"good morning ,අහවල් insurance company , Im Jothipala ,How may I assist you today "
"අනේ ජෝතිපාල,මගේ වාහනේ දැන් ටිකකට කලින් හැප්පුනා තාප්පෙක.මම දැන් මොනවද කරන්න ඕනි."
"හරි මහත්මිය,මට තොරතුරු වගයක් දැනගැනීමට අවශ්‍යයි.ඔබට හැකිද එය සපයන්න?"
"ඔව් මොනවද දැනගන්න ඕනි?"
"ඔබගේ නම මට පවසන්න"
"එන්සිනා"
"අනේ ජෝතිපාල,මගේ වාහනේ දැන් ටිකකට කලින් හැප්පුනා තාප්පෙක.මම දැන් මොනවද කරන්න ඕනි."
"හරි මහත්මිය,මට තොරතුරු වගයක් දැනගැනීමට අවශ්‍යයි.ඔබට හැකිද එය සපයන්න?"
"ඔව් මොනවද දැනගන්න ඕනි?"
"ඔබගේ නම මට පවසන්න"
"එන්සිනා"

"wp XX-**** "
"හරි මහත්මිය,ඔබගේ පොලිසි නොම්බරය දැනගැනීමට පුලුවන්ද"
"AAA -*****"
මෙතන ඉදන් තමා මුට කෙලවෙලා තියෙන්නේ
"එන්සිනා මහත්මිය මට දැනගන්න පුලුවන්ද වාහනයේ damage වෙලා තියෙන parts ටික"
"ඉස්සරහ buffer එක පොඩ්ඩක් හීරිලා තියෙනවා,තව ඉස්සරහ buffer එකේ අර දැල වගේ කෑල්ල කැඩිලා තියෙනවා,තව bonnet එකත් පොඩ්ඩක් තැලිලා තියෙනවා"
"මහත්මිය දැල වගේ කෑල්ල කිව්වේ,මට හරියට පැහැදිලි මදි.නැවත පවසන්න"
"අර buffer එකට උඩින් තියෙන දැල වගේ කෑල්ල."
"දැල වගේ මොන කෑල්ලද? radiator net එකද?
"ඔව් ඔව් එක තමා"
"හරි මහත්මිය,මට නැවත දැන ගන්න පුලුවන්ද ඔබගේ අනතුරට පත් වෙලා තිබෙන වාහනයේ parts ටික"
"මොන මගුලක්ද ඕයි.මම දැන් කීපාරක් කිව්වද??බ්ලා බ්ලා"
"මට සමාවෙන්න මහත්මිය."
"ඔබ මේ සම්බන්දයෙන් පොලිස් report එක අරගන්න ඕනි පැය 6ක් ඇතුලත.ඔබට පුළුවන් වේවිද එය ලබාගන්න?"
"පිස්සුද හලෝ.මම ගැනු ළමයෙක් කොහොමද පොලිසි ගානෙ යන්නේ.අනික මේකට පොලිසියට යන්න ඕනි නැනේ.හිතනවා තමුසෙගෙ ගැනු ළමයට මෙහෙම උනානම් මොකද කරන්නේ?පොලිසියට යවනවද?
"මට සමාවෙන්න මහත්මිය.ලංකාවේ නව නීතිය අනුව වන්දි මුදලක් ලබාගැනීමට පොලිස් report එක අනිවාර්යයි."
"ෆ* ශ්‍රී ලංකා."
"සමාවෙන්න එන්සිනා මහත්මිය,ඔබට හැකියාවක් නොමැතිනම් කමක් නැ.අපි මේ පිළිබඳව දැනුම් දීමක් කරන්නම් ඔබට."
"ජෝති හිතනවා.ඔයාගේ ගැනු ළමයට මෙහෙම දෙයක් උනානම් මොකද කරන්නේ දැන්?"
"එයාට වාහනයක් නැ"(මල මූඩ්)
"හා හා තව මොනවද අහන්න ඕනි මගෙන්?"
"මහත්මියට පුලුවන්ද අපගේ assessor කෙනෙක් එනකන් පැය බාගයක් විතර ඔතන ඉන්න."
"තමුසෙලට පිස්සු ඕයි.මම කොහොමද මෙතන ඉන්නේ පැය බාගයක්?මම ගෙදර යනවා, ගෙදරට assessor එවන්න.මට ඇයි කියල හිතෙනවා මේ රෙද්දේ insurance කරේ"
පීප් පීප් පීප්
අපේ එකා ඔතනින් පස්සේ එකම ඒක කෝල් එකක්වත් ගත්තේ නැහැල්ලු.ඔලුව ගහගෙන ඉදල off වෙනකන්.උගේ පළවෙනිම කෝල් එකා ඔහොම වෙලා.අඩන්නේ නැති ටික විතරයි.ජෝතියා කියනවා කෙල්ලෙක් මෙහෙම කතා කරනවානම් කොල්ලෙක් මොනවා කියයිද බන්ලු.