Ads 468x60px

Pages

Sunday, May 22, 2011

පෘතුවිය මත තවත් විශ්වයක්?


අපි හැමෝම කතා බලනවනේ එක එක චැනල් වල යන කතා.මමත් බලනවා.එත් දුකින් උනත් කියනන් වෙනවා මට ඉතින් tv එකක් නෑ දැන් ඔය කතා බලන්න.ඔයාලටත් හිතෙනවා ඇතිනේ මම පව් කියල (එහෙනම් TV එකක් අරන් දෙන්නකෝ)
මම මේ කියන්න යන්නේ මම ජංජාලෙන් බාගෙන බලන කතාවක් ගැන.මම ගොඩක් ජංජාලෙන් බාගෙන බලනවා.මේ එක කතාවක්,මේකේ නම තමා FRINGE . මේක බලන අයත් ඇති.බලන අය දන්නවා මේ කතාව කොච්චර ලස්සනද කියල.මාත් කැමති හොද දේවල් බෙදාගෙන කන්න.පොඩි කාලේ තමා බදාගෙන කෑවේ.දැන් අපි ලොකුයිනේ.එකයි
මේ.මට මේ කතාව මුලින්ම දුන්නේ මගේ හොදම යාළුවා.
මම මුලින්ම මේකේ රඟපාන අය ගැන කියල ඉන්නම්.
මේකේ ප්‍රධාන චරිතය
OLIVIA DUNHAM (Anna Torv )
උප ප්‍රධාන චරිත
PETER BISHOP (Joshua Jackson )
CHARLIE FRANCS (Kirk Acevedo )
JHON SCOTT (Mark Valley )
WALTER BISHOP (Jhon Noble)
PHILLIP BROYELS (Lance Reddick )
NINA SHARP (Blair Brown )
ASTRID FARNSWORTH (Jesika Nicole )

කතාව

FRINGE කියන්නේ ඇමෙරිකාවේ තියෙන FBI එකට අනුයුක්ත විද්‍යාත්මක ගැටීම් නිරාකරණය කරන තැනක්.මේක පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ BOSTON ප්‍රාන්තයේ.OLIVIA DUNHAM ඇතුළු කණ්ඩායම FBI සහ FBI නොවන විද්‍යාත්මක දේවල් සහ පුදුමසහගත දේවල් විමර්ශනය කරමින් යන විටදී බොහෝවිට අභිරහස් ගණයට අයත් දරුණු සිදුවීම් සිද්ද වෙනවා.මෙය විශේෂයෙන්ම සිදුවන්නේ පෘතුවිය මත ඇති තවත් සරල සමාන්තර විශ්වයක් නිසා බව මොවුන් මෙහි විටින් විට පැමිණෙන සිදුවීම් ඔස්සේ පරීක්ෂණ කිරීමේදී හෙළිවෙනවා.
මේ සියල්ල ආරම්බ වන්නේ OLIVIA DUNHAMගේ සගයා JHON SCOTT මරණය සිදුවන්නේ ඉතාමත් අසාමාන්‍ය අන්දමින් නිසයි.මේ ගැන OLIVIA DUNHAM ගේ පරීක්ෂණ කිරීම් වලදී සිදුවන අබිරහස් හා ගුප්තබවින් නිරුපනය කරන මෙය ඉතාමත් අනර්ග කතා මාලාවක්.මෙම කතා මාලාව Science Fiction
,Horror සහ Thriller ගණයට අයත් වෙනවා.මෙය The X-Files වැනි කතා මාලාවක්.

මෙහි නිෂ්පාදකයන්
J.H WYMAN
JEFF PINKNER
මේ තියෙන්නේ Season 1 Episode 1 Torrent එක........මේක බාගෙනම බලන්න.



7 comments:

නෙරංජි සුලක්ඛනා said...

:f thanks malli දැන්ම බෑම අරඹමි.

Unknown said...

එල එල අක්කා.බලල ඉවර වෙලා කියන්නකෝ කොහොමද කියල :D

Thusitha (දිමා) said...

බාල බලමු.... :h

Unknown said...

ela ela balama balannako...

තුෂාර said...

එකත් දුර්ජනයින්ගෙන් පිරිලා නම්...,වැඩක් නැහැ නේද?

Unknown said...

ekanam ehema thama..ath mona kathaweda ehema naththe??

Anonymous said...

Fringe ඉවර උන නිස දැන් හරිම පාලුයි. මම ආසම TV Series එකක්... තව හෙන හැපනින් TV Series එකක් තමයි The Event කියන්නේ...
මේ තියෙන්නේ ඒකේ IMDB එකේ පේජ් එක:
http://www.imdb.com/title/tt1582459/

මේ තියෙන්නේ Seson 1 Episode 1, Torrent file එක:
http://isohunt.com/torrent_details/214703349/the+event?tab=summary

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment