (Jhon Noble)
PHILLIP BROYELS (Lance Reddick )
NINA SHARP (Blair Brown )
ASTRID FARNSWORTH (Jesika Nicole )

කතාව

FRINGE කියන්නේ ඇමෙරිකාවේ තියෙන FBI එකට අනුයුක්ත විද්‍යාත්මක ගැටීම් නිරාකරණය කරන තැනක්.මේක පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ BOSTON ප්‍රාන්තයේ.OLIVIA DUNHAM ඇතුළු කණ්ඩායම FBI සහ FBI නොවන විද්‍යාත්මක දේවල් සහ පුදුමසහගත දේවල් විමර්ශනය කරමින් යන විටදී බොහෝවිට අභිරහස් ගණයට අයත් දරුණු සිදුවීම් සිද්ද වෙනවා.මෙය විශේෂයෙන්ම සිදුවන්නේ පෘතුවිය මත ඇති තවත් සරල සමාන්තර විශ්වයක් නිසා බව මොවුන් මෙහි විටින් විට පැමිණෙන සිදුවීම් ඔස්සේ පරීක්ෂණ කිරීමේදී හෙළිවෙනවා.
මේ සියල්ල ආරම්බ වන්නේ OLIVIA DUNHAMගේ සගයා JHON SCOTT මරණය සිදුවන්නේ ඉතාමත් අසාමාන්‍ය අන්දමින් නිසයි.මේ ගැන OLIVIA DUNHAM ගේ පරීක්ෂණ කිරීම් වලදී සිදුවන අබිරහස් හා ගුප්තබවින් නිරුපනය කරන මෙය ඉතාමත් අනර්ග කතා මාලාවක්.මෙම කතා මාලාව Science Fiction
,Horror සහ Thriller ගණයට අයත් වෙනවා.මෙය The X-Files වැනි කතා මාලාවක්.

මෙහි නිෂ්පාදකයන්
J.H WYMAN
JEFF PINKNER
මේ තියෙන්නේ Season 1 Episode 1 Torrent එක........මේක බාගෙනම බලන්න.



Friday, May 20, 2011

දයාබර දිලුම් අයියේ


(පින්තුරේ ලිෂාන් අයියගේ,මට කිඩෝ ටැග් කරපු එහෙකින් )

හ්ම්ම් මොනවා ලියන්නද කියල හිතාගන්න බෑ.විබහගේ ඉවර වෙලා බුකියට අපු ගමන් අහන්න ලැබුන ආරංචියනම් ගොඩක්ම අසුබයි.මොකද හැමෝම දන්නවා අපේ ඉලන්දාරියා ගැන.මම ලියන්න ඕනි නෑ.ඔව් දුකයි ගොඩාක් දුකයි.එත් මොනවා කරන්නද ජීවිතේ හැටි ඔහොම තමා.මම අදහන ආගම රෝමානු කතෝලික.මගේ ආගමේ කියන විදිහට "දුවිල්ලෙන් සැදුනු මිනිසා නැවත දුවිල්ලටම පත් වෙනවා"
මම දිලුම් අයියව දැක්කේ මුලින්ම අපේ සයිබර් උලෙලදී.එදා අපි කඹ අදින තැන හොර කරනකොට මාත් එක්ක හිනා වෙලා පහක් දාපන් මචන් කියපු අපේ ඉලන් අපි අතරේ නෑ.අවසාන වතාවට දිලුම් අයියගේ මුණ බලාගන්න මට හෙට මාතලේට එන්න විදිහක් නෑ.ඒ ගැන ගොඩාක් දුකයි.

ඉතින් දයාබර දිලුම් අයියේ(ඉලන්) ඔබට මොක් සුව ලැබේවා...!

Tuesday, May 10, 2011

ඈන් ෆ්‍රෑන්ක් 2 කොටස



කලින් ලිපියට තිබුන ප්‍රතිචාර හිතුවට වඩා හොදයි.මන් පුළුවන් විදිහකට මේ කතාව ඔයාලට දෙන්නම්.මේ ඒ කතාවේ අද කොටස.කියවල බලන්නකෝ

1942 ජුනි 15 සඳුදා

ඉරිදා හවස මගේ උපන් දින උත්සවය තිබුණා.රින්ග් ටින් ටින් චිත්‍රපටිය මගේ මිතුරියන් අතර හරිම ජනප්‍රිය එකක් උනා.මට ගවුමට ගහන කටු දෙකකුයි.බුක් මාර්ක් එකකුයි,පොත් දෙකකුයි ලැබුන.
ඉස්සෙල්ල ළමයින්ගෙන් පටන් අරගෙන මගේ ඉස්කෝලෙත්, මගේ පන්තියෙත් ගැන කරුණු ටිකක් කියල පටන්ගන්නම්.බෙටි බ්ලුමෙන්දල් ටිකක් දුප්පත් බව පේනවා.මම හිතන්නෙත් එයා එහෙමයි.කොයි හරියේද
කියල අපි දන්නෙත් නැති බටහිර ඇමස්ටර්ඩෑම් වල පාරක තමා එයා ඉන්නේ.එයා ඉස්කෝලේ වැඩ වලට හොදයි.එයා ඒ දක්ෂ නිසා නෙවයි එයා ඒ තරමට මහන්සි වෙන නිසා.ඒ වගේම එයා ලස්සනයි.
ජැකොලින් වැන් මර්සන් මගේ හොදම මිතුරිය කියල සිතුවාට මට කවදාවත් හොද මිතුරියෙක් හිටියේ නැ.ඉස්සර ජැක් මගේ හොදම මිතුරිය කියල හිතුවත් මට වැරදුනා.
D.Q හැම වෙලාවේම මතක නැති වෙන කලබල කෙල්ලෙක්.එක නිසි දඩුවම් විදිහට එයාට ගුරුවරු අමතර වැඩ දෙන්නේ.එයා ගොඩක් කරුණාවන්තයි.ගොඩක්ම G.Zට.
E.S හරියට කතා කරනවා.එත් ඒවාට හිනා යන්නේ නැ.එයා මොනවා හරි ඉල්ලනකොට ඔයාගේ කොන්දේ අල්ලයි එහෙම නැත්තම් බොත්තම් අතගායි.මව එයාට පෙන්න බැහැ කියල කට්ටිය කියනවා.මට මොකෝ මාත් එයාට වැඩිය කැමත්තක් නැ.
අපි එළියේ සෙල්ලම් කරනකොට කතා කරන එකයි ලාමකව ඉන්න එකයි ඇර හෙනි මෙට්ස් හොද චරිතය තියෙන කෙල්ලෙක්.එයාට අවාසනාවකට වගේ බෙපි කියල යාලුවෙක් ඉන්නවා.එයා හරිම කිළුටු ළමයෙක්.එයාගේ ගතිගුණ හෙනිටත් ගිහිල්ල.
J.R එයා ගැන මට පොතක් ලියන්න පුළුවන්.එයා හරිම නින්දිත,කේලම් කියන,වාචාල කෙල්ලෙක්.එයා හිතන්නේ එයා තමා කෙල්ල කියල.එයා ජච්ක්ව අල්ලාගෙන ඉන්න එක අපරාදේ.J ඉක්මනට තරහ ගන්න,පොඩි දේටත් අඩන ඒ හැම දේටම වඩා ලොකු කමින් හැසිරෙන එක්කෙනෙක්.එයා හැම වෙලාවේම හරි.එයා පෝසත් ඒ නිසා ගොඩක් වටිනා ඇදුම් අල්මාරියක් තියෙනවා.එත් ඒවා එයාගේ වයසට ගැලපෙන්නේ නැ.එයා හරි ලස්සනයි කියල හිතාගෙන ඉන්නේ.එත් එයා ලස්සන නැ.අපි දෙන්නට එක්කෙනාට එක්කෙනා පෙන්නන්න බෑ.
හනේලි ගොස්ලෙර් ඉස්කෝලෙදි කියන විදිහටනම් ලීස් .එයා ටිකක් ලැජ්ජයි.එයා වැඩිය අනිත් ය එක්ක කතා කරන්නේ නැ.මොනවා හරි කිව්වොත් එයා අම්මට කියනවා.ළගදි ඉදල මම එයාට කැමති.
නැනි වන ප්‍රාග් සිගර් එයා බුද්දිමත් ළමයෙක්.ගොඩක් දක්ෂයි.නැනි ගැන තව මොනවත් කියන්න නැ.
G.Z තමයි අපේ පන්තියේ ලස්සනම කෙල්ල.එයාට ලස්සන උනත් එයා හරිම මෝඩි.එයාව තව අව්රුද්දක් මේ පන්තියේ තියාගනි.මම එක එයාට කියන්න ගියේ නැ.

Monday, May 9, 2011

ඈන් ෆ්‍රෑන්ක් 1 කොටස


මේ කතාව ඈන් ෆ්‍රෑන්ක් කියල ගැණු ළමයෙක් ගැන.මේ ගෑනු ළමය ජීවත් වෙලා තියෙන්නේ හිට්ලර්ගේ කාලේ.ඈන් ෆ්‍රෑන්ක් 1942 ජුනි 12 වෙනිදා ඉදන් 1944 අගෝස්තු 01 වෙනකන් තමන්ගේ දින පොතක සටහන් ලියල තියෙනවා.මම හරියට පෙර වදනක්නම් දෙන්න දන්නේ නෑ.මන් හිතනවා මේ කතාවට ඔයාල කැමති වෙයි කියල.මමනම් ගොඩක් කැමති පොතක් මේක.එකයි ඔයාලටට් දෙන්න හිතුවේ.කියවල බලල ගුණ දොස් දෙන්න..

1942 ජුනි 12
මෙච්චර කල් කව්රුත් ගැන විශ්වාසයක් තියන්න මට බැරි උන නිසා ඔයා ගැන විශ්වාසය තියල ඔක්කොම කියන්න පුළුවන් වෙයි කියල හිතනවා.ඔයා මගේ හිත සනසන හොද යාලුවෙක් වෙයි කියල මම විශ්වාස කරනවා.
1942 ජුනි 14
මගේ උපන් දින තෑගි එක්ක ඔයා මෙසේ උඩ ඔයා ඉන්නකොට දැක්ක වෙලාවේ ඉදන්-ඔයාව මට ලැබුණු වෙලාවේ ඉදන් කතාව මම පටන්ගන්නම්.
ජුනි 12 සිකුරාදා උදේ 6 මම නැගිට්ට.මගේ උපන් දිනේ නිසා එක පුදුමයක් නෙවයි.මට ඒ වෙලාවේ නැගිටින්න දුන්නේ නැති නිසා මන් බොහොම අමාරුවෙන් හතට කාලක් වෙනකන් ඉන්න වුනා.තව ඉවසගෙන ඉන්න බැරි පාර මම කෑම කාමරයට ගියහම මගේ කකුල් වල දැවටෙමින් "මුටි" (පුසා) මාව පිළිගත්තා.යන්තමින් හත පහු උනහම අම්මයි තාත්තයි ගාවට ගිහිල්ල එතනින් මට ලැබුණු තෑගි ඇරලා බලන්න මම සාලෙට ගියා.මට ලැබුණු හොදම තෑග්ග විදිහට මම ඔයාව තමා මුලින්ම දැක්කේ.ඊට පස්සේ රෝස මල් ටිකකුයි,රතු මල් පැල ටිකකුයි පෝච්චියක වවපු මල් පැල ටිකකුයි තිබුණා.අම්මගෙනුයි තාත්තගෙනුයි නිල් හැට්ටයක්,සෙල්ලම් බඩුවක්,වයින් වගේ මිදී රස තියෙන බෝතලයක්,ප්‍රෙහෙලිකාවක්,කෝල්ඩ් ක්‍රීම් බෝතලයක්,ග්ලිඩර් 2.5 ඒ එක්කම පොත් දෙකක් ගන්න වව්චරයකුයි තිබුණා.මට "කැමරා ඔබ්සිකියුරා" කියන තවත් පොතක් ලැබුන.(මගේ ලග එක තියෙනා නිසා වෙන පොතකට මම එක මාරු කර ගත්ත),ඒ එක්කම ගෙදර හදපු බිස්කට් පිගනකුයි අම්මගෙන් රස කැවිලි ගොඩකුයි මට ලැබුන.ඒ වෙලාවේම ආච්චි අම්ම මට ලියුමකුත් එවල තිබුණා.එකනම් අහම්බෙන් උන දෙයක්.
පස්සේ මාත් එක්ක යන්න හනෙලි අවා.අපි ඉස්කෝලෙට ගියා.විවේක කාලේදී මම පන්තියේ හැමෝටම කැවිලි බෙදුව.ආපහු කට්ටිය එක්කම වියායාම ශාලාවට ගියා හින්ද හවස 5 විතර වෙනකන් ගෙදර එන්න බැරි උනා.(මගේ උරහිසයි උකුල් ඇටයයි පනින නිසා සෙල්ලම් කරන්න උනේ නෑ)අනිත් අය කරන සෙල්ලම මොකද්ද කියල තීරණේ කරන්න උනේ මට මොකද මගේ උපන්දිනේ නිසා.මම වොලිබෝල් තේරුවා.පස්සේ හැමෝම මගේ වටේ එකතු වෙලා "happy b'day " සින්දුව කිව්වා.මම ගෙදර එනකොටත් සැන් ලෙඩර්මන් ඇවිත් හිටියා.අපි එකම පන්තියේ ඉන්න අය හින්ද ඉල්සේ වැන්ගේර්,හනෙලි ගොස්ලෙර්,ජැකොලින් වැන් මාර්සන් ක්‍රීඩාගාරයේ ඉඳල අපහු එනකොට මාත් එක්ක ගෙදර ආවේ.හනෙලි සැනුයි මගේ ඉස්සර හොදම යාලුවෝ.අපි එකට යනවා දකිනකොට අනිත් අය කියනවා අන්න හෑනුයි,සෑනුයි,ඈනුයි යනවා කියල.මට ජැකොලින් වැන් මාර්ස්ව හම්බ උනේ යුදෙව් පාසලට ගියාට පස්සේ.දැන් එයා මගේ හොදම යාළුවා.ඉල්සේ හනේලිගේ හොදම යාළුවා.සැන් යන්නේ වෙන ඉස්කෝලෙකට එයට එතන යාලුවෝ ඉන්නවා.
ඒගොල්ලෝ මට "dutch sagas and legends "කියල ලස්සන පොතක් දුන්න.ඒ උනාට වැරදීමකින් දීල තියෙන්නේ එකේ දෙවැනි කොටස.මම පලවෙනි කොටස ගන්න වෙන පොත් දෙකකට මාරු කරා.හෙලෙන් ඇන්ටි මට ප්‍රෙහෙලිකාවක් දුන්න.ස්ටේෆනි ඇන්ටි මට ලස්සන හැට්ට කටුවක් දුන්න.ඇන්ටි ලෙනි"desi goes to mountain "කියල පොතක් දුන්න.
අද උදේ මම නන තැන ඉදගෙන කල්පනා කළේ රින්ග් ටින් ටින් වගේ බල්ලෙක් හිටියනම් කොච්චර හොදද කියල.මාත් ඌට රින්ග් ටින් ටින් කියනවා.මම ඌව මාත් එක්ක ඉස්කෝලේ ගෙනියනවා.කාලගුණය හොදට තියෙන දවස් වලට ඌට පාර්ක් එකේ හරි මුර කාරයාගේ කාමරේ හරි ඉන්න පුළුවන්.

මෙන්න මේකයි පලවෙනි කොටස මට ගුණ දොස් කියල කොමෙන්ට් එකක් දාන්න

Sunday, May 8, 2011

මගේ කෙල්ලෝ


පාඩම් වැඩනම් ගොඩයි.දැන් තමා පොඩ්ඩක් විතර ඉවර උනේ.වෙලාවකට මේ උසස් පෙළ කෙරුවාවත් එපා වෙනවා.එත් කරන්න ඕනිනේ.මම වැඩිය ලොකු දෙයක් ලියන්නේ නැ.දැන් හොදටම නිදිමතයි.ඒ වගේම බ්ලොග් එකත් පොඩ්ඩක් ලස්සන කරා.
මෙන්න මේකයි කතාව මම සුලාට ඒ කියන්නේ අපේ සුලගිල්ලට මට හිටපු කෙල්ලෝ ටික දානවා කියල.ගෘප් එකේ ඊයේ රෑ හිටපු කට්ටිය දකින්න ඇතිනේ මමයි සුලයි හෙන ගේමක් ඇදගෙන කතා කර කර හිටිය ලොකු මිනිස්සු වගේ.අනේ මන්ද පොඩි අපිට මොන ටින්කිරිද.ලොල්.

මෙන්න මේකයි මගේ කෙල්ලෝ ලිස්ට් එක.(මේවට ගොඩක් ලොකු හිස්ට්‍රි නෑ..ඒ උනාට පොඩිත් නෑ)
1.සුරන්ති - කළුතර ප්‍රසිද්ද කතෝලික බාලිකා පාසලක්
2.ශනුෂා - එම
3.නිලුක්ෂිකා - පානදුර ප්‍රසිද්ද බාලිකා පාසලක්
4.දිලිනි - නුගේගොඩ ශාන්තුවරයෙක්ගේ පාසලක්
5.දිනු - මාතලේ කොටු කර යුනිෆෝර්ම් එක තියෙන පාසල
6.ටීනා - සුරන්ති සහ ශානුශාගේ පාසල
7.වගීෂා - කළුතර බාලිකා පාසලක්
8.බ්‍රෙන්ඩා - නුගේගොඩ ජාත්‍යන්තර පාසලක්
9.පියුමි - දෙහිවල ජාත්‍යන්තර පාසලක්
10.වරුනි - නුවර බාලිකා පාසලක්
11.දුලන්ජලී - ගල්කිස්ස ප්‍රසිද්ද බාලිකා පාසලක්
12.නියෝමි - දෙහිවල කතෝලික පාසලක්
13.නිකි - ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක්
14.කල්නා - ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක්
15.භාග්‍යා - නාවල ප්‍රසිද්ද බාලිකා පාසලක්
16.________ (කීමට නොහැක දන්නෝ දනිති)

ඔච්චර තමා හිටියේ. :D :D වැඩි නෑ මන් හිතන විදිහට.16 වෙනි එක කියන්න බෑ.එක දන්නා අය දන්නවා.
මේ අය එක්ක කිසිම වැරදි වැඩක් කරලා නෑ කියල මට දිව්රලා කියන්න පුළුවන්.