මේ කතාව ඈන් ෆ්‍රෑන්ක් කියල ගැණු ළමයෙක් ගැන.මේ ගෑනු ළමය ජීවත් වෙලා තියෙන්නේ හිට්ලර්ගේ කාලේ.ඈන් ෆ්‍රෑන්ක් 1942 ජුනි 12 වෙනිදා ඉදන් 1944 අගෝස්තු 01 වෙනකන් තමන්ගේ දින පොතක සටහන් ලියල තියෙනවා.මම හරියට පෙර වදනක්නම් දෙන්න දන්නේ නෑ.මන් හිතනවා මේ කතාවට ඔයාල කැමති වෙයි කියල.මමනම් ගොඩක් කැමති පොතක් මේක.එකයි ඔයාලටට් දෙන්න හිතුවේ.කියවල බලල ගුණ දොස් දෙන්න..
1942 ජුනි 12
මෙච්චර කල් කව්රුත් ගැන විශ්වාසයක් තියන්න මට බැරි උන නිසා ඔයා ගැන විශ්වාසය තියල ඔක්කොම කියන්න පුළුවන් වෙයි කියල හිතනවා.ඔයා මගේ හිත සනසන හොද යාලුවෙක් වෙයි කියල මම විශ්වාස කරනවා.
1942 ජුනි 14
මගේ උපන් දින තෑගි එක්ක ඔයා මෙසේ උඩ ඔයා ඉන්නකොට දැක්ක වෙලාවේ ඉදන්-ඔයාව මට ලැබුණු වෙලාවේ ඉදන් කතාව මම පටන්ගන්නම්.
ජුනි 12 සිකුරාදා උදේ 6 මම නැගිට්ට.මගේ උපන් දිනේ නිසා එක පුදුමයක් නෙවයි.මට ඒ වෙලාවේ නැගිටින්න දුන්නේ නැති නිසා මන් බොහොම අමාරුවෙන් හතට කාලක් වෙනකන් ඉන්න වුනා.තව ඉවසගෙන ඉන්න බැරි පාර මම කෑම කාමරයට ගියහම මගේ කකුල් වල දැවටෙමින් "මුටි" (පුසා) මාව පිළිගත්තා.යන්තමින් හත පහු උනහම අම්මයි තාත්තයි ගාවට ගිහිල්ල එතනින් මට ලැබුණු තෑගි ඇරලා බලන්න මම සාලෙට ගියා.මට ලැබුණු හොදම තෑග්ග විදිහට මම ඔයාව තමා මුලින්ම දැක්කේ.ඊට පස්සේ රෝස මල් ටිකකුයි,රතු මල් පැල ටිකකුයි පෝච්චියක වවපු මල් පැල ටිකකුයි තිබුණා.අම්මගෙනුයි තාත්තගෙනුයි නිල් හැට්ටයක්,සෙල්ලම් බඩුවක්,වයින් වගේ මිදී රස තියෙන බෝතලයක්,ප්‍රෙහෙලිකාවක්,කෝල්ඩ් ක්‍රීම් බෝතලයක්,ග්ලිඩර් 2.5 ඒ එක්කම පොත් දෙකක් ගන්න වව්චරයකුයි තිබුණා.මට "කැමරා ඔබ්සිකියුරා" කියන තවත් පොතක් ලැබුන.(මගේ ලග එක තියෙනා නිසා වෙන පොතකට මම එක මාරු කර ගත්ත),ඒ එක්කම ගෙදර හදපු බිස්කට් පිගනකුයි අම්මගෙන් රස කැවිලි ගොඩකුයි මට ලැබුන.ඒ වෙලාවේම ආච්චි අම්ම මට ලියුමකුත් එවල තිබුණා.එකනම් අහම්බෙන් උන දෙයක්.
පස්සේ මාත් එක්ක යන්න හනෙලි අවා.අපි ඉස්කෝලෙට ගියා.විවේක කාලේදී මම පන්තියේ හැමෝටම කැවිලි බෙදුව.ආපහු කට්ටිය එක්කම වියායාම ශාලාවට ගියා හින්ද හවස 5 විතර වෙනකන් ගෙදර එන්න බැරි උනා.(මගේ උරහිසයි උකුල් ඇටයයි පනින නිසා සෙල්ලම් කරන්න උනේ නෑ)අනිත් අය කරන සෙල්ලම මොකද්ද කියල තීරණේ කරන්න උනේ මට මොකද මගේ උපන්දිනේ නිසා.මම වොලිබෝල් තේරුවා.පස්සේ හැමෝම මගේ වටේ එකතු වෙලා "happy b'day " සින්දුව කිව්වා.මම ගෙදර එනකොටත් සැන් ලෙඩර්මන් ඇවිත් හිටියා.අපි එකම පන්තියේ ඉන්න අය හින්ද ඉල්සේ වැන්ගේර්,හනෙලි ගොස්ලෙර්,ජැකොලින් වැන් මාර්සන් ක්‍රීඩාගාරයේ ඉඳල අපහු එනකොට මාත් එක්ක ගෙදර ආවේ.හනෙලි සැනුයි මගේ ඉස්සර හොදම යාලුවෝ.අපි එකට යනවා දකිනකොට අනිත් අය කියනවා අන්න හෑනුයි,සෑනුයි,ඈනුයි යනවා කියල.මට ජැකොලින් වැන් මාර්ස්ව හම්බ උනේ යුදෙව් පාසලට ගියාට පස්සේ.දැන් එයා මගේ හොදම යාළුවා.ඉල්සේ හනේලිගේ හොදම යාළුවා.සැන් යන්නේ වෙන ඉස්කෝලෙකට එයට එතන යාලුවෝ ඉන්නවා.
ඒගොල්ලෝ මට "dutch sagas and legends "කියල ලස්සන පොතක් දුන්න.ඒ උනාට වැරදීමකින් දීල තියෙන්නේ එකේ දෙවැනි කොටස.මම පලවෙනි කොටස ගන්න වෙන පොත් දෙකකට මාරු කරා.හෙලෙන් ඇන්ටි මට ප්‍රෙහෙලිකාවක් දුන්න.ස්ටේෆනි ඇන්ටි මට ලස්සන හැට්ට කටුවක් දුන්න.ඇන්ටි ලෙනි"desi goes to mountain "කියල පොතක් දුන්න.
අද උදේ මම නන තැන ඉදගෙන කල්පනා කළේ රින්ග් ටින් ටින් වගේ බල්ලෙක් හිටියනම් කොච්චර හොදද කියල.මාත් ඌට රින්ග් ටින් ටින් කියනවා.මම ඌව මාත් එක්ක ඉස්කෝලේ ගෙනියනවා.කාලගුණය හොදට තියෙන දවස් වලට ඌට පාර්ක් එකේ හරි මුර කාරයාගේ කාමරේ හරි ඉන්න පුළුවන්.
මෙන්න මේකයි පලවෙනි කොටස මට ගුණ දොස් කියල කොමෙන්ට් එකක් දාන්න
6 comments:
මම නම් හරිම ආසයි..මෙහෙම පොත් කියවන්න ..පුලුවන් නම් හැමදාම දවසට එක ගානේ දාන්න... ඔයාගේ වැඩේ නම් සුපර්....
ස්තූතියි අයියේ මාත් හොය හොය හිටිය පොතක්,ගොඩක් ආස කතාවක්
කියා අන්න බැරි මොකක්දෝ දුකක් ඈන් ගැන හිතෙනවා, කාලෙකට ඉස්සර මමත් මේ ගැන ලිව්වා.(http://pinipalasa-h.blogspot.com/2010/08/blog-post_12.html) දිගටම ලියන්න මල්ලී
ලියපං බං. බලන්න බැරියැයි. හැබැයි දවසට එක කෑල්ලක්වත් දාපං....
@nimsha akka හැමදාම දවසට එක ගානේ දාන්න පුළුවන් අව්ලක් නෑ.ඇත අක්ක මට 16 විබහගේ.මන් දාන්න ට්‍රයි එකක් දෙන්නම්..බොහොම ඉස්තුති.
@anu මාත් ගොඩක් අස කතාවක් තම මේක.එකමයි දාන්න හිතුවේ.
@pini palasa ඈන් ගැන හැමෝටම දුකයි..මම බ්ලොග් එක බැලුව.ලස්සනයි.
@aluth kolla තරහ වෙන්න නම් එපා කොල්ලෝ පුළුවන් විදිහට දාන්නේ මම...කොහොම හරි දවසට එකක් දාන්නම්
Post a Comment