
වෙනද ඇසෙන පොලින් හඩ වෙනුවට 
රතින්ච හඩත් සමග මුසුව 
කොහෝ හඬින් අපි පිබිදුනේ 
NCC යේ අවුරුදු උලලෙට
ඇවිත් හිටිය හතර වටින් 
කැඩෙට් කරන කොල්ලෝ කෙල්ලෝ,
කනා මුට්ටි,කොට්ටා පොර 
ඒ වගේම කඹ අදිල්ලත් 
ජයටම ගියා කෙරීගෙන
කවුරුන් හෝ දිනන තුරා,
එහෙන් මෙහෙන් සිනා හඬත් 
සමග මුසුව ආ සිනාව 
සිත ගත්තේ නොදැනීමයි 
මාගේ මේ හද අරණේ,
එස වුවා මේ පා යුග  
ඇයගේ ඒ සිනහව දෙසට 
යන්නට උනේ නෑ මට 
අඩි දහයක් තව දුරටත්
එතනට ආ කොල්ල එක්ක 
ඇය සිටියා මුකුළු පපා,
අනේ මටත් ඉතින් මොකෝ 
කියල හිතල අවා මමත්
යන්නට අවුරුදු කුමරා ලෙස
හොද හැටි ඇදුමෙන් සැරසෙන්නට 



 
 
 
 
 
 
 



 
 Posts
Posts
 
 
 
 
 
1 comments:
:a
:h
Post a Comment