Ads 468x60px

Pages

Thursday, June 23, 2011

අපේ පලවෙනි සෝන්ග් කවර් එක ඉවරයි.හුරේ

අදනම් කියන්න යන්නේ අපිට ඒ කියන්නේ අපේ බෑන්ඩ් එකට ගොඩක්ම සතුටු හිතුන කාරණයක් ගැන.මොකද්ද දන්නවද?දන්නේ නැනේ.වැඩිය මොනවත් කියන්න ඕනි නැනේ.අපි තාම සින්දු කවර් කරන බෑන්ඩ් එකක්නේ.ඉතින් අපි අපේ පලවෙනි සින්දුව අති සාර්ථක ලෙසමත් නෙවයි අපේ දැනුමෙන් හොදට ඉවර කරා.ඉතින් මේක අපිට ගොඩක් සතුටු හිතෙන කාරණයක්.එත් ඉතින් මේ සින්දුවෙත් ගොඩක් වැරදි තියෙනවා කියල අපි දන්නවා.ඉතින් අපේ ට්‍රයි එක තව හොදට කරලා ඉස්සරහට යන්න තමා.දැනට අපි රෙකෝඩ් කරේ හැන්ඩි කැම් එහෙකින්.මොකද අපිට ලොකු දේවල් කරන්න සල්ලි නැනේ.



කවර් කරපු සින්දුව ගැන කියනවනම් මේක sick puppies බෑන්ඩ් එකේ polar opposite කියන ඇල්බම් එකේ Riptide කියන සින්දුව.කරේ අකිලලගේ ගෙදරදී.මේක acoustic ස්ටයිල් එකේ සින්දුවක්.මේ කවර් එකේ සින්දුව කිව්වේ ඒ කියනේ ගායනා කරේ ෆර්හාන්.බේස් ගිටාර් ලහිරු රිදම් අකිල ඒ උනාට මේ ගිටාර් දෙකම box acoustic වර්ගයේ ගිටාර් දෙකක්.පින්තුර ටික අපි රෙකෝඩ්  කරනකොට ගත්ත ඒවා.
තව දෙයක් කියන්න ඕනි.අපේ බෑන්ඩ් එකේ කට්ටිය එකතුවෙලා rock radio එකකුත් පටන් ගත්ත.the rock zone තමා ඒ radio එකේ නම.එකත් අහල බලන්න.එකේනම් යන්නේ rock සහ metal කියන වර්ගයේ සින්දු විතරයි.හැමදාම සතියේ දවස්වල රැ 10 ඉදන් 11 වෙනකන් පැයක් කරනවා.මේක ගොඩක්ම ස්තුති වෙන්න ඕනි උදිත්ට සහ කණි අයියට.      

Tuesday, June 21, 2011

ගේ එකෙකුට ගේමක් දුන්න හැටි 18+

අනේ අද කියන්න යන්න දේ ගැන මතෘකාවෙන්ම පේනවනේ.18+ කිව්වට පොඩි අයත් දැනගන්න ඕනි මේවා ගැන.ඔව් ගේ(gay )එහෙමත් නැත්තම් සමලින්ගිකයෙක් ඒ කියන්නේ පිරිමි සමලින්ගිකයෙක්,lesbian ඒ කියන්නේ ගැණු සමලිංගිකයන් ගැන.එත් මේ කියන්න යන්නේ අද මට උන දෙයක් ගැන.මේකයි කතාව 
අනේ මම අහිංසකය අදත් උදේ පන්ති ගිහිල්ල දවල් 12.30 විතර එලියට අවා පන්ති ඉවර වෙලා.පස්සේ නැග්ග 101 බස් එකට ගෙදර එන්න කියල.ඉතින් ටිකක් දුර යනකොට අව්රුදු 35ක විතර හොදට හැදුන පොරක් නැග්ග බස් එකට නැගල මගේ ලගින්ම ඉදගත්තා.මම අහිංසකය ඉතින් ජනේලේ පැත්තට වෙලා ගිය මගේ සුපුරුදු විනෝදාංශය කර කර.ඒ කියන්නේ සින්දු අහන එක.ටික වෙලාවක් යනකොට මම තුමාට තේරුණා කව්රු හරි මගේ කකුල අතගානවා කියල.මමත් හිතුව වැරදිලා අත තියාගෙන ඇති කියල.එක නිසා මම කිව්වා ටිකක් එහාට වෙන්න කියල.එත් ටික වෙලාවකින් මට අපහු තේරුණා මු එන පොට හොද නැ කියල.මොකද අපහු මගේ කකුල අතගාපු නිසා.ඉගෙන හිටපු සීට් එකෙන් නැගිටලා ඇන්න මුනට තුනක් විතර නහයෙන් ලේ එන්නම.පස්සේ එවලේම බස් එක නැවැත්තුව.දොස්තර අයිය ඇවිල්ල ඇහුව මොකෝ මල්ලි කියල.මමත් ඉතින් කිව්වා මු මගේ කකුලෙන් ඇල්ලුවා එක නිසා ගැහුවා කියල.පස්සේ දොස්තර අයියත් අරුට බැනල බස් එකෙන් එලෙව්වා.මාත් වීරයා වගේ පස්සේ ගෙදර අවා.මේක මට උන මේ තුන්වෙනි පාර.තුන් පාරම නහයවල් තුනක් කැඩුව මගේ බෙල්ට් එකට පිංසිද්ද වෙන්න.ඉතින් මම කියන්නේ දැන් කාලේ පාරක යන්න බැරි කෙල්ලෙක්ට විතරක් නෙවයි.කොල්ලෙක්ට උනත් දැන් එහෙමයි.මේ පොන්නයෝ(කුණුහරපයක් නොවේ) නිසා පාරක බැහැල යන්න බැරි එකටනම් ඕකුන්ව එල්ලුවත් මදි.අපේ අම්ම කියන විදිහට දැන් කාලේ වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනි කෙල්ලෙක්ට වඩා කොල්ලෙක්වලු.මේ වගේ දේවල් මගේ යාලුවන්ටත් වෙලා තියෙනවා.ඔයාලටත් වෙලා ඇතිනේ.මම මේ පොස්ට් එක දාන්නේ තියෙන තරහටමයි.මුන් කොල්ලොන්ගෙන් මොන ආතල් එකක් ගන්න හිතනවද මන්දා.පොන්න හැතිකරේ...

Sunday, June 19, 2011

metalcore බෑන්ඩ් එකක් ඕනිනම් මෙන්න කියවල බලන්න

මේ පොස්ට් එක දාන්න ගොඩක්ම හේතු උනේ අද අකිල මට කියපු දෙයක් නිසා.ඒ කියන්නේ අද අපේ myspace පේජ් එකට Asking Alexandria කියන බෑන්ඩ් එක කමෙන්ට් කරලා තියෙනවා.ඉතින් එක දැක්කහම අපිට පුදුම සතුටක් දැනුනේ.මොකද Asking  Alexandria කියන බෑන්ඩ් එකේ ක්‍රමය වගේ තමා අපේ බෑන්ඩ් එකත් ක්‍රමය.ඉතින් මේ මම පොඩි හැදින්වීමක් කරන්න යන්නේ Asking Alexandria බෑන්ඩ් එක හැදුන විදිහ ගැන.

Asking Alexandria is a British five-piece metalcore band from England. The band has its roots in Dubai, UAE, where guitarist Ben Bruce started a band under the name EndofReason. After having recorded an unreleased album entitled The Irony of Your Perfection, the band changed their name to Asking Alexandria just before calling it a day.

Ben later moved back to the England, and a couple of years without a band, he started fresh with new members, though keeping the name Asking Alexandria. Ben has stated on the bands MySpace-blog that he was the inventor of the name, that he still liked it at the time and the meaning/reason behind the name still remained, and therefore decided to carry it on.

Ben also made a statement in the same blog post that the current Asking Alexandria is not the same band that wrote The Irony of Your Perfection, neither in style nor members.

Asking Alexandria’s debute album Stand Up And Scream was released on September 15th 2009 through Sumerian Records and they currently touring the US with Alesana, The Bled, Enter Shikari and Broadway in its support. They are also to be seen on tour once again in the US with Evergreen Terrace, For the Fallen Dreams and Unholy in October and November.

Members.
Danny Worsnop - Vocals.
Ben Bruce - Guitar.
Camron Liddell - Guitar.
Sam Bettley - Bass.
James Cassells - Drums.




Asking Alexandria කියන්නේ එංගලන්තයේ metalcore ගනයට අයිති බෑන්ඩ් එකක්.එත් මේ බෑන්ඩ් එකේ මුල පටන් ගන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කියන රටෙන්.මේකේ ආරම්බකයා වෙන්නේ Ben Bruce .Asking Alexandria බෑන්ඩ් එකේ මුල් නම end of reason විදිහටයි සදහන් වෙන්නේ.The Irony of Your Perfection කියන ඇල්බම් එක කරලා ඉවර උනහම බෑන්ඩ් එකේ නම වෙනස් කරලා තියෙනවා දැන් තියෙන Asking alexandria කියන නමට.

Ben පස්සේ ආපහු එංගලන්තෙට ඇවිල්ල අව්රුදු දෙකක් බෑන්ඩ් එකක් නැතුව ඉන්නවා.ඔහු නැවතත් අලුතින්ම බෑන්ඩ් එක පටන් ගන්නවා Asking Alexandria කියන නමින්ම අලුත් සාමාජිකයෝ එක්ක.පස්සේ Ben බෑන්ඩ් එකට myspace blog එකක් හදනවා ඒ නමින්ම.මොකද ඔහු ඒ නමට සහ තේරුමට කැමති නිසා.දැනට ඔවුන්ගේ බෑන්ඩ් එකේ නම එහෙම්මමයි.

එසේම Ben නිවේදනයක් නිකුත් කරනවා ඔවුන්ගේ බ්ලොග් එකෙන් දැනට තියෙන Asking Alexandria බෑන්ඩ් එක නෙවයි The Irony of Your Perfection කියන ඇල්බම් එක කරේ සහ විදිහෙන් සහ සාමාජිකයන්ගෙන්ද සමාන නැ කියල.
Asking Alexandria කියන බෑන්ඩ් එකේ පලවෙනි ඒ කියන්නේ ආරම්බක ඇල්බම් එක තමා 2009 සැප්තැම්බර් 15 රිලීස් කරපු Stand Up And Scream කියන ඇල්බම් එක.දිගටම ඔවුන් Sumerian Records සහ පොදුවේ සංචාරය කරන්නේ Alesana, The Bled, Enter Shikari සහ Broadway කියන බෑන්ඩ් එක්ක තමා.ඔවුන් නැවතත් Evergreen Terrace, For the Fallen Dreams සහ Unholy බෑන්ඩ් එක්ක සංචාරය කරලා තියෙනවා ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස වලදී. 



Saturday, June 18, 2011

හිට්ස් 5000 පන්නල ඒ ගමන් ජොබකුත් සෙට් වගේ

හ්ම්ම්ම්..කොහොම පටන් ගන්නද කියලනම් තේරෙන්නේ නැ.හිතේ සතුටකුත් එක්කම තමා මේ පොස්ට් එකත් ලියන්නේ මම.මොකද මගේ බ්ලොග් හිට්ස් 5000 පන්නල,කමෙන්ට් 201 ක් සහ ෆලොවර්සලා 45 ක් පොස්ට් 41 ක්.මගේ පලවෙනි පොස්ට් එක මාර්තු 8 දැම්මේ ඉතින් මාස හතරක් වගේ පොඩි කාලෙට මට මේ ඇති.බ්ලොග් ලියන කෙනෙකුට ඊට වඩා මොනවද නේ?මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2008 ජුලි වල.එත් ඉතින් දුක තමා මොකද මම ඒ කාලේ බ්ලොග් ගැන මෙලෝ මලදානයක් දන්නේ නැ.ආපහු මට බ්ලොග් ලියන්න ආසාවක් අවේ last row බ්ලොග් එක දැකල.පස්සේ දැක්කේ රංග අයියගේ බ්ලොග් එක.එකෙනුත් ආසාවක් අවා.පස්සේ ඉතින් ආපහු google එකෙන් ලොග් වෙලා හදාගෙන තමා මේ තරම් දුර ආවේ.
කියන්න සතුටුයි මට මේ පොඩි කාලේදී ගොඩක් හොද යාලුවෝ සෙට් එකක් හම්බ උනා.මුලින්ම සෙට් උනේ අපේ පුසාව.පුසා තමා මාව සින්ඩි වලට දාල දුන්නේ.පස්සේ උදිත් පස්සේ ඉතින් පවිත්‍ර/කුඩ්ඩා/ටිමොන්/දිසා සහ තව අය.ඒ වගේම අපේ බ්ලොග් කෙරුවාවේ අබි,මඩය,වැපා,මාරයා වගේ ලොකු අයියලත් හම්බ උනා.(අයියල කිව්වේ ආදරේට,අක්කලත් ඉන්නවා හොදේ).ඒ වගේම දැන්නම් බ්ලොග් කරන අයට උදව් කරන්න ඔනිතරම් අය ඉන්නවා.එක නිසා මේ බ්ලොග් කෙරුවාවට එන එක දැන්නම් අමාරු නැ.මම මේ දේ කුඩ්ඩාගේ අද පොස්ට් එකෙනුත් දැක්ක.
තව දෙයක් කියන්න අමතක උනා.අද මම සම්මුක පරික්ෂනෙකට ගියා වැඩේ ගොඩ වගේ කියල හිතෙනවා එයාල කතා කරපු විදිහෙන්නම්.දැන් අව්රුදු 19 ක් වෙනවනේ ගෙදරට බරක් වෙන්නත් බැනේ තව.හැමදේම හොදින් සිද්දවෙයි කියල හිතනවා. 
මෙතැනදී නම් සදහන් උනේ නැති අය ඉන්නවනම් තරහ වෙන්න එපා.මම දන්නවා ඔයාල හැමෝම මට වචනෙකින් හරි උදව් කරලා තියෙනවා කියල.


Friday, June 17, 2011

නියම සින්දු දෙකක්

අම්මෝ දැන් ටිකකට කලින් තමා ගෙදර ආවේ.අද අපි ඉතින් වෙනද වගේම සෙට් වෙලා අපේ බෑන්ඩ් එකේ වෙන දේවල් ගැන කතා කර වගේම පුහුනුවීමුත් කරා.ඒවගේම අද ටිකක් සතුටු හිතෙන දවසක් ඒ මොකද මගේ බ්ලොග් එකේ හිට්ස්  5000 පන්නල.බ්ලොග් ලියන කෙනෙකුට ඊට වඩා ත මොනවද නේද?
හරි කතා ඇති අද මම දෙන්න යන්නේ මදු මෙටල් සින්දු ගැන අහපු නිසා මෙටල් සහ හාර්ඩ්කොර්(hardcore ) ගණයට අයිති සින්දු දෙකක්.
පලවෙනි එක bullet for my valentine බෑන්ඩ් එකේ poison ඇල්බම් එකේ tears dont fall කියන සින්දුව  මේක තමා මේ ඇල්බම් එකේ ගොඩක්ම හිට් උන සින්දුව කිව්වොත් මම වැරදි නැ.වැඩි කතා ඕනි නැ මෙන්න ඒක  බලන්න 

අනිත් බෑන්ඩ් ඒක තමා හාර්ඩ්කොර්(hardcore ) ගණයට අයිති බෑන්ඩ් එකක් වෙන asking alexandria කියන බෑන්ඩ් එකේ stand up and scream  කියන ඇල්බම් එකේ final episode කියන සින්දුව.මේ ඇල්බම් ඒක 2009 අව්රුද්දෙ රිලීස් කරපු ඇල්බම් එකක්.

Thursday, June 16, 2011

TO HELL WE MARCH ලංකාවේ පටන්ගන්න යන අලුත්ම බෑන්ඩ් එකක් ගැනයි මේ සංකල්පනාව.

මේ කියන්න යන්නේ අපි කට්ටිය එකතුවෙලා හදන බෑන්ඩ් එකක් ගැන.කට්ටිය දන්නවනේ ලංකාවේ එක එක වර්ගයේ බෑන්ඩ් තියෙනවා කියල.jazz ,pop ,rock ,metal සහ පපර බෑන්ඩ් සහ තව එක එක වර්ගයේ බෑන්ඩ් තියෙනවනේ.බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘප් එකේ හිටපු අයත් දන්නවා ඇතිනේ මම ඩ්‍රම් එකක් එහෙම හොය හොයා හිටිය කියල.දැන්නම් ඒ සේරම දේවල් හරි.හරි අපහු කතාවට බහින්නම්.(ඒ කියන්නේ මෙච්චර වෙලා හිටියේ කතාවේ නෙවෙයිද)කතාවේ තමා.ලොල්...මම දන්නේ න අපේ බ්ලොග් අවකාශයේ කට්ටිය rock සහ metal කියන වර්ගේ සින්දු අහනවද කියල.ලංකාවේ බහුතරයක් මේ විදිහේ සින්දු අහනෙන් නැ.මොකද සද්දේ වැඩි කියල.ඒ උනාට අපි අපේ අසවල් කරගන්න ඕනිනේ.එක නිසා තමා මේ බෑන්ඩ් එක පටන් ගත්තේ.මේක නිකම්ම වගේ අපු අදහසක් උනාට ඒ අපු අදහසට මම.අකිල(A KILLER),ලහිරු(SIDI),ෆර්හාන්(COWI),ශෑනන් සහ විහඟ කැමති උනා.මේකේ මුල පටන් ගත්තෙත් අකිලලගේ ගෙදරදී තමා.කොහොම හරි අපිට ප්‍රශ්නයක් උනේ බෑන්ඩ් එකට නමක් හොයාගන්න එක මොකද මේක electrometal ගණයට අයිති බෑන්ඩ් එකක්.ඉතින් අපේ මුල්ම නම උනේ eternal chaos දෙවැනි එක උනේ Poseidon ඊට පස්සේ poisoned love පස්සේ තමා මේකේ දැන් තියෙන නම අවේ ඒ කියන්නේ TO HELL WE MARCH කියන නම.ඕක අවේ ඉතින් අපේ ලහිරුගේ අදහසක් අනුව තමා.මොකද අපි හැමෝගෙම metal guru වෙලා ඉන්නේ ලහිරු තමා.
මම කියන්නම් දැන් අපි පස්සෙන් එලවන බෑන්ඩ් මොනවද කියල විශේෂයෙන්ම පලවෙනි එක වෙන්නේ bullet for my valentine කියන බෑන්ඩ් එක.මොකද මේක විශේෂයි කියන්නේ අපි අහපු පලවෙනි hard rock සහ metal බෑන්ඩ් එක මේක නිසා.ඒ උනාට ඊට කලින් simple plan ,linkin prak වගේ බෑන්ඩ් අහල තියෙනවා.දෙවැනි එක asking alexandria කියන බෑන්ඩ් එක සහ ඒ වගේම තව හොද metal බෑන්ඩ් වගයක පස්සෙන් එලවනවා.දැනටනම් අපි පුහුණුවීම් තමා කරගෙන යන්නේ.මොකද දැන්ම කලඑලි බැහැල වැඩ දෙල් කරගන්න ඕනි නැති නිසා.දන්නවනේ ලංකාවේ හැටි.මොන හොද වැඩකට උනත් උදැල්ල දාන්න තමා බලාගෙන ඉන්නේ .අපිට ඕනි සාමාන්‍ය බෑන්ඩ් වගේ නොවී අපේම ආරේක අලුත් විදිහේ අත්දැකීමක් ලංකාවේ අයට දෙන්න තමයි.මම ඔයාලට දෙන්නම් අපේ fan page එකේ ලින්ක් එක.මෙතනින් fan page එකට යන්න.අලුතෙන් පටන්ගන්න යන මේ මොන්ටිසෝරි කොල්ලන්ට පොඩි උදව්වක් කරන්න වචනෙකින් හරි.අපි නොදන්නා දේවල් තියෙනවනම් කියල දුන්නට තරහ නැ. 

Tuesday, June 14, 2011

ගෙවෙන හැම තත්පරයක්ම මෙහෙමයි

මට ආදරේ ගැන හිතෙන්නේ පුදුම දෙයක්.මට තේරෙනවා ඔයා මගේ ලග නැ කියල.එත් මේ මගේ හිත මොකද්දෝ කියාගන්න බැරි දෙකින් පිරිලා.අපි ගතකරපු හැම මොහොතක්ම මට දැන් මැවිලා පේනවා වගේ.ඔයාගේ කටහඬ ඔයාගේ ඒ හිනාව හැමදෙයක්ම මට දැන් ඇහෙනවා වගේ.මගේ මේ පුංචි ජීවිතේ හැම වෙනස්වීමකට හේතුව ඔයාද?අනේ මන්ද මටනම් කිසිදෙයක් තේරුම් ගන්න බැ.මට ඕනි ඔයාගේ ලගටම වෙලා ඉන්න විතරයි.ඔයාව මගේ ලගට අරගෙන හිමිට පොඩි හාදුවක් දෙන්න විතරයි මට ඕනි.

මගේ ජීවිතේට කවදාවත් නොහිතපු විදිහට ඔයා අවේ.කව්ද හිතුවේ අපි මේ විදිහට හම්බවෙයි කියල කව්ද දැනගෙන හිටියේ අපි මෙහෙම ආදරේ කරයි කියල.ඔයාද?මමද?නැ අපි දෙන්නම නෙවෙයි.එහෙනම් කව්ද?මගෙන් අහන්න එපා රත්තරන්.මම ඒවාට උත්තර දෙන්න දන්නේ නැ.අපි පැය ගණන් කතා කරන දේවල් වෙලාවකට පොඩි උන් වගේ.කිසිම තේරුමක් නැ.එත් මම දන්නවා ඒ තේරුමක් නැති කතා අස්සේ ඔයා මගේ වෙනුවෙන් ඇති ආදරේ දොරේ ගලනවා කියල.
ඔයා හැමදාම අහන එක ප්‍රශ්නයක් තමා ඇයි මම ඔයාට ආදරේ කරන්නේ කියල.අනේ මන්ද.මමනම් දන්නේ නැ.ඔයා දන්නවද?එත් මට මෙහෙම කියන්න පුළුවන්."ඔයා මගේ,හැමදාටම හැම වෙලාවේම"
මම දන්නේ නැ ඇයි මම මෙහෙම ලියන්නේ කියල.හිතට පුදුම දුකක් වගේම පුදුම සතුටකුත් එනවා.ඒ දුකට හේතුවත් ඔයාම තමා මගේ රත්තරන්.මොකද ඔයා මගේ ලග නැ.සතුටට හේතුවනම් ඔයා මගේ.

අන්තිමට මෙහෙම කියන්නම්..මම ඔයාට ගොඩක් ආදරෙයි...!

Sunday, June 12, 2011

ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරු ගැනයි මේ සංකල්පනාව

මේක මට අපේ නංගි මතක් කරපු දෙයක්.මේක මම ආගමකට මොනවත් කියන්න හදන දෙයක් නෙවයි.මුස්‌ලිම අය මේක කියෙව්වොත් තේරුම් ගන්න කරුණාකරලා.මගේ දුප්පත් බ්ලොග් එක හැක් කරන්න එහෙම එපා.කට්ටිය දැකල ඇති ලංකාවේ ඉන්නවා මුස්ලිම් ගැණු අය.දැන් ටිකක් මතක් කරගන්න එයාල ඇදගෙන යන්නේ කොහොමද කියල පාරේ.මතක නැත්තම් උඩ පින්තුරේ බලන්නකෝ.මතකයි නේද? 

දැන් ටිකකට ඇස දෙක වහගෙන හිතන්න මේක කියවන ගැණු අක්කල හෝ නංගිලා හෝ ඇන්ටිලා හෝ ආච්චිලා මේ විදිහට බුද්දාගමේ හරි කතෝලික ආගමේ අදිනවා දැකල තියෙනවද?නැ නේද? හිතන්න අපේ ඔය ආගම්වල ගැණු අයට ඔහොම අදින්න කිව්වොත් මොනවා කියයිද?දැන් උත්තරේ හිත්වල කැරකෙනවා නේ?මට බනින්න එපා.ඒ මොකද එහෙම වෙන්නේ?මොකද ඒ ගැණු අය තමන්ගේ සවාමියට තමන්ගේ ආගමට ගරු කරන නිසා.එත් මේක ගැන නෙවයි මම කතා කරන්න යන්නේ.

දැන් අපහු හිතන්න ඔය ගැණු අය කොහොමද ඔහොම ඇදගෙන දවල් 12ට 1ට වගේ පාරට බැහැල යන්නේ කියල.බොරු කියන්න ඕනි නැ.මට බැ කළු පාට t shirt එකක්වත් ඇදගෙන දවල්ට පාරට බහින්න.මොකද එච්චරටම රස්නෙයි.මම අනන්තවත් දැකල තියෙනවා අපේ ඉස්කෝලේ ගාවට ඔහොම ගැණු අය එනවා එයාලගේ පොඩි එක්කෙනාව ගෙදර අරගෙන යන්න.
ඇයි ඇත්තටම මෙහෙම ඒ අය අඳින්නේ?මොකද මුස්ලිම් වර්ගය පෙරදිගට වියාප්ත උනේ අරාබි රටවල් වල ඉදගෙන.ඉතින් අරාබි රටවල් වල මොනවද වැඩියෙන්ම තියෙන්නේ?හරියටම හරි කාන්තාර.ඉතින් අපේ ලංකාවේ නැති වියසනයක් එහෙ තියෙනවනේ.ඒ තමා වැලි කුණාටු.හැම රටකටම පොදු වියසනයක්  තියෙනවා වගේම එහෙට තියෙන්නේ ඒවා තමා ගොඩක්ම.ඉතින් ඒ රටවල් වල,ඒ කියන්නේ අරබිකරේ කාන්තාර අවට තියෙන රටවල් වල මිනිස්සු අදින්නේ මුළු ඇගම වැහෙන්න.දැකල ඇතිනේ අරාබි රටවල් වල මිනිස්සු අදින විදිහ.එක ඒ රටවල් වල ජාතික ඇඳුම කියලනේ පිළිගන්නේ.ඉතින් වැලි කුණාටු නිසා තමා ඒ අය එහෙම අඳින්නේ.
ඒ උනාට ලංකාවේ එහෙම අඳින්නේ ගොඩක්ම ශ්‍රී ලංකා මුස්ලිම් කියල කියන අය.මාලදිවයිනේ සීමිත ප්‍රමාණයක් එහෙම අඳිනවා.මොකද එහෙම කියන්නේ මුස්ලිම් වලත් එක එක කොටස් ඉන්නවා.
1.ශ්‍රී ලංකා මුස්ලිම්
   i.නැගෙනහිර තිරයේ මුස්ලිම්වරු
   ii.බටහිර තිරයේ මුස්ලිම්වරු  
2.මැලේ මුස්ලිම් 
3.ඉන්දියානු මුස්ලිම් 

ශ්‍රී ලංකා මුස්ලිම්
ලංකාවේ ඉන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් තමා බහුතරය.එයාල 92% ඉන්නවා මුස්ලිම් ජනගහනයෙන්.මෙයාල මෙහෙට සංක්‍රමණය වෙලා තියෙන්නේ අටවන සහ පහළොස් වන සියවස් අතරදී අරාබිය අවට මැදපෙරදිග රටවල් වලින්.මෙයාලගේ කොටස් දෙකක් තියෙනවා ලංකාව ඇතුලේ.ඒ නැගෙනහිර තිරයේ මුස්ලිම්වරු සහ බටහිර තිරයේ මුස්ලිම්වරු කියල.

මැලේ මුස්ලිම් 
මැලේ මුස්ලිම් වරුන් වියාප්ත වෙලා ඉන්නේ අග්නිදිග ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ විතරයි.දැනට ජනගහනය 50,000ක් විතර වෙනවා.මෙයාල ලංකාවට ඇවිල්ල තියෙන්නේ ලංකාව සහ ඉන්දුනීසියාව ලන්දේසි යටත් විජිත සමයේ ඉන්දුනීසියාවෙන්.ඒ කාලේ ලංකාවට මෙහෙට ආපු ඉන්දුනිසියනුවන් සෙබළුන් ලෙස බදවාගෙන වැඩ අරගෙන තියෙනවා ලංකාවේ හිටපු ආණ්ඩුකාරය.ඇත්ත වශයෙන්ම මොවුන් ඉන්දුනීසියාවෙන් පිටුවහල් කරපු පිරිසක්.ඉතින් මොවුන්ට ලංකාවේ නවතින්න සිද්ද උනා.මොවුන්ව අදුරගන්න පුළුවන් පොදු සාදකය තමා මොවුන්ගේ මැලේ බාෂාව කතා කිරීමේ හැකියාව.(bahasa melayu ).1980 වකවානුවේදී මැලේ ප්‍රතිශතය 5%ක් පමණ වී තිබෙනවා.විශේෂයෙන් කියන්න ඕනි මොවුන් අදින විදිහ ගැන.හිතන්න කොහොමද අදින්නේ කියල.වෙන මුස්ලිම් අය අදින විදිහට නෙවයි.මෙයාලත් අපි වගේම ඩෙනිමක් ටි ෂර්ට් එකක් දාගෙන තමා ඉන්නේ.(මගේ බාප්පා මේ මැලේ මුස්ලිම් ගණයට අයිති වෙන්නේ)

ඉන්දියානු මුස්ලිම්   
මොවුන්ගේ වියාප්තිය ලංකාවට සිදුවන්නේ ලන්දේසි ආණ්ඩුකාර සමයේදිමයි.සමහරුන් පැවතගෙන එන්නේ පෘතුගීසි සහ ඉංග්‍රීසි වකවානුවේදී.මොවුන් මෙහෙට පැමිණෙන්නේ තමිල්නාඩුවේ සහ කේරල ප්‍රාන්තයේ සිටයි.දැනට මොවුන්ගේ ජනගහනය 30,000ක් පමණ වෙනවා. 

ප.ලි මේකේ වැරදි තියෙනවනම් මට කරුණාකරලා නිවැරදි කරගන්න හැලුප් එකක් හීනියට වගේ දෙන්න හොදේ  
 

Saturday, June 11, 2011

මෙන්න නියම දේවල් YOUTUBE එකේ

කට්ටිය මම අද දෙන්න යන්නේ youtube එකේ සර්ච් කරනකොට හම්බ උන ව්‍ඩියෝ ටිකක්.මම යටින් ලින්ක් දීල තියෙන්නේ ක්ලික් කරලා බලන්න හොදද කියල.
මේක barely political කියන චැනල් එක මෙතනින් යන්න 
මේක fred කියල පිස්සු ඩයල් එකකගේ චැනල් එකක්.මෙතනින් යන්න 
මේක annoying orange කියල තව අතල් චැනල් එකක්.මෙතනින් යන්න  
මේක gummy bear කියල චැනල් එකක්.මෙතනින් යන්න
මේක indian stand up comedy කියල එකක් මේකේ චැනල් එකක් හොයාගන්න උනේ නෑ.මෙතනින් යන්න
මට අමතක වෙලා තිබුන එකක් ඉෂාර තම මටහක් කරලා දුන්නේ මේකේ the key of awesome කියල චැනල් එකක්.මෙතනින් යන්න  


Thursday, June 9, 2011

ලෝකයේ භයානකම ගුවන්තොටුපලක් ගැනයි මේ






 
මම මේ කියන්න යන්නේ මේ දැන් මම දැක්ක දෙයක්.මේක මට ආපු ඉ-මේල් එහෙකින් දැක්කේ පස්සේ තව විස්තර හෙව්වා.දන්නවද GIBRALTAR ගුවන් තොටුපල ගැන?එහෙම නැත්තම් NORTH FRONT AIR PORT එක ගැන.මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැතුව ඇති.මේක පිහිටලා තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ බුමි ප්‍රදේශයක.මේකේ වැඩකටයුතු සියල්ල සිද්ද වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ පිහිටි ගිබ්‍රල්ටා වට අවශ්‍ය විදිහටයි.රාජකීය ගුවන් හමුදාවට ලෙස රාජකීය ගුවන් තොටුපල වන මෙය අයත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යංශයටයි.එහෙත් මෙය සාමාන්‍ය වැසියන්ගේ පාවිච්චියට ගනු ලබන ගුවන් තොටුපලක්.දැනට මෙහි ගුවන් වාර සිදුවෙන්නේ මහා බ්‍රිතාන්‍යයට පමණයි.
2004 වසරේදී මෙම ගුවන් තොටුපල මගීන් 314,375 සහ ටොන් 380ක ප්‍රමාණයක් භාණ්ඩ ප්‍රවාහනය කරලා තියෙනවා.මෙහි ඇති අරුමයනම් මෙම ගුවන් තොටුපලේ ධාවන පථය යෙදී තිබෙන්නේ ස්පාන්චයේ බෝඩරය යා කෙරෙන මාර්ගය හරහා වීමයි.මෙහි ප්‍රතිපලයක් ලෙස සිදුවන්නේ සැම ගුවන් යානයක් පිටවීමේදී හා ගොඩ බැමේදී මෙම මාර්ගය වසා දැමීමට සිදුවීමයි.එක්තරා රුපවාහිනී වැඩසටහනක මෙය ලෝකය සහ යුරෝපයේ බයානකම ගුවන් තොටුපළවල් අතරේ 5 වන තැනට නම් කර තියෙනවා. 

Wednesday, June 8, 2011

ICARUS ගැන..ලස්සනයි අහගෙන ඉන්න ආසයි...අහලම බලන්නකෝ...

කොහොමද කස්ටිය??හොදින් ඇති කියල හිතනවා..මමනම් ගිය සතියේ අම්බානකට වැඩ ගොඩක් එක්ක තමා හිටියේ.අද තමා මේ බ්ලොග පැත්තට අවෙත්.ඊයේ තමා ඇන් ෆ්‍රෑන්ක් දාන්න ඕනි දවස.එත් වැඩ නිසා දාන්න උනේ නෑ.අලුතෙන් ඒජන්සියක් පටන් ගත්තා මම.ඒක නිසා එකෙත් වැඩ එක්ක බ්ලොග පැත්තේ කැරකෙන්නේ අමාරුවෙන්.මම ඇන් ෆ්‍රෑන්ක් හෙට වගේ දාන්නම්.මෙතනින් බලාගන්නකෝ දැනට ඇන් ෆ්‍රෑන්ක් දාල තියෙන ටික.
ඉතින් මම අද කියන්නේ යන්නේ ලංකාවේ රොක් බෑන්ඩ් එකක්  ගැන.දන්නවනේ මම රොක් පිස්සෙක් කියල.දන්නේ නැත්තම් දැන් දැනගන්න.මේ බෑන්ඩ් එකේ නම ICARUS දන්න අයත් ඇති.මේ බෑන්ඩ් එකේ මුල් නම වෙලා තිබුනේ DOWN එත් ඒ වගේ තව නමක් වෙන බෑන්ඩ් එහෙකට තියෙන නිසා මේක ICARUS කියල වෙනස් කරලා තියෙනවා.ICARUS කියන්නේ ග්‍රීක් දෙවි කෙනෙක්.ඉතින් ඒක නිසා තමා ICARUS බෑන්ඩ් එකේ ලෝගෝ එකට අත්තටු දෙකක් තියෙන්නේ.මෙතනින් යන්න පුළුවන් ICARUS බෑන්ඩ් එකේ බ්ලොග් එකට.ICARUS බෑන්ඩ් එකේ ලස්සනම සින්දුවක් තමා YOUR LULLABY .ඒ සින්දුවේ MP3 ඒක මෙතනින් ගන්න.video එකක්නම් නෑ.මම ඒ සින්දුවේ lyrics දෙන්නම් මේක මම ආසම සින්දුවක්.ලස්සන තේරුමක් තියෙනවා.මේක රොක් නෙවයි ACOUSTIC ටයිප් එකේ සින්දුවක්. 

Lay your head down
On my shoulders
And close your eyes
Tell me softly
That you’ll love me
For the rest of our lives

Let me kiss the
Tears on your face
You don't have to cry
Just listen to me
When I'm singing
Your lullaby

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

And I don’t say this much
But I love your touch
More than words
Who needs heaven and
Who needs angels
When you're in the world

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

And this is your lullaby
Your lullaby
Your lullaby
And this is your lullaby
Your lullaby
Your lullaby

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

I will keep you
Safe forever
Just close your eyes…

Wednesday, June 1, 2011

ඇන් ෆ්‍රෑන්ක් 4 කොටස

1942 ජුනි 20 සෙනසුරාදා 
ආදරණීය කිටි
            මම කෙලින්ම පටන් ගන්නම්.දැන් කිසිම සද්දයක් නැ.අම්මයි තාත්තයි එලියට ගිහිල්ල.මගෝ යාලුවෝ එක්ක පින් පොන් ගහන්න ගිහිල්ල.මාත් මේ ලගක් වෙනකන් පින් පොන් ගැහුවා.කොච්චරක්ද කියනවනම් අපි සංගමේකුත් හැදුව.එකට කිව්වේ LITTLE DIPPER MINUS 2 කියල.එකනම් ටිකක් මෝඩ නමක් තමා.එත එක අපි දැම්මේ වැරදීමකින්.මොකද අපේ සංගමේට විශේෂ නමක් දාන්න ඕනි උනා.ඉතින් අපි 5 ක් හිටපු නිසා LITTLE DIPPER කියල දාන්න අදහස් කරා.අපි හිතුවේ එක හැදිලා තියෙන්නේ තරු පහකින් කියල.එත් අපිට වැරදුනා "BIG DIPPER " වගේ.එකට තරු 7 ක්   තියෙනවා අඩු දෙකට තමා අපි MINUS 2 කියල කිව්වේ.ඉල්සේ වන්ගේර්ට පින් පොන් බඩු ටික තියෙනවා.ඕනි වෙලාවක අපිට එයාලගේ ලොකු කාමරේ සෙල්ලම් කරන්න පුළුවන්.පින් පොන් සෙල්ලම් කරහම ඇග රත් වෙන නිසා අපි සෙල්ලම් කරලා යුදෙව්වන්ට ඇතුල්වෙන්න දෙන ලගම අයිස් ක්‍රීම් කඩේට යනවා.අපි සල්ල හොයන එක නවත්තල ගොඩක් කල්.ගොඩක් වෙලාවට ලොබ නැති කොල්ලෝ කට්ටියක්ව හොයාගෙන හරි අපිට සතියකටවත් කල ඉවර කරන්න බැරි තරම් අයිස් අරන් දෙන අපේ පස්සෙන් එන කෙනෙක් හරි හොයා ගන්න එක අමාරු වැඩක් නෙවෙයි.

            මෙච්චර පොඩි කාලේදී අපේ පස්සෙන් එන අය ගැන පුදුම වෙන පුළුවන්.වාසනාවකට හෝ අවාසනාවකට මේක අපේ ඉස්කෝලේ පුරාම තියෙනවා.මාත් එක්ක බයිසිකලේ පැදගෙන ගෙදර යන්න එයත් එන්නද කියල කොල්ලෙක් මගෙන් අහල තියෙනවා.මම එකට කැමති කියමුකෝ.අපි පස්සේ කතා කරොත් එය මට වශී වෙන්වෙලා එයාගේ ඇහේ මානයෙන් මට මට ඓන් වෙන්න දෙන්නේ නැති බව මට 9/10 විශ්වාසයි.මම එයාගේ අදර බැල්ම ගණන් ගන්නේ නැතුව බයිසිකලේ පැදගෙන යනකොට එයාගේ කැමැත්ත අඩු වෙලා යනවා.තවත් දුර ගිහිල්ල එයාගේ තාත්තාගෙන් අවසර ගන්න ඕනි වගේ දේවල් කියවනකොට මම මගේ බයිසිකලේ පොඩ්ඩක් පැත්තකට බර කරලා දානවා.එතකොට එයාට බැග් එක අහුලලා දෙන්න වෙනවා.එතකොට මම කතාව මාරු කරනවා.හැබයි ඒ නම් ගොඩක් අහිංසක අය විතරයි.ඒ අතරේ ෆ්ලයින් කිස් එවන අය අතින් අල්ලන්න හදන අයත් ඉන්නවා.ඒ නම් එයාල උත්සහ කරන්නේ වැරදි කෙනා එක්ක.එතකොට මම බයිසිකලෙන් බැහැල එයාල එක්ක තවත් ආශ්‍රය කරන්න බ කියල කියනවා.එහෙම නැත්තම් මට ලජ්ජා කරා වගේ අගවල කියනවා මම නැතුව ගෙදර යන්න කියල.ඉතුරු ඒවා හෙට.