මහා ලොකුවට කියාගන්න අය ඉන්නවනේ මම බ්ලොග් ගැන දන්නවා.ඕනි දෙයක් අහන්න උදව් කරනවා කියල.මම පොඩ්ඩක් කොහොමද බ්ලොග් කලාවට එන අලුත් අයට උදව් කරන්නේ කියල බලාගන්න එක්තරා ගෘප් එහෙකින් පොඩි විහිළුවක් කරා.විහිළුවක් කිව්වට යටි හිතේ පොඩි පරමාර්ථයක් තිබුන.මම ඇහුවේ පොඩි දෙයක්.සිංහලෙන් ලියන්න දන්නෙ නැ කියල විතරයි.අනේ අම්මේ දෙවියන්ට ස්තුති වෙන්න සු... ගාල එක්කෙනෙක් උදව් කරා.මොකද අනිත් අය දැනගෙන හිටිය මම කරන්නේ විහිළුවක් කියල.ඒ කියන්නේ පරණ අය.මට උදව් කරේ time soon කියල කෙනෙක්.කෝ අනිත් අය?...මේකද අපි කියාගන්න උදව් කිරිල්ල?. මම කෝ අනිත අය කියල අහන්නේ එතන හිටපු සමහර අය දන්නෙ නැ මම දිලීප කියල.මොකද මම මුණු පොතේ නම වෙනස් කරලා ඉන්නේ දැන්..මමත් තාම බ්ලොග් කලාවට අලුත්නේ.මමත් ඒ ගෘප් එකේ ඉන්න ගොඩක් අයත් අලුත්.මමත් ඒ ගෘප් එකේ අරම්බක සාමාජිකයෙක්.මම දැකල තියෙනවා ගොඩක් අය බ්ලොග් ඇරගෙන එයාල දන්නා දේවල්,උස්සන දේවල් අපිට දෙනවා.තමන්ගේ දැනුම බෙදාගන්න එක හොද දෙයක්.එත් කෙනෙක් ඉල්ලුවහම උදව් කරන්න බැරිනම් එකෙන් වැඩක් නැ නේද?

මම මේ පොස්ට් එක දාන්නේ කාවවත් අපහසුතාවයට පත් කරන්න හිතාගෙන නෙවෙයි.එතන කට්ටිය ගොඩක් හිටිය.මොකද දැන් ඒ බ්ලොග් එක ගෘප් බ්ලොග් එකක්.තමන් දන්නා දේවල් තියෙනවනම් කියල දෙන්න අනිත් යටත්.එකෙන් තමන්ට අයහපතක් වෙන්නේ නැනේ.මට ලොකු පොස්ට් එකෙක් දන්නා තරම් වෙලාවක්නම් නැ.වැඩ ගොඩයි.අද තාම ටිකක් විතර නිදහසේ ඉන්න උනේ.එත් ගෙදර වැඩ තියෙනවා පිටු 15ක් ලියන්න.
මම time soon කියල කියන කෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා..ඔයාගේ උත්සාහය මම අගය කරනවා මල්ලි.දිගටම බ්ලොග් එක ලියන්න කියල මම ප්‍රර්ථනා කරනවා