Ads 468x60px

Pages

Tuesday, June 14, 2011

ගෙවෙන හැම තත්පරයක්ම මෙහෙමයි

මට ආදරේ ගැන හිතෙන්නේ පුදුම දෙයක්.මට තේරෙනවා ඔයා මගේ ලග නැ කියල.එත් මේ මගේ හිත මොකද්දෝ කියාගන්න බැරි දෙකින් පිරිලා.අපි ගතකරපු හැම මොහොතක්ම මට දැන් මැවිලා පේනවා වගේ.ඔයාගේ කටහඬ ඔයාගේ ඒ හිනාව හැමදෙයක්ම මට දැන් ඇහෙනවා වගේ.මගේ මේ පුංචි ජීවිතේ හැම වෙනස්වීමකට හේතුව ඔයාද?අනේ මන්ද මටනම් කිසිදෙයක් තේරුම් ගන්න බැ.මට ඕනි ඔයාගේ ලගටම වෙලා ඉන්න විතරයි.ඔයාව මගේ ලගට අරගෙන හිමිට පොඩි හාදුවක් දෙන්න විතරයි මට ඕනි.

මගේ ජීවිතේට කවදාවත් නොහිතපු විදිහට ඔයා අවේ.කව්ද හිතුවේ අපි මේ විදිහට හම්බවෙයි කියල කව්ද දැනගෙන හිටියේ අපි මෙහෙම ආදරේ කරයි කියල.ඔයාද?මමද?නැ අපි දෙන්නම නෙවෙයි.එහෙනම් කව්ද?මගෙන් අහන්න එපා රත්තරන්.මම ඒවාට උත්තර දෙන්න දන්නේ නැ.අපි පැය ගණන් කතා කරන දේවල් වෙලාවකට පොඩි උන් වගේ.කිසිම තේරුමක් නැ.එත් මම දන්නවා ඒ තේරුමක් නැති කතා අස්සේ ඔයා මගේ වෙනුවෙන් ඇති ආදරේ දොරේ ගලනවා කියල.
ඔයා හැමදාම අහන එක ප්‍රශ්නයක් තමා ඇයි මම ඔයාට ආදරේ කරන්නේ කියල.අනේ මන්ද.මමනම් දන්නේ නැ.ඔයා දන්නවද?එත් මට මෙහෙම කියන්න පුළුවන්."ඔයා මගේ,හැමදාටම හැම වෙලාවේම"
මම දන්නේ නැ ඇයි මම මෙහෙම ලියන්නේ කියල.හිතට පුදුම දුකක් වගේම පුදුම සතුටකුත් එනවා.ඒ දුකට හේතුවත් ඔයාම තමා මගේ රත්තරන්.මොකද ඔයා මගේ ලග නැ.සතුටට හේතුවනම් ඔයා මගේ.

අන්තිමට මෙහෙම කියන්නම්..මම ඔයාට ගොඩක් ආදරෙයි...!

13 comments:

Ishara ( DarKneT ) said...

අපි නම් නොදනී අපි තනියෙන් :g

Maleth Kushan said...

:g

Dinesh said...

වචන වලින් ලියා ගන්න බැරි ආදරේ.. :t

Yasantha Hennayake said...

වචන අනන්තයක් තිබුනද විස්තර කර නිම කල නොහැකි ආදරේ..
අදහස වර්ණවත් මචං.............ඒ වගේම ආදරණීයයි.. ආදරයෙදි සතුට විතරක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

සංකල්ප said...

ඇත්තටම ආදරේ කියගන්න වචන මදි. ලස්සනට ලියලා තියෙන කතාවක්. උබ නම් හෙනම වාසනාවන්තයි මෙහෙම ආදරයක් ලබන්න.

Unknown said...

@ ඉෂාර බලමුකෝ උඹ තව කොච්චර කාලයක් තනියම ඉදිද කියල

@මලියා බොහොම ස්තුති මචන් මේ පැත්තේ ආවට

@දිනේෂ් අනිවා මචන් වචන වලින් කියාගන්න බෑ.

@චතු බොහොම ස්තුති මචෝ.උඹලටත් එසේම වේවා කියල ප්‍රර්ථනා කරනවා

@මදු ඔව් මචන් ගොඩක් වාසනාවන්තයි.මන් හිතනවා උඹලත් එහෙම ඇති කියල.එහෙම නැතත් දුක් වෙන්න එපා.අපිට උරුම කෙනා කොහෙහරි ඉදන් අපිව හොයාගෙන එනවා.

හිස් අහස said...

ආදරේ ..:) ඒක නම් මගේ අතින් ඊයේ පෙරේදා නැති වුණා..

Unknown said...

ආදරේ කියන්නේ එහෙම දෙයක් තමා.වෙලාවකට නැති වෙනවා,වෙලාවකට ඇති වෙනවා..දුක් වෙන්න එපා..සේරම කාලයට ඉඩ දීල බලාගෙන ඉන්න.වෙන දෙයක් වෙයි

pavithra weerapperuma said...

:t

Bindi said...

ඔබ සතුටෙන් නම් අපිටත් එය සතුටක්...අම්මෝ ඒ කාලේ ලිව්වා කවි ..ලියුම් ...තොගයක් ..ඒවයෙත් තිබුනේ ඕවගේම තමයි.....

Unknown said...

@සුලා :e
@බින්දී අක්කා ආව් ආව්..ඔහොම තමා අක්කා හැමෝම නේ?

පන්සල් හංදිය said...

ආදරේ හිතට දැනිච්ච වෙලාවක් වගේ .........

Unknown said...

ඔව් අයියේ අලුත්ම වැඩක්

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment