Ads 468x60px

Pages

Thursday, June 9, 2011

ලෝකයේ භයානකම ගුවන්තොටුපලක් ගැනයි මේ






 
මම මේ කියන්න යන්නේ මේ දැන් මම දැක්ක දෙයක්.මේක මට ආපු ඉ-මේල් එහෙකින් දැක්කේ පස්සේ තව විස්තර හෙව්වා.දන්නවද GIBRALTAR ගුවන් තොටුපල ගැන?එහෙම නැත්තම් NORTH FRONT AIR PORT එක ගැන.මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැතුව ඇති.මේක පිහිටලා තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ බුමි ප්‍රදේශයක.මේකේ වැඩකටයුතු සියල්ල සිද්ද වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ පිහිටි ගිබ්‍රල්ටා වට අවශ්‍ය විදිහටයි.රාජකීය ගුවන් හමුදාවට ලෙස රාජකීය ගුවන් තොටුපල වන මෙය අයත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යංශයටයි.එහෙත් මෙය සාමාන්‍ය වැසියන්ගේ පාවිච්චියට ගනු ලබන ගුවන් තොටුපලක්.දැනට මෙහි ගුවන් වාර සිදුවෙන්නේ මහා බ්‍රිතාන්‍යයට පමණයි.
2004 වසරේදී මෙම ගුවන් තොටුපල මගීන් 314,375 සහ ටොන් 380ක ප්‍රමාණයක් භාණ්ඩ ප්‍රවාහනය කරලා තියෙනවා.මෙහි ඇති අරුමයනම් මෙම ගුවන් තොටුපලේ ධාවන පථය යෙදී තිබෙන්නේ ස්පාන්චයේ බෝඩරය යා කෙරෙන මාර්ගය හරහා වීමයි.මෙහි ප්‍රතිපලයක් ලෙස සිදුවන්නේ සැම ගුවන් යානයක් පිටවීමේදී හා ගොඩ බැමේදී මෙම මාර්ගය වසා දැමීමට සිදුවීමයි.එක්තරා රුපවාහිනී වැඩසටහනක මෙය ලෝකය සහ යුරෝපයේ බයානකම ගුවන් තොටුපළවල් අතරේ 5 වන තැනට නම් කර තියෙනවා. 

8 comments:

කිඩෝ said...

පිස්සු හැදෙන සද :s

රවින් said...

අපේ රටෙත් ඔහොම එකක් හදමුද???

Dinesh said...

අප්පා.. මම කලින් එක ෆොටො එකක් අහම්බෙන් වගේ දැක්කා.. මම හිතුවේ එඩිට් කරපු එකක් කියලා..

අනූ said...

අප්පච්චියේ....ඕක පස්වෙනි තැන නම් පලවැනි එක කොහොම ඇත්ද

නෙතුපිය said...

ලංකාවේ කෝච්චි පාරවල් වගේම භයානක ඇති .......

pavithra weerapperuma said...

අනේ බං මට එන්නෙ නෑනෙ ඊමේල්...

Unknown said...

@කුඩ්ඩා පිස්සු හැදෙන්නේ නැතුව තියෙයිද බන් මේවා දැක්කහම

@රවින් දැනට තුනක්ම තියෙන එකේ තව එකක් ඕනිනම් මහින්ද මාමාට කියල හදව ගමු :p

@දිනේෂ් නැ මචන් මේක ඇත්තම එකක් :k

Unknown said...

@හාමිනේ පලවෙනි එක මම හොයල දෙන්නම් ඉන්න :h

@සජිවනි මන් හිතන්නේ එච්චරම නැතුව ඇති :i

@සුලා මට අවෙත් මේ යාළුවෙක්ගෙන් බන්

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment