දැන් ටිකකට ඇස දෙක වහගෙන හිතන්න මේක කියවන ගැණු අක්කල හෝ නංගිලා හෝ ඇන්ටිලා හෝ ආච්චිලා මේ විදිහට බුද්දාගමේ හරි කතෝලික ආගමේ අදිනවා දැකල තියෙනවද?නැ නේද? හිතන්න අපේ ඔය ආගම්වල ගැණු අයට ඔහොම අදින්න කිව්වොත් මොනවා කියයිද?දැන් උත්තරේ හිත්වල කැරකෙනවා නේ?මට බනින්න එපා.ඒ මොකද එහෙම වෙන්නේ?මොකද ඒ ගැණු අය තමන්ගේ සවාමියට තමන්ගේ ආගමට ගරු කරන නිසා.එත් මේක ගැන නෙවයි මම කතා කරන්න යන්නේ.
දැන් අපහු හිතන්න ඔය ගැණු අය කොහොමද ඔහොම ඇදගෙන දවල් 12ට 1ට වගේ පාරට බැහැල යන්නේ කියල.බොරු කියන්න ඕනි නැ.මට බැ කළු පාට t shirt එකක්වත් ඇදගෙන දවල්ට පාරට බහින්න.මොකද එච්චරටම රස්නෙයි.මම අනන්තවත් දැකල තියෙනවා අපේ ඉස්කෝලේ ගාවට ඔහොම ගැණු අය එනවා එයාලගේ පොඩි එක්කෙනාව ගෙදර අරගෙන යන්න.
ඇයි ඇත්තටම මෙහෙම ඒ අය අඳින්නේ?මොකද මුස්ලිම් වර්ගය පෙරදිගට වියාප්ත උනේ අරාබි රටවල් වල ඉදගෙන.ඉතින් අරාබි රටවල් වල මොනවද වැඩියෙන්ම තියෙන්නේ?හරියටම හරි කාන්තාර.ඉතින් අපේ ලංකාවේ නැති වියසනයක් එහෙ තියෙනවනේ.ඒ තමා වැලි කුණාටු.හැම රටකටම පොදු වියසනයක් තියෙනවා වගේම එහෙට තියෙන්නේ ඒවා තමා ගොඩක්ම.ඉතින් ඒ රටවල් වල,ඒ කියන්නේ අරබිකරේ කාන්තාර අවට තියෙන රටවල් වල මිනිස්සු අදින්නේ මුළු ඇගම වැහෙන්න.දැකල ඇතිනේ අරාබි රටවල් වල මිනිස්සු අදින විදිහ.එක ඒ රටවල් වල ජාතික ඇඳුම කියලනේ පිළිගන්නේ.ඉතින් වැලි කුණාටු නිසා තමා ඒ අය එහෙම අඳින්නේ.
ඒ උනාට ලංකාවේ එහෙම අඳින්නේ ගොඩක්ම ශ්රී ලංකා මුස්ලිම් කියල කියන අය.මාලදිවයිනේ සීමිත ප්රමාණයක් එහෙම අඳිනවා.මොකද එහෙම කියන්නේ මුස්ලිම් වලත් එක එක කොටස් ඉන්නවා.
1.ශ්රී ලංකා මුස්ලිම්
i.නැගෙනහිර තිරයේ මුස්ලිම්වරු
ii.බටහිර තිරයේ මුස්ලිම්වරු
2.මැලේ මුස්ලිම්
3.ඉන්දියානු මුස්ලිම්
ශ්රී ලංකා මුස්ලිම්
ලංකාවේ ඉන්නේ ශ්රී ලංකා මුස්ලිම් තමා බහුතරය.එයාල 92% ඉන්නවා මුස්ලිම් ජනගහනයෙන්.මෙයාල මෙහෙට සංක්රමණය වෙලා තියෙන්නේ අටවන සහ පහළොස් වන සියවස් අතරදී අරාබිය අවට මැදපෙරදිග රටවල් වලින්.මෙයාලගේ කොටස් දෙකක් තියෙනවා ලංකාව ඇතුලේ.ඒ නැගෙනහිර තිරයේ මුස්ලිම්වරු සහ බටහිර තිරයේ මුස්ලිම්වරු කියල.
මැලේ මුස්ලිම්
මැලේ මුස්ලිම් වරුන් වියාප්ත වෙලා ඉන්නේ අග්නිදිග ආසියාවේ සහ ශ්රී ලංකාවේ විතරයි.දැනට ජනගහනය 50,000ක් විතර වෙනවා.මෙයාල ලංකාවට ඇවිල්ල තියෙන්නේ ලංකාව සහ ඉන්දුනීසියාව ලන්දේසි යටත් විජිත සමයේ ඉන්දුනීසියාවෙන්.ඒ කාලේ ලංකාවට මෙහෙට ආපු ඉන්දුනිසියනුවන් සෙබළුන් ලෙස බදවාගෙන වැඩ අරගෙන තියෙනවා ලංකාවේ හිටපු ආණ්ඩුකාරය.ඇත්ත වශයෙන්ම මොවුන් ඉන්දුනීසියාවෙන් පිටුවහල් කරපු පිරිසක්.ඉතින් මොවුන්ට ලංකාවේ නවතින්න සිද්ද උනා.මොවුන්ව අදුරගන්න පුළුවන් පොදු සාදකය තමා මොවුන්ගේ මැලේ බාෂාව කතා කිරීමේ හැකියාව.(bahasa melayu ).1980 වකවානුවේදී මැලේ ප්රතිශතය 5%ක් පමණ වී තිබෙනවා.විශේෂයෙන් කියන්න ඕනි මොවුන් අදින විදිහ ගැන.හිතන්න කොහොමද අදින්නේ කියල.වෙන මුස්ලිම් අය අදින විදිහට නෙවයි.මෙයාලත් අපි වගේම ඩෙනිමක් ටි ෂර්ට් එකක් දාගෙන තමා ඉන්නේ.(මගේ බාප්පා මේ මැලේ මුස්ලිම් ගණයට අයිති වෙන්නේ)
ඉන්දියානු මුස්ලිම්
මොවුන්ගේ වියාප්තිය ලංකාවට සිදුවන්නේ ලන්දේසි ආණ්ඩුකාර සමයේදිමයි.සමහරුන් පැවතගෙන එන්නේ පෘතුගීසි සහ ඉංග්රීසි වකවානුවේදී.මොවුන් මෙහෙට පැමිණෙන්නේ තමිල්නාඩුවේ සහ කේරල ප්රාන්තයේ සිටයි.දැනට මොවුන්ගේ ජනගහනය 30,000ක් පමණ වෙනවා.
ප.ලි මේකේ වැරදි තියෙනවනම් මට කරුණාකරලා නිවැරදි කරගන්න හැලුප් එකක් හීනියට වගේ දෙන්න හොදේ
25 comments:
මුස්ලිම් ආගමේ නීති සමුදායක් තියෙනවානේ.ඒවා ගැන නම් වැඩි අවබෝධයක් නැත්ත එහෙම දේවල් නිසා ඔය ඇදුම් එයාල ඇදිම කරනවා මම හිතන්නේ.ගැලපීම නොගැලපීම පසුවට ගතයුතු ප්රශ්නයක්
මුස්ලිම් ආගම ගැන ලොකු දෙයක් නොදන්න නිසා මුකුත් කියන්න බෑ යාළුවා.. ගොඩාක් ස්තුතියි මම නොදැන හිටිය කරුණු කීපයක් මේකෙන් මම දැනගත්තා..
මුස්ලිම් කට්ට්ය ඔහොම හිට්යා ට තමුන්ගෙම සහොදරියන් මරපු අයත් ඉන්නවා ගොඩක් මුස්ලිම් කට්ට්ය ආගම මුල් කරගෙන ම්නිසුන් මරනවා සමහරුන් කුලියට ම්නි මරනවා ආවසාන මෙ සියල්ලටම ආගම ගාව ගන්නවා මෙයද ම්නිසත්කම ම්නිසත්කම මට ප්රශ්නයක්
බොහොම වටිනා දැනුම රැසක් මටනම් ලැබුණා..නියමයි යාළු.. :f
ඉන්න මම මුස්ලිම් යාළුවෙක්ගෙන් අහගෙන එන්නම්
නියම ලිපියක්. මමත් මේක හොදටම දකලා තියෙනවා. වෙලාවකට හිතෙනවා පව් කියලා. මේ සෙරම දේවල් ගෑනු අයට විතරයි. පිරිමි අයට එහෙම නෑ. ඒ අය එයාලය ඒන ඇදුම් ඇදගෙන යනවා කිසි ගින්නක් නෑ.
නමුත් ගෑනු කෙනෙක් තමන් ආස කරන ඇදුමක් ඇන්දොත් එදාට වසලා හමාරයි.මට නම් හිතෙන්නේ මේක ආගමටත් වඩා පිරිමි ආධියත්යය පෙන්වන්න කරන උත්සහයක් කියලා.
@උදියා එක තම මචන් කියල තියෙන්නේ ආගමට හා ස්වාමියට ගරු කිරීමක් ලෙස මේදේ කරනවා කියල
@දිනේෂ් මේ පොස්ට් එකෙන් උඹ දෙයක් දැනගත්තනම් මට ඒ ඇති
@සොහාන් මම මෙතැනදී මිනි මැරීමක් ගාවගෙන නැ මිත්රයා.ඒ උනත් දුකින් හරි අහන්න වෙනවා අපේ අනිත් ආගම් දෙකේ මිනිස්සුත් මිනි මරනවා නේද කියල.එයාල කරන පව් එයාල ගෙවයි.අපි හොද වැඩ කරමුකෝ
@මකුළු එල තමා එහෙනම් :b
@හොර පුසා හා හා අහගෙන එන්නකෝ.වැරදි තැනක් එහෙම තියෙනවනම් කියල දුන්නට තරහ වෙන්නේ නැ.:l
@මදු උඹගේ කතාව සමහර විට හරි වෙන්න පුළුවන් මචන්.එත් ඇයි මචන් එහෙනම් මුස්ලිම් ආගමේ මැලේ කොටස මේ විදිහට අදින්නේ නැත්තේ?මට උත්තරයක් දෙන්න.
පව් මේ අහිංසක ගෑනු. මට අහි දුකයි මෙයාලා ගැන... ලිපිය හොදයි මචෝ. නොදන්න දේවල් දැනගත්තා..
බොහොම ස්තුති හැකෝ....
එල පෝස්ට් එකක් මචං... :l
මුස්ලිම් ගෑනු අය ගොඩාක් දුක් විඳිනවා පව්.ඒත් ඒ අය ආගමට ගොඩාක් ගරු කරනවා අනිත් අගම් වලට වඩා
ලංකාවේ මුස්ලිම් ජනගහණයෙන් 92%ක ගේ සම්භවය අරාබිය? මටනම් ඒක පිලිගන්න අමාරුයි.මට හිතෙන විදියට ලංකාවේ මුස්ලිම් අය වැඩි ප්රතිශතයක් තමිල්නාඩුවෙන් ආපු අය වෙන්න ඕනි.ඒකනෙ බහුතරය දෙමළ කතාකරන්නේ.
ම්නි මෑරිම මුස්ලිම් කට්ට්ය කරන්නෙ වෙනස් ව්දිහකට රට වල් වල යුද්ද වලින් මෑරෙන්නෙ සත්තු නෙවෙයිනෙ ම්නිස්සු නෙද අනික බුද්දාගමෙ ම්ම්මෙන් සත්තු ගානට මිනිස්සු දාන්න බෑනෙ ද
Good post .well balanced
බ්ලොග් අවකාශය ඇතුලෙදි මුස්ලිම් ගැන ලියවුන මැදහත්ම ලිපිය ..මම නම් ඔය කාරනයේදී අන්තවාදියි . මම කියන්නෙ ප්රංශෙ කරා වගේ මූණ සම්පූර්ණයෙන් වහගෙන යන ඒවා මෙහෙත් නතර කරන්න ඕනි කියල . උගත් අය නම් ඔහොම මෝඩ විදිහට වැඩ කරනව අඩුයි . මම දන්න එහෙම කට්ටිය කිහිප ගොල්ලක්ම ඉන්නව
මේකත් පොඩ්ඩක් කියවන්න.....
http://sahodaraekamuthwa.blogspot.com/2011/06/blog-post.html
@කුඩ්ඩා බොහොම ස්තුති මචන්
@හාමිනේ ඔව් එයාල ගොඩක් ගරු කරනවා
@මීඝය මමනම් එක ගැන හරියට දන්නේ නැ.මම මෙතන සදහන් කරලා තියෙන්නේ මුස්ලිම් ආගමේ දත්ත පොතක් අදාල කරගෙන.එයාලට වරදින්න විදිහක් නැ කියල මම හිතනවා
සොහාන් මම කියන්නේ සත්තු මරණ එක ගැන නෙවෙයි මචන්.මිනිස්සු මරණ එක ගැන.සින්හල මිනිස්සුත් මරනවනේ මිනිස්සුන්ව.නැ කියල ඔප්පු කරන්න පුලුවන්ද?
@ bindi tnx akka .you are mostly welcome for your comment
@බුවා මම දන්නා කීපදෙනෙකුත් ඉන්නවා.ඒ වගේම මට ලගම උදහරනෙකුත් තියෙනවා.ඒ මගේ බාප්පයි පුංචියි.එයාල දෙන්නම් මුස්ලිම්.
@සහෝදර එකමුතුව මට හිතෙන්නේ ඔය හිතාගෙන ඉන්නේ වැරදි විදිහට.
muslim kanthawange muhuna wasimata hathuwa kiyela make dakwela thiyane hathuwanam waradiy...muslim bakthikayanta muhuna waseema aniwaryane namuth kamathi ayata wahanne puluwan...eheme kiyela thiyanna kanthawange arakshawata misak eyalage nidahasa nathi keranne newai.. islam agame kiyela thiyane kanthawak manikak waga...api manikak thiyanna kochara araksha sahithawade,e waga kanthawak araksha kelayuthui kiyela...ade samajaya kanthawante wene asadaranekam dakiddi ooneme agamake kanthawak mewani lihil adum adineka nuwanetahurui kiyela mata hithanewa..
දිලිප මම එදා කිවුවෙ ඈත්ත මාව ව්ශ්වාස නෑත්තම් මෙක බලන්න මෙක මගෙ බොලොග් එක නෙමෙ මාව ප්රසිද කිරිමකුත් නෙමෙ මෙක බලන්න http://sanskhara.blogspot.com/2010/09/video.html?utm_source=feedb
මුස්ලිම් කාන්තාවන් ඔලුවෙ ඉදන් වහගෙන ඇඳගෙන ඉන්න ඔය ඇඳුම ගැන මමත් දවසක් ඇහුවා මුස්ලිම් එක්කෙනෙක්ගෙන්ම. එතකොට මට කිව්වෙ මෙහෙම කතාවක්,
ඉස්සර රජ කෙනෙක්ගෙ බිසවක් හිටියලු ඒ බිසවට රජතුමා හරිම ආදරෙයිලු. දවසක් රජතුමා එනකොට බිසව වෙනත් පිරිමියෙකු සමඟ ඉන්නවා දැක්කලු. ඒත් රජතුමා මේ බිසවට ගොඩක් ආදරේ නිසා හිස ගසලා දාන්නත් බැරි වුනාලු. එදා ඉඳලා මේ රජතුමාගේ රටේ ඉන්න සෑම කාන්තාවක්ම මේ විදියට වහගෙන ඉන්න ඕනෑ කියලා නීතියක් දැම්මලු.
ඒකත් හරියට සාපයක් වගේ කියල ඒ මුස්ලිම් කාන්තාව කිව්වා.
@සොහාන් මම බැලුව මචන්.ඒවත් වෙනවා තාම..එත් එතකොට වැරදි කරන්න පෙලබෙනවා අඩුයි කියලයි මටනම් හිතෙන්නේ.
@සජීවනී අක්කා එකනේ අක්කා මන් ඔය දේ ගැන කිව්වහම වලියටනේ එන්නේ කට්ටිය
වැදගත් ලිපියක් .........
බොහොම ස්තුති.
Post a Comment