පලවෙනි සහ දෙවැනි කොටස් කියවන්න බැරි උන අය මෙතනින් කියවන්න.
හරි ආපහු කතාවට ඔන්න.ඔන්න දැන් අපේ රජ තුන් කට්ටුව,ඒ කියන්නේ මමයි ලහිරුයි නිපුනයි පාන්දර 5.55 පොඩි මැණිකේ කෝච්චියේ නුවර යන්න පිටත් උනා.මම කෝච්චියේ නුවර යන පලවෙනි පාර තමා මේක.පට්ට ෆන්.යන ගමන් උළුදු වඩේ අරගෙන කෝක් එකකුත් අරගෙන පිස්සු කෙල කෙල ගියා.ඒක අපිට පොඩි පහේ ට්‍රිපක් වගේ තමා.යනකොට දැක්ක මාර ලස්සන දේවල්.මේ ලංකාවද කියල හිතුන.
ඔන්න ඉතින් අපි 9.35ට විතර නුවර ස්ටේෂන් එකෙන් බැහැල එලියට එනකොට අපේ නිපුන කොල්ලට පොඩි පහේ බඩේ අව්ලක් ඇවිල්ල දිව්වා මහත්වරුන්ගේ කාමරයට.ඒකව එහෙම්මම දාල මමයි ලහිරුයි එලියට ආව.එතකොට ඉන්නවා දිනු බට්ටි එක්ක.මමත් ඉතින් පැණි හිනාව දාගෙන ගියා.මුළු පනාවම එළියේ.දන්නා අය දන්නවා ඇතිනේ තමන් ආදරේ කරන කෙනා හම්බ වෙනකොට ඇතිවෙන සතුට.ඒක මම කියල දෙන්න ඕනි නැනේ.ඉතින් ඒ අවස්ථාවේ හැටියට මටත් එහෙම උනා.පස්සේ මම ලගට ගිහිල්ල කතා කරා.පස්සේ නිපුන එනකන් එලියට වෙලා ඉන්නකොට දිනු මට කියපි
"ඔයාගේ කොන්ඩෙ කැතයි.ඇයි ඔයා ජෙල් කරන්නේ නැත්තේ?"
"මම එහෙම තමා.මම ආස නැ ජෙල් කරන්න."
"ඒ උනාට ඔයාට ලස්සනයිනේ"
"අහ්හ් ඇත්තද එහෙනම් ඔයාම කරන්න"
මොන කොල්ලද ආස නැත්තේ තමන්ගේ කෙල්ලට කියල ඔලුව අත ගා ගන්න.ඉතින් ඒ පිවිතුරු පරමාර්ථයෙන් මම එහෙම කිව්වා.
"නැ එක්කෝ ඕනි නැ.ඔය කැමති නැත්තම් ඕනි නැ"
"ඒ උනාට ඔයාට ලස්සනයිනේ"
"අහ්හ් ඇත්තද එහෙනම් ඔයාම කරන්න"
මොන කොල්ලද ආස නැත්තේ තමන්ගේ කෙල්ලට කියල ඔලුව අත ගා ගන්න.ඉතින් ඒ පිවිතුරු පරමාර්ථයෙන් මම එහෙම කිව්වා.
"නැ එක්කෝ ඕනි නැ.ඔය කැමති නැත්තම් ඕනි නැ"
කිරි අප්පට පුසෝ බුරපි.මගේ හීනේ එතනම කැඩිලා කුඩු වෙලා පව්ඩර් වෙලා ගියා.දුක තමා රන්ජනියේ කිව්වලු.ඔන්න එතකොට නිපුනයත් ආව.ඉතින් ඔතනම ඉදගෙන යන්නේ කොහෙද කියල කල්පනා කරා.මම ඉතින් නුවර ඒක උනාට නුවර ගැන දන්නේ නැනේ.පස්සේ දිනුම කියපි

"හා"
ඉතින් ඔහොම මාලිගාවට යනකන්ම අතකින්වත් ඇල්ලුවේ නැ.එහෙම අල්ලන්න හොද නෑලු.අනේ හුකේ නන්නානේ කිව්වලු.දැන් තමා හිතුනේ ආපු මෝඩ කම කියල.යකෝ අතින්වත් අල්ලන්න දෙන්නේ නැති ගෑනි අහවල් එකටද?මාත් ඉතින් හා කියල ගියා.මෙන්න බොලේ මාලිගාවට ගියහම සේරම බක්තිය එලියට දාල මේ ගෑනි වදිනවා දන ගහගෙන.මමත් ඉතින් දන්නා විදිහට වැඳලා නැගිටලා තව පැය කාලක් විතර හිටියා මෙයා නැගිටිනකන්.(ලහිරු ගැන සහ බට්ටි ගැන නොකියමි) මම හිතුවෙම රහත් වෙයි කියල.කොහොම හරි මේ ගෑනි කියපි පරක්කු වෙනවා ගෙදර යන්න ඕනි කියල.මම බුරුවත් හා කියල ඔන්න දැන් යනවා බස් හෝල්ට් එකට මාතලේ.ගිහිල්ල ඉන්නකොට මෙන්න බොලේ මගෙන් අහනවා
"ඔයාට තිබහ නැද්ද?"
"ඔව් තිබහයි.ඔයානේ ගෙදර යන්න ඕනි කිව්වේ"
"ඔව් නේ.කමක් නැ අපි කෝක් මෙගා එකක් ගමු"
"හා"
"එතකොට අපිට බස් එකේ ඉදන් බොන්න පුළුවන්"
"ඔව්"
මට යක නැගල කෝක් එකකත් අරගෙන ආපු A/C එකට නැග්ග බුදු ගේමක් දීල.මට තේරුණා මෙයාට අන්තිම සීට් අල්ලගෙන හොදට හුරුවක් තියෙනවා කියල.කොහොම හරි මට කලින් බස් එකට නැගල අන්තිම සීට් එකේ හිනා වේවි හිටියා.මම හිතුව දැන්වත් ඉතින් මට නිදහසේ කතා කරලා පරිස්සමෙන් ගෙදර ගිහිල්ල බස්සන්න පුළුවන් වෙයි කියල(දැන් වල් විදිහට හිතන්න එපා යකුනේ.මම කිව්වේ ගෙදරට ගිහිල්ල ඇරලවන එක.)
"ඔව්"
මට යක නැගල කෝක් එකකත් අරගෙන ආපු A/C එකට නැග්ග බුදු ගේමක් දීල.මට තේරුණා මෙයාට අන්තිම සීට් අල්ලගෙන හොදට හුරුවක් තියෙනවා කියල.කොහොම හරි මට කලින් බස් එකට නැගල අන්තිම සීට් එකේ හිනා වේවි හිටියා.මම හිතුව දැන්වත් ඉතින් මට නිදහසේ කතා කරලා පරිස්සමෙන් ගෙදර ගිහිල්ල බස්සන්න පුළුවන් වෙයි කියල(දැන් වල් විදිහට හිතන්න එපා යකුනේ.මම කිව්වේ ගෙදරට ගිහිල්ල ඇරලවන එක.)
ඔන්න දැන් බස් එක යනවා.

"කියන්න"
"මට නිදිමතයි"
මට මේකිව මරාගෙන කලත් මදිනේ ඉතින්
"ඇත්තද.එහෙනම් නිදා ගන්න"
"කමක් නැද්ද?"
"කමක් නැ"
"තරහද?"
නැ යකෝ උඹව මරාගෙන කන්න පුළුවන්..ඕක කියන්න බැනේ.මල දරාගෙන
"නැ."
එහෙම කියල විනාඩියක් නැ මෙන්න අනිත් පැත්තට හැරිලා වීදුරුවට ඔලුව තියාගෙන නිදි.අනේ අහිංසක මම.දුකයිද මගේ ගැන ඔයාලට? ලහිරුටත් හිතුනලු.විනාඩි පහකට විතර පස්සේ මෙන්න බලො ඔලුව මගේ උරහිස්සේ.කමක් නැ පව්නේ කියල මාත් හිටියා.මෙන්න තව විනාඩියකින් මට තේරෙනවා මගේ උරහිස්ස තෙතයි වගේ.මට බලන්න අප්පිරියයි.මේ ගැනී මගේ උරහිස්සේ කෙල පෙරනවා.
යකා හොදටම ඇවිස්සිලා.එත් හිටියා.පස්සේ ටිකකින් බට්ටි කතා කරලා කියනවා.මල්ලි බහින්න ලගයි එයාව ඇහැරවන්න කියල.මාත් ඉතින් ඇහැරවල කෙල එහෙම පිහිදම්මවල බස් එකෙන් බහින්න හදනකොට
"මේ මේ ඔයාල බහින්න එපා කෙලින්ම යන්න"
"ඇයි ඒ?"
"එපා කිව්වහම එපා.අපේ කව්රුහරි දැක්කොත් මට හොද නැ"
"ඇයි ඒ?"
"එපා කිව්වහම එපා.අපේ කව්රුහරි දැක්කොත් මට හොද නැ"
මාත් ඉතින් දිනු කෙල්ලෙක් නිසා පව්නේ හා කියල කෙලින්ම මාතලේට ගිහිල්ල එතනින් කොළඹ බස් එහෙක ආවා.මොනවා කරන්නද පස්සේ එත් දිගටම මැසේජ් කරා.බොරු කියන්න ඕනි නැ මම ඇත්තටම දිනුට ගොඩක් ආදරේ කරා.අපි වෙඩින් එකක් ගැන පවා කතා කරා.පිස්සු තමා.ඒ උනාට එක කියන්න තේරෙන්නේ නැ.
කොහොම හරි කාලය ගෙවිල ගියා.ආපහු මාස 4ක් විතර ගෙවිල ගිහිල්ල දිනුල ආවා බෙල්ලන්විල.
බෙල්ලන්විලදී මොකෝ උනේ කියල හෙට කියන්නම්.
7 comments:
අනේ ඉක්මනට දාන්න...
හික් හික්.. කෙල්ල ගානට කොල්ලාව අන්දලා.. කෝ වැදගත් කොටස.. උඹනේ කෙල්ලට ටිකට් එහෙම ගත් බස් එකට ? :P
කෙල්ල උරහිසේ කෙල පෙර පෙර නිදාගන්න ඇති නේ. කොහොමද ෆන් එක !!!! උරිස්ස නිකන් වැස්සට අහු උනා වගේ තියෙන්න ඇති නේ.
ඉතුරු කොටසත් ඉක්මනටම ලියන්න. මේක මෙගාවක් ද ? හික්ස් :)
අලේ පව් බොගේ නම කොට වෙලා තියන හැටි අන්තිම කාලෙ වෙනකොට "ස" විතරද ඉතුරුවුනේ :D
හිකිස් මරු කට්ට..
ඉක්මනට දාන්න ඊළග කොටස...
@පිස්සු පුසා දාන්නම් බන්.බය වෙන්න එපා
@bunny ඔව් බන් ඒක ගැනනම් කවර කතාද
@මදු මතක් කරන්න එපා බන්.වැස්සට වහි බින්දුවල සන්ද්රනේ අඩුයිනේ.ඒ උනාට කෙලවල වැඩියි.ගොළු බෙල්ලෙක් වගේ. :/ මෙගාවක් නෙවෙයි බන්.ඒ උනාට දාන්නම් හිතට බයයි එහෙම වෙයිද කියලත්
@කුඩ්ඩා ස යන්නවත් ඉතුරු උනානම් මොකෝ.;අන්තිමට ඉතුරු උනේ ස අකුරේ උඩ ගැටේ විතරයි
@චතුර ආදරේ කරනකොට කටු කන්න ඕනි බන්.ඒ උනාට මේ වගේ කට්ටක්..අප්පෝ.දැන්නං හිතෙනවා නැති එකම හොදයි කියල.එහෙම උනානම් තාමත් අතින්වත් අල්ලන්න දෙන එකක් නැ
@chammA ඔකේ මචෝ දාන්නම්
Post a Comment