
ඊයේ රෑ අහස දිහා බලාගෙන මන් ඇහුවා
දෙවියන්ගෙන් ඇයි ඔයා මා ගව නැත්තේ කියල
දෙවියෝ උත්තර දුන්නේ නෑ
මම තරුවල ඔයාව හෙව්වා
එත් මට ලැබුනේ නෑ
මම මගේ හදවතට ඇහුම්කන් දුන්න
එත් මට උත්තරයක් ලැබුනේ නෑ
මම ඊයෙත් මෙතනට ඇවිත් දෙවියන්ගෙන් ඔයදේම ඇහුවා
අද වගේම තරුවලත් ඔයාව හෙව්වා
එත් මට කිසිදෙයක් ලැබුනේ නෑ
මට දැන් පාලුයි දුකයි
ඒ ඔයා මාව දාල ගිහින් නිසා
මම ඊයේ වගේම අදත් දෙවියන්ගෙන් ඉල්ලනවා
ඔයා කොහේ හිටියත් හොදින් ඉන්න කියල
මට ඔයාව ගොඩක් මතක් වෙනවා මගේ රත්තරන්
ඔයා කොච්චර මිනිස්සුන්ට කඩාගෙන පැන්නත්
ඔයා කොච්චර මගෙන් බැනුම් ඇහුවත්
මම තම ඔයාට ආදරෙයි...!
ඒ ඔයා මගේ ටොමියා නිසා