
කලින් ලිපියට තිබුන ප්‍රතිචාර හිතුවට වඩා හොදයි.මන් පුළුවන් විදිහකට මේ කතාව ඔයාලට දෙන්නම්.මේ ඒ කතාවේ අද කොටස.කියවල බලන්නකෝ 
ඉරිදා හවස මගේ උපන් දින උත්සවය තිබුණා.රින්ග් ටින් ටින් චිත්‍රපටිය මගේ මිතුරියන් අතර හරිම ජනප්‍රිය එකක් උනා.මට ගවුමට ගහන කටු දෙකකුයි.බුක් මාර්ක් එකකුයි,පොත් දෙකකුයි ලැබුන.
ඉස්සෙල්ල ළමයින්ගෙන් පටන් අරගෙන  මගේ ඉස්කෝලෙත්, මගේ පන්තියෙත් ගැන කරුණු ටිකක් කියල පටන්ගන්නම්.බෙටි බ්ලුමෙන්දල් ටිකක් දුප්පත් බව පේනවා.මම හිතන්නෙත් එයා එහෙමයි.කොයි හරියේද
කියල අපි දන්නෙත් නැති බටහිර ඇමස්ටර්ඩෑම් වල පාරක තමා එයා ඉන්නේ.එයා ඉස්කෝලේ වැඩ වලට හොදයි.එයා ඒ දක්ෂ නිසා නෙවයි එයා ඒ තරමට මහන්සි වෙන නිසා.ඒ වගේම එයා ලස්සනයි.
ජැකොලින් වැන් මර්සන් මගේ හොදම මිතුරිය කියල සිතුවාට මට කවදාවත් හොද මිතුරියෙක් හිටියේ නැ.ඉස්සර ජැක් මගේ හොදම මිතුරිය කියල හිතුවත් මට වැරදුනා.
D.Q හැම වෙලාවේම මතක නැති වෙන කලබල කෙල්ලෙක්.එක නිසි දඩුවම් විදිහට එයාට ගුරුවරු අමතර වැඩ දෙන්නේ.එයා ගොඩක් කරුණාවන්තයි.ගොඩක්ම G.Zට.
 E.S හරියට කතා කරනවා.එත් ඒවාට හිනා යන්නේ නැ.එයා මොනවා හරි ඉල්ලනකොට ඔයාගේ කොන්දේ අල්ලයි එහෙම නැත්තම් බොත්තම් අතගායි.මව එයාට පෙන්න බැහැ කියල කට්ටිය කියනවා.මට මොකෝ මාත් එයාට වැඩිය කැමත්තක් නැ.
   E.S හරියට කතා කරනවා.එත් ඒවාට හිනා යන්නේ නැ.එයා මොනවා හරි ඉල්ලනකොට ඔයාගේ කොන්දේ අල්ලයි එහෙම නැත්තම් බොත්තම් අතගායි.මව එයාට පෙන්න බැහැ කියල කට්ටිය කියනවා.මට මොකෝ මාත් එයාට වැඩිය කැමත්තක් නැ.අපි එළියේ සෙල්ලම් කරනකොට කතා කරන එකයි ලාමකව ඉන්න එකයි ඇර හෙනි මෙට්ස් හොද චරිතය තියෙන කෙල්ලෙක්.එයාට අවාසනාවකට වගේ බෙපි කියල යාලුවෙක් ඉන්නවා.එයා හරිම කිළුටු ළමයෙක්.එයාගේ ගතිගුණ හෙනිටත් ගිහිල්ල.
J.R එයා ගැන මට පොතක් ලියන්න පුළුවන්.එයා හරිම නින්දිත,කේලම් කියන,වාචාල කෙල්ලෙක්.එයා හිතන්නේ එයා තමා කෙල්ල කියල.එයා ජච්ක්ව අල්ලාගෙන ඉන්න එක අපරාදේ.J ඉක්මනට තරහ ගන්න,පොඩි දේටත් අඩන ඒ හැම දේටම වඩා ලොකු කමින් හැසිරෙන එක්කෙනෙක්.එයා හැම වෙලාවේම හරි.එයා පෝසත් ඒ නිසා ගොඩක් වටිනා ඇදුම් අල්මාරියක් තියෙනවා.එත් ඒවා එයාගේ වයසට ගැලපෙන්නේ නැ.එයා හරි ලස්සනයි කියල හිතාගෙන ඉන්නේ.එත් එයා ලස්සන නැ.අපි දෙන්නට එක්කෙනාට එක්කෙනා පෙන්නන්න බෑ.
හනේලි ගොස්ලෙර් ඉස්කෝලෙදි කියන විදිහටනම් ලීස් .එයා ටිකක් ලැජ්ජයි.එයා වැඩිය අනිත් ය එක්ක කතා කරන්නේ නැ.මොනවා හරි කිව්වොත් එයා අම්මට කියනවා.ළගදි ඉදල මම එයාට කැමති. 
නැනි වන ප්‍රාග් සිගර් එයා බුද්දිමත් ළමයෙක්.ගොඩක් දක්ෂයි.නැනි ගැන තව මොනවත් කියන්න නැ.
G.Z තමයි අපේ පන්තියේ ලස්සනම කෙල්ල.එයාට ලස්සන උනත් එයා හරිම මෝඩි.එයාව තව අව්රුද්දක් මේ පන්තියේ තියාගනි.මම එක එයාට කියන්න ගියේ නැ.



 
 
 
 
 
 
 



 
 Posts
Posts
 
 
 
 
 
3 comments:
හරිම ලස්සනයි... ඇන් කියන්නේ කොටස් කතාවක් ද දීලිප ..මටත් මතකයි මෙහෙම කතාවක් කියෙව්වා..එත් දැන් නම් අමතකයි... කොහොම උනත් ඉස්කොලේ වැඩ ඉස්සෙල්ලාම කරගන්න ...මම කලින් අර ලිපියේ දවසේ ගානේ එකක් දාන්න කිව්ව එකට සමාවෙන්න ...
හොඳා හොඳා.... ඔය ලියල තියෙන්නෙ දෙවෙනි කොටසත්.... දිගටම ලියපං....
අනේ සමාවෙන්න මට රිප්ලයි කරන්න උනේ නැති එකට.
@නිම්ෂා නැ එක කොටස් කතාවක් නෙවයි මම මේක සිංහලට හරවල දෙන්නේ.ටිකක් අමාරු වැඩක්.
@කොල්ල බොහොම ඉස්තුති..දිගටම ලියන්නම හැම අඟහරුවදම..
Post a Comment